Saturday, March 30, 2013

දෙවියන්ට එරෙහි නඩුවක්....!


දෛනිකව විශාල වැඩ කොටසක නිරතවීමට සිදුවීම සහ අධික විඩාව හේතුවෙන් මෙම දිනවල මා ලිපියක් ලිවීමට අපොහෝසත් විය. නමුත්, මේ දින 02 ද ගෙවී ගියහොත් මාර්තු මාසය මාගේ බ්ලොග් අඩවිය පාළුවට පත් වීම වැළැකිය නොහැක. අවම වශයෙන් අනෙත් බ්ලොග් අඩවිවලට පිවිසීම පවා සීමා සහිත විය. එමෙන්ම මට දැනෙනා අන්දමට අනෙකුත් බ්ලොග් ශිල්පි/ශිල්පිනියන්ගේ තත්ත්වය එම තත්වයට මදක් ආසන්න වී ඇත.
මා මෙම ලිපිය ලිවීමට අදහස් කරනු ලැබුවේ පසුගිය දිනක OMG: Oh My God! (IMDb Rating - 7.9) හින්දි චිත්‍රපටය බලන ලද බැවින් සහ එහි කිසියම් විවේචනාත්මක සත්‍යයක්ද ගැබ්ව ඇති බැවිනි. අවශ්‍ය කෙනෙකුට මෙම දිගුව ඔස්සේ http://1337x.org/torrent/423211/0/ එය බාගත කර ගත හැකි අතර, සිංහල උපශිරැසි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් හෝ subtitlesbank.com මඟින් බාගත කර ගත හැකිය.


මිනිසුන් බොහෝ දෙනෙක් නමට ආගමික චරිතයක්ව සිට තම හොමෝ සේපියන්ස් සේපියන්ස් ජාන මඟින් අඛණ්ඩව පවත්වාගෙන ආ ගමනේ නියැලේ. එහේත්, මිනිසුන් බහුතරයකට ලොව තේරුම් ගැනීමට තවම අපහසුය. අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ තත්ත්වය ද එලෙසම පවතී. එකී සාධකය දඩමීමා කර ගනිමින් එය ව්‍යාපාරික ස්වරූපයකින් ද පැවතීම අද සමාන්‍ය තත්ත්වයකි. OMG: Oh My God! මඟින් විවේචනය කරනුයේ මෙම ව්‍යාපාරමය ස්වරූපයයි. 


OMG: Oh My God! චිත්‍රපටය ජාකන වනුයේ හින්දු ආගමික පසුබිමක් තුළය. එබැවින් දෝ කිසිම විටක ආගම විවේචනය කරනුයේ නැත. නමුත්, දෙවියන් සහ රෝගියා අතර පෙනී සිටින කට්ටඩියා හෝ පූජකයා අතිශය විවේචනාත්මකව විග්‍රහයකට භාජනය කරයි. එබැවින් දැඩි ආගමික භක්තිකයින් අතර වුව චිත්‍රපටය තිර ගත කර ගැනීමට එහි නිෂ්පාදකයින්ට අපහසුතාවයක් ඇති නොවේ. තවද අධ්‍යක්ෂක විසින් දෙවියන් කෙරේ ඇති සියලු චෝදනා සහ මිනිස් අසහනයන් කට්ටඩියන්/පූජකයන්/ස්වාමිවරුන් මතින් පමණක් කිසිදු හිරිකිතකින් තොරව මුදා හරිනු ලබයි. මා දන්නා පරිදි ඉන්දියාවේ ද දැඩි ආගමික භක්තිකයන් නොඅඩුව සිටිනා බැවින් ඔවුන්ගේ ආගම විවේචනයක් සහිත කෘතියක් එළි දැක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පසුගිය වකවානුවක තිරගත වූ The Da Vinci Code (ඩාවින්සි කෝඩ්) චිත්‍රපටය ක්‍රිස්තු භක්තිකයන් ප්‍රකෝප කරන්නක් වූ අතර, ඇමරිකාවේ නිෂ්පාදනය වූ (නම දන්නේ නැත) චිත්‍රපටයක් මඟින් මහමත්තුමාට අපහාස කරන්නේ යැයි කියමින් මුස්ලිම් භක්තිකයන් ද ප්‍රකෝපකාරී ලෙස හැසිරිණි. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් (OMG: Oh My God! තිරගත වනුයේ ද මෙම කාලසීමාවේදී ය) මස ශ්‍රී ලංකාවේදී මෙකි විරෝධය (ලංකාදීප වාර්තාවක්) දැක ගත හැකි විය. 

