Sunday, December 23, 2012

2012 පෙබරවාරි මස තෙල් මිල වැඩි කර සතියක්!


රට වෙනුවෙන් දිවි පිදූ මොහුද ජාතික වීරයෙකි
පසුගිය 14 වන දින (13 රාත්‍රී) පෙට්‍රල් ලීටරයක් රු 10 කින් ඉහළ දැමූ බව අප කවුරුත් දන්නා දෙයක්. නමුත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් 2012-02-12 දින තෙල් මිල ඉහළ දැමීම දැන් අපේ මතකයෙන් ඉවත් වීගෙන යයි. නමුත්, නැවත යුරෝප රටවල දැඩි සීතල කාලගුණය හටගෙනඇත. ඔහුන්ගේ තෙල් පරිභෝජනය ඉහළ යයි. මේ හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල සැලකියයුතු ආකාරයට වෙනස් විය හැකි ය. එය නැවතත් අපට 2013 දැයට කිරුළ අවසන් වෙනවාත් සමඟ කුමනා ආකාරයක වේශයකින් හෝ කඩා පත් වීමේ හෝ කිරීමේ අවදානමක් ඇත. සත්තකින්මගිනි පොල්ලෙන් බැට කෑ මිනිසා කොරහේද කිඹුලන් දකී. එබැවින් සිතන්න බොහෝ දේ ඇත....

2012-02-10 දිනවලදී ඛනිජ තේල් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඒ වන විටද ආණ්ඩුව විසින් සැලසුම් කරමින් සිටි තෙල් මිල ඉහළ දැමීම පිළිබඳවවිශේෂ ප්‍රවෘති නිවේදනය කරන්නට විය. එහිදී ඔහු පවසා සිටියේ යොරෝපීය රටවල ශීත කාල වකවානුව පවතින බැවින්, ඔහුන් වැඩිපුරතෙල් පරිභෝජනය කිරීම හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් සඳහා ඉල්ලුමත් තෙල් මිලත් ඉහළ යාම මීට ආසන්නම හේතුව බවය.එමෙන් ම කප්පන් ගැනීමෙන් නමක් දරා සිටින ඛනිජ තෙල් නියෝජ්‍ය සරණ ගුණවර්ධන මහතා පවසා සිටියේ තෙල් මිල ඉහළ දැමීමටඉරාකයට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරි මාස 06 ක කාලයක් සැලකිල්ලට ගනිමින් තෙල් මිල ඉහළ දමන්න වන බවය.අපි දන්නා පරිදි සෑම වසරකම ඍතු වෙනස්වීම් ලොකයේ සිදුවේ. එය මේ වසරේ පමණක් අහම්බයෙන් සිදුවූවක් නොව. එබැවින් යුරෝපාප්‍රදේශවලට මේ දිනවල දැඩි ශීත කාලගුණයක් පවතී. තවද, මෙම වකවානුව අවසන් වූ පසු නැවත ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළබසී. ලෝක වෙළද පොළට අනුව අප රටේත් තෙල් මිල උච්චාවචනය වනුයේනම් අපිට ආණ්ඩුවක් කුමට ද?

2012 පෙබරවාරී 02-12 මධ්‍යම රාත්‍රියේ (සුපුරුදු කාලහෝරාවේදී) සිට ඩීසල් ලීටරයක් රු 31 කින් ද, පෙට්‍රල් ලීටරයක් රු 12 කින් ද, භූමිතෙල්ලීටරයක් රු 35 කින් ද ඉහළ දමනු ලැබී ය. නමුත්, ඛනිජතෙල් අමත්‍යාංශය පවසනු ලැබුවේ මෙම මිල ඉහළ දැමීමෙන් උවද ඔහුන් ලාභයක්නොලබන බව ය. මේ අනුව ඩීසල් ලීටරයක් රු 115 ක් ද, පෙට්‍රල් ලීටරයක් රු 149 ක් ද, භූමිතෙල් ලීටරයක් රු 109 ක් ද, කට ද මිල තීරණයවිය.

