Thursday, March 19, 2015

ජාතික ගීතය - වියකුණු අතීත සටහන්෴




ජාතික ගීතය දෙමළ බසින් ගායනයට අනුමැතිය දීම සමඟ එය සමාජයේ විවේචනයට සහ විචාරයට ලක් විය. විශේෂයෙන්ම එයට දේශපාලනික ප්‍රතිරූප ආදේශ කරගනිමින්ද විවේචනය විය. නමුත්, විවිධ වූ විපර්යාස සහ විවිධ කඩයිම් පසු කළ අපේ රටේ අපේ ජාතික ගීතය පිළිබඳ ප්‍රමාණාත්මක කරුණු කැටි කර පොස්ටුවක් ඉදිරිපත් කිරීමට මා අදහස් කිරීය. හුදෙක් අපේ ජාතික ගීතය භාෂාමය පදනම මත පමණක් නොව, අතීතයේ සිට දේශපාලනික වශයෙන් රටේ ඇති වූ සමාජීය සහජීවන ගැටලු, සංවිධානාත්මක කල්ලි පෝෂණය කළ ජාතිවාදී මත.......... යන කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් විචාරයට ලක් විය යුතුය. මාගේ මතය ජාතික ගීතය දෙමළ බසින් ගැයීම වරදක් නැහැ. නමුත්, එයින් රටේ ජනවාර්ගික ගැටලුව අවසන් කියා සිතිය නොහැක.

ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් විය යුතු සේම, සියලු ජන සහ ආගමික කොටස්වලට සහෝදරත්වයෙන් සිටිය හැකි පරිසරයක්ද නිර්මාණය විය යුතුය.


වාර්ගිග සහ බෙදුම්වාදී ව්‍යාපාර බිහිවීමට බලපෑ සාඳක.

  • 1936 දී සර්ව සිංහල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම.
  • බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ (Ceylon) ජාතික ගීතය බ්‍රිතාන්‍ය ජාතික ගීතයයි.
  • 1944 දී සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය පිහිටුවා ගැනීම.
  • 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම.
  • 1948 අංක 18 දරණ පුරවැසි පණත ගෙන ඒම සහ ඒ මඟින් බහුතරයක් ඉන්දීය ද්‍රවිඩ ජනතාවට පුරවැසිකම නොලැබීම.
  • පුරවැසි පනතට විරුද්ධ ද්‍රවිඩ ජන මූලිකත්වයෙන් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පිහිටුවා ගැනීම.
  • 1956 ට පෙර බ්‍රිතාන්‍ය පාලනයේදී රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය. එය 5% ක් පමණ වූ ඉංග්‍රීසි කතා කරන පිරිසක සතු විය.
  • 1956 දී මහජන එක්සත් පෙරමුණ විසින් "සිංහල" රජ්‍ය භාශාව කිරීමේ පියවර ගැනීම
  • 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ට එළබි නමුත් මාස 2 ක් ඉකුත් වන විට ආණ්ඩුව එම ගිවිසුමෙන් ඉවත්වීම.
  • 1960 දී ඩඩ්ලි ‍‍චෙල්වනායගම් ගිවිසුම ට එළඹීම සහ වසර 2 කට පමණ පසු ආණ්ඩුව එයින්ද ඉවත් විය.
  • 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වාදුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් දමිල සිසුන් සාධාරණයන්ට ලක්වීම. 
  • 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම
  • 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයකට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීම.
  • 1983 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හමුදා සෙබලුන් 13 ක් ඝාතනය. සහ කළු ජූලියෙන් දෙමල ජනතාව බොහෝ හිරිහැරයන්ට, ඝාතනයට ලක්විම. කළු ජූලියට දේශපාලනික ආරූඪයක් තිබීම.
  • 1987 දී එවකට රජය විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම
  • 1987 දී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට හැඳින්වීම.
  • 2000 දී නෝවේ සාම නියෝජිතයා ලෙස පැමිණීම. (වාර්ගික/බෙදුම්වාදී යුධ සමය)
  • 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීම.