මා දන්නා පරිදි බොහෝ දෙනෙක් එකී චිත්‍රපටිවලට විරෝධය පෙන්නුවද සත්‍ය වශයෙන්ම චිත්‍රපටිය දැක ඇත්තේ හෝ එහි නමවත් දන්නේ යටත් පිරිසෙන් කිහිප දෙනෙකු පමණි. 


OMG: Oh My God! නැතිනම් “දෙවියන්ට එරෙහි නඩුවක්“ චිත්‍රපටිය අධ්‍යක්ෂණය උමේෂ් ශුක්ලා (Umesh Shukla) විසින් වන රඟපෑමෙන් අක්ෂේ කුමාර්, පරේෂ් රාවල්, මිතුන් චක්‍රබෝර්ථි දායක වේ. චිත්‍රපටය 2012 සැප්තැම්බර් 28 දිග හැරේ. චිත්‍රපටිය පුරා දිවයනුයේ දෙවියන් විවේචනය කිරීමක් නොවන අතර, එයින් දෙවියන් වෙනුවෙන් යැයි කියා පෙනී සිටින අතරමැදියන් විවේචනයට සහ හාස්‍යයට භාජනය කරයි. අතරමැදියා, සාමි කෙනෙක්, පූජකයෙක්, පූසාරියෙකු හෝ වෙනත් අයෙකු විය හැකියි. අප ද දැනට ඒ දෙස පමණක් ඇඟිල්ල දිගු කරමු. නමුත් යථාර්ථය එයම නොවන බව ඔබ පිළිගනු ඇතැයි කියා මා සිතමි. මා ඉදිරියෙදී දෙවියන් සහ ආගම් බිහිවීම සිට පැවතීම දක්වා කතා කිරීමට කැමැත්තෙන් සිටිමි. හුදෙක් එය විවේචනය සඳහා ඇති රැචියක් නිසා නොව. යථාර්ථය පිළිබඳව බුද්ධිමය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහායි. 

චිත්‍රපටිය ගැන සැකෙවින් කියන්නම්,

මෙම චිත්‍රපටියේ “කාන්ජි ලාල්“ නම් අදේවවාදී ප්‍රධාන චරිතය බොරුව සහ වංචාව මුසුකොට දේව රූප වෙළඳාමේ යෙදෙනු ලබයි. නමුත්, ඔහු දේව නියෝජිතයින් හෙවත් පූජකයින් පිරිසකට එරෙහිව ක්‍රියා කරයි. දිනක් ඔවුන් කාන්ජී ලාල් ට ශාප කරන අතර, එදිනම භූමි කම්පාවක් මඟින් ඔහුගේ වෙළඳසැල පමණක් විනාශ වේ. බොහෝ දෙනෙක් පවසනුයේ වෙළඳසැල කැඩි ගියේ දේවියන්ට අපහාස කළ බැවින් කියා ය. නමුත්, ඔහු එය කිසිදු තැකීමකට ලක් නොකර රක්ෂණාවරණය ලබා ගැනීමට රක්ෂණ ආයතනයට යයි. අදාළ රක්ෂණ ආයතනය විසින් මෙම වෙළඳසැල කැඩී ඇත්තේ දෙවියන්ගේ ක්‍රියාවක් හේතුවෙන් බව පවසමින්, එවැනි තත්ත්වයක් යටතේ තමා වන්දි ගෙවීමට බැඳී නැති බව පවසයි. මෙහිදී කාන්ජී අඩියක් පස්සට ගිය නමුත්, ඔහු නවතිනුයේ නැත. දෙවියන්ට නඩුවක් පැවරීමට ඔහු අදහස් කරයි. ඒත් අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නිති වේදියෙකු ඉදිරිපත් නොවන බැවින්, තම නඩුව වෙනුවෙන් උසාවියේ කතා කිරීමට තමාටම ඉදිරිපත්වීමට නීතියේ ඉඩ ප්‍රස්තාව ඇති බව, ඔහුට උපකාර කිරීමට එකඟවන ආබාධිත නිතීඥයෙකු පවසයි.

