නිවස

යදමින් බැද











































ඔබද මම ද එක් එක් දෙශපාලනික සමාජීය ගැටලු දෙස එක් එක් දේශපාලනික කෝණවලින් බලන්නෝ වෙමු. නමුත් අපට අවැසි සත්‍ය සහ අනාගත දැක්ම පිළිබඳව වඩාත් හොඳ සංකල්පයක සිට එකී දෘශ්ඨි කෝණයෙන් බැලීමයි. මා මේ සඳහා ප්‍රයත්නයක් ගනිමි. නමුදු මම වෘත්තීය විචාරකයෙකු හෝ දේශපාලනය සම්භන්ධයෙන් ප්‍රවීනයෙකු නොවෙමි. තවද, දෙපාර්ශවයකට මැදිහත්ව සහජීවනයෙන් කටයුතු කරන කට්ඨඩියෙකු හෝ කපුවෙකු නොවෙමි. අඩු පාඩු තිබිය හැකිය. එය ඔබ විසින් පෙන්වා දෙන්නේ නම් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

මා සමාජවාදී දෘශ්ඨි කෝණයෙන් යතාර්තය බැලීමට උත්සාහ කරමි. ඒ මා ධනේශ්වර හෝ එකාධිපති ක්‍රමය පිළිකුල් කරන නිසාම නොවේ. සමාජයක යහපත් පැවැත්මක් සඳහා එය අවැසියි කියා තදින් විශ්වාස කරන බැවිනි. එබැන් මා පාරම්පරික දේශපාලනයේ නොඇලි විවෘත්තව යතාර්ථය දෙස බලමි. මා අද සමහර අය මෙන් පාරම්පරාවේ උරුමය රකින්න නො එසේනම් පක්ෂය පවුලේ වංශය ලෙස සිතා කටයුතු නොකරමි. එබැවින් මට ඔහුන් මෙන් වංශය කබල් ගාන්න වනුයේ ද නැත.

6 comments:

  1. සමාජයක යහපත් පැවැත්මක් සඳහා සමාජවාදය අවශ්‍යයි කියල ඇයි ඔබ හිතන්නේ? සමාජවාදය තියා කොයි වාදය උනත් ඒක ක්‍රියාත්මක කරන්නේ මිනිසුන්. සමාජවාදය ඇති හුඟක් තැන තියෙනවා යහපත් පැවැත්මක් නැති තැන්. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සමාජවාදී පරිසරයක් තුළදී මිනිසුන් අතරේ සමාණාත්මකතාවක් ගොඩනැගෙනවා මෙන්ම, සම්පත් එක හා සමානව බෙදී යන බව විශ්වාස අප විශ්වාස කරනවා.
      ළඟම උදාහරණ ලෙස සොවියට් දේශය ගත හැකි ය. එම කාලවකවානුවේ සමාජවාදය ඇමරිකාවට තර්ජනයක් වී තිබුණද, දැන් එය මුස්ලිම් බලය දෙසට තල්ලු වී ඇත.
      එමෙන්ම දැනටමත් සමාජවාදය ක්‍රියාත්මක වන රටක් ලෙස සැලකෙන උතුරු කොරියාව පෙන්වා දිය හැකිය. එහි මිනිසුන් අතර සැලකියයුතු විෂමතාවයක් නැත. මිනිසුන් අතර බොහෝ සෙයින් සමාණාත්මකතාව ක්‍රියාත්මක වේ. එය වෛද්‍යවරයාද, කම්කරුවාද යන්න මත පදනම් නොවේ. නමුත් දියුණු රටකි. වැටුපෙහි සැලකියයුතු විෂමතාවයක් නැත. ජීවත් වීමට සරිලන වැටුපක් හිමිය. (අප රටෙන් පවා කම්කරුවන් ලෙස හෝ රැකියා සොයා කොරියා යාමට උත්සාහ කරනුයේ මේ හේතුවෙනි.) රජය මගින් සියල්ල පාලනය වන නමුත්, සියලුම මිනිසුන් සමාජ අසාධාරණවලින් අවම වූ ජීවන රටාවකට නතුකර ඇත. මැයි දිනය බොහෝ රටවල් සමරයි. නමුත් උතුරු කොරියාවේ මැයි දිනය ලොවම පැවැත්වූ සියලු සැමරුම් වලට වඩා විශිෂ්ටතාවයක් දැක්විය.
      පහත දිගුව සහිත යූටියුබ් විඩියෝවත් බලන්න. https://www.youtube.com/watch?feature=player_embedded&v=wevs5p35mE0
      අප කිසියම් දෙයක් හෙඳ හෝ නරක දකිනුයේ සාපේක්ෂවය. වහල් ක්‍රමයට වඩා රදළ ක්‍රමය මිනිසුන්ට ලෙන්ගතු විය. රදළ ක්‍රමයට වඩා දැනට පවතින ධනේශ්වර හෝ ඒකාධිපති ලෙස හැඳින්විය හැකි සමාජ ක්‍රමය මිනිසුන්ට යහපත් ය. නමුත්, සමාජවාදය යනු තවත් ඉදිරි දැක්මකි. පියවරකි. අප එහි රටට අත්දැකීම් නැති බව ඇත්ත. එබැවින් එහි ගුණදොස් පිළිබඳව හෝ වපසරියක් අපේ මිනිසුන්ගේ තුළ නොතිබෙනවා විය හැකිය. සමාජවාදයෙන් එහා කොමියුනිස්ට් ක්‍රමයක් ගැන කියැවේ. නමුත් ඒ සම්බන්ධයෙන් විග්‍රහයක් කිරීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොවේ යැයි මට හැගේ.
      ඔබ කියන අයුරින් සමාජවාදයේද ගැටලු නැතුවාම නොවේ. නමුත් එය අප රටේ දැනට පවතින ක්‍රමයට වඩා සාධාරණයක් මිනිසුන්ට ලබා දෙන බව රහසක් නොවේ. නමුත්, වෙනත් සමාජ ක්‍රමයකට මිනිසුන්ගේ මනස තල්ලුනොවන අයුරින් වත්මනයේ උඩු දුවා ඇත. හුදෙක් සමාජවාදය යනු අපේ රටේ පහුතරයක් ජනතාවට මනෝරාජිත ලෝකයක් පමණක් යැයි හැඟී ඇත. එබැවින් සමාජවාදය බිහිකිරීම එක රැයකින් කළ හැකි දෙයක් නොව. පවතින ක්‍රමය තවදුරටත් උඩුදුවා එහිම එරෙනවාට වඩා, එහි අසාධාරනවලට තව දුටටත් ලක්ව පීඩා විදිනවාට වඩා නව සමාජ ක්‍රමයක් ගැන අප සිතිය යුතු ය.