මේ අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106 සිට 118 දක්වා ඉහළ නැග තිබුණු. එනම් 11% ක පමණ තෙල් ඉහළ යාමකි. (පසුගියනොවැම්බර් මාසය සැලකුවහොත් 22% ඉහළ යාමකි) එසේ නම් මේ 11% ක ඉහළ යාමටද දේශීය තෙල් මිල ඉහළ ගියේ. (නමුත්පෙබරවාරි 10 වන දින වන විටද අප රටට තෙල් ආනයනය කර තිබෙනුයේ බැරලය ඩෝලර් 106.62 ක ප්‍රමාණයක මුදලකට ය) රජයේආර්ථික පිළිවෙත්වල දෝෂ, වංචා දූෂණ ඉහළ යාම ආදී කරුණු මෙයට බලපෑවා නොවේද? රුපියල පාවීමට හැරීම හේතුවෙන් ඩොලරය පෙබරවාරි මස වන විට රු 119 ක් දක්වා ඉහළ ගොස් ඇත. තෙල් මිල ඉහළ යාමේ පණිවිඩය ජනතාව වෙත කාන්දු වීම වැළැක්වීම සඳහා දෝ “දැයට කිරුළ“ නැතිනම් “ණයට කිරුළ“ ප්‍රදර්ශනය තවත් දින කිහිපයකින් දික් කර තිබිණි.

කෙසේ වෙතත්, මේ සමගම සහ ඊට සමාන්තරව විදුලි සහ ගෑස් මිල ද බස් ගාස්තු ද රතු එළි දල්වන්න විය. රජය බස් හිමියන්ට ඩිසල් සහනයක් ලබා දෙන බව පැවසීම හේතුවෙන් බස්‌ ගාස්‌තු වැඩි කිරීමක්‌ හෝ වැඩ වර්ජනයකට යැමේ උවමනාවක් හෝ නැති බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා රජයේ රූකඩයක් වෙමින් පැවසී ය. නමුත් ලැබුණ කිසිදු ඩීසල් සහනයක් නොමැත. ලැබුණානම් එකී ප්‍රකාශය නිකුත් කිරීම හේතුවෙන් ඔහුට පමණක් යමක් ලැබි තිබීය යුතුය. නමුත් බස් වර්ජනයක් දියත් වූ අතර, මීට ප්‍රථම අවස්ථාවක දී ඩීසල් වැඩීවීම සහ (රු 8/- ක) මෙවර වැඩිවීම පාදක කර ගනිමින් 17.1% බස් ගාස්තු වැඩිවීමක් වර්ජකයන් ඉල්ලා තිබුණද ආණ්ඩුවේ තවත් කෝන්දේසි මත පෙබරවාරි 13 වන දින බස්ගාස්තු 20% කින් ඉහළ දැමීය. තවද ඩීසල් සහනාධාර ලැබෙ යැයි කියා ආණඩුවේ දෙබස් කී සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය ද, තම බස්රථවල අදාළ බස්ගාස්තු මිල ඉහළ නැංවීය.

මේ වන විට (ආ)තෙල් අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා නැගෙනහිර යුරෝපයේ සංචාරයක ගියේ (13 වන දින) ඇත්තටම තමා කියූ පරිදිඑකී ප්‍රදේශවල ශීත කාලගුණයක් ඇතිද කියා බැලීමට දෝ යනුවෙන් හාස්‍ය උත්පාදනයක් ද එම දිනවල විය. ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා ද පෙබරවාරී 15 දින සිංගපූර් නිල සංචාරයක් බලා පිටත්ව යයි. 

වෙඩි ප්‍රහාරයට ලක් වූ ඇන්ටනි ප්‍රනාන්දු මහතා
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය රාජිත මහතා ධීවරයින් හට භූමිතෙල් සහනාධාර ලබා දෙන බව පවසා සිටිය ද, පාලකයන් ගැන කිසිත් විශ්වාසයක් තැබිය නොහැකි බව දන්නා හලාවත ප්‍රදේශයේ ධීවරයන් විසින් පෙබරවාරී 15 දින උද්ඝෝෂණයක් දියත් කිරීය. ඔහුන්ගේ ප්‍රධාන සහ එකම අරමුණ ධීවර ජනතාවට ඉන්ධන මිල පහත දමා ගැනීම හෝ ඉන්ධන සහනයක් ලබා ගැනීම හෝ විය. නමුත්, උද්ඝෝෂණය අවසන් වූයේ තාලඩි ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි නැමැති ධීවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු අතින් වෙඩි පහරකින් මරණයට පත් වීම ය. වෙඩි තැබීම සඳහා සඳහා නියෝග දී ඇතිතේ ද සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින්.