දෙවියන් හෝ දෙවියන්ගේ නියෝජිතයන් තමාගෙන් පඩුරු සහ ලාභ ප්‍රයෝජද ගෙන, දෙවියන් විසින්ම තමාට ආසාධාරණයක් කළේනම් ඒ සඳහා දෙවියන්ගෙන් ද, දෙවියන් කියා කෙනෙකු නැතිනම් හෝ භූමි කම්පාව දෙවියන්ගේ වැඩක් නොවේනම් තමාට සිදුවූ අලාභානියේ වන්දිය රක්ෂණ ආයතනයෙන් ලැබිය යුතු බව ඔහු තදින් පවසා සිටී. ඒ අනුව නඩුවක් සඳහා කරුණු ගොනුවන අතර, සාක්ෂි දීම සඳහා දෙවියන්ගේ නියෝජිතයන්ට සිදුවේ.

චිත්‍රපටියේ දෙබස් බොහෝ සෙයින් යථාර්ථවාදී බවක් දරයි. නඩුව අතරතුර කාන්ජී උදවුවට මිනිස් වෙසකින් ක්‍රිෂ්ණා දෙවියන් පැමිණේ. චිත්‍රපටියේ යථාර්ථවාදී බව පලුදු කරනුයේ මේම සිද්ධියත් සමඟය. කෙසේ වෙතත් හින්දු ආගමික පසුබිම තුළ ඊට වඩා වැඩි යමක් කිරීමේ හැකියාව අධ්‍යක්ෂක උමේෂ් ශුක්ලා ට ඇතිද යන්න ප්‍රශ්නයකි. නඩු ඇසීම නොනැවතී ඉදිරියටයන අතර, තවත් බොහෝ අසාධාරණයට ලක්වූ මිනිසුන් ඔහු සමඟ එක් වේ.
අවසානයේ දෙවියන් හානි කරනු ලැබුවේ යැයි ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි උසාවිය විමසයි.
ඔහු මේ සඳහා දෙන්නේ කුමක්ද ?
දෙවියන් විසින් ලියන ලදැයි කියන භගවත් ගීතාව, බයිබලය, කුරාණය ඔහුට කදිම සාක්ෂි සපයයි.

කාන්ජි උසාවියේ දී එක් ස්වාමිවරයෙකුගෙන් මෙසේ සාක්ෂි සඳහා ප්‍රශ්න කරයි,

කාන්ජි - "භගවත් ගීතාව ලියුවේ දෙවියන් නේද"
ස්වාමි - "ඔව්"
කාන්ජි - "භගවත් ගීතාවේ තියෙන හැමදේම සත්‍ය නේද?"
ස්වාමි - "සම්පූර්ණයෙන්ම සත්‍යයි"
කාන්ජි - "එය සටහන් කරගන්න උතුමාණෙනි"
"එහෙනම් මට කියන්න ඇයි 8 වන පරිඡේදේ 9 වන ශ්ලෝකයේ කියල තියෙන්නෙ, මුළු විශ්වයම මැව්වේ මමයි....“  “එහි විනාශය සිදු වෙන්නේ මා අතින්මයි...."
"හැමදේම සිදුවෙන්නේ මාගේ කැමැත්තට අනුව, එම විනාශයේ වගකීම ලැබෙන්නේ මට, මට විතරමයි...., මමයි මැව්ම්කරු හා විනාශකරු,"
"මේ බලන්න උතුමාණෙනි, බයිබලයෙත් ඒකමයි කියලා තියෙන්නේ. 54 වෙනි ඡේදය, 16 වෙනි වාක්‍ය." 
"මමයි මැවුම්කරු, ගල් අඟුරු පුපුරුවා හැර ආයුධ නිශ්පාදනය කරන ශිල්පියාගේ...., ඔහුව තම අරමුණට සූදානම් කළා, විනාශකරුවාව නිර්මාණය කළේත් මා විසින්මයි....,"
"මේ බලන්න, ශුද්ද වූ කුරාණයේ කියල තියෙනවා, සූර් ඒ සලාල් 99, 108 වෙනි නිකායේ කියනවා, මුළු ලෝකයම සෙලවෙන්න පටන් ගනියි, පෘතුවිය පිට කරයි එයට අනව්‍ය දේවල්, මිනිසුන් ප්‍රශ්න කරාවි එදාට, ඔහුට කුමක්ද මේ වෙලා තියෙන්නේ. එදාට හෙළිවෙයි ඇයගේ සත්‍ය. මොකද එසේ කරන ලෙස ඔහුට අණ ලැබිල තියෙනවා. උත්තමයානන්ගෙන්"
"මේ හැම දේකින්ම කියැවෙන්නේ එක දෙයයි. දෙවියන් තමයි භූමි කම්පාව ඇති කරලා මගේ කඩේ සමතලා කරලා දැම්මේ. එකේ තේරුම තමයි ඒක දේව ක්‍රියාවක්"
"අපි හැමෝටම මේ සිදු වුන අසාධාරනවලට වන්දි ගෙවන්න ඕන දෙවියන්, නැතිනම් දෙවියන් වෙනුවෙන් එකතුකිරීමේ නිළධාරීන්."