සිංහල භාෂාව.

  • දැනට ශ්‍රී ලංකාවේ 70% ක් පමණ සිංහල භාෂාව හසුරුවන අතර, ඉතිරිය බහුතරයක් දෙමළ බස හසුරුවයි.
  • ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ භාවිත වූ, "හෙළ බස", ඉන්දීය ආක්‍රමණ හමුවේ ඉන්දියානු භාෂාවලටත්, යටත් විජිත සමය තුළ බටහිර භාෂා සමඟ ඳ සංකලනය තුළින් සිංහල භාෂාව ලෙසින් පෝෂණය විය. විවිධ අකුරුද එකතු විය.
  • සිංහල අකුරු පරිණාමය සැලකීමේදී භ්‍රාක්මීය අකුරු නෑකම් කීම. විශේෂයෙන්ම සෙල්ලිපි අකුරු පරිණාමය.
  • සිංහල භාෂාවේ අනු භාෂා ලෙස රෝඩී සහ වැදි ජනතාව අතර භාෂාමය වෙනස්කම් ඇත.

ජාතික ගීතය හා වැදගත් සංධිස්ථාන.

  • අපේ ජාතික ගීතයේ වචන කීයක් ශුද්ද සිංහල නොවන්නේ ද? (නමෝ, මාතා, භක්තී). එය වත්මනේ ගැටලුවක් නොවීය.
  • 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් "නමෝ නමෝ මාතා" ගීතය රචනා කිරීම.
  • 1946 දී "නමෝ නමෝ මාතා" ගීතය Win11 නමින් එච්. එම්. වී. තැටියකට තැටි ගත කිරීම.
  • 1948-01-31 ජාතික ගීතයක් තොරා ගැනීම සඳහා තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා "නමෝ නමෝ මාතා" ගීතයද ඉදිරිපත් වී තිබිණි. 
  • ජාතික ගීතය තේරීමේ කමිටුවේ විනුසුරුවරයෙක්ව කටයුතු කළ පී. බී. ඉලංගසිංහ මහතා විසින් රචිත, "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතය තෝරා ගැණීනි. 
  • 1948-02-04 නිදහස් දිනයේදී ජාතික ගීතය ලෙස ගායනා කලේ "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතයයි.
  • 1951 දී ජාතික ගීතය ලෙස, "නමෝ නමෝ මාතා" ගීතය ග්‍රාම සංවර්ධන අගමැති ඔල්වර් ගුණතිලක මහාතා විසින් තෝරාගත් අතර, 1952-03-12 නිල වශයෙන් නිවේදනය කිරීය. මෙම තෝරා ගැනීමට එවකට මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාද සංදේශයක් ඇමති මණ්ඩලයට නිකුත් කර ඇත.
  • 1952-03-11 දී කැබිනට් අනුමැතියකට අනුව ජාතික ගීතය දෙමළ බසටත් (ශ්‍රී ලංකා තායේ), ඉංග්‍රීසි බසටත් පරිවර්තනය කළ අතර, එය කේ කනගරත්නම් මහතා විසින් සිදුවිය. එය නිල පරිවර්තනය ලෙස පිළිගැණිනි.
  • තෝරා ගත් ජාතික ගීතයේ "නැවත අප අවදි කරන් මාතා" යන පද පෙලක් තිබුණ අතර, එය "නිතින අප පුබුදු කරන් මාතා" ලෙස සංශෝධනය කිරීය.
  • 1953 දී ගුවන් විදුලි සංස්තාව විසින් සීදූව අන්ධ විදුහලේ සිසුන් මඟින් ගීතය ගායනය කරවා තැටි ගත කරන ලද අතර, 1955-02-04 දෙමළ බසින්ද ජාතික ගීතය තැටිගත කරන ලදී. මෙම ගීතය 1970 දී සමගි පෙරමුණ ආණ්ඩු කාල සීමාවේදී ද ගුවන් විදුලියේ ප්‍රචාරය වූ නමුත්, ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී දෙමළ මාධ්‍ය ගුවන් විකාශනයන්හී, ජාතික ගීතය දෙමළ බසින් විකාශනය නවතා දමා ඇත. නමුත් එහිදී සංගීතමය විකාශනය කර ඇති අතර, 1994 දී චන්ද්‍රිකා සමයේදී එයද නවතා දැමීය.
  • මෙම ගීතය, ජාතික ගීතය ලෙස තොරා ගැනීමෙන් පසුව ආනන්ද මහතාට 2,500/- ක මුල්‍ය පරිත්‍යාගයක් ලැබූ අතර, එම ගීතය අයත්  (කුමුදුණී) කෘතිය ප්‍රකාශ කළ ප්‍රකාශකයා තමන්ටද තැගී මුදලේ අයිතියක් ඇති බව පවසා නඩු දැමීය.
  • ජාතික ගීතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, එම ගීතයේ වස් ඇති බවට විවේචනාත්මක මත පල විය. ඇතමෙක් එහි ඝණ අක්ෂර දෝෂ සෙවීය. "න" අක්ෂරය අපාය අක්රයක් වීමත්, අරම්භය අනිටු ඝණ පිහිටීමත්, භක්ති රස ජනනය කිරීමත් විවේචනයට බඳුන් විය.
  • එවකට ආණ්ඩුව පෙරලීයාමටත්, ඩී. එස්. සේනානායක මහතා මිය යාමටත් මෙම වස් හේතු වූ බවට ප්‍රචාරය විය.
  • රටට වස් වැදී යැයි කියන මනෝ භාවය මුල් කර ගනිමින්, "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මාතා" ලෙස සංශෝධනය කිරීය. මෙයට සමරකෝන් මහතා විරෝධය පලකිරීය.
  • ජාතික ගීතයේ පද පෙළ වෙනස්වීම හේතුවෙන් සහ ඊට පාදක කරගත් වස් කතාන්දරය හේතුවෙන් රචක ආනන්ද සමරකෝන් මහතා සිත් තැවුලට පත්විය. 
  • රෝගාතුරුව රෝහල් ගතව සිටි සමරකෝන් මහතා, නිදි පෙති පානය කිරීම හේතුවෙන් 1962-04-05 දින මිය යයි.