මේ තෙල් මිල ඉහළ යාමට අමතරව ධීවරයන් ලැබූ ත්‍යාගයයි. දින දෙකක් පුරා පැවති උද්ඝෝෂණය 8 දෙනෙකු රෝහල් ගත කර,තිදෙනෙකු අසාධ්‍යය තත්වයට පත් කර, එක් අයෙකු ඝාතනය කර නිමා විය. ඇන්ටනි ප්‍රනාන්දු මහතා වෙඩි වැදී ගැහි ගැහී සිටියදී ඔහුව පයින් පාගා“තව ගණං කාරයෝ ඉන්නවානම් වරෙව්....“ කියා කෑමොර දී මට තරම් මර්දනයේ මිලේච්ඡත්වය දියත් විය. සත්‍ය වශයෙන්ම එහි මිලේච්ඡත්වය කොපමණද යත්, පෞද්ගලික විශ්‍රාම වැටුපට (සේවක අර්ථසාධක මුදල් වංචාවට) විරෝධය පළ කළ කටුනායක වැඩපලක සේවයකළ රෝෂේන් චානක මහතාවෙඩි වැදී රෝහලට ගෙන යෑමේදී ඔහුව නැවත කාරයෙන් ඇද දැමීම අපට සිහිගන්වයි. පාලකයන් තමාට එදිරි වන්නන්හට සිදුවනුයේ මෙය මැයි යන්න අපට පසක් කරනු වස් ඔහුන් උපරිම කටුතු කිරීය. 

මියගිය ඇන්ටනි මහතා දෙදරු පියෙකු වූ අතර, මිය ගිය තම පියාගේ දෙපා මුල සිට කඳුළු වඟුරමන් අසරණ භාවයට පත් ඔහුගේ දරුවන් කියූ කතා ඇසූ විට ඔබ, වෙඩි තැබූ උන්ටත්, නියොග දුන් උන්ටත්, පාලකයන්ටත්, උන්ගේ මැවුන්ම්කාරයන්ටත් ශාප නොකරනු නොඅනුමාන ය. මෙහිදී ඝාතනයට ලක්වූ ඇන්ට නිමහතාට මෙන්ම පෙර ඝාතනය වූ රෝෂේන් චානක මහතාටත් පාලකයන් විසින් එකම විසදුම ලබා දුන් අතර, අවම වශයෙන් ඔහුන්ගේ අවසන් කටයුතු ද නිදහසේ කර ගැනීමට ඉඩ නොදීය. (පසුගිය කාලයේ සිසු උද්ඝෝෂණයේදී ද අභිරහස් ලෙස මරණයට පත් වූවා යැයි සැලකිය හැකි සිසුන් දෙදෙනා ගේ අවසන් කටයුතු සඳහා ද ආණ්ඩුවේ අත පෙවීම මීට ආසන්න ය) තවද, උණුසුම්කාරී වාථාවරණයේදී මේ වෙනුවෙන් වන්දි ගෙවනවා කියා මාධ්‍යයේ කෑ මොර දුන්නද ඔහුන්ගෙන් යැපෙන්නන් වෙන්වෙන් මෙතෙක් සාධාරණ වන්දියක් ගෙවා නැත.