ඔහුට ඇති ලිඛිත සාක්ෂි අනුව බලන්න කෙතරම් තාත්වික අදහස් ප්‍රකාශයක්ද. අවසානයේ ඔහු නඩුවෙන් ජය ලබන අතර, දෙවියන්ගෙන් අසාධාරණයට ලක්ව නඩු පැවරූ අනිත් අයටත් වන්දි මුදල් හිමි වේ. නමුත්, චිත්‍රපටියෙන් දෙවියන් නැවත ස්ථාපිත කරනු ලබන මුත් දෙවියන් දේවාලයකට කොටු නොකරයි. අතරමැදි කට්ටඩියා පමණක් පසකට තල්ලු වේ.

මිනිසුන් කෙතරම් වින්ඥානවාදයේ ඇලී ගැලී එරී සිටී ද? මෙම චිත්‍රපටියෙන් ද අපට යමක් අවබෝධ කර ගත හැකිය. චිත්‍රපටිය අවසානයේ දී දේව ගැත්තෙකු කාන්ජීට මෙසේ කියයි.
“විශ්වාසය භක්තිය කියන්නේ හුඟාක් ඇලීම් ගැලීම් ඇති දෙයක් කාන්ජි. එක පාරක් පුරුදු උනෝත් ලේසියෙන් අත් හරින්න බෑ. මේ හැමෝම ඔයාට පේනවද? එයාලා දෙවියන්ට ආදරය කරන අය නොවේ. එයාලා දෙවියන්ට බයෙන් ඉන්න අය. කවදාහරි ඔයාට එයාලව දකින්න ලැබෙයි ආශ්‍රම තුළදී....“ 

මට ටී. එම්. ජයරත්න මහතාගේ අඳුරු කුටිය තුළ ගීතය මතකයට නැඟේ.
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..  බලන් කඩතුරා හැර දෑසේ.. 
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....// 
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....// 
ගායනය     : ටී. එම්. ජයරත්න
පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

පසු සටහන

ශ්‍රී ලංකාවේද දේව, සහ අනෙකුත් ආගමික ස්‍රාතෘවරුන් මුල් කරගනිමින් ව්‍යාපාරයේ නියැලෙන බොහෝ පිරිස් සිටියා මෙන්ම අදද ඇත. (කරුණු කිහිපයක් පමණක් සැකවින්)
  • වසර කිහිපයකට පෙර මා ජීවත් වන ප්‍රදේශයට ආසන්නව දොළුකන්දේ අපූරු හාස්කමක් මවා පා එහි විහාරවාසීව සිටි ස්වාමින් වහන්සේ නමක් අපූරු ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. (මේ පිළිබඳව ඇසින් දුටු සහ ප්‍රත්‍යක්ෂකරගත් කරුණු මත මාහට ඉදිරියේදී ලිපියක් ලිවිය හැකිය)
  • කුරුණෑගල රෝහලට පැමිණි එක් මිෂනාරි දේව ගැති පිරිසක් විසින් පැන් ඉසීමක් කරනු ලැබීය. රෝගීන් සුවපත් කිරීමට තම දේවියන්ට හැකි බව ඔවුන් පවසන ලදී. මාගේ සොයුරෙකු ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසූ නම්ත් වැඩි දුර පිළිතුරු දීමෙන් වැළකී සිටීය. විටෙක මොවුන් අට්ටාලගසා එහි රෝගීන් සුවපත් කරනවාලු.
  • බොහෝ දේවාලවල මොනරකොළ සහිත පලතුරු වට්ටියට වැඩි සැලකිලි ඇත.
  • මැද පෙරදිග ගෙල සිඳ මරා දැමූ රිසානාට එකී දඩුවම අත්වූයේ දේව කැමැත්ත මත බව කියයි.
  • මුන්නේශ්වරම් දේව මෙහෙය අවසානයේ ලද මුල්‍ය ලාභය තැන්පත් වනුයේ ස්විස් බෑන්ක්වල බව අප්‍රසිද්ධ රහසකි. එය දෙවියන්ගේ ගිණුමක් වන අතර, එහි වර්තමාන අයිතිකරු මුන්නේශ්වරම් ස්වාමි ය.
  • දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු දියවඩනකම ගැනීමට දේශපාලකයෙක් ඡන්දයේදී කරන වියදම ම දරනු ලැබීය. තවද ඔහු දක්ෂ කොන්ත්‍රාත්කරුවෙක් වන අතර රජ්‍ය සේවය පිණිස ලේබලයේ සිටී.
  • එමෙන්ම බොහෝ බස්නායක නිලෙමෙවරුන් රාජ්‍ය ගැති සහ ඔවුන්ගේ හිතවතුන්ය. ඔවුන් සහ සමහර පුජ්‍ය පක්ෂ ස්වාමින් වහන්සේ (වහන්සේලා කියා සිහළ භාෂාවේ බහු වචනයක් නැත) තනිකරම රාජ්‍ය සේවය පිණිසය

ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කෝවුර් (1898-1978) යනු 60-70 දශකයන්ගේ වඩාත් ප්‍රචලිත චරිතයක් වූ අතර, ඔහු විචාර බුද්ධියෙන් තොර සහ තාර්කික ඥානයට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු විසින් එම කාල වකවානුවේ බොහෝ යන්ත්‍ර-මන්ත්‍ර හාස්කම්වල අසත්‍යතාවය ඔප්පුකර ඇත. (අමුණුගොඩ තිලකරත්නගේ “මා දුටු කොවුර්“ - පොත කියවන්න) 


32 comments:

  1. mamath beluwa maru film eka..maath oya gena liwwa

    ReplyDelete
    Replies
    1. ඔව් අමිල එය බැලිය යුතු සහ බැලීමට වටින චිත්‍රපටියක්....

      Delete
  2. සැබෑ සමාජ යතාර්ථයක් ..මේ ගැන මගේ අදහස දක්වන්නට තරම් වෙලාවක් මේ මොහොතේ මට නෑ. හැකි ඉක්මණින් නැවත කියවන්නට එන්නම්.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් චිත්‍රපටියත් බලන්න උත්සාහ කරන්න....

      Delete
  3. මේ වගේ ලිපි මට කියවන්න ලැබෙන්නේ හරි කලාතුරකින්........මෙක ලියුව ඔබත් කමෙන්න්ට් දාන් අපිත් හෙන බෞතිකවාදී ලෙස කාට හරි දකින්න පුළුවන් ඒත් මං ඒ ලේබලයට ගරු කරනවා.

    "විශ්වාසය භක්තිය කියන්නේ හුඟාක් ඇලීම් ගැලීම් ඇති දෙයක් කාන්ජි. එක පාරක් පුරුදු උනෝත් ලේසියෙන් අත් හරින්න බෑ."

    අන්න ඒ කතාව ඇතුලේ ලොකු ඇත්තක් තියෙනවා. ඒක ඇතුලට ගිහින් හිතල බැලුවහම එක තේරෙනවා. දැන් ඔය ගැටලුව ලංකාවට පොදු ගැටළුවක් වෙලා ඉවරයි. එකෙන් තේරෙන්නේ ලංකාවේ මිනිස්සුනේ තියන චින්තන පරාසයේ අඩු අඩුපාඩුව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රස්ති,
      ඇදහිලි හා විශ්වාසස ළමා කාලයේ සිට මනසේ පැලපොදියම් වුනාම එය වැඩිහිටි වූ පසු ද ඉවත් කරන්න අපහසුයි. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාවේ දී මනසේ ආශ්‍රිත නමින් ප්‍රදේශයක් හඳුන්වනවා. කුඩා කළ අඳුරට ළමයෙකු බිය ආරෝපනය කළ විට, ඔහු වැඩිහිටියෙකු වූ පසුත් බිය රඳා පවතිනවා. එය ඉවත්කිරීම බෙහෙවින් අසීරුයි.

