Saturday, January 13, 2018

අංකුර දේශපාළුවන් - 2018 මැතිවරණයට පෙර


බොහෝවිට අපි මැතිවරණයකදී පෙර සිටි මන්ත්‍රීවරු කරන ලද වැඩ විවේචනය කරයි. මෙය සමාන්‍යයි. නමුත්, අපේක්ෂකයන් මන්ත්‍රීකම ලැබෙනකන් සිය යතා ස්වරූපය ජනතාවට පෙනෙන්නඩ ඉඩ නොදී පරිස්සමෙන් විනීතව වැඩ කරයි. අපි හිතමු කිසියම් පක්ෂයකට හෝ අපේක්ෂක පිරිසකට අවම වශයෙන් එකී සවයංවිනයවත් රැක ගන්න බැරිනම්..... ඒක  කෙතරම් සෝචනීයද?
මා මීට පෙර අවස්තාවකදී ද අංකුර දේශපාළුවෝ නමින් සටහනක් තබන ලදී. ඒ පසුගිය වකවානුවේ පලාත් පාලන සභිකයන් ගැනය.

* - * - * - * - * - * - * - * - * - *

පලාත් පාලන මැතිවරණය මූලික කර ගනිමින් ජවිපේ (සීනුව) අපේක්ෂක සමුළුවක්  සහ විනය ගරුක පාලනයක් කරන බවට ප්‍රතිඥා දීමක් 2017-12-17 දින සුගතදාස ක්‍රීඩාංගනයේදී කරන ලදී. ඒ නාමයෝජනා භාර දීමටත් පෙරය. අවශ්‍ය අයට ඔහුන්ගේ ප්‍රතිඥාව මෙතන ක්ලික් කර බලා ගත හැකිය.

ඒ අනුව යමින්, 2017-12-29 දින මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්සත් ජාතික නිදහස් සංධාන (බුලත්) අපේක්ෂකයන් කැටුව හමුවක් සහ ප්‍රතිඥා දීමක් සිදුකරන ලදී. පෙර පූර්වාදර්ශය මග යමින් හෝ ඔහුන් ගත් තීරණය අගය කළ යුතුය.
ඉන් දින කීහිවයකට පසුව 2018-01-02, ජී. එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) ද සිය අපේක්ෂකයින් පෙරටුකර ගනිමින්සු ගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අපේක්ෂක හමුවක් සහ මහින්ද මහතා ඉදිරියේ ප්‍රතිඥා දීමක් කරන ලදී. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් එය ආදර්ශයට ගත්තේ නැත. එයද අපි ගැටලුවක් කර ගත යුතු නැත. පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විනය ගැන ඒ ඒ පක්ෂ වගකිව යුතුමය.

දැන් ඊට පස්සේ මොකද වුනේ.... මම මේ කතා කරන්නේ සමාන්‍ය මැතිවරණ නීති කැඩීම ගැන නොවේ. ඒවා අපිට ප්‍රශ්ණයක්ද නොවේ. නමුත්, මන්ත්‍රීවරු වීමට මත්තෙන් අපේක්ෂකයන් තම යතා ස්වරූපය රටට ප්‍රදර්ශණය කරවූවේනම්...... මේ තමා 70 වසරක අපේ රටේ දේශපාලනය ගමන්කළ තැන. මේ තමා පරම්පරා 3-4 ක අපේ දේශපාලන අත්දැකීම්.
  • 2017-12-19 - අක්කරේපත්තුව මහ නගර සභාව සඳහා ජාතික කොංග්‍රසය යටතේ තරඟ වදින එම්. රාෆික් නැමැත්තා රුපියල් කෝටි ගණනක මත්පෙති තොගයක් සමඟ අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
  • 2017-12- 27 - කඩුවෙල නගර සභාවට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙක් සිය මවට සහ මාමාට පිස්තෝලයක් පෙන්නා මරණ තර්ජනය කිරීමේ පුවතක් නවගමුව පොලිසියෙන් වාර්තා වනවා. බුලතින් තරග කරන අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වීම නිසා මරණ තර්ජනය කල බව, එම මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. අපේක්ෂකයා ප්‍රදේශයෙන් පලාගොස් ඇත. 
  • 2017-12-30 ජී.එල්. පීරිස් මහතාගේ පොදුජන පෙරමුණ, විග්ලමුව ප්‍රාදේශීය සභාවට ලග්ගල මැතිවරණ කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රතනපාල නම් හිමිනමක් ගුරුවරියකට අතවර කිරීමට ඇයගේ නිවසට පැන සිටියදී අසුවී තිබේ.
  • 2018-01-03 - පළාත් පාලනමැතිවරණයේදි මාතර වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පෙරන ලද කසිප්පු සහ සීනි කරිඤ්ඤං තොගයක් සමගම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
  • 2018-01-10 - ජී.එල් පීරිස්මහතාගේ සභාපතිත්වයෙන් යුතු පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයෙකු නීතිවිරෝධී ලෙස බුරුත කඳන් තොගයක් සමග අත්අඩංගුවට ගනී.
  • 2018-01-11 - පොදුජනපෙරමුණෙන් කාත්තන්කුඩි ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු ගංජා කිලෝ 34ක් සමග කාත්තන්කුඩි ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • 2018-01-12 - පොදුජන පෙරමුණෙන් නොච්චියාගම සභාවට මෙවර තරගවදින අපේක්ෂකයෙකුට බීමත්ව රිය පැදවීමේ චෝදනා මත රුපියල් විසි දහසක දඩ මුදලක් සහ මාස 3 ක රියදුරු බලපත් තහනමක් තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය නියම කරයි.
  • 2018-01-16 හෝමාගමප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් භාණ්ඩ මිලදී ගෙන මිලියන 23 ක මුදල් වංචාවක් කළ බව කියන, “ගගඉහළ“ පත්තුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී සිටින  පළාත් පාලන මැතිවරණයේ එජාප අපේක්ෂකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අද නියෝග කළේය.
මේ ගතවූ දින 28 ක වාර්තාවකි. ඉතාමක් පරික්ෂාකාරීව සහ වීනීතව ස්වයං විනයකින් බොහෝ දෙනා හැසිරෙන එකම වකවානුවද වෙය වේ. තව මැතිවරණයට ද දින 23 කි. මැතිවරණයෙන් පසුව මොවුන්ගෙන් බෝහෝමයක් තේරී පත්වේවි. එතැන් සිට මෙකී ස්වයංවිනය අනන්තයට පලා යනු ඇත. බුද්ධිමත් ජනතාව ඔහුන්ගේ ධූර කාලය දින 1460 ක් තවත් ඉදිරියට ලබාදී තිබේ.

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...