රස කථා, ගුණ කථා සහ මාධ්‍ය භාවිතය ෴

වර්තමානයේ වූ සිදුවීම් කිහිපයක් පාදක කර ගනිමින් මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් අපට පැහැදිලි කරගැනීමක් කර ගත හැකිය කියා මා සිතන අතර, එය වර්තමානයට පමණක් වලංගු ද විය යුතුය. මන්ද එක් එක් කාල වලදී මාධ්‍යයේ හැසිරීමේ කැපී පෙනෙන වෙනස්කම් තිබුණ බැවිනි. සමහර මාධ්‍යවේදීන් පමණක් නොව මාධ්‍ය ආයතන ද සිය පූර්ණ ආවරණයම පූර්ණ කාලීනව තමන් අවනත වූ (තමන්ට අවනත නොවූවත්) දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප කිරීමත්, අදාළ දෙශපාලන ව්‍යාපාරයේ කිසියම් පෙරළියත් සිදුවුවහොත්, තමාගේ ශ්වයං චින්තනය පමණක් නොව, මාධ්‍යා ආයතනයේම දැක්ම නව දේශපාලන ව්‍යාපාරයේ දැක්මට අවනත වීම නොහොත් ක්ෂණික පරිවර්තනය වීමත් වේ.
ජාතික මට්ටමේ යැයි කියන ආණ්ඩුවේ කන්තෝරු පමණක් වැඩියෙන් මිලදී ගන්නා සහ මිලදී ගැනීමට සිදුවන “දිනමිණ“ සහ “සිළුමිණ“ (ලේක් හවුස් ප්‍රකාශන) මේ සදහා හොදම උදාහරණය දිය හැකි පුවත් පත් දෙකකි. එකී පුවත් පත් බොහෝ දුරට සමාන්‍ය ජනතාව මිලදී ගනුයේ රජයේ රැකියාවක් සදහා පල කරනු ලබන ප්‍රවෘත්තියක් බලා ගැනීමට හෝ ඒහා සමාන අවශ්‍යතාවයක පමණී. මෙම පුවත්පත් පුවත්පත් තම පන්හිද, පාලන පැළැන්තියේ වෙනසක් වූ විට ඒ හා සමගාමීව එක රැයෙන් නව පාලන පංතිය වෙත පක්ෂපාතීව හැසිරවේ. කොටින්ම කිවහොත්, එය පාලන පක්ෂයේ පුවත් පත් යුගලකි. එම ලේඛකයන්ගේ අස්ථි කටිලේජමය නිර්මාණ වේ. නොබිදී ඕනෑම අතකට නැමීමේ හැකියාව ඇත.
අපගේ ව්‍යවහරයට අනුව සමහර මාධ්‍යා ආයතන “කඩේ“ යනවිට සමහර පුවත්පත් “රෙදි සොදයි“ නමුත්, මෙම ආකාර දෙකටම නෑකම් නොකියමින් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක් කරනු ලබන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනද නැතුවාම නොවේ. නමුත් සැමෝගේම කිල්ලෝටවල හුණු ටික ටික තිබිය හැක. ඊට හේතුව මිනිසා දේශපාලනික සත්වයෙක් වීමයි. ඔහුන් කුමන හෝ දේශපාලන දැක්මකට ඇලුම් කරයි. සමාන්‍යයෙන් මේ දෙකටම නැති “අපතයන්“ ද නැතුවාම කිව නොහැකියි. මෙය ලියනා මාද පක්ෂපාතීකමක් උසුලයි. නමුත්, එය දේශපාලන පක්ෂයකට නොවේ. මා දැඩිව සමාජවාදයට ඇලුම් කරමි. එබැවින් මා සමාජවාදී දේශපාලන දෘශ්ටි කෝණයකින් රටේ ප්‍රශ්න දෙස බැලීමට උත්සාහ කරමි. එය තවත් දේශපාලන පක්ෂයකට වාසි සහගත විය හැකිය. තවද, මෙයින් මට ලකුණු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ද නැත. මාගේ හැකියාවෙන් සමාජයට කළ යුතු මෙහෙවරක් කියා පමණක් සිතමි. අප එක් එක් කෙනාට දක්ෂතාවයන් දැක්විය හැකි විෂය පථ සහ ඒවාහී සීමාවල් ඇත. මෙය මාගේ විෂය පථය නොවූවත්, මා හැකි උපරිම අයුරින් මධ්‍යස්ථ විචාරයක් කිරීමට උත්සාහ කරමි. කිසියම් වැරැද්දක් ඇතොත් නැවත එම ලිපි සංශෝධනය කිරීමට ද මැලි නොවෙමි.