හලාවත ධීවරයන් දින කිහිපයක් ම මුහුදු යාමෙන් වැළකී සිටින ලද අතර, ධීවරයන්ට සහනයක් ලැබෙන තෙක් තමා ඔහුන් සමඟ සිටින බව හලාවත රදගුරු අති උතුම් වැලන්ස්‌ මැන්දිස්‌ හිමිපාණෝ පවසන ලදී. මේ අතර තෙල් මිල වැඩි වීමට එරෙහිව ජවිපෙ විසින් පෙබරවාරී 15 දින ද, එජාපය විසින් 17 වන දින ද විරෝධතා පා ගමනක් දියත් කිරීය. ජවිපෙ විසින් 15 දින කොළඹ දියත් කෙරුණු උද්ඝෝශනයටත්, එජාපය විසින් 17 දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පල කළ විරෝධතා ව්‍යාපාරයටත් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් සුපුරුදු පරිදි එකී විරෝධතා කරුවන් විසුරුවා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරන ලද අතර, මහින්ද අබේසුන්දරගේ අයිටීඑන් විමසුම ගැන කිවයුතු වචන මිහිපිට සොයා ගත නොහැක.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංගපූර් නිල සංචාරය නිම කොට 17 දින සවස යළි දිවයින ට පැමිණේ. සහන ලබා නොදෙනවානම් පාන් මිල ද වැඩි කිරීමට සිදුවන බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය 17 වන දින ප්‍රකාශයක් නිකුත් කරනලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරී 24 දින වන විට පාන් රු 05 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන ද මිල ඉහළ නංවන ලදී. තවද මේ දිනවල “ඉන්ධන මිල, විදුලිබිල සහ බස්‌ගාස්‌තු වහා අඩුකරන ලෙස ආණ්‌ඩුවට බලකරමු.“ යනුවෙන් කරුණු සඳහන් අත්පත්‍රිකාවක් ජවිපෙ විසින් බෙදා හරිමින් තිබිණ. “තෙල් මිලඅඩු කර, සේවක වැටුප් ඉහළ දැමීමට“ බල කරන උද්ඝෝෂණයක් කරන බව පවසමින් අන්තර් සමාගම් සේවක සංගමය මාධ්‍ය ප්‍රකාශයක් දමේ දිනවල කරනු ලැබීය. නමුත් කිසිවක් නොහඳුන, ජනතාව කියනා දෙයක් නොඅසන, පාලන පංතිය තම මුනිවත රැකගනිමින් පෙබරවාරී මස ද ගෙවා දැමීය.

දැන් 2012 වසර ද ගෙවා අවසන් ය කීවොත් සත්‍යාසන්න ය. මාස ගණනක් ගතවූ එකී සිද්ධි දාමය ජනතාව කෙරෙන්ද තුරන් වෙමින් පවතී. අප අමතක කරන, අපට අමතක වන තරමට ඔවුහු අපව තවත් පීඩාවට පත් කරවි. මේ කියනුයේ තෙල් මිල ගැන ම නොව. අත දිගු කළ හැකි - අතැඟිලිවලට ගුලි කළ හැකි සෑම දෙයකින්මය ඔහුන් අපව සූරා දමාවි. අපද අත දිගහැර අතඟිලි ගුලිකර පහරක් එල්ල නොකරන්නේ නම්, අපිත් අපෙන් පසුව අපේ දූ පුතුන්ද නොවිදිනා දුකි විදීවි. අපිට තැනිය නොහැකි වූ හෝ අපි උත්සාහ නොකළ සමාජ වටපිටාවක් සැකසීමට ඔහුන්ගෙන් සමහරෙක් ද උත්සාහ කරාවි....

පසුවදන
එකම රටේ තෙල් වෙළදාමෙන් IOC සමාගම මිලියන 957 ක පමණ මුදලක් 2011 දී ලාභ ලබන විට තෙල් සංස්ථාව පාඩු ලබනබව මන්තරයක් සේ ජප කරයි. ඔහුන් රුපියල් බිලියන ගණනක පාඩුවන බව කියයි.  
තෙල් සංස්ථාවෙන් ගෑස් නිකුත් කරන්න යැයි කියා, ෆවුසි මහතාගේ (ආ)තෙල් ඇමති කාලයේ ගෙන ආ යන්ත්‍ර-සූත්‍ර සපුගස්කන්දේ දිරාපත්වෙමින් පවතී.  
2012 ඔයාමඩුවේ පවත්වන ලද දැයට කිරුළ ප්‍රදර්ශනයට ඛනිජ තෙල් සංස්ථාවේ කුටිය සඳහා රු ලක්ෂ 50 පමණ වැය වී ඇති අතර,ප්‍රදර්ශනය අවසානයේදී කුටියේ තිබූ උපකරණ අතුරුදහන් වී ඇත. බොහෝවිට (පිට)සක්වල ජීවීන් විසින් ගෙන ගොස් ඇත.  
2012 අය-වැයේදී රුපියල 3% කින් පහත දැමූ අතර, මහ බැංකුව විසින් ඩොලර් සංචිත භාවිත කරමින් රුපියලේ අගය ස්ථාවරයක පවත්වාගැනීම 2012 පෙබරවාරී 08 දිනෙන් පසුව අතහැර, වෙළඳපොළ අනුව ඩොලරයේ මිල තීරණය වීමට ඉඩ හරින ලදී. මෙයද දේශීය තෙල් මිල සඳහා ඍජුවම බලපෑවේ ය.

