Tuesday, February 12, 2013

එකෝමත් එක රටෙක එකෝමත් එක රෝහලක


පළමුව මා සඳහන් කරනුයේ මෙම ලිපිය ලිවීමට  මාහට වඩාත් සිත් වූයේ අමාවක බ්ලොග් අඩවියේත්, මාතලන් බ්ලොග් අඩවියේත් පළවූ ලිපි හා සමගාමීවය. මා යොදා ඇති අදාළ ලින්ක් එක උපකාරයෙන් පිවිස ඔබට ඔහුන්ගේ විමසුමට එක්විය හැකි ය. සියලූම රෝහල් සහ වෛද්‍යවරුන් ද, මාධ්‍යවේදීහූ හෝ මාධ්‍ය ආයතන ද මීට ආදාළ නොවූවත්, අප ඇසින් දුටු, කියැවූ පරිදි මනසේ කැකැරෙන විතිකිච්ඡාව පාදක කරගනිමින්, කරනු ලබන විවේචනයකි වේ.

බාල ඖෂධ වර්ග මෙරටට ගෙන්වීම නිසා පසුගිය කාල වකවානුව පුරාවටම සිදුවූ ජීවිත හානී පිළිබඳව අප මාධ්‍යතුළින් හොඳන් ඇසුවෙමු/කියැවුවෙමු. ඔබට හොඳින් මතක ඇති මෙම “බාල“ රිද්මය අතු රිකිලි දමා, බාලාවතාර, බාල බෙහෙත්, බාල තෙල්, බාල සිමෙන්ති .... ආදී වශයෙන් විවිධ වූ සීමාවන් ස්පර්ශය කරමින් ව්‍යාප්ත වූ ආකාරය.  2012 වර්ෂය සඳහා මෙරටට ගෙන්වන ඖෂධ සීමා කරමින් කෘතීම ඖෂධ හිඟයක් ඇති කිරීමට තැත් කළ ආකාරය අපි එම වකවානුවේදී හොඳින් ඇසුවෙමු. ඔහුන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එයදෝ කියා විටෙක සිතේන අතර, රජයේ එකී කූට ක්‍රියා පිළිවෙත් හේතුවෙන් බැට කෑ සහ තවමත් බැට කන ජනතාව බොහෝ ය. ඖෂධ සමාගම්වලින් ගනු ලැබූ සන්තෝසම් හෙවත් ඖෂධ මාෆියාව ඇරැඹීම නිසා දෝ තවම මෙම ප්‍රතිපත්තිය බලගැන්වී නැත.

වෛද්‍යවරුන්ට අත්වැරදි විය හැකි බව මා පිළිගනිමි. නමුත්, එය ජීවිතයත් මරණයත් අතර, දෝලනයකි. එබැවින් එවැනි අත්වැරැදීමක් කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හෝ වන්දි ගෙවීමකට යටත් කිරීම හෝ තළ නොහැකියි. වැරැදි ප්‍රතිකාර තුළින් හෝ ඖෂධ හේතුවෙන් හෝ නැතිවනුයේ ඔබේ ම ළඟම හිතවතකුගේ අතක්, පයක් හෝ ජීවිතයක් නොවෙන්න පුළුවන්. නමුත්, තත්ත්වයට පිළියම් නැතිව තවදුරටත් එය උඩුදුවනවානම් ඔබේත් මගේත් හිතවතකුට ද එවන් ඉරණමක් අත්විඳීමට අවස්ථාව උදාකරවීමකි. ඔහුන් අත්වැරැද්ද ලෙස අර්ථකථනය කළ ද මට හැගෙනා පරිදි බොහෝ විට සිදුවනුයේ නොසැලකිලිමත්බවය. වෛද්‍යවරයෙකු යනු මනා හික්මීමක් ඇති, ඉතා සැලකිලිමත්, විචක්ෂණශීලී පුද්ගලයෙකු බව අපට සනාථ කළ නොහැකි ය. නමුත් වෛද්‍යවරයාගේ වැරැද්දට වඩා සමාජ වෛරසයක් ලෙස පවතින මිනීමරු දේශපාළුවාගේ වැරැද්ද සහ ඔහුන්ව මා ඉතා පිළිකුල් සහගත අයුරින් දකිමි.

පහත අවස්ථා ගැන මොහොක් ඔබේ මතකය ආවර්ජනය කර බලන්න. මේ සිදුවීම් පසුපස කොපමණ වංචා දූෂණ හෝ අක්‍රමිකතා හෝ බද්ධ වී තිබෙන්නට ඇති ද...? සියල්ල සක්සුදක් සේ අනාවරණය කිරීමට හෝ පැහැදිලිකිරීමට හෝ අපසු අවස්ථාවලදී “කොයි ඔප්පු කරන්න සාධාක“ කියා එය බැහැර කරන සහ කරවන පිරිස් ද අද කොතෙකුත් ඇත. ඔබ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට වරක් හෝ පිවිස ඇත්නම් (සමහරවිට) ඔබටද යමක් කීමට නැතුවා විය නොහැකියි. නමුත්, රටේ වත්මන් අනෙකුත් අයතන හා සැසැඳීමේදී රෝහල යන ආයතනය ට සැලකිය යුතු නම්බුකාරකමකින් තවමත් සිටිය හැකිය. මන්ද, අන්තයට ම පිරිහුන රජයේ ආයතන බොහෝ වීමයි. පහත අවස්ථාවලින් කිහිපයක් පමණක් වෛද්‍යවරුන්ගේ හෝ වෙනත් සේවකයෙකුගේ හෝ අත්වැරැදීමක් හේතුපාදක විය හැකි ය. නමුත් බහුතරයක් සිදුවීම් රජයේ පාර්ශවය හා අපූරු සැබැඳියාවක් පවතී. මෙවැනි සිද්ධීන්ගේ වර්ධනය මෑත කාලයේ ඉතා දරුණුව සිදුවනුයේ මහත් වූ ආශ්චර්යේ මහානුබල සම්පන්න භාවය හෙවත් “සිව්මහ ඹබුන් පෑ පෙළහර“ නිසා දෝ කියා විටෙක මට සිතේ. 