කඩේ යාම

රෙදි සේදීම
තවත් පක්ෂයකට හෝ සංවිධානයකට පක්ෂපාතීව සහ එහි පැවැත්මට වාසි සහගත අන්දමින් ඔහුන් විසින් කරන්නාවූ වැරැදි වැසීම හෙවත් කළු පැල්ලම් සුදු කිරීම කරන්නාවූ පුද්ගලයෙකු, සංවිධානයක් හෝ පක්ෂයක් සදහා අප උපහාසාත්මකව “රෙදි සෝදනවා“ යනුවෙන් පවසන්නෙමු. මොහුන් බොහෝ දුරට ඉහත අවස්ථාවෙන් වෙන් කර ගත හැකි වනුයේ, ඔහුන් වැරැදි අමු අමුවේ වැසීමත්, ඔහුන් අදාළ පාර්ශවය නියෝජනය කරන්නන් වීමත් මත ය. එසේ නම් රෙදි සොදන්නන් එකතු වූ ආයතනය ලොන්ඩරියක් විය යුතු ය.
මාගේ ඉහත අර්ත දැක්වීම 100% ක්ම සර්වසාධාරණ නොවිය හැකි. “කඩේ යාම“ සහ “රෙදි සේදීම“ මාධ්‍ය ආයතන සදහාම පොදු වූවක් නොවේ. ආණ්ඩුවට “කඩේ යන“ තවත් පිරිස් සහ “රෙදි සෝදන“ නම් දරාපු පුද්ගලියින් සහ ආයතන අද එමට ඇත. රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ගුවන් විදුලියේ හඩ්සන් සමරසිංහ මහතා, රූපවාහිනියෙන් සුනන්ද දේශප්‍රිය මහතා පොලිස් (හිටපු) මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රජයේ පාර්ශව කරුවන් ලෙස සිටිමින් කරනු ලබනුයේ රෙදි සේදීමක්වන අතර, අයි.ටී.එන්, දිනමිණ, ජාතික නාලිකාව වැනි ආයතනත්, “මහාචාර්ය නලින්ද සිල්වා“, “ගුණදාස අමරසිංහ“ .... වැනි පුද්ගලයින් ද, රූපවාහිනියේ “මුල් පිටුවේ“ හිදගත් පන්දුල පද්මකුමාර නොහොත් මල් මාමා මුලදී විපක්ෂයටත් දැන් ආණ්ඩුවටත් කඩේ යාම කරයි. නමුත් සුළු අඩු වැඩියන් සහිතව මධ්‍යස්ථ රාමුවක හිද “ස්වර්ණවාහිනී“, “දෙරණ“, “මව්බිම“, “රාවය“, “ලංකාදීප“ වැනි මාධ්‍ය ආයතන ද කඩේ නොයනවා ම නොවේ. “සිරස“, “ටී.එන්.එල්“, “රිවිර“ “ලංකා“ වැනි මාධ්‍ය බෝහෝ දුරට විපක්ෂය ට කඩේ යයි. , “දිවයින“ පත්‍රය බොහෝ සෙයින් මධ්‍යස්ථ බවක් ඇතිය කියා මා සිතනවා.
කෙසේ වෙතත් අවම වශයෙන් මධ්‍යස්ථ ස්වරූපයක් පෙන්වා ගනිමින් හෝ සිටින මාධ්‍ය ආයතන මා විවේචනය කරනුයේ නැත. ඊට හේතුව මෙම සමාජ ක්‍රමය තුළ 100% ක මාධ්‍ය මෙහෙවරක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. මා මෙහිදී ජනතාවට දැඩි පීඩනයක් එල්ලවනුයේ ආණ්ඩුව මගින් වන බැවින්, මා දැඩි ලෙස විවේචනය කරනුයේ ආණ්ඩුව සහ ඔහුන්ව නියෝජනය කරන පුද්ගලයින් සහ ආයතන වේ. මෙම ලිපිය පුරා “මා“ යන්න සදහන් වුවද එය යම් පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනංවා ගැනීමක් සදහා නොවන අතර, එය අදල අදහස් ප්‍රකාශ කරන්නෙකු ඉදිරිපත් කළ යුතු බැවිනි.
