Tuesday, December 31, 2013

ලබන්නාවූ 2014 වසර ඔබ ට සහ රටට....


බඩු මිල වැඩි නොවූ
බදු බර වැඩි නොවූ (අය වැය කියා අවසන්)
වංචාව සහ දූෂණය අඩුවූ,
අධ්‍යාපන අයිතින් හිමි වූ,
නීතිය සහ සාධාරණත්වය හිමි වූ,
පොලීසිය, පොලීසිම ලෙස ක්‍රියාත්මක වූ,
අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය හිමුවූ,
මත්ද්‍රව්‍ය ගෙනෙන නායකයින්/පාතාලයන් අඩු වූ,
නීති ගරුක අවංක පාලනයක පුරවැසියෙක් වූ,
බුද්ධිමත් පාලකයින් රටට දායාද වූ,
රටට ආදරය කරන පාලකයෙක් සහ පාලනයක් හිමිවූ,
සත්‍යයට ඉඩක් හිමි වූ,
අනුන්ගේ චින්තනයකට යට නොවූ,
චින්තනයට යට නොවූ සහෝදර ජනතාවක් ආශ්‍රය කරන්නාවූ,
මානව අයිතිවාසිකං කඩ නොවූ,
ආගමික නිදහස සහ සංවරය රජකරන,
සූරා කෑමට හසු නොවූ,
සමාජ පිරිහීමෙන් අඩුවූ,
දරුවට පාසලක් හිමි වූ,
සුදුස්සාට සුදුසු තැන හිමි වූ,
ත්‍රස්තවාදියාට, මැරයාට, පාතාලයාට තිත තැබූ,
සමාජ පංති භේදය අවම වූ,
රැකියාවට සාධාරණ වැටුපක් හිමි වූ,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රයාවට නැංවූ,
මනුසත්කම හදුනන, මනුසත්කමට නිගා නොදෙන,
මිනිසෙක් ලෙස ජීවත් වීමට නිදහස හිමිවූ,
සුබ නව වසරක් වේවා!

මේ හැර තවත් කීයක් දේ කියන්න ඇති ? අඩුම ගානේ මින් කීපයක්වත් හිමි වේනම්....සුබ නව වසරක් වේවා!!




ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.
ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් පැතුමක් පතන්න සිදුවේ. 

2014 සුබ නව වසරක් වේවා!!!

28 comments:

  1. නමට හරි කියමු ඉතිං. නැත්නං අර ලැයිස්තුවේ තියෙන ඒවා කවද වෙනකං බලා ඉන්නද??

    ඔසුනවවේ..!!

    ReplyDelete
    Replies
    1. අවම වශයෙන් කීපයක්වත්!

      Delete
  2. ඔබටත් ඔය සියල්ල ඉටුවූ සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. මට පමණක් නොව සියලු දෙනාටම....

      Delete
  3. ඔබේ මේ පැතුම සමගින් මමද එකතු වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඔබගේ අදහස් ප්‍රහාරාත්මක බව මා දැක තිබෙනවා.

      Delete
  4. සියලු හොද පැතුමන් ඉටුවන නව වසරක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ම්.... ජීවීතේ මල් මල් වෙන්නනම්....

      Delete
  5. සුභ නව වසරක් වේවා, නිර්මලා... මේ වසරේ නැවතත් ලියන්න පටන් ගන්න....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔබටත්!
      -----
      ඇයි ඔබත්! ඔබ අලුත්නි ලියූ ලිපියක් දැක්කේ නෑ නේ කාලයකින්.

      Delete
  6. එසේම වේවා ඔබටත්!

    ReplyDelete
  7. ඕවා එකක්වත් ඉෂ්ඨ සිද්ධ නොවෙන නිසා... මම නම් තෑන්කිව් කියලා ඇස් ඇම් ඇස් එකක් විතරක් ගහලා දැම්මා...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. වෙන කුමක් රිප්ලේ කරන්නද?
      ඔන්න සුභ පතපු, සෑම SMS, සහ කෝල් එකකටම බද්ධත් ආරම්භ කළා.... සුභ මොහොතින්ම....!

      Delete
  8. අනිවා අනිවා.අපිත් ප්‍රාර්ථනා කරන්නනේ ඔය ටිකම තමා.නමුත් බඩු මිල අඩු කිරීම ගැන නම් පොඩි අවුලක් තියෙනවා.මොකද ඒක කාටවත් කරන්න බෑ.කොහොම වුනත් අනිත්වා නම් ඇත්ත.

    ඔබටත් ඒ සියළු පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සියල්ලම කිරීමට අපහසුය. නමුත්, සත්තකින්ම මින් කීපයක් හෝ ඉටු වෙනවානම්.... වසර සුභ වේවි!

      Delete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම ඔබටත්!
      නමුත්,
      එය ඉහත කාරණා මත සෘජුව හෝ වක්‍රව හෝ යැපේ....

      Delete
  10. දේශපාලනික සුභ පැතීමක් :D

    සුභ නව වසරම් :)

    ReplyDelete
    Replies
    1. මිනිසා දේශපාලනික සත්වයෙක් සමී.
      ඔබටත් සුභ නව වසරක්....!

      Delete
  11. සුබම සුබ නව වසරක් වේවා නිර්මලා ඔබට...මට දැනුයි විවේකයක් ලැබුණේ බ්ලොග් ටික බලන්න ..

    ReplyDelete
    Replies
    1. එසේම ඔබටත්! සතියක් ප්‍රමාද වී හෝ නැවත සුභ පතමි.

      Delete
  12. මේ වගේ වසරක් කොයි කාලයකට මහජනතාවට ලැබෙයිද නිර්මලා...අපි කොහෙද යන්නේ....

    අද තමයි පොඩ්ඩක් නිදහස් වුනේ. ජයවේවා!!

    ReplyDelete
  13. ලුම්බිණිJanuary 8, 2014 at 2:24 PM

    ඔය දේවල් ඉටු නොවෙන බව ඉර හඳ වගේ සත්‍ය උනත් ඔබට සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. Api Uthsaha Karamu Keepayak Ho Niveredi karaganna.

      Obatath Suba Auruddhak. Godak Kalekin....

      Delete
  14. ඔයාට සුබ නව වසරක් වේවා.අපි බ්ලොග් ලෝකෙට හාපුරා කියල එන්නයි මේ මුට්ටිය දැම්මෙ.ඉහ ගහන්න පුළුවන් වෙයිද මන්ද

    ReplyDelete
    Replies
    1. Puluvan.... Ai Beri?

      Obatath Suba Auruddhak Veva!

      Delete
  15. කෝ අලුත් ඒවා... (එහෙම කිව්වට කාලය හොයා ගන්න එක අමාරු වග මටත් වැටහුනා පහුගිය කාලේදී) :)

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...