වැඩිදුර කියැවීම සඳහා අවැසිනම්, අදාළ අඩවි දිගු ද මේ සමඟ ඉදිරිපත් කරමි.

කොළඹ ජාතික රෝහලේ දී වෛද්‍ය ශිෂ්‍යවකගේ අතක් කැපීම. (වෛද්‍යවරුන් මෙය අත්වැරැදීමක් බව ප්‍රකාශ කරයි) මෙම සිදුවීමේ ආගිය සියලු තොරතුරු ඇතුළත්ව පුවත් ආවරණයකට බොහෝ මාධ්‍ය ආයතන සමත් වූවා. එය නම් වශයෙන් කිමේ අව්‍යතාවයක් නැත. එමෙන් ම එහිදී දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු පවා මෙම සිද්ධිය තම ගිණුමට ලකුණක් එකතු කර ගැනීමට කිසියම් උත්සාහක් කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ඔහුන් රෝහලට පැමිණෙන්නේ ද මාධ්‍ය පිරිවර සමඟිනි. (මේ දේශපාලකයන්ගේ නම් මා නොලීවාට, මා ද මෙවැනිම ආකාරයේ නම්-ගම් වසන්කරන්නෙකු ලෙස හඳුන්වන්න එපා. මන්ද, මාගේ අවශ්‍යතාවය මාතෘකාවට අදාළ යථාර්ථය හැකි පමණ නිරූපණය කිරීම විනා පුද්ගල විවේචනයන් නොව. නමුත් අවශ්‍ය අවස්ථාවල දී විවේචනයන් ද කිරීමටත්, දන්නා කරුණු හෙළිකිරීමටත් සිදු වේ. නමුත්, මා “දෙවියන්“ සහ “රෝගියා“ අතර මැදිවූ (නැතිනම් අතරමං වූ) “කට්ටඩියෙකු“ ලෙස කටයුතු නොකරමි.)
http://www.dinamina.lk/2013/01/28/_art.asp?fn=n1301287 (දිණමින කියන අයුරු)
  • මේ අයුරින්ම මීට පෙර (2012 අගෝසතු 26) සිද්ධියක් ලෙස දින පහක පමණ වයසැති ළදරුවකුගේ ඇඟිල්ලක සවිකර තිබූ එන්නත් කටුවක ප්ලාස්ටරයක් කපා ඉවත් කිරීමේදී හෙදියකගේ අත්වැරැදීමකින් ඇඟිල්ලක් කැපී යාම දැක්විය හැකි ය. මාධ්‍ය ආවරණයත් සමඟ එය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.
http://hirunews.lk/sinhala/42004
  • සමහර තරුණයින් මත් වීම ට යැයි කියා භාවිත කරන කැහිපැණි හෙවත් "කොරෙක්‌ස්‌ - ඩී" විෂ වීමෙන් පසුගිය වර්ෂයේ (2012) ඔක්තෝබර් මාසයේ තරුණයින් කිහිපදෙනෙකු මිය යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තවත් එක සිද්ධියක් වේ. මාධ්‍යා ද අදාළ කරුණු නිරාවරණය කිරීය‍.....
http://www.divaina.com/2012/10/21/feature13.html 
  • කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ දේහය නිසි ක්‍රමවේදයෙන් තොරව එනම්, මිනී පෙට්ටියක් වාට්ටුවටම ගෙනවිත් සිරුර රැගෙන ගිය බව (2012 පෙබරවාරී 14) ලංකාදීප ඔන්-ලයින් කීවේ ය. මා දන්නා පරිදි සමාන්‍යයෙන් රොහල්වල මෝචරියෙන් සිරුරක් රැගෙනයනවිට එහි සමහර සේවකයන්ට කිසියම් ගතමනාවක් ගැනීමට ද හුරූ වී තිබේ.
http://www.lankadeepa.lk/index.php/articles/26806
  • පසුගිය කාලයේ (2012-12-28) කළුබෝවිල රෝහලේදී එන්නත් කුප්පියක තිබී හමුවූ විදුරු කැබැල්ලද මහත් ආන්දෝලනයකට තුඩු දිය. නික්ෂේපක (ක්ලොක්සිශිලීන් [CLOXACILLIN] ඖෂධය අඩංගු) සියල්ල රෝහල් බලධාරීන් විසින් ඉවත්කරන ලද අතර, එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමේ සිට සියලු අටුවාටීකා මාධ්‍ය මඟින් ජනතාවට දැන ගැනීමට හැකිවි ය. එම රෝහලේම මීට පෙර අවස්ථාවකදී ද (2011-11-12) අදාළ ඖෂධයේ ම මැස්සෙකු සිටි බවට පුවත් නිකුත් විය.
http://www.dinamina.lk/2012/12/31/_art.asp?fn=n1212316
http://www.divaina.com/2011/11/12/news05.html
  • පසුගිය 24 දින මාරවිල රෝහලේ දී ද “මෙරෝපෙනම්“ නම් නික්ෂේපණ අඩංගු එන්නත් කුප්පියක විදුරු කැබැල්ලකට සමාන යැයි සිතිය හැකි කිසියම් ආගන්තුක ද්‍රවය්‍යක් හමුවි තිබේ. මෙම සිද්ධිය ද මාධ්‍යයට ද හොඳින් නිරාවරණය විය. 
http://www.dinamina.lk/2013/01/25/_art.asp?fn=n1301255
http://www.hirunews.lk/sinhala/52023
  • එන්නත් කුපිප්යක පණුවෙකු හා සමාන ආගාන්තුක ද්‍රව්‍යක් 2011 මාර්තු අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් හමුවී ඇති, මෙම ඖෂධයද ඉන්දිය නිෂ්පාදනයකි. මාධ්‍ය වාර්තාවන් සහිතයිhttp://www.dinamina.lk/2011/03/23/_art.asp?fn=n1103234