මාගේ ඉහත අර්ත දැක්වීම 100% ක්ම සර්වසාධාරණ නොවිය හැකි. “කඩේ යාම“ සහ “රෙදි සේදීම“ මාධ්‍ය ආයතන සදහාම පොදු වූවක් නොවේ. ආණ්ඩුවට “කඩේ යන“ තවත් පිරිස් සහ “රෙදි සෝදන“ නම් දරාපු පුද්ගලියින් සහ ආයතන අද එමට ඇත. රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ගුවන් විදුලියේ හඩ්සන් සමරසිංහ මහතා, රූපවාහිනියෙන් සුනන්ද දේශප්‍රිය මහතා පොලිස් (හිටපු) මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රජයේ පාර්ශව කරුවන් ලෙස සිටිමින් කරනු ලබනුයේ රෙදි සේදීමක්වන අතර, අයි.ටී.එන්, දිනමිණ, ජාතික නාලිකාව වැනි ආයතනත්, “මහාචාර්ය නලින්ද සිල්වා“, “ගුණදාස අමරසිංහ“ .... වැනි පුද්ගලයින් ද, රූපවාහිනියේ “මුල් පිටුවේ“ හිදගත් පන්දුල පද්මකුමාර නොහොත් මල් මාමා මුලදී විපක්ෂයටත් දැන් ආණ්ඩුවටත් කඩේ යාම කරයි. නමුත් සුළු අඩු වැඩියන් සහිතව මධ්‍යස්ථ රාමුවක හිද “ස්වර්ණවාහිනී“, “දෙරණ“, “මව්බිම“, “රාවය“, “ලංකාදීප“ වැනි මාධ්‍ය ආයතන ද කඩේ නොයනවා ම නොවේ. “සිරස“, “ටී.එන්.එල්“, “රිවිර“ “ලංකා“ වැනි මාධ්‍ය බෝහෝ දුරට විපක්ෂය ට කඩේ යයි. , “දිවයින“ පත්‍රය බොහෝ සෙයින් මධ්‍යස්ථ බවක් ඇතිය කියා මා සිතනවා.
කෙසේ වෙතත් අවම වශයෙන් මධ්‍යස්ථ ස්වරූපයක් පෙන්වා ගනිමින් හෝ සිටින මාධ්‍ය ආයතන මා විවේචනය කරනුයේ නැත. ඊට හේතුව මෙම සමාජ ක්‍රමය තුළ 100% ක මාධ්‍ය මෙහෙවරක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. මා මෙහිදී ජනතාවට දැඩි පීඩනයක් එල්ලවනුයේ ආණ්ඩුව මගින් වන බැවින්, මා දැඩි ලෙස විවේචනය කරනුයේ ආණ්ඩුව සහ ඔහුන්ව නියෝජනය කරන පුද්ගලයින් සහ ආයතන වේ. මෙම ලිපිය පුරා “මා“ යන්න සදහන් වුවද එය යම් පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනංවා ගැනීමක් සදහා නොවන අතර, එය අදල අදහස් ප්‍රකාශ කරන්නෙකු ඉදිරිපත් කළ යුතු බැවිනි.
රස කථා

අතීතයේ දී පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට කාන්තාවකට කිසිදු විපතකින් තොරව ගිය හැකියැයි, අපේ ගැමි ව්‍යවහාරයේ පවති. නමුදු වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් ය. ශෝචනීය වේ. සංඛ්‍යා ලේඛන අනුව මෙහි වර්ධනයක් මිසක කිසිදු අඩුවක් නොමැත. මෑතකදී (2011-07-06) අග්‍රමාත්‍ය දීමූ ජයරත්න මහතා, එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී අසනලද ප්‍රශ්නයක ට පහත ආකාරයේ හාස්‍ය උපදවන කතාවකි කීය.