ඉනිදියාවේ ජාතික ගීතය

  • ඉන්දියාවේ 41% ක් පමණ හින්දි භාෂාව කතා කරන ජනතාවක් වෙසේ. නමුත්, එහි ජාතික ගීතය ලියා ඇත්තේ රඛින්ද්‍රනාත් තාගෝර් නම් කවියා විසිනි. ඔහු බෙන්ගාලි ජාතිකයෙකි.
  • ඉන්දියාවේ බෙන්ගාලි භාෂාව කතා කරන ජනතාව ප්‍රතිශතාත්මකව අනුපාතයක් ලෙස 8% ක් පමණ වේ. "ජන ගන මන" නම් ඉන්දීය ජාතික ගීතය රචනා කර ඇත්තේ ද බෙන්ගාලි භාෂාවෙනි. බෙන්ගලි භාෂාව සංකෘතික භාෂාවේ විකාශනයකි.
  • විවිධ භාෂා 200 කට අධිකව කතා කරන ඉන්දියාවේ ජාතික ගීතය, හින්දි, දේවනාගිරි, පංජාබ්, මලයාලම්, තෙළිඟු, ගුජරාඹ්, උර්දු, දෙමළ වැනි භාෂා වලට පරිවර්තනය කර ඇත.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *
පසු වදන


විවිධ භාෂා වලින් ජාතික ගීතය ගායන රටවල්.

