Thursday, March 19, 2015

ජාතික ගීතය - වියකුණු අතීත සටහන්෴




ජාතික ගීතය දෙමළ බසින් ගායනයට අනුමැතිය දීම සමඟ එය සමාජයේ විවේචනයට සහ විචාරයට ලක් විය. විශේෂයෙන්ම එයට දේශපාලනික ප්‍රතිරූප ආදේශ කරගනිමින්ද විවේචනය විය. නමුත්, විවිධ වූ විපර්යාස සහ විවිධ කඩයිම් පසු කළ අපේ රටේ අපේ ජාතික ගීතය පිළිබඳ ප්‍රමාණාත්මක කරුණු කැටි කර පොස්ටුවක් ඉදිරිපත් කිරීමට මා අදහස් කිරීය. හුදෙක් අපේ ජාතික ගීතය භාෂාමය පදනම මත පමණක් නොව, අතීතයේ සිට දේශපාලනික වශයෙන් රටේ ඇති වූ සමාජීය සහජීවන ගැටලු, සංවිධානාත්මක කල්ලි පෝෂණය කළ ජාතිවාදී මත.......... යන කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් විචාරයට ලක් විය යුතුය. මාගේ මතය ජාතික ගීතය දෙමළ බසින් ගැයීම වරදක් නැහැ. නමුත්, එයින් රටේ ජනවාර්ගික ගැටලුව අවසන් කියා සිතිය නොහැක.

ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් විය යුතු සේම, සියලු ජන සහ ආගමික කොටස්වලට සහෝදරත්වයෙන් සිටිය හැකි පරිසරයක්ද නිර්මාණය විය යුතුය.


වාර්ගිග සහ බෙදුම්වාදී ව්‍යාපාර බිහිවීමට බලපෑ සාඳක.

  • 1936 දී සර්ව සිංහල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම.
  • බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ (Ceylon) ජාතික ගීතය බ්‍රිතාන්‍ය ජාතික ගීතයයි.
  • 1944 දී සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය පිහිටුවා ගැනීම.
  • 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම.
  • 1948 අංක 18 දරණ පුරවැසි පණත ගෙන ඒම සහ ඒ මඟින් බහුතරයක් ඉන්දීය ද්‍රවිඩ ජනතාවට පුරවැසිකම නොලැබීම.
  • පුරවැසි පනතට විරුද්ධ ද්‍රවිඩ ජන මූලිකත්වයෙන් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පිහිටුවා ගැනීම.
  • 1956 ට පෙර බ්‍රිතාන්‍ය පාලනයේදී රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය. එය 5% ක් පමණ වූ ඉංග්‍රීසි කතා කරන පිරිසක සතු විය.
  • 1956 දී මහජන එක්සත් පෙරමුණ විසින් "සිංහල" රජ්‍ය භාශාව කිරීමේ පියවර ගැනීම
  • 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ට එළබි නමුත් මාස 2 ක් ඉකුත් වන විට ආණ්ඩුව එම ගිවිසුමෙන් ඉවත්වීම.
  • 1960 දී ඩඩ්ලි ‍‍චෙල්වනායගම් ගිවිසුම ට එළඹීම සහ වසර 2 කට පමණ පසු ආණ්ඩුව එයින්ද ඉවත් විය.
  • 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වාදුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් දමිල සිසුන් සාධාරණයන්ට ලක්වීම. 
  • 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම
  • 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයකට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීම.
  • 1983 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හමුදා සෙබලුන් 13 ක් ඝාතනය. සහ කළු ජූලියෙන් දෙමල ජනතාව බොහෝ හිරිහැරයන්ට, ඝාතනයට ලක්විම. කළු ජූලියට දේශපාලනික ආරූඪයක් තිබීම.
  • 1987 දී එවකට රජය විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම
  • 1987 දී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට හැඳින්වීම.
  • 2000 දී නෝවේ සාම නියෝජිතයා ලෙස පැමිණීම. (වාර්ගික/බෙදුම්වාදී යුධ සමය)
  • 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීම.

සිංහල භාෂාව.