මේ දිනවල අභ්‍යවකාශ යානා ගැන පුළුල් ප්‍රචාරයක් මාධ්‍යායද භාවිත කරමින් සමාජගත කිරීමට පාලකයින් විසින් වෙර දරනු ඇත. එය රටේ දැනට පවතින ප්‍රශ්න කෙරෙහි ඇති ජනතා අවධානය වෙනත් දිශාවකට තල්ලු කිරීම උදෙසා සද්භාවයෙන් ගත්තාවූ තීරණයකි. 
මායාවරුන්ගේ ලෝක විනාශය සංකල්පයද ඔහුන්ට මහඟු අස්වැසිල්ලකි. දෝෂාභියෝගය, තෙල් වැඩිවීම්.... ගැන නොව දැන් ජනතාවට කතා කිරීමට මාතෘතා දී ඇත. මේ මහඟු කටයුත්තේ මාධ්‍ය සටනට පණ පෙවූ ඩයස් අලහප්පෙරුම මහතාට අවසානයේ සිදුවූයේ රජයේ මනංකල්පිත පිටසක්වල යානය තම වසමේ ම ගොඩබා පිරවුම්හලකින් තෙල් ගැසීමට ය. 
(කතාවක් පැතිරවීමට ය) ඒ අනුව පෙට්‍රල් මිල වැඩි කරනු ලැබුවේ (පිට)සක්වල යානා අපගේ පිරවුම්හලකින් තෙල් ගැනීම අඩපණ කරන්න යැයි හාස්‍යයට ලක් කළ හැකි ය. අවසානයේ බලන විට (පිට)සක්වල ජීවියාද, මායාවරුද, උල්කාද.... උන්ගේ ගැලවුම්කාරයෝ වී ඇත. 

ඔබටද බොහෝ දේ සිතීමට ඇත.... මගේ අතපසුවීම්ද තිබිය හැක....



මා විසින් මීට පෙර පල කළ මගේ post එක අත් වැරැදීමකින් මැකී ගියා. එය නැවත පල කිරීමකි මේ. ඔබ විසින් එවන ලද කොමන්ට් වලින් කොටසක් පමණක් google වලින් සොයා ගනු ලැබූ අතර එය මේ ආකාරයෙන් පල කරමි.



19 comments:

  1. නියම අර්තදැක්වීමක්, ලංකාවේ අපිට හැම එකම මත්ක තියන සති දෙකේ තියරියට අනුව මේ හැම එකම සති දෙකෙන් අමතකව යනු ඇත. නැවත රජය හොද වෙනු ඇත. චන්දයක් ලන් වෙද්දී නැවත කොටි ගැන, පරණ සිතියම් , හා බෝම්බ ගැන කතා කර කතිරයා අනිවාර්යෙන් ගසා ගනු ඇත.

    තෙල් මිල වැඩීවීම අමතක කරව්න්ට , කොළඹ පාරවල් වල රෑට තියන රේස්ද, පාර්වල් වල දකින රේස් කාරද ( වැරදීමකි, ගෝ කාර්ට් විය යුතුය ) වලින් ආතල් සපයනවා ඇත.
    Reply

    Replies










    1. ඔබ නිවැරැදියි.... මිනිසුන් මෙවන් දෑ අමතක කරන හෝ අමතක වෙන හෝ නිසා සිහිකැඳවීමක් කරන්න සිතුවා....

  2. ඇත්තය, අයවැය අමතක කරන්නට වැලිකඩට නිව්ස් ගෙනාවාය. කාලෙන් කාලෙට මොනවා හරි උලුප්පලා පෙන්නනවාය.

    අපේ හාමුදුරුවනේ මට මීට වඩා පඩි වැඩි කරන්නට බෑ කිව්වහම මිනිස්සුන්ට හිත උනුවී කදුලු ගලනවාය. තෙල් මිලට නම් අවුලක්ම නැතිය. ගමේ ගොඩේ ලාම්පුව පත්තු කරන්නට භූමි තෙල් ගෙනියන කෙනාගෙ සිට බහුතරයක් ලෝක වෙළදපොලේ තෙල් මිල යනු මැජික් එකක් කියා සිතනවාය. උන් කියනා ඔනෑ කෙප්පයක් හිස් මුදුනින්ම පිලිගන්නවාය.