  • බෙල්ර්යම - ෆ්ලෙමිෂ්, ප්‍රංශ, ජර්මන් 
  • බුරුන්දි  - ප්‍රංශ, කිරුන්දි
  • කැමරුන් - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කැනඩාව - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කොමොරෝස්‌ - ප්‍රංශ, ෂිකොමොරෝ
  • ෆීජී - ඉංග්‍රීසි, ෆීජී 
  • පින්ලන්තය - යුන්නිෂ්, ස්‌වේදිෂ්
  • කෙන්යාව - ඉංග්‍රීසි, කිෂ්වාහිලි
  • මලාවි - චිෙච්වා, ඉංග්‍රීසි 
  • මාෂල් දිවයින -  ඉංග්‍රීසි, මාෂල් 
  • නයිරු - ඉංග්‍රීසි, නයිරු 
  • නවසීලන්තය - ඉංග්‍රීසි, මයිරු 
  • පලවූ - ඉංග්‍රීසි, පලවූ 
  • සුරිනාම් - ඩච්, ස්‌රානන්, තෝංගො
  • ස්‌විස්‌ටර්ලන්තය - ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රෝමන් 
  • සිම්බාබ්වේ - ඉංග්‍රීසි, න්දෙබ්ලෙ, ෂෝනා 
  • දකුණු අප්‍රිකාව - Xhosa, Zulu,සෙසොතෝ, අප්‍රිකාන්ස්‌, ඉංග්‍රීසි 


අවසන් ප්‍රතිඵලය සංදේශය නිවුස් ඇලට් SMS මඟින් ලබා දෙනු ඇත.
සංදේශය නිවුස් ඇලට් එකතු වීම සඳහා f @sandeashaya
සංදේශය නිවුස් ඇලට් ඉවත්වීම සඳහා L @sandeashaya
ලෙස සටහන් කර, 40404SMS කරන්න. ටිවිටර් උපයෝගිතාවයකි. සේවාව නොමිලයේ වන අතර, දෛනික හෝ මාසික මුදල් අය නොවේ.

ආශ්‍රිත 

34 comments:

  1. ස්තූතියි දැණුවත් කලාට.. බොහෝම වටිනා ළිපියක්.. කාළෙකින් ලිව්වත්...

    ReplyDelete
    Replies
    1. බුකිය, ගෲප්, පේජ්, බ්ලොග්: ටිවිටර් නිවුස් ඔක්කෝම බදාගෙන බොහොම අසීරුවෙන් දුවනවා.

      Delete
  2. අරකියුවත් වගේ සැහෙන කාලෙකින් , නොදන්න දේවල් එමටයි අපි

    ReplyDelete
    Replies
    1. අපි-අපි නොදන්න දේවල් කොයි තරම් තියනවාද අටම් අයියා.

      Delete
  3. தேசிய கீதம்

    ஸ்ரீ லங்கா தாயே – நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே
    நல்லெழில் பொலி சீரணி
    நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
    ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
    நறுஞ்சோலை கொள் லங்கா
    நமதுறு புகலிடம் என ஒளிர்வாய்
    நமதுதி ஏல் தாயே
    நமதலை நினதடி மேல் வைத்தோமே
    நமதுயிரே தாயே – நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே
    நமதாரருள் ஆனாய்
    நவை தவிர் உணர்வானாய்
    நமதோர் வலியானாய்
    நவில் சுதந்திரம் ஆனாய்
    நமதிளமையை நாட்டே
    நகு மடி தனையோட்டே
    அமைவுறும் அறிவுடனே
    அடல்செறி துணிவருளே – நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே
    நமதோர் ஒளி வளமே
    நறிய மலர் என நிலவும் தாயே
    யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
    எழில்கொள் சேய்கள் எனவே
    இயலுறு பிளவுகள் தமை அறவே
    இழிவென நீக்கிடுவோம்
    ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
    நமோ நமோ தாயே – நம் ஸ்ரீ லங்கா
    நமோ நமோ நமோ நமோ தாயே