      Delete
    2. ලුම්බිණිDecember 4, 2012 at 8:47 AM

      නිර්මලා, උතුරු කොරියාව ආදර්ශයට ගන්න තරමේ රටක් කියල මම නම් හිතන්නේ නැහැ. ඔබ හිතන අන්දමේ සමානාත්මක තාවයක් ඒ රටේ තියනවද කියන එක මට සැකයි. ඒ රට ඒකාධිපති විදියට පාලනය කරන බව නම් මම දන්නවා. වෛද්‍ය වරයාත් කම්කරුවත් එක වගේ උනාට ඉහල හමුදා නිලධාරිත් සාමාන්‍ය මිනිසුනුත් අතර පරතරය බොහොම වැඩියි. ඔයාට තේරෙන්නේ නැද්ද මිනිසුන්ට නිදහසක් ලබා දීම තරම් තවත් වැදගත් දෙයක් නැහැ කියල. ඔයාගේ මේ පිටුවේ නම 'යදමින් බැඳ' නේද? උතුරු කොරියා මිනිසුන් ඉන්නෙත් ඒ වගේ යදමින් බැඳ තමයි. ඔයා ඒ රටේ සමාජ අසාධාරණයක් නැති බවක් කියනවා. තමන්ගේ අදහස් පල කරන්නට ඉඩ නැති කමම සමාජ අසාධාරණයක් නොවේද? පොඩ්ඩක් හිතල බලන්න. (මම මේ කිව්වේ මගේ අදහස්)

      Delete
    3. 1991 උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති යුද වාතාවරණය ඉවත් වූවායයි කිව නොහැකියි. එමෙන්ම ඔහුන්ගේ යුද ශක්තිය ඇමරිකාව පවා බිය ගන්වන සුළුය. රටකකට යුද ශක්තියක් අවශ්‍ය ය. 1991 දී මෙම උතුරු සහ දකුණු කොරියා වෙනම ම රාජ්‍යයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංගමය පිළිගත් අතර, උතුරුකොරියාව අදට ද තනි පක්ෂයක් (කොරියානු කම්කරු පක්ෂය) ඇති රාජ්‍යයක් (කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සමූහාණ්ඩුව) ලෙස “ශක්තිමත් සහ සමෘද්ධිමත් ජාතියක්“ ආදර්ශ පාඨය තේමා කරමින් ගනිමින් පාලනය කරයි.
      ඇමරිකා දර්ශකයන්ට අනුව උතුරු කොරියාව අසාර්ථක පාලනයක් හිමි සහ මිනිසුන් පීඩා විදින රටක් බවට පත්වෙනවා. නමුත් ඇත්ත එය නොවේ. උතුරු කොරියාව මා උපමාවක් කර ගත්තා විනා එය 100% ශ්‍රී ලංකාවට බද්ධකිරීමට අදහස් නොකරමි. නමුත්, උතුරු කොරියාව සහ අපේ රට සැලකුවහොත් එහි විශාලා වෙනසක් දැකිය හැකි වෙනවා. ඒ සංවර්ධනයෙන්ම නොව. රාටේ පාලන ස්වරූපය අනුව.
      අපේ රටේ නිදහස් මත දැරීමේ අයිතිය ඇති ද? සමහර අවස්ථාවල දී බඩගොස්තරවාදී දේශපාලනයක් වෙනුවෙන් කඩේ නොයා රැකියාවක් කළ හැකි ද? රටේ මිනිසුන්ගේ මුදල් සූරා කන්නේ කවුද? රටේ සංස්කෘතිය දිනෙන් දින පරිහානියට පත්වනුයේ ඇයි? අපේ රටේ පාලකයන් කටයුතු කරනුයේ කාගේ අවශ්‍යතාවන් වෙනුවෙන්ද?....
      මේ සියල්ල තීරණය වනුයේ අප රටේ දේශපාලන සංකෘතීය මත නොවේද? ඔබ නොදන්නවා වුවද මාද බ්ලොග්කරනයේ යෙදී සිටිනුයේ තරමක තැතිගැනීමකිනි. අප ද සීමා සහිතව යදමින් බැඳී ඇත.