පසුගිය දිනක කොළඹ නවලෝක රෝහලේ දී එම්. ආර්. අයි. පරීක්ෂණයක් සිදුකරන අතරතුර, එහි ඔක්සිජන් සැපයුම අඩාල වීම (බැලුනයක් පුපුරා) හේතුවෙන්  මොළය අකර්මණ්‍ය වීම බුද්ධිනී රත්නායක නම් පස් හැවිරිදි දියණිය මිය යාමට (මා දන්නා පරිදි) හේතු විය. ඇයගේ සිරුර දියණියගේ දෙමාපියන්ට භාර දී ඇත්තේ රු 900,000/- ක පමණ බිල් පතක් ද සමඟිනි. නමුත්, මෙම සිදුවීම බොහෝ මාධ්‍ය ආයතන මඟින් (මා බැලුවේ අන්තර්ජාල සංස්කරණය) අනාවරණය කර තිබූ නමුත්, ඔහුන් අදාළ රෝහල දන්නේ නැත. මිය ගිය දැරියගේ සියලු විස්තර ඔහුන් දනී. අදාළ සිදුවීම ද සියලු අදියර සහිතව දනී. ඡායාරූපද ගෙන ඇත. නමුත්, රෝහල කුමක්දැයි නොපවසන බැවින් ඔහුන් එය දන්නේ නැති බව පෙනී යයි. එබැවින් බොහෝ දෙනෙකුට එය පෞද්ගලික රෝහලක් පමණක් විය.

මෙම සිදුවීම රජයේ රෝහලක වූ වේනම් නම් සියලු පැටිකිරිය සමඟින් සහ දවසේ ප්‍රධාන ශීර්ෂ පාඨය එය බවට පත්කර ගනිමින් කඩිනම් පුවත් ආවරණයක් කිරීමට ඔහුන් සමත්වේ යැයි කිවහොත් ඔබ විරුද්ධ නොවේවි. මා අදාළ උදාහරණ සඳහා දිගුවක් ලබා දෙනු ලැබුවේ මේ හෙයිනි. බොහෝ පුවත් රජයෝ රෝහල් හා බැඳී ඇති බැවින් ඒවා ආරම්භක ඡේදයෙන් ම රෝහල කුමක්ද කියා කියයි. නමුත්, මෙම පෞදිගලික රෝහලේ සිද්ධියේ දී බොහෝ මාධ්‍ය ආයතනවල හැසිරීම හාත්පසින්ම වෙනස් විය. තම මාධ්‍ය මෙහෙවර ගැන මහා ඉහළින් කතාකරමින්, මාධ්‍ය නිදහස ගැන අතිශෝක්තියෙන් කථා කරමින්, සිටින මොහුන්ට අදාළ පෞද්ගලික රෝහල මෙය කුමක් දැයි කීමට බැරි වූ හේතුව කුමක් ද? අප නොදන්නා ඔහුන් දන්නා සත්‍ය වසන් කිරීමේ හස්තය කුමක්ද ? මේ අපිට දැනෙනා ආකාරයි. 

මෙවන් මාධ්‍යවේදීන්ට පුළුවන් රජයේ ආයතන විවේචනය කිරීම පමණක් ද? රජයේ හෝ පෞද්ගලික හෝ කුමන අංශයක් වුව ද, ඒවා ස්ථාපිතව ඇත්තේ මේ රට තුළය. ක්‍රියාත්මක වනුයේ රටේ ජනතාව වෙනුවෙනි. සේවාව ලබනුයේ මේ රටේ ජනතාව ය. පෑන එක් එක් දිශාවට නැමෙනුයේ මන් ද....  කියා ඔබම තීරණය කරන්න. නවලෝකය, උත්තරීතර පාර්ලිමේන්තුවටත් වඩා ප්‍රබල වූවාද? මා කියනුයේ රාජ්‍ය අංශයන් හොඳය, ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය, කියන අපභ්‍රශ්නයක් නොව, නිවැරැදිව කරුණු වසන් කිරීමකින් තොරව මාධ්‍ය ආවරණය නොකිරීම හෙවත් එකී මාධ්‍යයන්ගේ දෙපිට කාට්ටු හැසිරීම ගැනයි. විටෙක පුවත් මවන්නන් ද මාධ්‍ය ආයතන ද රට තුළ ඇත. ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරමු. ඇගයිය යුතු/පැසසිය යුතු මාධ්‍ය භාවිතයන් ඇත. නමුත් එය කතා මෙම ලිපියට අදාළ  නොවේ.

පසුගිය යුද සමයේ කිසියම් ප්‍රදේශයකට එල්. ටී.ටී. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විණි නම්, සමහර මාධ්‍ය ආයතනවලට එය නාදුනන ආයුධ අතටගත් කල්ලියකි. ආසන්නතම උදාහරණයක් නම් ළඟම සිටින නෑයා  “සිරස“ යි. එම කාලයේ බොහෝ ප්‍රහාරයන් එල්. ටී.ටී. හා බද්ධ වී තිබිණි නමුත්, එය එසේ ය කියා කට ඇර නොකියන මාධ්‍යවේදීහූ සහ ආයතන ද විය. මෙන්ම තමාට උවමනා පරිදි රූකඩ ලෙස දේශපාලන පක්ෂ මෙහෙයවා හෝ එවාට බලපෑම් කර තම අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියාකරන මාධ්‍ය ආයතන ද ඇත. සත්‍ය කරුණු වසන් කිරීමෙන් සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම ලබාදෙන පූර්වාදර්ශය කිම....? ලැප්ටොප් එකට යට වූ සමහර මාධ්‍යවේදීහූ ආණ්ඩුවේ දෝෂ රකිනවා සේම, මෙවැනි පෞද්ගලික ආයතනවල ද වැරැදි වසමින් රකිනුයේ කුමන හේතුවකට ද....?