      Delete
  4. චිත්රපටිය නොබැලුවත් බැලුවා හා සමානයි. අර්ථ විග්රහයනම් ප්රශංසනීයයි. අපේ රටටත් ගැලපෙන සිනමා පටයක්. අපේ බොහෝ මිනිස්සු ආගම විකුණන ජාවාරම්කරැවන්ට රැවටෙන්නේ අමුම අමු මෝඩයෝ වගේ. දොලුකන්දෙ වගේම නිකවැරටියෙත් ඔයවගේ රැවටිල්ලක් ගියා, තව බෝගස්වලින් බුදුරැස් විහිදෙනවා කිව්වා. දැන් අලුත්ම සෙල්ලම මෛත්රී බුදුන් කෙනෙකුව අල්ලාගෙන ගරන්න ක්රමයක් හොයාගෙන. මිනිස්සුන්ට මේ භවයේ සසරින් එතෙර වෙන්න උදව් නොකර ඊළඟ බුදුන් පහළවෙනකම්ම තියාගෙන මිනිස්සුන්ව මුලාකරන්නයි කල්පනාව. තම තමන්ගේ වාසියට ආගමික සංකල්ප වෙනස් කිරීම, දීර්ඝායුෂ ලබන්න, සිහින සැබෑ කරල දෙන මූලධර්මවාදීන්ගේ ජාවාරම් වගේ මෙකී නොකී බොහෝ විවේචනයට ලක්වන ස්ථාන එමටයි.

    ReplyDelete
    Replies
    1. තරු,
      මා චිත්‍රපටිය බාගත කර ගැනීම සඳහා ලබා දී ඇත්තේ 400Mb ක අඩු ධාරිතා ගොනුවක්. පුළුවන්නම් ට්‍රයි කරන්න. එය කියුවාට වඩා බැලීමට වටින චිත්‍රපටියක්. සබ්ටයිටල් සමග බලන්න. එහි ඇති දෙබස්වලට තරු පෙනෙයි. සබ්ටයිටල් නැතිනම් මට මෙල් කර දන්වන්න. මා එය එවන්නම්.
      nirmalamadushani@gmail.com
      ගෞතම බුදුන් ඉපැදුනේ ශ්‍රී ලංකාවේ කියා මතයක්ද ගොඩනඟමින් බුදු දහම පමණක් නොව බුදුන්ද තමන්ට ඕනෑ පරිදි හැඩගස්වාගන්න ට්‍රයි කරන පිරිසක් ද සිටිනවා. ඊට වෛද්‍යවරයෙකු සහ තවත් විද්වත්තු පිරිසක්ම ඇතුලත්. ඔවුන්ගේ අර්ථ දැක්වීමක් මා කියවා ඇති නමුත්, දැනට මා සතුව නැත. නැවත ලබා ගත හැකි වුවහොත් විචාරයක් කරමු.

      Delete
  5. මාත් බැලුවා. මම දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් හැටියට, මේ කතාව මැද්දෙදී දෙවියන්ගේ පැමිණීම පොඩ්ඩක් අවුල් සහගත බවක් දැනුනා. ඒත් මේ චිත්‍රපටය පෙන්නන්න වෙන ප්‍රේක්ශක පිරිස ගැන මතක් උනාම ඒ දෙවියන්ගේ පාර්ට් එක අතිශය සාධාරණයි කියලා හිතුනා. ඒත් එක්කම මට හිතුනේ මේ වගේම චිත්‍රපටියක් අපේ රටේ හැදුනනම් මොකක් වෙයිද කියන එක. මොකද අපේ රටේ ආගම් වල ප්‍රධාන ශ්‍රාස්තෘ වරයාට වඩා වැඳුම් පිදුම් ලබන්නේ ඔහුගේ නියෝජිතයන් නිසා!

    ReplyDelete
    Replies
    1. පූස් යාළුවා,
      අපේ රටේ යතාර්ථවාදී චිත්‍රපටි බිහිවීම දැන් අඩුවක් වී තිබෙනවා. සිනමාව රියැලිටි කලාව සහ කොමඩිකරණය වී අවසන්. මුදල් සෙවීමට ඕනම දෙයක් විකුණනවාට වඩා බුද්ධිමය ප්‍රවේශයකට යොමු කළ හැකි යථාර්තවාදී සිනමාවක් බිහි වෙනවානම් කෙතරම් අගේද.

      1919 ජූනි 01 වන දින බුද්ධ චරිතය අලලා චිත්‍රපටියක් නිශ්පාදනය කිරීමට බ්‍රිතාන්‍ය ජාතික එස්. ඩෙල් නැමැති අය ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, පී. ද එස්. කුලරත්න බෞද්ධ ආරක්ෂක සභාව ඇතුළු පිරිසක් විරෝධය පෑමෙන් එය නතරකර දැමුවා.

      Delete
    2. මට දෙයක් කියන්න අමතක වූවා. මිසරයේ වැනි මිත්‍යා දේව ඇඳහිලි තුළ පුසොත් උසස් තැනක හිටියා නේද....?

