
කුරුණෑගල සර් ජෝන් කොතලාවල යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මිශ්‍ර පාසලකි. මෙම පාසැල දක්ෂ ගුරුමණ්ඩලයකින් සහ පහසුකම්වලින් අනූනය. රාජ්‍ය මැදිහත්වීම උපරිමය. ලක්මවට දහස් ගණනක් වටිනා මිනිස් සම්පත් පෙළ ගැසූ මෙම විදුහලට ඇයි මේ අදෝනා. ඇයි මේ ගැරහිලි....
මේ කතා කරන්නේ මීට දින කීපයකට පෙර (2014 පෙබරවාරි 04 වන දින) එම පාසැලේ සිසුවියක් නිවසේදී ගෙල වැල ලාගෙන මියැදීම සම්බන්ධයෙනි. අපවාදය විදුහල්පතිට වූවත්, සමස්ත විදුහලම හෑල්ලුවට ලක් විය. ආසන්නතම හේතුව ලෙස අපට දැන ගැනීමට ලැබුණේ ඇයගේ මුහුණුපොතේ ජායාරූපයක් tag කර තිබීමයි.
මට සිතෙන්නේ මෙසේයි.
මෙතනදී සිසුවියකුට අවශ්‍ය නිසි ඔවදන් ඇයගේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් ලැබී නැත. ඇය මෙන්ම අදාල විදුහල්පතිවරයාද ස්වයං පාලනයකින් කටයුතු කර නැත. මෙම නාටකයේ කියැවෙන විදුහල්පති හමුදා නීතිමය උපදේශනයක් පැවැත්වීම සහ පැවැත්වූවායි කියන ආකාරය කිසිම අනුමත කිරීමක් කළ නොහැකියි. එසේ මා පවසන්නේ ඇයගේ අවසන් ලිපිය සහ සමහරෙක් කියන කාරණා අනුවය. තවද මාගේ ස්වයං දැක්මද එසේමය. වෙ නූෂාට ප්‍රශ්නයක් දරා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් තිබිය හෝ නොතිබිය හැකිය. නමුත්, අදාළ විදුහල්පතිවරයාටද ළමයකුගේ මානසික තත්ත්වය වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. නමුත්, මෙම ලිපියෙන් මා කිසි විටක ඇය ගත් තීරණය හෝ ඇයගේ ක්‍රියාකලාපය නිවැරැදි කියා පවසන්නේ නැත. 11 වසර සිටින සිසුවියක් තවත් එක ළමයෙකු සහ ළමා මනසකින් යුතු අයෙකු බව පමණක් සලකමි. මාගේ විවේචනය, උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති එහි කෙළ පැමිණියාවූ අයෙකුගේ හැසිරීම බුද්ධිගෝචර ද යන්න පිළිබඳවත්, එවන් අය විසින් කරනු ලබන අනෙකුත් සමාජ දූෂණ පෝෂණ ක්‍රියාවලියන් පිළිබඳව ද විචාරයකට ලක්විය යුතුමය.
දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද?
දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද?
මෙවැනි පාසැලට ළමයෙකු ඇතුළත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එහිදී සිදුවන වංචනික ක්‍රියා කාටත් ප්‍රසිද්ධ රහසකි. එවන් සමාජ පරිහානියක් පෝෂණය කරන විදුහල්පතිවරයෙක් හෝ දේශපාළුවෙක් හෝ වේ නම් සමාජයට දෙනු ලබන පූර්වාදර්ශය කුමක්ද? එසේනම්, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඇති මෙවන් සුදු කරපටි කාරයින් සමාජයට දෙන ආදර්ශය අගයමුද.
වෙනුෂිගේ අවසන් ලිපිය


සිසු පිරිසක් විසින් අදාල සිද්ධිය පිළිබඳව සැකසූ ලිපියක් (අන්තර්ජාලයෙන් සොයාගැනුනි)
්තර්ජාලයෙන් සොයාගැනුනි)
මෙන්න විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුගේ අහුලාගත් තවත් සදාචාර සම්පන්න ක්‍රියා කීපයක්
මේ විදුහල්පතිවරයෙකුගේ ලිංගික අල්ලස් ගැනීමක් පිළිබඳව අසන්න ලැබුණු පුවතක්. (2014-02-07)
තරුණියකගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේයැයි සැකපිට පැල්වත්ත නවෝද්‍යා පාසලේ විදුහල්පති සුනිල් පුෂ්පකුමාර මහතා ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
ආබාධිත දරුවන්ට ලිංගික අතවර කළ මොනරාගල විදුහල්පති අත්අඩංගුවට. - මවුබිම පළකළ ලිපියක්. (2013-10-03)
කොට්ටාව ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිංගික අල්ලස් ගත් බවට නෙත් FM පළකළ පුවතක්. (2013-09-05)
මේ අධ්‍යාපන ක්ෂේත්රයේ දූෂණ ගැන ලංකදීපයේ පල වූ ලිපියක්.
දිවයින ගැන ලැජ්ඡයි. අදාල පුවත විකෘත්තිකොට පලකර විදුහල්පති රැකගත් අතර, මියගිය වෙනූෂා දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සාහදරා ඇත. අවම අවශයෙන් එම කරුණෑගල වාරුතාකාරු කුරුණෑගල පිහිටි පාසලේ නමවත් නොදනී.
අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද? මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.
අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද? මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.
වසරකට පාසැල් කීයක් වැසී යයිද? ඒ ගැන පාලන පක්ෂය නිහඩ ඇයි.
මෙම වසරේ ද සැම්තැම්බර් සිට නැවතත් විදුහල්පතිවරුන් මුදල් සහ ලිංගික අල්ලස් ගැනීම් වාර්තා වේවි.
මීට ටික දිනකට පෙර වලපනේ වයස 12 පමණ සිසුවියක් ආර්ථික අඟහිගකම මත ගෙල වැලලාගත් පුවතක් අප ඇසීය. නමුත් ඒ පිළිබඳව විස්තරයක් නොදනී
ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි
-ලෝකෝපකාරය