  • දැනට ශ්‍රී ලංකාවේ 70% ක් පමණ සිංහල භාෂාව හසුරුවන අතර, ඉතිරිය බහුතරයක් දෙමළ බස හසුරුවයි.
  • ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ භාවිත වූ, "හෙළ බස", ඉන්දීය ආක්‍රමණ හමුවේ ඉන්දියානු භාෂාවලටත්, යටත් විජිත සමය තුළ බටහිර භාෂා සමඟ ඳ සංකලනය තුළින් සිංහල භාෂාව ලෙසින් පෝෂණය විය. විවිධ අකුරුද එකතු විය.
  • සිංහල අකුරු පරිණාමය සැලකීමේදී භ්‍රාක්මීය අකුරු නෑකම් කීම. විශේෂයෙන්ම සෙල්ලිපි අකුරු පරිණාමය.
  • සිංහල භාෂාවේ අනු භාෂා ලෙස රෝඩී සහ වැදි ජනතාව අතර භාෂාමය වෙනස්කම් ඇත.

ජාතික ගීතය හා වැදගත් සංධිස්ථාන.

  • අපේ ජාතික ගීතයේ වචන කීයක් ශුද්ද සිංහල නොවන්නේ ද? (නමෝ, මාතා, භක්තී). එය වත්මනේ ගැටලුවක් නොවීය.
  • 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් "නමෝ නමෝ මාතා" ගීතය රචනා කිරීම.
  • 1946 දී "නමෝ නමෝ මාතා" ගීතය Win11 නමින් එච්. එම්. වී. තැටියකට තැටි ගත කිරීම.
  • 1948-01-31 ජාතික ගීතයක් තොරා ගැනීම සඳහා තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා "නමෝ නමෝ මාතා" ගීතයද ඉදිරිපත් වී තිබිණි. 
  • ජාතික ගීතය තේරීමේ කමිටුවේ විනුසුරුවරයෙක්ව කටයුතු කළ පී. බී. ඉලංගසිංහ මහතා විසින් රචිත, "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතය තෝරා ගැණීනි. 
  • 1948-02-04 නිදහස් දිනයේදී ජාතික ගීතය ලෙස ගායනා කලේ "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතයයි.
  • 1951 දී ජාතික ගීතය ලෙස, "නමෝ නමෝ මාතා" ගීතය ග්‍රාම සංවර්ධන අගමැති ඔල්වර් ගුණතිලක මහාතා විසින් තෝරාගත් අතර, 1952-03-12 නිල වශයෙන් නිවේදනය කිරීය. මෙම තෝරා ගැනීමට එවකට මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාද සංදේශයක් ඇමති මණ්ඩලයට නිකුත් කර ඇත.
  • 1952-03-11 දී කැබිනට් අනුමැතියකට අනුව ජාතික ගීතය දෙමළ බසටත් (ශ්‍රී ලංකා තායේ), ඉංග්‍රීසි බසටත් පරිවර්තනය කළ අතර, එය කේ කනගරත්නම් මහතා විසින් සිදුවිය. එය නිල පරිවර්තනය ලෙස පිළිගැණිනි.
  • තෝරා ගත් ජාතික ගීතයේ "නැවත අප අවදි කරන් මාතා" යන පද පෙලක් තිබුණ අතර, එය "නිතින අප පුබුදු කරන් මාතා" ලෙස සංශෝධනය කිරීය.
  • 1953 දී ගුවන් විදුලි සංස්තාව විසින් සීදූව අන්ධ විදුහලේ සිසුන් මඟින් ගීතය ගායනය කරවා තැටි ගත කරන ලද අතර, 1955-02-04 දෙමළ බසින්ද ජාතික ගීතය තැටිගත කරන ලදී. මෙම ගීතය 1970 දී සමගි පෙරමුණ ආණ්ඩු කාල සීමාවේදී ද ගුවන් විදුලියේ ප්‍රචාරය වූ නමුත්, ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී දෙමළ මාධ්‍ය ගුවන් විකාශනයන්හී, ජාතික ගීතය දෙමළ බසින් විකාශනය නවතා දමා ඇත. නමුත් එහිදී සංගීතමය විකාශනය කර ඇති අතර, 1994 දී චන්ද්‍රිකා සමයේදී එයද නවතා දැමීය.
  • මෙම ගීතය, ජාතික ගීතය ලෙස තොරා ගැනීමෙන් පසුව ආනන්ද මහතාට 2,500/- ක මුල්‍ය පරිත්‍යාගයක් ලැබූ අතර, එම ගීතය අයත්  (කුමුදුණී) කෘතිය ප්‍රකාශ කළ ප්‍රකාශකයා තමන්ටද තැගී මුදලේ අයිතියක් ඇති බව පවසා නඩු දැමීය.
  • ජාතික ගීතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, එම ගීතයේ වස් ඇති බවට විවේචනාත්මක මත පල විය. ඇතමෙක් එහි ඝණ අක්ෂර දෝෂ සෙවීය. "න" අක්ෂරය අපාය අක්රයක් වීමත්, අරම්භය අනිටු ඝණ පිහිටීමත්, භක්ති රස ජනනය කිරීමත් විවේචනයට බඳුන් විය.
  • එවකට ආණ්ඩුව පෙරලීයාමටත්, ඩී. එස්. සේනානායක මහතා මිය යාමටත් මෙම වස් හේතු වූ බවට ප්‍රචාරය විය.
  • රටට වස් වැදී යැයි කියන මනෝ භාවය මුල් කර ගනිමින්, "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මාතා" ලෙස සංශෝධනය කිරීය. මෙයට සමරකෝන් මහතා විරෝධය පලකිරීය.
  • ජාතික ගීතයේ පද පෙළ වෙනස්වීම හේතුවෙන් සහ ඊට පාදක කරගත් වස් කතාන්දරය හේතුවෙන් රචක ආනන්ද සමරකෝන් මහතා සිත් තැවුලට පත්විය. 
  • රෝගාතුරුව රෝහල් ගතව සිටි සමරකෝන් මහතා, නිදි පෙති පානය කිරීම හේතුවෙන් 1962-04-05 දින මිය යයි.