      Delete
  6. ලක්ෂිමි දෙවියන් සහ ෆෙන්සුන් (වචනය හරිද මන්ද ) අලලා බොහෝ කූට ව්‍යාපර කරගෙන යනවා.සිරිදම්ම ගෙන ගිය කුට ව්‍යාපර ද මේ අතර ඇත.

    ReplyDelete
    Replies
    1. දැන් මුදලාලිලා කිහිප දෙනෙක් ධනය පාතා ෆෙන්ෂුයි කලාව හඳුන්වා දී තිබෙනවා. ෆෙන්ෂුයි මුදලාලිලා අපේ රටේ මිනිසුන් උපරිම සිහිනයක ගිල්වා තබන්න සමත්වී ඇත. කොහොමත් පත්තරයක් අරගෙන බැලුවොත් මුදලාලිලා හත්-අට දෙනෙක් හොයා ගන්න පුළුවන්.

      Delete
  7. චිත්‍රපටය නම් බලල නෑ..

    ආගම් කියල ඒවාට මුවා වෙලා සල්ලි ගරන බිස්නස්කාරයෝ නම් හැම තැනම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එයනම් සෑම ආගමකම වාගේ දකින්න ලැබෙන දෙයක්. මේ සියල්ල සඳහා මිනිසුන් ආගමට ඇති බිය හේතු සාඳක වෙනවා මෙන්ම හේතු සාඳක කරගන්නවා.

      Delete
  8. චිත්‍රපටිය හොයාගෙන බලන්න ඕන.....

    ඇලෙක්සැන්දර් බෙලායෙප් ගේ "උභය ජීව" නවකතාවෙත් දෙවියන් වහන්සේට අධිකරණයේ දී අභියෝග කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ මිනිසුන් ආගම වෙනුවෙන් ඕන දෙයක් කරන්න පෙළැබෙනවා. නමුත්, නොකරන එකම දේ ආගම කියන දේයි.
      හැකි උවහොත් “උභය ජීවී“ හොයාගෙන කියවන්න බලන්නම්....

      Delete
  9. මමත් මෙම ච්ත්‍රපටය 2වරක් නැරබුවා.පලමු වර නැරබුවේ සිංහල උපසිරස නොමැතිවයි.නමුත් මෙහි ඇති රසය නිසාම නැවත සිංහල උපසිරස සහිතව නැරබුවා.මෙහි දෙවියන් කාන්ජිට උදව් කිරීමට පැමිනීම යතාර්තය බිදදැමීමක් උවද එයින්ද යම් යතාර්තයක් මතුකර දක්වයි.එලෙස දෙවියන් විසින් පහදා දෙනු ලබන්නේ සත්ය අදේවවාදියෙකුට විතරයි පුලුවන් නියම දේවවාදියෙකු වීමට.තවද දෙවියන්ට බිය විය යුතු නොවේ...දෙවියන්ට ආදරය දැක්විය යුතුයි...දෙවියන් ජීවත් විය යුත්තේ මිනිස් සිතතුලයි.
    තිත්ත ඇත්තක් කියැවෙන මෙම චිත්‍රපටය පිලිබද ඔබගේ ලිපියෙහි දැක්වෙන කරුනු බොහොම වැදගත් වේ.තවත් ඉදිරියට හරබර ලිපි ලිවීමට ඔබට හැකියාව ලැබේවා..!!!

    ReplyDelete
    Replies
    1. //දෙවියන්ට බිය විය යුතු නොවේ...දෙවියන්ට ආදරය දැක්විය යුතුයි...දෙවියන් ජීවත් විය යුත්තේ මිනිස් සිතතුලයි.//
      කොහොම උවත් ඒ වචන ටිකනම් වටිනවා.
      කතාවෙන් සම්පූර්ණයෙන් පහර දෙන්නේ දෙවියන් මුල්කරගත් ව්‍යාපාර වෙතයි.