    දැන් මාස තුනක පමන සිට එක්වරම ආර්ථික තත්වය පලටම බැස ඇත. නමුත් ටීවී චැනල් වලින් සියල්ල යතා තත්වයට පත් කරනවාය. දැන් මිනිසුන් සිතන්නේ මහින්ද අබේසුන්දරගේ සිතින්ය, දකින්නේ සුදර්මන්ලාගේ ඇසින්ය.

    කාර් රේස් බලනවා හැර කුමක් කරන්නද.
    Reply

    Replies










    1. සත්තකින්ම, අද සමාජයේ විවේචනයට ලක්වෙන කුමක් හෝ වෙන විට එහි අවධානය වෙනස් කරන්න විවිධ උපක්‍රම භාවිත කරනවා. බොහෝ ජනතාව එයට අසුවෙනවා.

  3. නිතර අමතක වන අපට මෙවැනි දෑ නැවත මතක් කරදීමද, ඒ හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම්, අතුරු කතා මතක් කරදීමද ඉතා අගය කල යුතුය. මන්තර ජප කරනවාට වඩා, සාධක සහිතව (පසුවදන ) ඔබ මතුකරන කරුණු ලිපියේ වටිනාකම වැඩි කරයි.
    Reply

    Replies










    1. ඔව්, සාධක නැතිව කතාවක් පමණක් කිවහොත් එය තවකෙනෙකුගේ බුද්ධිය අවධිකරන්න සමත් නොවේ යැයි මා සිතනවා.

  4. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ලංකාවේ දේශීය තෙල් මිලට බලපාන බව ඇත්ත.දැන් මෙතන හරිම විහිලුව වෙන්නෙ ඒක ලෝක වෙළඳ පොලට අනුපාතික නොවීම,ඒ කියන්නෙ ලෝකෙ තෙල් මිල ඉහල ගියත් පහල ගියත් ලංකාවෙ තෙල් මිල උඩට යන එක.මම නම් යෝජනා කරන්නේ ලෝක වෙළඳපොල මිලට අනුරූපීව ලංකාවේ තෙල් මිල තීරණය වන මිල සූත්‍රයක්.නැත්නම් දේශීය ඉල්ලුමෙන් හරි අඩක් සඳහා hedge කරන්න පුලුවන්.මොකද එතකොට කලින් වතාවට වඩා බලපෑම අඩුයි.
    Reply

    Replies










    1. රජය ජනතාවාදී වනවානම්.... ජනතාව ගැන සිතයි.

  5. අපේ රටේ පාලකයෝ ජනතාවට ටොක්ක අනින්නේ ඔළුව අතගාලා... දැන් පෙන්වන අලුත්ම ජවනිකාව රට පුරාම පෙනෙනෙ පාට පාට එළි. මින්නිස්සු කට ඇරගෙන උඩ බලාගෙන ඉන්න අස්සෙ තෙල් මිල උස්සලා.තෙල් මිල වැඩි උනා කියන්නෙ එදිනෙදා පරිභෝජනය වෙන හැම භාණ්ඩයකම මිළ වැඩි වෙනවායි කියන එකනේ.කොටින්ම තව ටික දවසකින් නොමිලේම මැහි තෙල් ටිකකුත් දෙයි..ජීවත් වෙන්න අමාරු නම් මැරිලා යමල්ලා කියලා..
    Reply
  6. සම්පුර්ණ ඇත්ත ඔබ කියලා තියෙන්නේ.මිනිස්සු හරි සංවේදීයි.ඒ සංවේදි මිනිසා රැවටිම මහා පාපයකි.තමන්ගේ දරුවන් විතරක් නලවලා මදි.රටක දරුවන් වැළපෙද්දී.
    මනසින් දිවියට
    Reply
  7. ඔබගේ ලිපිය බොහෝ උත්තේජකරය. එය මට ද හොදින්ම දැණිනි. ඔබ ඉතා සාර්ථකව මෙය ලියා ඇති බව මට ද වැටහේ. ඇන්තනිගේ විස්තරය ඇත්තටම මට මහත්ම උත්තේජනයක් ඇති වූ ස්ථානයයි.