ඉනිදියාවේ ජාතික ගීතය

  • ඉන්දියාවේ 41% ක් පමණ හින්දි භාෂාව කතා කරන ජනතාවක් වෙසේ. නමුත්, එහි ජාතික ගීතය ලියා ඇත්තේ රඛින්ද්‍රනාත් තාගෝර් නම් කවියා විසිනි. ඔහු බෙන්ගාලි ජාතිකයෙකි.
  • ඉන්දියාවේ බෙන්ගාලි භාෂාව කතා කරන ජනතාව ප්‍රතිශතාත්මකව අනුපාතයක් ලෙස 8% ක් පමණ වේ. "ජන ගන මන" නම් ඉන්දීය ජාතික ගීතය රචනා කර ඇත්තේ ද බෙන්ගාලි භාෂාවෙනි. බෙන්ගලි භාෂාව සංකෘතික භාෂාවේ විකාශනයකි.
  • විවිධ භාෂා 200 කට අධිකව කතා කරන ඉන්දියාවේ ජාතික ගීතය, හින්දි, දේවනාගිරි, පංජාබ්, මලයාලම්, තෙළිඟු, ගුජරාඹ්, උර්දු, දෙමළ වැනි භාෂා වලට පරිවර්තනය කර ඇත.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *
පසු වදන


විවිධ භාෂා වලින් ජාතික ගීතය ගායන රටවල්.

  • බෙල්ර්යම - ෆ්ලෙමිෂ්, ප්‍රංශ, ජර්මන් 
  • බුරුන්දි  - ප්‍රංශ, කිරුන්දි
  • කැමරුන් - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කැනඩාව - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කොමොරෝස්‌ - ප්‍රංශ, ෂිකොමොරෝ
  • ෆීජී - ඉංග්‍රීසි, ෆීජී 
  • පින්ලන්තය - යුන්නිෂ්, ස්‌වේදිෂ්
  • කෙන්යාව - ඉංග්‍රීසි, කිෂ්වාහිලි
  • මලාවි - චිෙච්වා, ඉංග්‍රීසි 
  • මාෂල් දිවයින -  ඉංග්‍රීසි, මාෂල් 
  • නයිරු - ඉංග්‍රීසි, නයිරු 
  • නවසීලන්තය - ඉංග්‍රීසි, මයිරු 
  • පලවූ - ඉංග්‍රීසි, පලවූ 
  • සුරිනාම් - ඩච්, ස්‌රානන්, තෝංගො
  • ස්‌විස්‌ටර්ලන්තය - ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රෝමන් 
  • සිම්බාබ්වේ - ඉංග්‍රීසි, න්දෙබ්ලෙ, ෂෝනා 
  • දකුණු අප්‍රිකාව - Xhosa, Zulu,සෙසොතෝ, අප්‍රිකාන්ස්‌, ඉංග්‍රීසි 