    ReplyDelete
    Replies
    1. ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
      සිරි ලංකා තායේ නම් සිරි ලකා
      நமோ நமோ நமோ நமோ தாயே
      නමෝ නමෝ නමෝ නමෝ තායේ
      நல்லெழில் பொலி சீரணி
      නල්ලෙලිල් පොලි සීරනි
      நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
      නලන්ගල් යාවුම් නිරෙයි වාන් මනි ලංකා
      ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
      ඥාලම් පුහල් වල වයල් නදි මලයි මලර්
      நறுஞ்சோலை கொள் லங்கா
      නරුන්ච්චෝලයි කොල් ලංකා
      நமதுறு புகலிடம் என ஒளிர்வாய்
      නමදුරු පුහලිඩම් එන ඔලිර්වායි
      நமதுதி ஏல் தாயே
      නමතුදි ඒල් තායේ
      நமதலை நினதடி மேல் வைத்தோமே
      නමතලයි නිලතඩි මේල් වෙයිත්තෝමේ
      நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
      නමදුයිරේ තායේ නම් සිරි ලංකා
      நமோ நமோ நமோ நமோ தாயே
      නමෝ නමෝ නමෝ නමෝ තායේ
      நமதாரருள் ஆனாய்
      නම තාරරුල් ආනායි
      நவை தவிர் உணர்வானாய்
      නවයි තවිර් උනර්වානායි
      நமதோர் வலியானாய்
      නමතේර් වලියානායි
      நவில் சுதந்திரம் ஆனாய்
      නවිල් සුදන්දිරම් ආනායි
      நமதிளமையை நாட்டே
      නම තිලමයයි නාට්ටේ
      நகு மடி தனையோட்டே
      නගුමඩි තනෙයියෝට්ටේ
      அமைவுறும் அறிவுடனே
      අමෙයිවුරුම් අරිවුඩනේ
      அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
      අඩල් සෙරි තුනි වරුලේ - නම් සිරි ලංකා
      நமோ நமோ நமோ நமோ தாயே
      නමෝ නමෝ නමෝ නමෝ තායේ
      நமதோர் ஒளி வளமே
      නමදාර් ඔලිවලමේ
      நறிய மலர் என நிலவும் தாயே
      නරිය මලර් එන නිලවුම් තායේ
      யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
      යාමෙල්ලාම් ඔරු කරුනෙයි අනෙයිපයන්ද
      எழில்கொள் சேய்கள் எனவே
      එලිල්කොල් ශේයිකල් එනවේ
      இயலுறு பிளவுகள் தமை அறவே
      ඉයලුවු පිලවුකල් තමයි අරවේ
      இழிவென நீக்கிடுவோம்
      ඉලිවෙන නීන්ගිඩුවෝම්
      ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
      ඊල ශිරෝමනි වාල්වුරු පූමනි
      நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
      නමෝ නමෝ තායේ - නම් සිරි ලංකා
      நமோ நமோ நமோ நமோ தாயே --
      නමෝ නමෝ නමෝ නමෝ තායේ

      Delete
  4. මට නං ජාතික ගීය ඇතුළු සංකේත නිකං විහිළුවක් විතරයි.භක්තියෙන් ජාතික ගීය කියලා කොඩියටත් ඔළුව නමලා ජනතාවගේ සල්ලි ගසා කන, තමුංගේ රට විනාශ කරන උං නේ ඉන්නේ. අර සංකෙතවලට ගරු කරන්නේ මහජනයා ගොනාට අන්දන්න තමයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලන සංදර්ශන.

      Delete
  5. https://www.youtube.com/watch?v=Uz5TepKaNmI

    ReplyDelete
  6. නිර්මලා.. මතලන්ගේ සින්ඩියෙන් දැක ආවත් මා මීට පෙරත් කිහිප වතාවක් ඔබේ ලිපි කියවා කොමෙන්ට් කර තිබෙනවා.. කොමෙන්ට් කිරීමේදී යම් යම් අවස්ථා වල ඔබ ලියූ කාරණා මතු කලයුතු නමුත් කොපි කිරීම ඩිසේබල් කර ඇති නිසා එය නැවත නැවත ටයිප් කිරීම පහසු නෑ. ඒ ගැන මදක් හිතන්න.
    1970 ප්‍රතිසංස්කරණ වලින් දෙමළ සිසුන් සාධාරණයට ලක්වීම කියා ඔබ ලියා ඇත්තේ වැරදීමකින් විය යුතුයි. එසේම බෙදුම් වාදි ව්‍යාපාර ඇතිවීමට හේතු දැක්වීමේදී අවසන් කරුණු කිහිපය හැර මුල් කාරණා සියල්ලම යම් ද්‍රවිඩ පාක්ශිකත්වයක් ගන්නවා. ඔබ කියන කාරණා බොහෝමයක් සමග මා එකඟ වන නමුත් මේ කතා මෙතරම්ම අහිංසක නෑ.