    සුසිල් ගොයියා අධ්‍යාපනයට කොරපු හරිය දැන් පේනවනේ. මුන් හොදයි කොටුවේ පඹයන්ට හිටවන්න. තෙල් ටිකටත් ඒ කෙලියම තමයි.

    මට මෙතනදි කියන්න ඕනෙ ඒක නෙමෙයි. ඇයි තෙල් මිල වැඩි වෙන්නෙ. ලෝකයේම සීත කාලයට තෙල් මිල වැඩිවීම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නැවත සෘතුව ඉවර වුනහම වෙනස් වෙනවා. ඔබ දන්නවනේ බොහෝ රටවල තෙල් වලට තියන්නේ දිනෙන් දින වෙනස් වන මිල ගණන්. සමහර තැන්වල දිනපතාම ටුඩේස් ප්‍රයිස් බෝඩ් එක දානවා. මා එය දැක තිබෙනවා.

    ලංකාවේ තෙල් මිල වැඩි වන්නේ බදු නිසයි. මුන් අපෙන් ගන්න කප්පන් වලින් තමයි කාර් රේස් යන්නේ. ය්ටි මඬි ගහන්නේ. හිතන්න තෙල් වල බදු ඉවත් කලොත් තෙල් මිල කීයක් වෙයිද? මම හිතනවා රුපියල් 70 - 80 විතර මිල අඩු වෙයි කියලා. දෙයියනේ ජනතාවගේ මුදල් නේද මේ කප්පන් ගහන්නේ?

    ඔය මිල උච්චාවචනය වන්න ආංඩුවක් ඕනෙ ද කතාව කිව්වේ අපේ දේශප්‍රේමී විමලෙ මලයා නොවැ. අනේ මගේ කට?

    වටිනා සටහනක්. ජය.
    Reply

    Replies










    1. වෙනත් රටවල තෙල් මිල ඉහල යන කාල වලට පෙර (සීත ඍතුව) තෙල් ගෙන්වා ගබඩාකර ගන්නවා. අපි එහෙම කරන්නේ නෑ නේ. පසුගිය දවස්වල සපුගස්කන්ද පිරිපහදුවත් ලෙඩ උනානේ. බැරිම උනොත් ආයෙත් බාල තෙලක් හරි ගෙනවිත් දෙයි....

  8. අපේ රටේ සාමාන්‍ය ජනතාව අතරට හුඟක් වෙලාවට යන්නේ සත්‍ය තොරතුරු නෙවෙයි. ජනතාවගේ පිටට බරක් පටවන හැම වෙලාවේම මොකක් හෝ වචන හරඹයක් කරලා නැති දියුණුවක්, නැති අසිරියක් අල්ලේ මවල පෙන්වන එකනේ කරන්නේ. ඉතින් ඕවා බලන අපේ අයට ඔක්කොම ඇත්ත...
    Reply
  9. ලුම්බිණිDecember 18, 2012 1:55 PM
    තෙල් මිල වැඩි වන එක ලෙහෙසියෙන් නවතන්න බැහැ මේ රටේ කරගෙන යන වැඩ පිළිවෙල අනුව. තෙල් වල තියෙන බදු අඩු කරන්න බැහැ එහෙම කලොත් රජයේ අදායම් අඩු වෙනවා. හෙජින් වලින් මිල අඩු කරන්න බැහැ. අද ක්රුඩ් ඔයිල් මිල $87, බ්‍රෙන්ට් ඔයිල් මිල $107, සින්ගපුර් මිල $114. අවුරුද්දකින් බලාපොරොත්තු ක්රුඩ් ඔයිල් මිල $107. ඒ අනුව මිල වැඩි වීමක් විනා අඩු වීමක් හිතන්න බැහැ. මේ තමයි ලෝක වෙළඳ පොළ තත්වය. ලංකාවේ ප්‍රශ්නයට මේකත් සමග තව දේවල් බලපානවා. ඒ තමයි අපේ රුපියල බැහැගෙන යාම. අපි සල්ලි මුද්‍රණය කරමින් යන කොට එක අමුතු දෙයක් නොවේ. මහා බැංකු සංචිත වියදම් කරමින් රුපියලේ අගය තියා ගන්න බැහැ හැමදාම. කොටින්ම අපට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. මුල්‍ය ප්‍රතිපත්තියක් නැහැ. අපි ලෝකෙට පරකාසේ පෙන්නන අය. මැද පෙරදිග වැඩට ගිහින් දුක් විඳින අය නැත්නම් අපි මීටත් වඩා අන්තයකට වැටෙනවා.
    Reply

    Replies










    1. ඇත්ත වශයෙන්ම....