      Delete
  10. ලුම්බිණිApril 2, 2013 at 11:01 AM

    ඔබ වගේම මමත් හරිම වැඩ කටයුතු බහුලව පහුගිය දවස් වල උන්නේ. ඒ නිසා කිසිම දෙයක් කියවන්න වත් වෙලාවක් තිබුනේ නැහැ. මේ කියන ෆිල්ම් එක මම නම් බලල නැහැ. මම කියන්න යන්නේ ඇත්තටම දෙවියන් කියන අය මිත්‍යාවක් නැත්නම් අප විසින් මවාගෙන තියෙන සංකල්පයක් කියලයි. අද ඉන්න පුජ්‍ය පක්ෂයේ අය ඒ මිත්‍යාව පාවිච්චි කරමින් තම තමන්ගේ වාසියට කටයුතු කරනවා. මේක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් ලුම්බිණි,
      මෙතන විශේෂය තිබෙන්නේ දෙවියන් සහ මිනිස් හැඟීම් දඩමීමා කරගෙන වවන් කන මිනිසුන් (පූජ්‍ය පාර්ශවය) අතිශය හාස්‍යයට ලක් කිරීමයි.

      Delete
  11. කොවූර් මහත්මයම ලියපු 'මා කළ ගවේශන' සහ 'දෙවියෝ සහ භූතයෝ' කියලා පොත් දෙකක් තියෙනවා.ඒ දෙකත් මරු.දේව වාදය ඇතුළුව සියළුම ආගම් ගැන මගේ තියෙන්නේ එකම හැඟීමක් තමයි.ඒ තමයි රැවටීම.දේව වාදීන්ව හඳුන්වන්ඩ මගේ නිර්වචනයක් තියෙනවා.ඒ තමයි 'තනි පොතේ උගත්තු' මොකද ඒ අය එක පොතක් විතරක් කියවලා ඉගෙන ගෙන ඒකෙන් බාහිර ඔක්කොම බොරුයි කියන හින්දා.

    ReplyDelete
    Replies
    1. “තනි පොතේ උගත්තු“ බොහෝ සාර්ථක නිර්වචනයක්
      මා කොවුර් මහතාගේ අනිත් පොත් ගැන දැන සිටියේ නැහැ. දැනට ඒවා සොයා ගන්න පුළුවන්ද කියන එකනම් සැකයි. ඔක්තෝබර් සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනයේදී සොයාන්න උත්සාහයක් ගන්නවා.

      Delete
  12. නිර්මලාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. !

    ReplyDelete
    Replies
    1. එසේම ඔ පවුලේ සැමටත්....!

      Delete
  13. mt god ! හි හිගග බොහොම කාලයකින් නේද? මට එන්න බැරි උනා..සුබ අළුත් අවුරුද්දක් !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.... ඔබේ පවුලේ සැමටත්....!

      Delete
  14. එසේම ඔබ පවුලේ සැමටත්....!

    ReplyDelete
  15. එසේම වේවා.... ඔබේ පවුලේ සැමටත්....!

    ReplyDelete
  16. ධනවාදය ක්‍රියාත්මකවෙනකොට තවදුරටත් මානුශික සාරදර්ම වලට පවතින්න ඉඩක් නැහැ.කොටින්ම හැම මිනිහම මුදලට යට වෙනවනේ.බල්ලො මරල හරි මිනිස්සු සල්ලි හොයනවා.ඉතින් "ආගමත්" මේ විදියට අලෙවි වෙන එකත් , පූජකයො ආගමට කවර් වෙලා බිස්නස් කරන ඉතාම සාමාන්‍යයි නේද.ඔවුනුත් අයිති , මේ සිස්ටම් එකට වැටිලා "ජීවිතේ කියන්නේ සල්ලි" කියල හිතන අනිත් අහින්සක මිනිස්සුන්ගෙ කුලකටමයි නේද.ඉතින් පූජකයන් දෙසත් දයාවෙන් බලලා , යමක් කමක් යන්තමින් හරි තෙරෙන කට්ටිය "සමස්ත සමාජයම මුහුනදෙන මේ ගැටලුවලට" විසඳුමක් ගැන හිතන්න කාලය වැය කරොත් වටිනවා නේද.......

    ReplyDelete
    Replies
    1. //ධනවාදය ක්‍රියාත්මකවෙනකොට තවදුරටත්....//
      එය දැන් අපේ ගම් තුළද මැනවින් ප්‍රකට කරනවා. මීට වසර ගණනාවකට පෙර තිබූ මිනිස් සැබැඳියාව දැන් බොහෝ සෙයින් දුරස්ව ඇත.

      Delete
  17. Harrah's Reno Hotel & Casino, Reno, NV - Mapyro
    Find 동두천 출장안마 your way around 경주 출장안마 the casino, get 시흥 출장안마 to know the rooms and services at 과천 출장마사지 Harrah's Reno Hotel & Casino, where everything's new and exciting is 동두천 출장마사지 a fun

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...