“…අනෙක් අතට අද දිනපතාම වගේ ස්ත්‍රී දූෂණ වන බව මාධ්‍ය වාර්තා කරනවා. විරුද්ධ පක්ෂ කියන්නේ රටේ කන්න බොන්න නැතෙයි ආහාර හිඟයි කියලයි. කන්න බොන්න නැත්නම් ඇඟට පණක් නැත්නම් කොහොමද මේවා වෙන්නේ කියලයි මම අහන්නේ”
පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ස්ත්‍රී දූෂණ 05 ක් පමණ සිදුවන බව කියවේ. නමුත් එය වාර්තාවන ප්‍රමාණය මත කරන ලද ගණනය කිරීමකි. ඇත්ත සංඛ්‍යාව මීට වඩා ඉහළ විය යුතු බව කිසිදු විවාදයකින් තොරව පැවසිය හැකිය. එහෙත්, පාලකයින්ට එය සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස පෙනීම කෙතරම් කණගාටු දායක දැයි ඔබට අවබෝධ විය යුතුය. නමුත් පාලකයන්ගේ මොට විඤ්ඤානයට සහ දැක්ම අනුව ඔහුන්ට සාධාරනැයි කිව හැකිය. ඔහුන්ට රටට වැඩක් කිරීමේ අවශ්‍යතාවයක් නැත. ඔහුන් සිතනවා විය හැකියි කා බී විනෝද වීම පමණයි ඔහුන්ට දැනට ඉතිරිව ඇත්තේ කියා. එබැවින් මෙම සිද්ධී අපට වේදානාකාරී වූවත්, ඔහුන්ට සමාන්‍ය දේවල් ය. සමාවෙන්න, මේ මට දැනෙන ආකාරයට ලියුවේ. මෙම පුර්වාදර්ශයන් තමා රටට දායාද වනුයේ. ඔබලා මෙහෙමනම් මාධ්‍ය කෙසේ මෙය දකී ද. (සියලු මාධ්‍යයන්ට වලංගු නැත) පසු ගිය දිනවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනක්ම ස්ත්‍රී දූෂණ සදහා නම් දැරීය. කෙසේ වූවත් දැනට ඔහුන් නිදහසේ සැරිසරනු ලැබුවත්, ඇත්තෙන්ම මාධ්‍ය ආයතන කිහිපයක් අදාළ ප්‍රවෘත්ති සොයා සෝයා ගොස් වාර්තා කිරීමට සමත් වූවා. එය ප්‍රශංසනීයයි. එය මාධ්‍ය මෙහෙවරකි.
මා සිතනවා ඔබට, මීට ටික කලකට පෙර (2012-01-31) ඇඹිලිපිටියේ, කහවත්තේ මවක් සහ දියණියක් අභිරහස් අන්දමින් ඝාතනයට ලක් වූ සිදුවීම සම්බන්ධයෙන් යම් මතකයක් ඇතිය කියා. එම ඝාතනය සැලසුම් සහගතව කර තිබූ අතර, ඔහුන් එය දූෂණයක් ලෙස පෙන්වීමට ද කටයුතු කර තිබුණා. සමහර මාධ්‍යවේදීයෝ මෙය තම පන්හිද මගින්, එය සිදුවූවේ මෙසේ-අනතුරැව මෙසේ විය යන ආකාරයෙන් තලු මරණ සිද්ධියක් බවට පත් කරනු ලැබුවා. (“සමහර මාධ්‍යවේදියෝ“ කියන පදයට “සම+හරක් මාධ්‍යවේදියෝ“ කියා යොදා ගත්තේනම් වටාත් යෝග්‍යයි කියා මා සිතනවා) ඔහුන්ගේ ඊනියා මාධ්‍ය ආයතන ද මීට ඉඩ කඩ සලා දීම ඇත්තෙන්ම ශෝචනීයයි. නමුත්, සත්‍ය වශයෙන්ම ඝාතනය සිදු වී ඇත්තේ මොවුන් නිසා “කුඩු“ වෙළදාමක් හෙළි වී යැයි කියා තිබූ සැකය නිසා ය. අදාළ සිද්ධිය පොලිසියට ද හසු කර ගැනීමට පමාවූයේ වූයේ මෙයට ද ආණ්ඩු පක්ෂයේ හස්තයන්ද ගෑවී තිබීම නිසා ය. කහවත්ත කලඹමින් සිදු වූ මෙම ඝාතනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතා පිඹිදීම හේතුවෙන් තව දුරටත් ඝාතනය වසන් කිරීමට නොහැකි විය.