ඉහත දැරියගේ මරණය සිදුවූයේ අපි (නො)දන්නා නවලෝක නම් පෞද්ගලික රොහලේ නම නොකියා, මනාව විග්‍රහ කරන පහත පුවත් බලන්න (උපුටා ගැනීම් අන්තර්ගතයි).
  • ලක්බිම (lakbima.lk) (2013 පෙබරවාරි 08 11:02 p.m) මෙහෙම කියනවා  - කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දී එම්.ආර්.අයි. ස්කෑන් පරික්ෂණනයක් සිදු කරද්දී ඔක්සිජන් බටයක් පුපුරා බුද්ධිනි කෞශල්‍යා රත්නායක නැමැති පස් හැවිරිදි දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා තමාට වාර්තාව භාර දෙන්නැයි සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට උ‍පදෙස් දී ඇත. එම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්නැයි එම දැරියගේ දෙමව්පියන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත....
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=7031:2013-02-08-17-40-59&catid=34:news&Itemid=62
  • දිවයින online 2013-02-08 - පෞද්ගලික රෝහලකදී සිදුකළ එම්. ආර්. අයි. පරීක්‍ෂණයකදී මියගිය බුද්ධිනී රත්නායක දැරියගේ නිවසට ඊයේ (08 වැනිදා) අප ගිය මොහොතේදී දැරියගේ මව වන චමිලා කුමාරි මහත්මිය අපට පැවසුවාය....
http://www.divaina.com/2013/02/09/news21.html
බය නැතිව රෝහලේ නම කියන පුවත පුවත් බලන්න.
  • දිවයින online 2013-02-09 - කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත.... 
(මා මේ සම්බන්ධව කියැවීම සඳහා ලංකාදීප නොබැලූ අතර, පහත ලිපිය අනුව අදාල පුවත ලංකාදීපයේ ද පළවී ඇති බව සිතිය හැකිය.)
නමුත්, මෙවැනි ආකාරයේ සිද්ධියකට කිසිම ශිෂ්‍යාවක් මුහුණ දී නැති බවත්, කිසිම වෛද්‍යවරයෙකු අතින් එවැන්නක් සිදුවු බවට වාර්තා වී නැති බවත්, පුවතේ සඳහන්ව ඇති ආකාරයේ අයෙකු හලාවත රෝහලේ ප්‍රතිකාර නොලබන බවත්, පොලිසියේ පැමිණිලි කිරීමක් පිළිබඳව වාර්තා වී නැති බවත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත යාපා මහතා ලිඛිතව ලංකාදීප වෙත දන්වා ඇත. අදාල ලිපියේ ස්කෑන් පිටපතක් මේ සමඟ ඇත. 
(මෙම ඡේදය 2012-02-14 දින ලිපියට එකතු කරන ලදී)
http://www.divaina.com/2013/02/09/news03.html
  • ලංකාදීප (online) 2013-02-08 - කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ....
http://www.lankadeepa.lk/index.php/articles/97119
  • ලංකාදීප (online) 2013-02-08 - ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැගිලි දෙකක් අතර සිරවුණි.... (අපට පුවතක් නොවන පුවත්. වෙනත් රටවල රෝහල් වළින් හෝ ගෙනත් දෙනවා.)
http://www.lankadeepa.lk/index.php/articles/9713
  • නමුත්, ඔක්සිජන් බටය හා සම්බන්ධ ඉහත සිදුවීම පිළිබඳව කිසිදු පුවතක් ලංකාදීපයේ online සංස්කරණයේ දුටුවේ නැත. නොවීය. ඔහුන්ට මෙය පුවතක් නොවී ද....? නැතිනම් තවමත් දන්නේ නැති ද....? 
  • රජයේ (නිල) පුවත්පත දිනමිණ online සංස්කරණය ද මේ පිළිබඳව කිසිදු සටහනක් තබා නැත.
  • ගොසිප්ලංකා අඩවියේ පළවූ පළමු පුවතේ අදාළ රෝහල ඔහුන්ට ද පෞද්ගලික එකක් පමණක් වූ නමුත්, දෙවන පුවතේදී අදාළ රොහල අනාවරණය කිරීමට ඔහුන් සමත් වී ඇති අතර, පැපරාසිනිවුස්ලංකා අඩවිය ද, ශ්‍රී ලංකාමිර්ර අඩවියද.... (මට හමුවූ ඒවා පමණී) මෙම පෞද්ගලික රෝහල හඳුනාගෙන තිබුණා.                      
http://www.gossiplankanews.com/2013/02/girl-dies-inside-mri-scanner-updates.html#more            http://www.paparasinewslanka.com/2013/02/blog-post_4864.html              http://srilankamirror.com/sinhala/news/5815-scan-machine-chil‍ෙ
මේ නවලෝක හා සම්බන්ධ පැරණී පුවතක්ෙ
  • කොළඹ නවලෝක රෝහලට ඊයේ (10 වැනිදා) සවස පැමිණ ඇති බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ට අයත් රථ ගාලේ සිය රථය නතර කිරීමට ඉඩ නොදීම පිළිබඳ උරණ වී රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් පහර දී තිබේ.... (මෙවැනි අවස්ථාවල දී පෞද්ගලික රෝහල අදාළ නමින් ම හඳුන්වයි)
 http://www.divaina.com/2012/05/11/news16.html

පසු සටහන
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය - මිල පාලනයකින් තොරව එකම ඖෂධය විවිධ වෙළඳ නාම යටතේ අලෙවි කිරීම හේතුවෙන් රෝගීන් පත්වන ඩැඩි අපහසුතාවය දුරලීම මූලික කර ගනිමින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් යෝජනා විය. එකම ඖෂධය විවිධ නාම යටතේ විවිධ වෙළද වටිනාකමකින් පැමිණීම, 1977 පැමිණි විවෘත ආර්ථිකයේ තවත් එක අඳුරු සෙවණැල්ලකි.  ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා මුල්ම අඩිතාලම දැමුවේ මහාචාර්ය්‍ය සේනක බිබිලේ මහතා ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් 2009  වර්ෂයේ දී රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන ලදී. කෙසේ උවත් බාලගිරි දෝෂය හෙවත් අද නොවේ හෙට න්‍යායට අනුව ක්‍රියාත්මක වන මෙම ප්‍රතිපත්තියෙන් ජනතාවට සහන ද අද නොවේ හෙට සැලසෙනු ඇතැයි කිව හැකි ය. එය බලාත්මක කිරීමෙන් වළකින නියාමක බලධරයින් සහ පාලන තන්ත්‍රයේ බලධරයින් තවමත් ඖෂධ මාෆියාව බලගැන්වීමට ඉඩ හැර ඇත.   
වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ දෑ කියැවීමට අවැසිනම් NURSEKARAPITIYA බ්ලොග් අඩවිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

