Tuesday, November 19, 2013

චෝගම්වලට ජීවය දෙන්න....

 
පෝස්ට් එකක් සඳහා මාතෘකා නැතුවා නොව. කර්ය්‍ය බහුලබව පොස්ටුවක් පල කිරීමට විශාලතම භාදකය වී ඇත. 
මෙම රජය, සමාජය, මිනිසුන්, නූතනය විවිධ මාතෘකා දවසින් දවස එක් කරයි. සමහර මාතෘකා කාලයක් තිස්සේ පැසවා පැසවා තිබේ. එක් මාතෘකාවක් ආ විගස

“ඕක සති දෙකයි තුනයි“
“දැන් අහවලුන්ට කෑ ගහන්න මාතෘකාවත් තිබෙනවා“
“සිංහලයාට මතක හිටින්නේ සතියයි“

වැනි විවිධ මත, ප්‍රලාප අසන්න ලැබෙනු ඇත. නමුත්, ඔවුන්ට එම සිද්ධි අමතක වනවා නොව. නව මාතෘකා දිනෙන් දින එක් වීම මඟින් පැරණි මාතෘකාව යටපත් කිරීමය. දේශපාලන කුහකත්වය ද, ඉහත ප්‍රලාප කීමට සමහරවිට ඉවහල් වේ.

මේ ආකාරයෙන් ගෙවී ගිය සති කිහිපයතුළ මාතෘකා කීපයක් ඉතිරි කළේය.

1) කටුනායක අධිවේගය විවෘතය.
2) චෝගම් (CHOGM) සමුළුව.
3) චැනල් 4 මාධ්‍යවේදින්ගේ පැමිණීම.

ඒ අතරින් මෙම වකවානුතුල පුවත්පත්වල පළවූ පහත කාටූන් මා සිත් ගති. සැබවින්ම ඒ ආණ්ඩු විරෝධී භාවයක් මත නොව. ඉතාම සංවේදී දේශපාලනික කාටූන් වූ බැවිනි. මෙම කාටූන් චිත්‍ර හසන්ත විජේනායකගේ සිතුවම් වන අතර, යථාර්ථය විවේචනය කරන්න, නිරූපණය කරන්න ඔහු සමත්වී ඇති බව මාගේ අදහසයි. එබැවින් එකී කාටූන් මඟින් අදහස් කරනා කරුණ/කරුණු පිළිබඳ වැඩි යමක් නොලියමි.

මේ කටුනායක විවෘත්තයට පෙර, තෙදිනක් සමාන්‍ය ජනතාවට පාරේ කා-බී  නටා විනෝද වීමට දුන් අවස්ථාක නිරූපණයකි.


 2013 චෝගම් වඩම්මාගෙන එන්නේ මහත් වූ හරසරිනි. ජනතා සෝ සුසුම් රැල් වේගයෙන් මුදාහරිමින් ඒ පිඹින්නේ චෝගම්වලට ජීවය දෙන්නයි.

 


අම්මේ, තාත්තේ, පංච මහා බලවේගයේ ආදීතමයාගේ සිට, නූතනයා දක්වා වූ පුරවැසියනි, දැන් සැරසෙමු! පියවන්න ඔවුන්ගේ අය-වැය හිඟය!!

පසුගිය දිනවල වෙනත් රටවල හමා ගිය සුළි සුළන් නැතත්, නියගෙට වේලී, සුළඟට හසුවූ පරිදි පීඩනයක් මිනිසුන්ට දැනෙන්නේ කාගේ ආශ්චර්යෙන්ද?


පසු සටහන

චීනය සමඟ ගනු දෙනු, 50% ක් ඉක්මවූ ලාභ දීමනා සහ ප්‍රසාද දීමනා.... තොරතුරු ටිකක් ලැබිණි. නැවත පෝස්ටුවකින් පෙන්වන්නම්.

ආශ්චර්යේ සිහින මාවගේ ගිලි සිටින කිසිවෙකුට වැරැද්දක් නොපෙනෙනු ඇත. එය මාගේ වරදක් නොව.

11 comments:

  1. පොලියට අරන් මගුලක් කන එක අපෙ සිරිතනෙ

    ReplyDelete
    Replies
    1. ඔව්.... උගත් පාඩමක්....