ඔබට මතක ඇති රුපවාහිනියේ විකාශනය වූ “යෙහෙලියෝ“ වැඩසටහන, මෙය කෙතරම් ජනප්‍රිය වීද යත්, එය එක්තරා රියලිටි වැඩසටහනක් බවට නිරායාසයෙන් පත් වූ බව මාගේ හැගීමයි. රස කතා ලෙස “අන්දරේ“ ගැන හෝ “බීන්“ ගැන හෝ විකාශනය වන වැඩසටහන් ගැන මට කකිරීමේ අවශ්‍යතාවයක් නැත. ඇවැසි වූවද එහි පලක් ද නැත. අපිට ඇත්තේ සමාජ යහපත උදෙසා සදාචාරය ගොඩනගා ගැනීමට ය. එයට “අන්දරේ“ හෝ “බීන්“ ගෙන් බාධාවක් වන්නේ නැත. තිබුණද එය වර්තමානය අනුව නොගිණිය හැකි කාරණයකි. රස කථා වර්තාකරනය පිළිබදව අවන්ත ආටිගල මහතා විසින් හිසක් නොමැති දූෂකයෙකු සහ මාධ්‍යවේදියෙකු හාස්‍යයට ලක් කරමින් අදින ලද කාටූන්නයක් ලිපියට එක් කිරීමට අදහස් කළෙමි.
කෙසේ වෙතත් කාන්තාවකට සිදුවන හිංසනයක්, රස කථා ලෙස වර්තා කිරීම සම්බන්ධයෙන් මෙසේ කිව හැකිය. ඝාතකයා විසින් ස්ත්‍රීන් ඝාතනය කරනු ලැබීය. දූෂකයා විසින් දූෂණය කරනු ලැබීය, වාර්තාකරුවා විසින්, (සමහර පාඨකයන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ හෝ) පහත් සිතුවිලි උදෙසා නැවත හිංසනයට ලක්වූ කාන්තාව දූෂණයට ලක් කිරීය. නොඑසේනම් වලින් ගොඩගෙන දෙවන වරටත් මරා දැමීය.
ගුණ කථා

මාධ්‍ය මෙහෙවර
මෙම ලිපියේ කරනු ලබන විවේචනයන් අදාළ නොවන මාධ්‍යවේදීහු මෙන්ම මාධ්‍ය ආයතනද ඇත. එහෙත් පොදුවේ, ඔහුන්ට ද මා නගන විවේචනය සමාජයෙන් එල්ල නොවෙනවාම නොවේ. ඒ බල්ලොත් සමග සිටියොත් බලු මැක්කන් සමග නැගිටීමට සිදුවෙනවා හා සමාන තාවයකි.
මා සියලු ජන කොට්ඨාශයන්ට කියා කීවේ, සමහර මාධ්‍යවේදීන්ගේ ක්‍රයා කලාප සහ දෑකීම හේතුවෙන් සීතල ආගමික ගැටුමක් නිර්මාණය කිරීමට සමත් වී තිබීමයි.න් සමහර විය ආතිවාදී අරගල බවට ද පෙරළිමේ අවදානමක් නැතුවාම නොවේ. මෙවන් අරගල සදහා බොහෝ දුරට පාර කපනුයේ අන්තගාමී පිරිස් බව සැබෑය. නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලළුවන්ද නැතුවාම නොවේ. මෙම කාලවකවානුවේ අළු යට ගිනි මෙන් තැනින් තැන පැන නගින ආගමික ගැටලුවලට යම් තරමකින් සමහර මාධ්‍යවේදීයෝ දායක වී ඇත. එහෙත් කලාවට මෙන්ම මාධ්‍යායට ද ජනතාවගේ සිතුම් පැතුම්, සහ ආකල්ප බොහෝදුරට හැඩගැස්විය හැකිය. මෙහිදී රූපවාහිනිය පුමුඛ ස්ථානයක සිටී. එබැවින් ආගමික හෝ ජාතිවාදී අරගලයක් ඇති නොවීමට, මිනිස් මනස මෙහෙය වීමට ඔහුන්ට හැකි බැවින් එම වගකීමෙන් කිසිසේත් ගැලවිය නොහැක. කලාවෙන් වුවද අද මෙම මෙහෙය වනුයේ අල්ප දායකත්වයකි.