44 comments:

  1. නිර්මලා, ඔබේ ලිපිය කරුණු හුගක් සංයමයෙන් එකතු කොට ප්‍රමාණවත් අදහසක් ඉදිරිපත් කරනවා. මේක බොරුවට නෙමෙයි කියන්නේ.. මාධ්‍ය මාෆියාව, ඖෂධ මාෆියාව වගේම රෝහල් මාෆියාවකුත් තියෙනවා. ඊට අමතරව ජාතික පාසැල් මාෆියාවක් පවා තිබෙනවා.. ඔබ දන්නවනේ තණමල් විලදී මේ ළගදී වෑන් එකකට ර්‍ත්‍රවිල් එකක් හැප්පිල තුන්දෙනෙක් මැරුනා. ඒත් මේ මාෆියා කාරයන් ඒ කවුරුන්ද යන්න හැකි තරම් සැගවූවා. ඒ රිචිමන්ඩ් විදුහලේ ගුරුවරු හා විදුහල්පති ගිය පාසැල් වාහනය... කවුද කිව්වේ කෙලින් මේගොල්ල තමා ගියේ කියලා... හැම තැනම ඕක තියෙනවා.. ඇත්තටම ඉතා වටිනා ලෙස ලිපිය ගොඩනගා තියෙනවා. මගේ සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබ තව කරුණක් එකතු කළා. මේ වාගේ අවස්තා තව බොහෝ තිබෙනවා. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් මේ කුමන හෝ මාෆිලාවකින් දරුණු ලෙස බැට කා ඇති බව පැහැදිලියි.

      Delete
  2. //තම මාධ්‍ය මෙහෙවර ගැන මහා ඉහළින් කතාකරමින්, මාධ්‍ය නිදහස ගැන අතිශෝක්තියෙන් කථා කරමින්, සිටින මොහුන්ට අදාළ පෞද්ගලික රෝහල මෙය කුමක් දැයි කීමට බැරි වූ හේතුව කුමක් ද?//

    ඔබ එළිදරවු කරන ලෙස මාධ්‍යය හැසිරෙන ක්‍රමය පිළිකුල් සහගතය.
    එනමුත් දොස්තරලාගේ මාෆියාව මෙයින් සාධාරනිමරණය කල නොහැක. නීති ශිෂ්‍යවකගේ අතක් කැපීමට හේතුව ලෙස දොස්තරයා කියන්නේ ඇගේ වෙලාව නරක බවය. මේ මොන කුණු හබ්බද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත, බොහෝ දෙනා තමා අතින් සිදුවන අත්වැරැදි, නොසැලකිලිමත්කම්, සිතාමතා කරන දේ.... වසන් කිරීමට නොයෙකුත් උත්සාහ ගන්නවා. මේ පූර්වාදර්ශය එන්නේ ද ඉහළින්.

      Delete
  3. නුසුදුසු එවුන් වගකිවයුතු තනතුරුවලට පත්වුනාම ඔහොම තමයි ඔය තත්වය තවත් වැඩි වේවි ඉස්සරහට පෞද්ගලික විශ්ව විද්‍යාල ආවම. අනේ අපිට දෙවි පිහිටයි කිව්වලු. අනෙක ලංකාවේ ඉන්න මැටි හරක් ගොඩක් දන්නේ නැහැ ලංකාවේ දොස්තර කෙනෙකුට මේ රටවල් වල තියෙන පිළිගැනීම. අපේ දොස්ටහ්රලා එක්ක හැරෙන්නවත් බැහැ මෙහෙ ඉන්න දොස්තරලට. හැබැයි දැන් පෙන විදියට ලංකාවෙත් දැන් මෙවැනි දොස්තරලා ටිකක් බිහිවෙලා තියෙනවගනම් පේනවා.

    ReplyDelete
    Replies
    1. පෞදිගලීකරණ ප්‍රතිපත්‍ය නැවත බල ගැන්වීගෙන යන බව කිව හැකියි. ‘දී ඉකොනොමිස්ට්‘ සඟරාවේ සමීක්ෂණයකට අනුව 2013 නූපදින්න අවාසනාවන්ත ම රටවල් අතරින් 18 වන ස්ථානයේ ට ලංකාව පත්කර තිබෙනවා.

      Delete
  4. නවලො‍්කේ කියලා නම දාන්න ලංකාදීපේට ලැජ්ජද/ නැත්නම් බයද? අදීන මාධ්‍යයක් නම් මේක සංස්කරණය නොකර පල කරන්න.
    ඉහත වාක්‍යය මම ලංකාදීපේ වෙබ් අඩවියේ අදාලපුවතේ අදහස් වදියට දැම්මා නමුත් මුන් ඒක දාන්නේ “ රෝහලේ නම දාන්න බයද කියලා සංස්කරණය කරලා.
    මුං ගේ මාධ්‍යකෙරුවාව තියෙන්නේ කටින් විතරයි. මුන්ට වඩා නම් බෝතල් පත්තර කාරයො හොදයි.

    ReplyDelete
    Replies
    1. Anonymous ඔබ ලංකාදීපේ අද නිවුස් එකේ (http://www.lankadeepa.lk/index.php/articles/97779) කොමන්ට් කළා නම් ඔබ උදාර විය යුතුය. ඔබේ අදහසින් පසු මම ද එය බැලුවා. මේ මාධ්‍ය ආයතන නවලෝකෙට යටවෙලා තිබෙන්නේ. තමාම ගස්බැදගන්න සමෘර්ධිලා ඉන්න රටක, බිම පෙරලි පෙරලි ගසාගන්න ආරක්ෂක නිලධාරීන් සිටින රටක, ජනතාව ඉදිරියේ වෙඩි තබා පලා යන රටක,.... මොහුන්ගේ මාධ්‍ය මෙහෙවර ගැන කිම කතා.... මේක තමා රටට ලැබෙන පූර්වාදර්ශය.