    අද අපි ජාතික වීර ලැයිස්තුවට දාල වන්දනාමාන කරන බොහෝ ද්‍රවිඩ දේශපාලඥයන් එදා උත්සාහ කලා සුද්දාගෙන් රට දෙමළ දේශපාලඥයන් අතට ලබා ගැනීමට. එදා සුළුතරයක් වූ දෙමළ ජනතාව වේගයෙන් ව්‍යාප්ත වෙච්චි මිෂනාරී අධ්‍යාපනය හදාරා ඉංග්‍රීසි උගතුන් උනා.. නමුත් සිංහලයින් බොහෝමයක් කැමති උනේ නෑ කතෝලික පල්ලියේ ඉගෙන ගැනීමට.. ඒ අනුව රාජ්‍ය සේවයේ 60%ක් වැනි නියෝජිතයක් තිබුනේ එවකට 10%ක් පමණ වූ සුළුතර දෙමළ ජාතිකයින්. මේ නිර්නායකය හරහා ඔවුන් සුද්දන්ගෙන් රටේ පාලනය ඉල්ලා සිටියා. සුද්දාත් බොහෝම කැමති ඒ වගේ වැඩ කරන්න. උදාහරනයකට රුවන්ඩාවේ සිදු උනේ මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න. නමුත් සර්වජන චන්ද බලය ලැබීමත් එදා සිටි සිංහල නායකයින්ගේ අතිශය විරෝදයත් නිසා පසුව මේ කුමන්ත්‍රණ හකුලා ගන්න උනා. මේ ගැන එංගලන්ත කිරීටයට ගතු කියන්න ගිය රාමනාදන් තම ව්‍යයාමය අසාර්ථකවූ තැන හෘදයාබාදයකින් එංගලන්තයේදීම මිය ගියා. ඊළම කියන සංකල්පය මුලින්ම ඉදිරිපත් කලේ මීට අවුරුදු සීයකට විතර කලින් ඔය කියන සීයලා තමයි. ප්‍රභාකරන් කියන්නේ ඊලාම් වල මුණුබුරෙක්..

    මේ ටික කිව්වේ කිසිසේත්ම ද්වේශයකින් නොවෙයි. සෑම ජාතියකටම සම අයිතිවාසිකම් තියෙන්න ඕනි කියන මතේ මාත් ඉන්නේ. හැබැයි සත්‍ය සියළු දෙනා දනගත යුතුයි..
    තව නිවැරදි කිරීමක්.. දකුණු අප්‍රිකාව එකම ගීයේ භාශ පහක් ඇතුළත් කර ඇතුවා මිස භාශා 5කින් ගයන්නේ නෑ. ඒක හරියට ලොවේ සැමා ගීතයේ දෙමළ හා ඉංග්‍රීසි කොටස් තියෙනවා වගේ. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වාදුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵල මත, වි. වි. ප්‍රවෙශය ලැබූ සිසුන් සංඛ්‍යාව 1960 වසරට ට සපේක්ෂව සීඝ්‍ර පසු බෑමක් සහිත විය. 1960 ට සපේක්ෂව 1970 දී දෙමළ සිසුන් වි. වි. සඳහා, විද්‍යා විශ‍යෙන් තේරී පත්වූ සිසුන් ප්‍රමාණය.
      වෛද පීඨය 40.0%
      ඉංජිනේරු පීඨය 37%
      කෘෂී සහ පශු සම්පත් පීඨයට 42%

      (Pro සී. ආර්. ද සිල්වා, 1979:15)

      //කොපි කිරීම ඩිසේබල්// ඒකනම් අයින් කරන්න ඕන තමා. මම මුලදී කරපු මෝඩ වැඩක්. අපිත් කොපි කරනවා. එහෙම කරලා වැ‍ට බැඳීම හරිද. අනිත් කරුණනම්, මට ද අවශ්‍ය මතවාදයක් සමාජගත කරන්නයි.

