Friday, January 2, 2015

දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති

මෙම සටහන/පරිවර්ථනය විශ්මී සහෝදරිය විසින් ලැබීමට සැලැස්වූ ලිපියකි.


**********************


එය තම තමන්ට මෙන්ම අනුන්ටද කල්පිතයන් පවසන වකවානුවක් විය. පුදුම සහගත ප්‍රමාණයකින් එවා ක්‍රියවෙහිද යෙදවුනි. ගොවියො ඉඩම් කැබලි කිහිපයක අස්වැන්න එක ඉඩම් කැබල්ලක් තුළට ගෙනවිත් ආශ්චර්යජනක අස්වැන්නක් ලබුන බවට පක්ෂ නිලධාරීන්ට පෙන්වූහ. මුළාවනසුලු නැතහොත් මෝඩ කෘෂිකර්ම නිලධාරීන්ට, වාර්තාකරුවන්ට, වෙනත් පළාත් වලින් පැමිණි අමුත්තන්න්ට සහ විදේශිකයන්ට නිසරු ඉඩම් සාරවත් ලෙස මවා පෙනවන ලදී. අකාලයෙ ගලවා සිටුවීම නිසත්, අධික උෂ්ණත්වය නිසාත් මෙම බෝග මැරී වටුණි. නමුත් අමුත්තෝ ඒ බව නොදැනගත්හ. නැතහොත් ඔවුන්ට දැනගැනීමේ අවශ්‍යයතාවයක් නොවීය. ජනතාවගෙන් බොහෝ පිරිසක් මෙම වියවුල් සහගත, උමතු ලෝකයට පිවිසුනහ. 'ශ්වයං-වංචාව සහ අනුන් රැවටීම' දැඩි ලෙස ජාතිය ග්‍රහණයට ගත්තේය. උසස් පක්ෂ නායකයෝ , කෘෂිකාර්මික නිලධාරීහු ඇතුළු බොහො දෙනා තමන් ආශ්චර්යය දුටු බව පැවසූහ. එය නොදුටු බව පැවසූවන් සැක කිරීමට භාජනයට ලක් වූ අතර දෝෂාරෝපණයටද ලක් විය.


බොහෝ ස්ථානවල නිෂ්පාදනයේ අධික වීම පිළිබඳව පම්පෝරි ගැසීම ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ට පහර දෙන ලදී.

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් හාරසියයි. (රාත්තල් 450ක් පමණ - සත්‍ය ලෙස පිළිගත හැකි අනාවැකියකි.)
එවිට ඔහුට පහර වැදුණි

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් අටසීයයි.

බොහෝ පහළ ශ්‍රේණි වල නිලධාරීන් සහ ගැමියන් මෙම සිදුවීම් වලට පැටලුනෙ හාස්‍යජනක පුරසාරම් විශ්වාස නොකළ නිසාය. නමුත් වැරදි කරුවන් වීමට ඇති බිය නිසාම ඇතැම්හු ඒවාට පැටලුණහ.

වාර්තා සහගත අත්භූත සාර්ථකත්වයන් පිළිබඳ දැනුම් දීමට පැමිණෙන ගැමියෝ විවිධ දේවල් ට්‍රක් රථවල පටවාගෙන අපෙ මිදුලට රැගෙන ආහ. දිනක් අතිවිශාල පිපිඤඤා ගෙඩියක් රැගෙන එනු ලැබිණි. එය ට්‍රක් රථයෙන් භාගයක් පමණ විශාල විය. තවත් අවස්ථාවක යෝධ ඌරෙක් ට්‍රක් රථයක පටවාගෙන ආවෝය. එම ඌර තමන් විසින් ඇතිදැඩි කල බව ගැමියෝ කීහ. ඌරා හදා තිබුණේ කඩදාසි තලප වලිනි.

මුලු ජාතියම මුසාවට යට වුණි. වචන සත්‍යයෙන් , වගකීමෙන් සහ මිනිසුන්ගේ සැබෑ හැඟීම් ඈත් විය. වචන වල තේරුම් නොමැතිව යාමෙන් ඉතා පහසුවෙන් බොරුව රජ විය.

Wild Swans - Jung Chang
පරිවර්තනය - ඩී. එම්. එස් . ආරියරත්න


**********************

ඔබ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්ධක්. වියරු ඒකාධිපති පාලනය, පලවාහැරීමේ සුබ නව වසරක් වේවා.
බොරුවෙන් සහ වංචාවෙන් මුලා නොවී නව වසර උදාවේවා..........!