      Delete
    4. ලුම්බිණිDecember 5, 2012 at 8:32 AM

      සමාජවාදයේ පරමාර්ථය නම් මිනිසුන් අතර සමානාත්මතාවය ඇති කරමින් (අදායම් පරතරයන් නැති කිරීම) අයිතිවාසිකම පොදු බවට පත් කිරීමයි. මේ සඳහා සමාජවාදය ප්‍රමාණවත් දෙයක් උනත් ආවශ්‍යක දෙයක් නොවේ. සමාජ විෂමතාවයන් නැති කිරීමේ විවිධ ක්‍රම තියෙනවා. ඒ හැම ක්‍රමයක්ම අඩුපාඩු සහිතයි (සමාජවාදයත් ඇතුළුව). බොහෝ දෙනෙක් හිතනවා වැඩියෙන් තිබෙන අයගේ දේවල් අඩුවෙන් තිබෙන අයට දුන්නම ප්‍රශ්නේ විසඳෙනවා කියල. ඒත් අඩුවෙන් තිබෙන අයත් වැඩියෙන් තිබෙන අයගේ තත්වයට ගෙනෙන එකයි වඩා හොඳ.

      Delete
    5. වැඩඩියෙන් ඇති අයගෙන් අරගෙන අඩුවෙන් තිබෙන අයට දීම හෙවත් සරදියල් ක්‍රමය මීට සමාන කළ නොහැකියි. “අඩුවෙන් තිබෙන අයත් වැඩියෙන් තිබෙන අයගේ තත්වයට ගෙනෙන එකයි වඩා හොඳ.“ යන්නට මා එකඟයි. නමුත් එය මෙම සමාජ ක්‍රමය ඇතුළේ නොවෙණා දෙයකි. එනම් ධනේශ්වර ක්‍රමයේ න්‍යායන් මත සිට මෙය කළ නොහැකියි. තවත් අයුරකින් කියනවනාම් ධනේශ්වර ක්‍රමයේ පැන නඟින ප්‍රශ්න වලට පැලැස්තර දැමීමකි. නිදහස ලබා වසර 65 ක් වූවද අප තවම තුන්වන ලෝකයේ රටක්, බලන්න අපේ රටේ පාලන තන්ත්‍රය දෙස, එය ඒකාධීපති තත්ත්වය දක්වා පරිවර්තනය වීමේ අවදානමක් නැතුවා නොවේ. වරදක් සිදුවූවහොත් එය වනුයේ නැවත වසර ගණනවක් යනතුරු ආපස්සට ගත නොහැකි අන්දමින්.
      උදා :- අධ්‍යාපනය සඳහා රජයේ ඇති දායකතවය. ලංකාවේ දින කිහිපයකට පාසැලක් වැසී යනවා. ඉතිරි පාසැල් වලටද ප්‍රතිපාදන සීමිත වෙනවා. මිනිසුන් නිරායාසයෙන්ම පෞද්ගලික පාසැල් සහ විශ්වවිද්‍යාල දෙසට තල්ලු වීමට ඉඩ හරිනවා. කෙටියෙන්ම කියනවානම් අධ්‍යාපනය යනු මේ අයගේ වචනයක් නොවේ. අපට එවන් අය සමඟ රට ගොඩනැඟිය හැකි ද? රටේ සම්පත් බෙදී යනුයේ ඉතා සුළු පිරිසක් වෙත. වංචා දූෂණ දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. එහෙත් මේ පාලකයන් සිතනවා අභ්‍යවකාශ ගිනස් වර්තා තියන්න. ඇත්තෙන්ම මෙය ගිනස් වාර්තා 03 ක් වෙනවා. 1) අභ්‍යවකාශගතවූ ලාබාළමයා 2) විනෝදය සඳහා ගිය පළමු අභ්‍යවකාශ ගමන 3) දුප්පත් මිනිසුන් ගේ ශ්‍රමය සූරා අභ්‍යාවකාශය තෙක් විසි කිරීම.

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...