      Delete
  5. මේ ආකාර විවිධ මාෆියා වලට ක්‍රියාත්මක වීමට ඉඩ විවර වී ඇත්තේ මූලිකවම රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසයි. බලය වෙනුවෙන් ඕනෑම අසික්කිත වැඩක යෙදීමට හැකි දේශපාලඥයන් සිටිනා අපේ රටේ අපි පුදුම විය යුත්තේ යමක් හරියට සිදුවුවහොත්ය.

    ReplyDelete
    Replies
    1. ඔව්, දිනෙන් දින උඩුදුවන, සියලු ඉසවු ජයගන්න, ජනතාව පරදවන උන්ගේ දේශපාලනය.

      Delete
  6. බොහොම ඉස්තූතියි සහෝදරී.වැදගත් මාතෘකාවක් කතා කළාට.

    ReplyDelete
  7. කවදත් වගේ සියළුම පැති ගැන සොයා බලා ලියන ලද අනර්ඝ ළිපියකි. ඔය ඉස්පිරිතාලවල කිසිම ප්‍රමිතියක් නැති බව කියන්නේ එවාවල සේවය කරනා වෛද්‍යවරුන්මයි. අද ලෙඩේට බෙහෙත් ගන්න යන පෞද්ගලික ඉස්පිරිතාලෙයි විශේෂඥ වෛද්‍යවරයගෙ නම කියන එකත් ඉස්ටයිල් එකක් කර ගත්ත හරක්ට ඔහොම වෙලා මදී. ස්කෑන් යන්ත්‍රය පිපිරි යාමෙන් මිය දරුවා මියගිය පසුත් මැෂින් වල ගසා බිල් ගන්නා උන්ට නම් හෙන හත ඉල්ලනවා ඇර වෙන කරන්න දෙයක් නෑ. ඔය ඉස්පිරිතාලේ විතරක් නෙමෙයි අනික් ඒවලත් ගැස්ට්‍රික් හැදිලා ගියත් කෙලින්ම දාන්නේ අයි සී යූ. තවත් අකටයුතු කම් බොහෝමයි. ඒවා පසුව ලියමු. මම අපේ හරක්ට කියන්නේ පොඩි ලෙඩක් නම් ඔය ළඟ තියෙන ෆාමසියකින් බෙහෙත් ටිකක් ඉල්ලගන්න. මොකෝ ඔය දොස්තරවරුන්ට වඩා බෙහෙත් ගැන අප්ඩේට් ෆාමසිස්ට්ලා. බැරිම උනොත් මහ ඉස්පිරිතාලෙට යන්න. බල්ලන්ට වගේ සැලකුවත් වියදම අඩුයි.

    ReplyDelete
    Replies
    1. //පෞද්ගලික ඉස්පිරිතාලෙයි විශේෂඥ වෛද්‍යවරයගෙ නම කියන එකත් ඉස්ටයිල් එකක් කර ගත්ත// ඇත්ත කතාව. “අර දොස්තර දෙන බේතට දවසින් හොඳවෙනවා“ ආදී නොයෙක් චින්තනයන් ගොඩනඟගත්තු උදවිය බොහෝ ය.

      Delete
  8. නිර්මලා මේ ලිපිය ගැන සම්පූර්නෙන් එකඟයි .
    මෙවැනි දේ තව තව එලි කරන්න , මේ widihatawath
    අපි යන්න ඕනේ.නැත්නම් ලොකු අගදෙකට රට
    යන්නේ...ඔබත් අනිත් අයත් කරුණු බොහෝ
    පවසා ඇති නිසා මා ..නවතිමි.
    ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. කළ යුතු සහ කළ හැකි දෙයක් ඇතිනම්, එය කිරීමට උත්සාහ කරනවා.

      Delete
  9. බොහොම ස්තුතියි මෙවන් විමර්ශනාත්මක ලිපියක් ගෙනහැර දැක්වීම පිළිබඳව. ඔබ පෙන්වා දෙන කරුණු 100%ක්ම ඇත්ත. ඒත් හිතන්න අද නිදහස් මාධ්‍ය කලාවක් මෙරට නැති බව. මේ දේශපාලන අර්ථයෙන් නොව. අද මෙරට මාධ්‍ය මෙහෙයවන්නේ ව්‍යපාරික පැලැන්තියක් විසින්. මේ මාධ්‍ය හරහා එනනේ ව්‍යාපාරික අරමුණු යි. නිදහස් මාධ්‍යයක් ඇත්නම් ඒ පෞද්ගලික බ්ලොග් පමණකි.
    මාධ්‍ය සඳයා දැන්විම් ලබා දෙන ව්‍යාපාරිකයා අන් අයුරකින් එම මාධ්‍ය පාලනය කරයි. ඔබ එය මැනවින් වටහා ගෙන ලියා ඇති මේ ලිපිය වෙනුවෙන් මගේ පැසසුම.. ලියන්න දිගටම මෙවන් දේ හෙලිකරමින්. මට ද මෙතැන වුව මෙයිට වඩා දෙයක් කිව නොහැක.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම, සමහර මාධ්‍ය (විද්‍යුත් සහ මුද්‍රික) ආයතන ආරම්භ කරනු ලැබුවේ කෙස්ද කියා එවායේ අතීතය පිළිබඳව විමසුමක් කරනු ලැබුවහොත් ඔබ කියන කාරණයට සාධාරණයක් කළ හැකිය.

      Delete
    2. මේ ඉන්නෙ මේකට කමෙන්ට් කරන්න හොදම පුද්ගලයා...
      මං පෝස්ට් එක කියවනකොට කල්පනා කළෙත් නලීන් අයියා මේකට මොනා කියයිද කියලා හිත හිතමයි....

      Delete
  10. හැම පැත්තක් ගැනම බලලා ලියලා තියෙන හොඳ ලිපියක්.

    ReplyDelete
  11. හොද සටහනක්..
    මේකෙදි මාධ්‍යවේදියා කියන කෙනා අසරණයි..
    කොච්චර ඇත්ත ලියන්න උවමනාව තිබ්බත් ආයතනයෙන් ඒක වාරණය කරනවනං මාධ්‍යවේදියට වැලේ වැල් නැති වෙනවා නේද????????