අවසන් ප්‍රතිඵලය සංදේශය නිවුස් ඇලට් SMS මඟින් ලබා දෙනු ඇත.
සංදේශය නිවුස් ඇලට් එකතු වීම සඳහා f @sandeashaya
සංදේශය නිවුස් ඇලට් ඉවත්වීම සඳහා L @sandeashaya
ලෙස සටහන් කර, 40404SMS කරන්න. ටිවිටර් උපයෝගිතාවයකි. සේවාව නොමිලයේ වන අතර, දෛනික හෝ මාසික මුදල් අය නොවේ.

ආශ්‍රිත 

Friday, January 2, 2015

දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති

මෙම සටහන/පරිවර්ථනය විශ්මී සහෝදරිය විසින් ලැබීමට සැලැස්වූ ලිපියකි.


**********************


එය තම තමන්ට මෙන්ම අනුන්ටද කල්පිතයන් පවසන වකවානුවක් විය. පුදුම සහගත ප්‍රමාණයකින් එවා ක්‍රියවෙහිද යෙදවුනි. ගොවියො ඉඩම් කැබලි කිහිපයක අස්වැන්න එක ඉඩම් කැබල්ලක් තුළට ගෙනවිත් ආශ්චර්යජනක අස්වැන්නක් ලබුන බවට පක්ෂ නිලධාරීන්ට පෙන්වූහ. මුළාවනසුලු නැතහොත් මෝඩ කෘෂිකර්ම නිලධාරීන්ට, වාර්තාකරුවන්ට, වෙනත් පළාත් වලින් පැමිණි අමුත්තන්න්ට සහ විදේශිකයන්ට නිසරු ඉඩම් සාරවත් ලෙස මවා පෙනවන ලදී. අකාලයෙ ගලවා සිටුවීම නිසත්, අධික උෂ්ණත්වය නිසාත් මෙම බෝග මැරී වටුණි. නමුත් අමුත්තෝ ඒ බව නොදැනගත්හ. නැතහොත් ඔවුන්ට දැනගැනීමේ අවශ්‍යයතාවයක් නොවීය. ජනතාවගෙන් බොහෝ පිරිසක් මෙම වියවුල් සහගත, උමතු ලෝකයට පිවිසුනහ. 'ශ්වයං-වංචාව සහ අනුන් රැවටීම' දැඩි ලෙස ජාතිය ග්‍රහණයට ගත්තේය. උසස් පක්ෂ නායකයෝ , කෘෂිකාර්මික නිලධාරීහු ඇතුළු බොහො දෙනා තමන් ආශ්චර්යය දුටු බව පැවසූහ. එය නොදුටු බව පැවසූවන් සැක කිරීමට භාජනයට ලක් වූ අතර දෝෂාරෝපණයටද ලක් විය.


බොහෝ ස්ථානවල නිෂ්පාදනයේ අධික වීම පිළිබඳව පම්පෝරි ගැසීම ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ට පහර දෙන ලදී.

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් හාරසියයි. (රාත්තල් 450ක් පමණ - සත්‍ය ලෙස පිළිගත හැකි අනාවැකියකි.)
එවිට ඔහුට පහර වැදුණි

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් අටසීයයි.

බොහෝ පහළ ශ්‍රේණි වල නිලධාරීන් සහ ගැමියන් මෙම සිදුවීම් වලට පැටලුනෙ හාස්‍යජනක පුරසාරම් විශ්වාස නොකළ නිසාය. නමුත් වැරදි කරුවන් වීමට ඇති බිය නිසාම ඇතැම්හු ඒවාට පැටලුණහ.