යුද්ධය, සංවර්ධනය, වංචාව, දූශණය, අල්ලස්, මාෆියා, උද්ගෝෂණ, මර්ධනය, භීෂණය, අක්‍රමිකතා, ආශ්චර්ය්‍ය, චින්තනය, කුඩු, එතනෝල්, කැසිනෝ වැනි විවිධ මාතෘකා ගැන අප නොනවත්වා කතා කලෙමු. මේවා ගැන කතා කිරීමට දිනෙන් දින අලුත් පුවත් මැවිණි. පැරණි පුවත් යට ගැසිණි.
නමුත් ඒ පුවත් ගැන නොවිසිදුණ, යට ගැසුණ කරුණු අපමණය.
සැබෑ ජනතා අවශ්‍යතාවය............ රටේ සබෑ අවශ්‍යතාවය ................. යනු,
පුහු සංදර්ශන හෝ බොරු මවාපෑමේ රියලිටි කලාව නොව.
මර්ධනයෙන් පැවැත්ම රඳවා ගැනීමට සැමදා නොහැකිය.
බුද්ධිගෝචර නොවූ ඡන්ද දායකයින්ට මෙන්ම ව්‍යාපාර පංතියට රට සහ අපේ අනාගතය තීරණය කිරීමට ඉඩ දිය යුතු නැත.















ගිණි පොල්ලෙන් බැට කෑ මිනිසා කලාමැඳිරියාටද බයයි කියනවා මෙන්, මෛත්‍රී යුගක් පිළිබඳවද ඇත්තේ සැකයකි. බියකි. චන්ද්‍රිකා මැතිණිය ගේ සෙවනැල්ල තවත් බිය උපදවයි. 
2010 දී බොහෝ දෙනෙක් මහින්දට චන්දය දෙන විට කීවේ "දන්නා යකා නොදන්නා යකාට වැඩිය හොඳයි" කියා.
2015 වන විට "දන්නා යකාට වඩා නොදන්නා යකා හොඳ" වී ඇත.
අප ඒ තත්වයට පත් කළේද මේ රාජපක්ෂ පාලනයමයි. අපව ඒ තත්වයට අසරණ කළේ මේ රාජපක්ෂ වියරු පාලනයමයි.
අ‍නපේක්ෂිත අනාගතයකට තල්ලුකළ රාජපක්ෂ පාලනය පලවා හරිමු.

ප්‍රේමදාස යුගය පසුකළ අපට නැවත රාජපක්ෂ ඉතිහාසයක් හෝ වර්තමාණයක් හිමි නොවේවායි පතමු.
නමුත්, තත්ත්වය එසේමනම්, මෛත්‍රී යුගය අවසන් කරනට දායක වනුයේද අපමය. 

"දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති"

12 comments:

  1. ඒකනේ සාර් රජ්ජුරුවෝ මරද්දි බල්ලත් මරලා තිබ්බෙේ නේද????

    ReplyDelete
    Replies
    1. කොහොම හරි අවසානයේ තවත් රජෙක් සාටකයක් කරේ දාගෙන ගෙදර ගියා.

      Delete
  2. සුරලොව ගිය කුකුලන්, බල්ලන් තටු සහ හම හලා ගැනීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. හැළිලා, නමුත් තවත් කට්ටියක් දිනපු පැත්තට රතිඥ්ඥා දාලා එකතු වෙන්නයි යන්නේ.

      Delete
  3. මේ වෙනසක් සඳහා කාළයයි.. ජනාධිපති තුමාටත් එය අවබෝධ වීම පිළිබඳව.. එතුමාට අපගේ ගෞරවය...

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙනස උදාවුනා. බලමු, කොයි ආකාරයේ වෙනසක්ද කියලා. ඒකත පරණ ක්‍රමයම නම්.............

      Delete
    2. //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

      Delete
  4. ලුම්බිණිJanuary 5, 2015 at 6:54 AM

    ඔබගේ (සහ මගේ) පැතුම සාර්ථක වේවා කියල පතන අතරේම සුභ නව වසරක් වේවා කියලත් පතනවා.

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා.
      බලමු, මේ වසරේ මිනිසුන්ගේ මනසත් වෙනස් වෙයිද කියලා.

      Delete
  5. කෝ සුභාපතීමේ පොස්ට් එකක් දාල නැහැනේ..
    යහපාලනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා

      Delete
    2. ඔවු....... යහ පාලනය වේවා.

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...