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට වී ඇත්තේ එය බව පැහැදිලියි.

      Delete
  12. අදත් ඉදිරියටත් මම පවසමි.පවසන්නට වෙයි.ඔබගෙන් රටට ගන්න තියෙන දායකත්වයද මේ අපි ගන්නෙ?
    මම මගේ පළමු කථාව කිව්වා.ඒ මගේ තාත්තා මරණය.එහි දෙවැනි කථාව කියන්න බැ.එහෙම උනොත් විශාල අන්දොලනයක් ඇති වන නිසා.මේ වසරේ මම දැකපු හරවත්ම ලිපිය ‍ඔයාගේ මේ ලිපිය.එච්චරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම, අපිට කළ හැකි හොඳ කටයුත්තක් වේද.... එය මඟ නොහැරිය යුතුයි.

      Delete
  13. පැහැදිලියි.
    රජයේ රෝහල් වලත් අපි හැමෝටම බලපාන මාරාන්තික ගැටළුවක් තියනවා
    පුද්ගලික රෝහල් වලත් අපි හැමෝටම බලපාන මාරාන්තික ගැටළුවක් තියනවා
    ජන මාධ්‍යවේදීන් ගේ මැදිහත් වීම තුලත් අපි හැමෝටම බලපාන මාරාන්තික ගැටළුවක් තියනවා
    රටේ හැමතැනම හැම දේකම අපි හැමෝටම බලපාන මාරාන්තික ගැටළු
    මේවා විසඳා ගැනීමට අපිට ඇත්ත ඕනෑ කමක් තියේද?
    හිඟන්නාගේ තුවාලේ කසනව වගේ ගැටළු වලින් ආතල් ගන්න එක නොවෙයිද අපි කරන්නේ?
    මේ ගැටළු වලට හේතුව කුමක්ද? මේ ගැටළු විසදන්නේ කෙසේද? කියන එක අර විශ්වය ආරම්භ උනේ කොහොමද වගේ විසඳිය නොහැකි තාම පිළිතුරු හොයාගන්න බැරි දෙයක්ද?
    නැහැ අපිට තියන ප්‍රශ්න ගැටළු ලෝකයේ බොහෝ රටවල් දශක ගණනාවකට ඉස්සෙල්ල සාර්ථක පිළිතුරු සොයාගෙන තියන සරල සමාජ ගැටළු නොවෙයිද?
    මේ ගැටලුවලට විසඳුම් දෙන එක කවුද කරන්න ඕනෑ? ඔයාද මමද?
    සරලව මේ ගැටළු හඳුනාගෙන නිවැරිදි කිරීම කල යුත්තේ දේශපාලකයින්.

    අපි කරන්න ඕනෑ අපේ රටේ ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් දෙන්න පුළුවන් දේශපාලකයින් පත් කරන එක නොවෙයිද?
    ඒ වෙනුවට අපි කරන්නේ රත්තරං චොප්පේ බුරිපියා කුඩු මල්ලිලා මේ වැඩේට පත් කරන එක නේද?
    කුම්බලා මාළු කෑවානම් විඳවපන්.
    අද ලංකාවේ දේශපාලකයින් දේශපාලනය හැර අන් සියල්ල කරමින් සිටි.
    ජනතාව දේශපාලනයට සැබෑ දේශපාලකයින් වෙනුවට ගල් ආඳන් මැට්ටන් මෝඩයින් පත් කරමින් සිටී.
    මෙවැනි ගැටළු වෙන මොන මල ඉලව්වක්වත් නොව දේශපාලන ගැටලුය. දේශපාලකයින් නොමැති නිසා ජනතාවට වෙන ගැටලුය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත උදිත, ඔබද මගේ ලිපියට වටිනා අදහසක් එකතු කළා. නමුත්, කුම්බලා මාළු කන ජනතාව පමණක් නොව, සමස්ත ජනතාවටම එහි විපාක විදින්න වෙනවා.

      Delete
  14. නීතීය හා විනය බල්ලට ගොස් ඇති රටක පිරිහී ඇත්තේ එක ක්ශෙත්‍රයක නොව සමස්ත සමාජ් පද්ධතියමය. කොටින්ම කිව්වොත් රාජ්‍ය සේවය පමනක් නොව පෞද්ගලික ව්‍යාපාරික ක්ශේත්‍රයද මෙයින් මිදිය නොහැක.

    ලොක්කට එහෙයි කියන අයවලුන් හර වෙනත් අයේකුට අද රාජ්‍ය සේවයේ සේවය කල නොහැක. මුල් පු‍ටුවට පත් වෙන පන්දම් කාරයාග් සිට පහලට පිරී ඇත්තේ තවත් පන්දම්කාරයන්ගේන්ය. වැඩ දන්නෝ, අහකය. උදාහරණයක් ලෙස දයාන් ජයතිලකලාට, තමාර කුමානයගම් ලට, අද සිදූ වී ඇත්තේ එයය. අද විදේශ අමාත්‍යාංශය දුවන්නේ ජී එල් පීරිස් ට ඔනා විදිහට නොව ඊට වඩා පන්දම් කාරයෙක් වන සජින් වාස් ලාය. කොටස් වෙලද පොල රන් කරන්නේ කොන්ද කෙලින් තියා ගෙන වැඩ කල තිලක් කරුනාරතනලා නොව දෙරන අයිතිකාරයෝය. කලු සල්ලි සුදු කරන සූදූ කරුවෝය. පත්තර මුදලාලිලා ආන්ඩුවේ පන්දම් කාරයන්ය. දිවයිනේ වෙල්ගමලාගේ සිට උදේට පත්තර කියවන පද්මකුමාරගේ දක්ක්වා අපට නිව්ස් කියන්නේ ආන්ඩුවේ පන්දල් කාරයෝය.

    අද මාධ්‍යවේදීයෝ යනු රජතුමා හා ඔහුගේ පන්දම් කාරයෝ නිව්ස් එකෙ හෙඩ්ලයින් එක ලියා දුන් පසු ඒකට ජේදයක් දෙකක් ලියා තමන්ගේ බඩ වියත් සරි කර ගන්නා නිකංම් නිකං රස්සාවක කරන එහෙයියෙකි.