      //ප්‍රභාකරන් කියන්නේ ඊලාම් වල මුණුබුරෙක්..// ඔව්, මේ දශක ගණනාවක් පෝෂණය කල දෙයක්.

      Delete
    2. CTRL+C gahanna, copy karanna onema nam

      Delete
    3. ඔවු, ටෙක්ස් එක සිලෙක්ට් කරලා CTRL+C පාවිච්චි කරන්න පුලුවන්.

      Delete
  7. නියමයි ලිපිය.. ලොකු දැනුමක් ගත්තා..... වැදගත් සම්පත් ඒකතු කරලා ලියලා තියෙන්නේ.. දැන් ඒතකොට මෙච්චර භාෂා ගානක් තියෙන ඉන්දියාව ලිස්ට් ඒකේ නෑ නේද????? හත්තිලව්වයි

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරත්, ජාතික ගීතය ගැන කුරුටු ගාන එක ලොකු සතුටක්......
      අයියෝ ඉන්දියාවේ ජාතික ගීතයේ විශේෂත්වය වෙනම ලියලා තියනවානේ. ලිස්ට් එකටනම් අයිති නෑ. හැබැයි ඉන්දියාවේ ජාතික ගීතය සුළු ජාතීන්ගේ (බෙන්ගාලී) බසකින් තමා නිර්මාණය වෙලා තියෙන්නේ.

      Delete
  8. ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
    මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
    තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාන වීර්‍ය වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
    මංගච්චමු මංගච්චමු වී නොපමා
    ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ

    ReplyDelete
    Replies
    1. නියමයි ඇනෝ,,

      Delete
    2. මේ නම් පංචායුධ ඇත්තටම ගිලලො බඩේ හිරවුන වීරවංශ පවුලේ ඇනෝ කෙනෙක්.

      Delete
  9. පදමාලාව පරිවර්ථනය කොට තනුවත් වෙනස් කලා නම් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය එක් කර තිබෙන්නේ අර ඇනෝගේ වැදි බයිලාවටද. ඔය මහින්ද කල්ලියේ අතරමං උන අය, ගණන් ගන්න එපා.

      Delete
  10. මගේ නම් විරුද්ධත්වයක් නැහැ භාෂා දෙකකින් මේ ජාතික ගිය ගායනා කිරීම ගැන.එහෙම නොකිරීම ගැනයි මගේ විරුද්ධත්වය.
    අපි එකම ජාතියක් නම් මොකටද "සිංහලට" විතරක් ප්‍රමුඛතාවය දීලා වැඩ කරන්නේ.අනිත් එක නොදන්නා භෂාවකින් ජාතික ගිය ගයනා කිරීමට බල කිරීමෙන් අපිට සහෝදර දෙමළ ජනයා දිනාගන්න පුළුවන්ද?
    නිර්මලා කියනවා වගේ ජාතික ගිය භාෂා දෙකෙන්ම ගායනා කිරීමෙන් විතරක් මේ ප්‍රශ්නයට විසදුමක් නොවන බව ඇත්ත.හැබැයි ජාතින් දෙක අතරේ සුහදතාව වර්ධනය කිරීමට කරන්න පුළුවන් දහසක් දේවල් වලින් කරන්න පුළුවන් දෙයක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. භාෂා දෙකකින් ජාතික ගීය ගායනා කළාම ජනවාර්ගික ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.
      ඒත් අපේ භාෂාවෙන් විතරක් ජාතික ගීය ගායනා කළ යුතුයි කියලා කියනකොට ජනවාර්ගික ප්‍රශ්නය ඉස්මතු වෙනව කියල නම් පැහැදිළියි.
      -ශනි

      Delete
    2. ඇත්තටම මනෝජ්, අපි මේ කතා කරන්නේ සිංහල, දෙමළ......... මේ හැමෝගේම ජාතික ගීතය ගැනනේ. සිංහල වංශීකයන්ගේ ගීතය ගැන නොවේනේ. ඇනෝ කියන කරුණත් පැහැදිලියි.