      Delete
  2. මට නම් මේවා දැක්කම මහා වේදනාවක් ඇති වන්නේ.ආත්මයකට ආරූඩ වු චරිතයක් සන්තෝෂ කරන්න මිනිස්සු ගන්න වෙහෙසක්.මොහොතකට හරි අපි හැමෝම මැරෙනවා කියලා මිනිස්සු න්ට හිතෙනවා නම් මේ වගේ වැඩ කරන්නේ නැ.ඉපදුණ අපි සැවොම සහායෝගයෙන් ජිවත් වෙලා මැරිලා යන්න ඇයි අපට බැරි?

    ReplyDelete
    Replies
    1. @සුභ උදෑසනක්
      ඹබට දැනෙන වේදනාව මටද දැනෙනවා. එය මා අර්ථ නිරූපණය කලේ සංවේදී අවස්ථා කිහිපයක් ලෙසය. ඔබ නඟන ප්‍රශ්ණයට මට ද පිළිතුරු නැහැ. නමුත් එය කවදා හෝ විය යුතුයි.

      Delete
  3. මට නම් මේවා දැක්කම මහා වේදනාවක් ඇති වන්නේ.ආත්මයකට ආරූඩ වු චරිතයක් සන්තෝෂ කරන්න මිනිස්සු ගන්න වෙහෙසක්.මොහොතකට හරි අපි හැමෝම මැරෙනවා කියලා මිනිස්සු න්ට හිතෙනවා නම් මේ වගේ වැඩ කරන්නේ නැ.ඉපදුණ අපි සැවොම සහායෝගයෙන් ජිවත් වෙලා මැරිලා යන්න ඇයි අපට බැරි?

    ReplyDelete
  4. උස්සලා පොලොවේ ගහන්න ඕන ඒවා බදාගෙන රෙද්ද අස්සේ දාගන්න ආණ්ඩුවකට එකතුවෙලා ගහනවා හැරෙන්න විකල්පයක් නැහැ තාවකාලිකව හරි.

    ReplyDelete
    Replies
    1. //එකතුවෙලා ගහනවා හැරෙන්න//
      සත්තකින්ම, මාත් එය වෙයි කියා අපේක්ෂා කරනවා.
      එම එක් වීම වේ යැයි කියන බිය නිසා, අනෙක් පක්ෂ අර්බුධවලට යොමු කරවමින්, විපක්ෂවල බහුජන නායකයින් බිලි බා ගනිමින් සහ බොදු බල වැනි සංවිධාන යොදවා මිනිසුන් ද එකාට එකා නැති කරවමින්...........

      Delete
  5. ඔබ නැවත ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි. මෙදා සැරේ චෝගම් එක සම්බන්ධව මම දැක්ක එක ධනාත්මක දෙයක් උණේ, මේවා කරන්නේ ණය වෙලා, ඒ නිසා මේකෙ බර ජනතාවට ඉක්මනින් දැනේවි කියන අදහස, මාධ්‍යවලින් මතු කරලා තිබ්බා. සාමාන්‍යයෙන් ඔය සත්‍යය ජනප්‍රිය සිංහල මාධ්‍ය එච්චර දකින දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කම්මලේ බල්ලාට හෙන ගැහුවත් දැනෙන්නේ නෑ කියනවා වාගේ, මා සිතන්නේ බහුතරයක් මිනිසුන්ටද මෙය දැනේවි යැයි කියා නොසිතමි. මිනිසුන්ට එය එතරම්ම සාමාන්‍යකරණය වී ඇති බව මට සිතේ.......

      කොහොමත් තවම චෝගම් සඳහා ගිය සියලු වියදම් ඉදිරිපත් කර නැහැ නේද?

      Delete
  6. අදත් තිබුනා පට්ට එකක්.. විමලේ ජේ වී පේ එකේ කක්කා දාලා ලොක්ක අතින් අල්ල ගෙන යන එකක්...

    ReplyDelete
    Replies
    1. වීමලේ, වී + මලේ
      මා එම කාටූනය තවම දැක්කේ නැහැ. සමහරවිට කවුරු හෝ ටැග් කර ඇති. බුකියේ සොයා බලන්නම්.

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...