    ReplyDelete
    Replies
    1. සැබවින් ම මෙවැනි අය ද සුදු කරපටි කාරයන් ගනයට ම තල්ලු කළ හැකි ය.

      Delete
  15. Replies
    1. තව හොයනවානම් විස්තර එමටයි.

      Delete
  16. ඔබ මෙම ලිපියේ සෑම තැනකම “ඔවුන්“ යනුවෙන් සඳහන් කළ යුතු තැන “ඔහුන්“ යනුවෙන් සඳහන් කර ඇත. මා දන්නා තරමින් “ඔහුන්“ යනුවෙන් වචනයක් නොමැත. එය නිවැරදි කර ගන්න. (මෙය මෙම ලිපිය තුල මා දුටු භාෂාමය අඩුපාඩුවක් මිස අන්තර්ගතය පිළිබඳ ගැටළුවක් නොවන අතර, ඔබව අපහසුතාවට පත්කිරීම සඳහා ලියන ලද්දක් නොවේ)

    ReplyDelete
    Replies
    1. පෙන්වා දීමට තුති. එය පරික්ෂා කර බලන්නම්....

      Delete
  17. ලංකාවේ මේ දවස් වල දැවෙන ප්‍රශ්නයක්.අසරණ ලෙඩුන් බිල්ලට දීලා තමාගේ අවශ්‍යතාවල් දිනාගන්න මේ ඇතැම් ඇය පිළිකුල් උත්සාහයක නිරත වෙන්නේ.

    මාද්‍ය කියන්නේ වියාපාරයක් නිසා වෙන්න ඕනේ මේ හැම දෙයක්ම ඒ ඒ ඇයට වැසි වෙන විදියට පුවත් පල කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මුදල මත සියල්ල තීරණය වීමට යැවීමේ පලවිපාක මේවායි. මෙපමණක් නොව, පෞද්ගලික විශ්ව විද්‍යාල,.... ආදී බිහිවීමෙන් ද ප්‍රතිවිපාක ජනතාවට නොයෙක් ආකාරයෙන් විදින්න සිදුවේවි. ව්‍යාපාරික ලෝකයේ එකිනෙකා ආරක්ෂා වේවි. ජනාතාවට කිනම් රැකවරණයක් ද....? අප අමතක නොකළ යුතුයි, අපේ රට සංවර්ධනය වන (තුන් වෙනි ලෝකේ) රටක් බව.

      Delete
  18. එකම බෙහෙත විවිධ වෙලද නාම යටතේ තිබීම පිලිබද ගැඹුරින් කතා කළ යුතු දෙයක්. SPC බෙහෙතේ තත්වය සහ වෙනත් වෙලද නාමයකින් තිබෙන බෙහෙතක තත්වය අතර සාධාරණ වෙනසක් තියෙනවා.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඕවු. මේ සඳහා තමයි ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යෝජනා වී තිබෙනුයේ. නමුත්, එය යෝජනාවක්ම පමණයි. එය ක්‍රියාවට නැංවීම පාලන පාර්ෂවය විසින්ම අසුරා දමා තිබෙනවා. මන්ද යත් ඖෂධ මාෆියාවේ දැවැන්තයින් ඒ අතර සිටීමයි. බහුජාතික සමාගම්වල ඩොලර් ගිලමින් එකී ඖෂධ සඳහා මිල ඒ අයටම තීරණය කර විකිණීමට හෙවත් ඖෂධ මාෆියාවට එයින් අවසරය ලැබෙනවා

      Delete
  19. අන්තිමට ඉතිං අපිත් ඕක මතක තියෙන කල් කෑ ගහාවි. ලොක්කො බීරො වගේ ඉදීවි. අර කෙල්ල ආබාධිතයෙක් වගේ ජීවිත කාලෙම විඳවාවි...

    ReplyDelete
    Replies
    1. කිසියම් පිරිසක් හෝ දැනුවත් කිරීමට ලැබෙනවා කියනුයේ, තවත් එක අසාධාරණයක් හෝ වීමට ඇති ඉඩ අහුරා දැමීමක් ලෙසද සිතිය හැකිය.
      දැනුවත්මීම සහ විචාරශීලී වීම සමාජ අසාධාරණවලින් මිදීමට මඟකි.

      Delete
  20. මේ සියලු ගැටළු වලින් පීඩා විඳින්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය පන්තියේ ජනතාවට.

    ReplyDelete
    Replies
    1. අඩු ආදායම් ලාභීන්ද එතන සිටිනවා

      Delete
  21. අවදානය යොමු නොවුන ඉසව්වක් කරා ඇස යොමුකරපු එකට ගොඩක් ස්තූතී....

    ලංකාවෙ මාධ්ද්‍ය භාවිතය නම් අන්තිම තුච්චයි. තම තමන්ගෙ අරමුණු වෙනුවෙන් වාර්තාකරණයක නිරත වෙනවා මිසක්, කිසිම තැනක නියම මාධ්ද්‍ය භාවිතාවක් නෑ. "ගොසිප්" වෙබ් අඩවි කිහිපයක් නැති වෙන්න , මේ රටේ වෙන සමහර අමන වැඩ එහෙම්ම වැලලිලා යනවා.

    ReplyDelete
    Replies
    1. තුච්ඡ කියුවාට මාධ්‍යෙය් වැදගත් අවස්ථාවලුත් බොහෝ තිබෙනවා.

      Delete
  22. ලෙඩාඅ මලත් - බඩ සුද්ධයිනේ...........

    ReplyDelete
    Replies
    1. දැන් රෝහල් වලින් බිල් කැඩීමකුත් කරන්න යනවා.

      වැඩ කටයුතු අඩිකයි යසිත්.... ඒවා ගැන පසුව ලියමු....

      Delete
  23. ithamath watina lipyak. apa rata palanaye saha madhyae niruwatha kadimata penwanawa. oya wage thama podi minihek kesel kanak kapal ahu unama e minihage hath muthu paramparawamama pattare danawa. eth maha ewun karna jada wada waladi nama nathiwa danwa .
    mewata wiruddawa liyanna ona.
    thawath liyanna

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...