      Delete
  11. ඔබ වැනි අය අපේ රටට ගැලපෙන්නේ නැහැ. ලිපිය කොහෙත්ම ගැලපෙන්නෙත් නෑහැ. මන්ද ජනවාර්ගික අර්බුධ ගින්න අවුලවන්න අපි මෙච්චර වලිකද්දි මෙහෙම ලිපි ලියල හරියයිද. අපේ පුදුම වාසනාවකට තමයි මෙහෙම දේවල් පත්තරවල හරි රූපවාහිනියෙ හරි යන්නැත්තෙ.
    මීට නානසාරලා ඇතුළු පිරිස

    ReplyDelete
    Replies
    1. සාරිකා, නානසාර කොමන්ට් කළානම්, ෂුවර් ඔය විදිහ තමයි........... හැබැයි උග්‍ර සිංහල වචන කීපයකුත් තියෙවි.

      Delete
  12. මේ ප්‍රශ්නේ ගැන එහෙ මෙහෙ එක එක්කෙනා කෑගහනවා දැක්කත් ඔබේ ලිපිය සම්පුර්ණව කියවීම තුලින් නිවැරදි අවබෝදෙකට ආවා, ගොඩක් ස්තුති ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුති මාතලන් සිංඩියේ දැකලා ආවේ

      Delete
    2. සමහර අය ඇත්ත මොකක්ද කියලා සොයා බලන්නේ නෑ නේ. එක එක කෙනා ඔළුවට ඔබලා තියන දේවල් විතරයි පාවිච්චි කරන්නේ.
      බ්ලොග් කෙරුවාව ගත්තොත් එතන මාතලං තමා ඉන්නේ. ඔහු මට සහය දුන්න පළමු අවස්තාව නොවේ මේ.

      Delete
  13. වැදගත් තොරතුරු ගොඩක් තියෙන ලිපියක්.
    මේ සමහර ඒවා අපි දන්නෙත් නැහැ.

    හැමෝම එක්ක බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇපි සැවෝම සියල්ල දත් අය නොවේනේ. නමුත්, අවශ්‍යතාවය මත හෝ කරුණු කාරනා සොයා ගත යුතුනේ. අපේ අවුල අපේ ඔළුවේ තියන දේම හරි කියා සිතීමයි. මේ වාගේ කරුණු රාෂියක් එකතුකරගෙන පෙන්නුවාම, කියවන අයට නිරවුල් අවබෝධයක් ලබා ගත හැකියි කියා සිතනවා.

      Delete
  14. වටී.. වටී... බොහොම වටී...

    ReplyDelete
    Replies
    1. ඒක නොවේ,
      කොහොමද ජාතික ගීතය විවාදය අතරේ............. ජාතික ආණ්ඩුවකට යන හැටි. :v

      Delete
  15. Sri lankikain wana api apage jathika geeya damila jathikayan demala bashawen gayana kireema awashyama deyak. Sinhalen liya ethi jathika geeya demala ayeku sinhalen gayana kalata ohuta ho eyata kisima viteka jathika hegeemak ethi wane nehe ohu Sinhala bashawa nodanna nisa. eheth ohu danna bashawen jathika geeya gayana kaloth ema jatheenge es ( neth ) , mas , lei ( blood ) walata Sinhala apita wagema jathika hegeemak aniwaryenma ethulu wanawa. EVITA HEMA JATHIKAYEKUGEMA HEGEEMAK ETHIWEI API LANKIKA KIYALA. VIYA YUTHTHE HEMA SRI LANKIKAYEKUTAMA SRI LANKIKAYEI HEGENA SRILANKIKA ABIMANAYAK EKATHU KARA GENEEMATA AWASTHAWA SALASA DEEMAI. EMA NISA JATHIKA GEEYEN GATH ARAMBAYA SARTHAKA IDIRI GAMANAK SADAHA THABANA LADA SUBA AWASTHAWAK HETIYATA SRI LANKIKA API DAKIMU

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...