සමහර මාධ්‍යවේදියෝ දැනුමෙන් පොහොසත් නැත. එබැවින්ද ඔහුන් අතින් ද මාධ්‍යයට අසාධාරණයක් නොවනවාම නොවේ. එක් එක් අයගේ හැකියාවන් විවිධය, දේශපාලනය පිළිබද අවබෝධයක් ඇති කෙනෙකුට වෛද්‍ය විද්‍යාව පිළිබද ලිපි ලිවීම අසිරුය. සමහර විට ඉන්ජිනේරුමය විෂයක් හා සම්බන්ධ පුවතක් වාර්තා කිරීමට අපහසුය. සමහරු සතුව මාධ්‍යවේදී බලපත්‍රය තිබුණද සත්‍ය වශයෙන්ම එය ජනතාවාදීව කරනු ලබනුයේ කෙසේ ද කියා නොදනී. මේ ය හරියට කොළඹින් නැග කුළියාපිටියෙන් බැස්සා වාගේ. ඊලක්කය පැහැදිලි නැත. හරය දුර්වලය. තවත් විටක මාධ්‍යවේදීයා දෙවියන් සහ යාචකයා අතර මැදිවූ කට්ටඩියෙකු වැනිය. කට්ටඩියාගේ අදහස් දෙවියන්ටත්, රෝගියාටත් නොතේරේනම් ඒ සම්බන්ධයෙන් කවර කතාද....
රෙටේ කතා කරන්න කොතෙකුත් ප්‍රශ්න තිබියෙදී එය පිළිබදව ඇස යොමු කළ යුතු මාධ්‍ය , පාලක පංතියේ චිරස්ථිතිය සහ තිරසාර පැවැත්ම සදහා වර්ණා කරනු ලබනුයේ නම් එම මාධ්‍ය මෙහෙවර ගැණ කුමන කතා ද. නමුත්, තවත් පැත්තකින් සොයා බැලුවහොත් මේ පාලක පංතියේ පැවැත්ම උදෙසාම නොවේ, ඔහුන්ගේ ද පැවැත්ම සදහා ද වේ. ඊට හේතු සාධක දෙකක් ඇත. ඔහුන් වෙනුවෙන් කඩේ යාමෙන් තමන් වෙනුවෙන් හෝ තම ආයතනය වෙනුවෙන් වරප්‍රසාද ලබා ගැනීමේ අවශ්‍යතාවය මත. අනිත් කාරණය නම්, බිය සහ අදූරදර්ශී භාවය යි. නමුත්, අසේ කීවද මාධ්‍ය වෙහෙය රැකයාවක් ලෙස නොව එය හුදෙක් රට වෙනුවෙන් තමා විසින් කළ යුතු වගකීමක් සහ පැවරීමක් ලෙස සිතා කටයුතු කරනා මාධ්‍යවේදීහුද සිටි. මේ හේතුවෙන් යහපත් මාධ්‍ය සදාචාරයක් පවත්වාගෙන යන මාධ්‍යවේදීහුගේ පිහිටෙන් පෙර කී පිරිස ද මාධ්‍යවරුන් ලෙස තම ගෞරවය යම් ප්‍රමාණයකට හෝ රදවා ගැනීමට සමත්ව තිබේ.
------------------------෴


පසු සටහන
මා මාධ්‍යවේදියෙකු නොවෙමි. නමුත්, රටේ වත්මන් අර්බුද හමුවේ මා ලිවීම සදහා පොළඹවන ලදී. මාගේ ලිපිද ඔබට කොළඹින් නැග කුළියාපිටියෙන් බැසීමට සිදුවෙනවා නම් සමාවෙන්න. මට තෙරෙනා හා දැනෙනා ආකාරයට ලියමි. නමුත් දෙවියන් සහ යාචකයා අතර මැද කට්ටඩියෙකු නොවෙමි.
ලිපිය තවදුරටත් ලිපිය සංස්කරණය වෙමින් පවතී
එකඟයි හොඳ විග්‍රහයක්
ReplyDeleteමගේ අවංක අදහස නම් මේ ලිපි සියල්ලම පාහේ දිග වැඩි බවයි. එක්කෝ සංක්‍ෂිප්ත කරන ලෙස හෝ නැති නම් අනු කොටස් වශයෙන් ඉදිරිපත් කරන ලෙස යෝජනා කරමි.
ReplyDeleteඔව්, ලිපිය දිග වැඩි බව දැන් මට ද වැටහේ. මෙය ලියන විට මා බ්ලොග් කරනයට ආධුනිකයි....
Deleteතරමක් කෙටි කලානම් හොදයි තමයි.නමුත් කොටස් වශයෙන් දානවට වඩා එක ලිපියක් ඉවරෙටම ලියන එක හොදයි.නැත්නම් අග මුල සම්බන්දයක් මතක නැතිවෙනව.
ReplyDeleteමට එය පසුව වැටහුනා. මාගේ මුල් ලිපි වල බොහෝ අඩුපාඩු තිබෙනවා. වැරැදි නිවැරැදි කර ගනිමින් අපි ඉදිරියට යමු.
Delete