  10. ගොඩක් පැහැදිලිව අර්ථදක්වා තිබෙනවා.. ඔයා කියන කථාව සම්පුර්ණ ඇත්ත.. එත් තියෙන ප්‍රස්නේ අපේ මිනිසුන් ඇත්ත දැක දැකත් අන්ධයෝ විදියට ඉන්න එකනේ ..
    Reply
  11. ඇමරිකාවේ ඉන්ධන මිල වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම අනුව තීරණය වේ මෙය රජයෙන් මිල තීරණය කරනවාට වඩා පාරිභෝගිකයාට වාසිදායකය මගේ නිවස පිහිටි ප්‍රදේශයේ විවිධ ඉන්ධන පිරවුම් හල් බොහෝය. මේවා අතර තරඟය නිසා හැම ඉන්ධන පිරවුම් හල් හිමියෙක්ම තමන්ගේ ලාභය අවම කර ගනිමින් අඩු මුදලට දී වැඩි පාරිභෝගික පිරිසක් ගෙන්වා ගැනීමට කරන තරඟය නිසා වැඩි වාසිය හිමි වන්නේ පාරිභෝගිකයාටමය. ඇත්තටම මා නිවස අසබඩ එකම තැන පාර දෙපස ඉන්ධන පිරවුම් හල් දෙකකි එකක් ඉන්දියානු ජාතිකයෙකුට අයත්ය අනික පලස්තීන ජාතිකයකුටය. මේ දෙදෙනා දිනපතාම පාහේ ගණන් මාරුකරයි මේ දෙදෙනාගේ ගේ තරඟය නිසා හැමවිටම ඉතා අඩු මිලට අපිට ටැංකිය පුරවා ගත හැක.
    ලංකාවේ හැම දෙයක්ම අපි රජය ට භාර දෙන්නේ වැඩි හොඳක් වේයැයි සිතා වුව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන සතුරා රජයමය. රජය ව්‍යාපාර නොකළ යුතුය යන්න මගේ අදහසයි.
    තෙල් ලීටරයක් මත ඇති රජයේ බදු ප්‍රමාණය ද ඉතා අධික බව මෙහිදී සැලකිය යුතුය.
    මේ බදු මුදල්ද නැවතත් රජයේ වියදම් ලෙස මැති ඇමතිවරු කාබාසිනියා කර දමයි.
    Reply

    Replies










    1. ඒ සතුරාටම අපේ සමහරක් දොළෙපිදේණි ලෙස ජනතා ශ්‍රමය තවත් සූරාගන්න වටපිටාව සකසා දෙනවා. අපි එය වෙනස් කිරීමට හැකි පමණ කටයුතු කරමු.

  12. ඔබේ ලිවීමේ රටාව අනුව ඔබ ඉතා ඉදිරියෙන් සිටී. ඒ කොලර් උස්සා ගැනීමටයි. තෙල් ප්‍රශ්ණයේ අතීතය මතක් කිරීම ඉතා යහපත් කටයුත්තකි. මොකෝ අපේ උන්ට හැම දේම සති දෙකයිනේ. තෙල් නම් කීයටවත් වැඩි වන්නේ නෑ කියන කොටම මම දැනගත්තා බඩු හරි කියලා. ආන්ඩුවට පඩි ගෙවන්නවත් සල්ල් නෑ. ඒ තියෙද්දි තමයි තවත් ආන්ඩුවේ රස්සාවල් පුරවන්නේ. ආර්ථිකය අනාගැනීම 1994 ඉඳලා තියෙන්න හේතුව ඔබට පහදා දෙන්න ඕන නෑ නේ. ආශ්චර්ය කෙසේ වෙතත්. සෝමාලියාව පැත්තෙ යන ලකුණු නම් පැහැදිලිව පේනවා. ඉඩී අමීන් ගේ පුතාටත් තිබුනා පට්ට රේස් කාර් පිස්සුවක්....
    Reply

No comments:

Post a Comment

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...