වාර්තා සහගත අත්භූත සාර්ථකත්වයන් පිළිබඳ දැනුම් දීමට පැමිණෙන ගැමියෝ විවිධ දේවල් ට්‍රක් රථවල පටවාගෙන අපෙ මිදුලට රැගෙන ආහ. දිනක් අතිවිශාල පිපිඤඤා ගෙඩියක් රැගෙන එනු ලැබිණි. එය ට්‍රක් රථයෙන් භාගයක් පමණ විශාල විය. තවත් අවස්ථාවක යෝධ ඌරෙක් ට්‍රක් රථයක පටවාගෙන ආවෝය. එම ඌර තමන් විසින් ඇතිදැඩි කල බව ගැමියෝ කීහ. ඌරා හදා තිබුණේ කඩදාසි තලප වලිනි.

මුලු ජාතියම මුසාවට යට වුණි. වචන සත්‍යයෙන් , වගකීමෙන් සහ මිනිසුන්ගේ සැබෑ හැඟීම් ඈත් විය. වචන වල තේරුම් නොමැතිව යාමෙන් ඉතා පහසුවෙන් බොරුව රජ විය.

Wild Swans - Jung Chang
පරිවර්තනය - ඩී. එම්. එස් . ආරියරත්න


**********************

ඔබ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්ධක්. වියරු ඒකාධිපති පාලනය, පලවාහැරීමේ සුබ නව වසරක් වේවා.
බොරුවෙන් සහ වංචාවෙන් මුලා නොවී නව වසර උදාවේවා..........!

යුද්ධය, සංවර්ධනය, වංචාව, දූශණය, අල්ලස්, මාෆියා, උද්ගෝෂණ, මර්ධනය, භීෂණය, අක්‍රමිකතා, ආශ්චර්ය්‍ය, චින්තනය, කුඩු, එතනෝල්, කැසිනෝ වැනි විවිධ මාතෘකා ගැන අප නොනවත්වා කතා කලෙමු. මේවා ගැන කතා කිරීමට දිනෙන් දින අලුත් පුවත් මැවිණි. පැරණි පුවත් යට ගැසිණි.
නමුත් ඒ පුවත් ගැන නොවිසිදුණ, යට ගැසුණ කරුණු අපමණය.
සැබෑ ජනතා අවශ්‍යතාවය............ රටේ සබෑ අවශ්‍යතාවය ................. යනු,
පුහු සංදර්ශන හෝ බොරු මවාපෑමේ රියලිටි කලාව නොව.
මර්ධනයෙන් පැවැත්ම රඳවා ගැනීමට සැමදා නොහැකිය.
බුද්ධිගෝචර නොවූ ඡන්ද දායකයින්ට මෙන්ම ව්‍යාපාර පංතියට රට සහ අපේ අනාගතය තීරණය කිරීමට ඉඩ දිය යුතු නැත.















ගිණි පොල්ලෙන් බැට කෑ මිනිසා කලාමැඳිරියාටද බයයි කියනවා මෙන්, මෛත්‍රී යුගක් පිළිබඳවද ඇත්තේ සැකයකි. බියකි. චන්ද්‍රිකා මැතිණිය ගේ සෙවනැල්ල තවත් බිය උපදවයි. 
2010 දී බොහෝ දෙනෙක් මහින්දට චන්දය දෙන විට කීවේ "දන්නා යකා නොදන්නා යකාට වැඩිය හොඳයි" කියා.
2015 වන විට "දන්නා යකාට වඩා නොදන්නා යකා හොඳ" වී ඇත.
අප ඒ තත්වයට පත් කළේද මේ රාජපක්ෂ පාලනයමයි. අපව ඒ තත්වයට අසරණ කළේ මේ රාජපක්ෂ වියරු පාලනයමයි.
අ‍නපේක්ෂිත අනාගතයකට තල්ලුකළ රාජපක්ෂ පාලනය පලවා හරිමු.

ප්‍රේමදාස යුගය පසුකළ අපට නැවත රාජපක්ෂ ඉතිහාසයක් හෝ වර්තමාණයක් හිමි නොවේවායි පතමු.
නමුත්, තත්ත්වය එසේමනම්, මෛත්‍රී යුගය අවසන් කරනට දායක වනුයේද අපමය. 

"දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති"

Related Posts Plugin for WordPress, Blogger...