Wednesday, October 10, 2012

යදමින් බැඳ විලංගුලා ෴

හුදෙක් මෙය මාගේ දැක්ම පමණක් නොවේ, අප සැමගේ දැක්ම විය යුතු ය.




මා, මාගේ බ්ලොග් එකේ මාතෘකාව කර ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්, අප අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන, “පවන“ ගීත සමුච්චයේ වූ පහත ගීතයයි. අතීතයේ සිට අද දක්වාම සමාජ පාලනයේ පැතිකඩක් ගතහොත් මෙම ගීතයෙන් කියවෙන සමාජ අසාධාරණය ඒ ආකාරයෙන්ම සිදු නොවුණත්, එය අඩු වැඩියන් සහිතව තවමත් සිදු වෙමින් සහ සිදු කරමින් පවතී.

අප රටේ රාජ පාලන ක්‍රමයේදී රජුගේ පාලනය තහවුරු කර ගැනීමට සහ රට පාලනයට ඉවහල් කර ගනු වස් දෙතිස් වධය ක්‍රියාත්මක විය. මෙම ගීතයෙන් කියවෙන පරිදි සමාජ අසාධාරණයන්ගෙන් මිදී සමාජවාදී සමාජ විප්ලවයක් කරා සමාජය මෙහෙයවීමේ මෙහෙවර පාපයක් කරගත්, තරුණ/තරුණියන් දහස් ගණනක් වධයට සහ මරණයට ලක්වේ. සමාවෙන්න මරණයට පත් කරයි. සෞන්දර්යාත්මකව අරුත් ගැන්වීම සදහා දෙතිස් වධය යන වදන භාවිත කළද ඇත්තෙන්ම එය ඊට සීමා නොවීය. පැරණී රාජ ක්‍රමය තුළ දී දඩුවම් දීම සදහා මෙයින් එක් වධයක් තෝරා ගත්ත ද, වර්තමානයේ පවතින බල ලෝභී භාවය, දේශපාලනිත කෘෘරත්වය, විකෘත්ති ධනේශ්වර සමාජ ක්‍රමය හේතුවෙන් එහි සීමාවක් නොමැතිය.




යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්

ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වධය පමුණුවන්

අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්

කුමට ‍එරට අධිකරණය - නීතිය හා විනිසුරන්


කකා බිබී නටන අතර - නරුම යහළු යෙලියන්

පන්දු කෙළින අතර ඉහළ - පාසල් වල අමනයන්

රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්

එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්


යදමින් බැද විලංගුලා...//


ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්

කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්‍

කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ළඟ උතුම්


යදමින් බැද විලංගුලා...//


විඩියෝව :- යදමින් බැඳ විලංගුලා ෴ 












විශාරද නන්දා මාලනී











මහාචාර්ය සුනිල් ආරියරත්න












සංගීතඥ සරත් දසනායක



වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම නන්දා මාලනී මහත්මිය යනු අග්‍රගණ්‍යයේ ශේෂ්ඨ ගායිකාවකි. එමෙන්ම තාමත් නිරහංකාර මෙන්ම,නිර්පාක්ෂිකව සමාජ යථාර්ථය දකින පොළෝවේ පය ගසා සිටින ගායිකාවකි. දිළිදු පවුලක උපත ලද ඇය, ඇගේ අසීමිත හැකියාවෙන්ඉදිරියට ආවද තමන් නියෝජනය කළ සමාජ පංතිය අමතක කළේ නැත. මාගේ අදහසට අනුව ඇය දේශයේ වීරවරියකි. ඇය පසුගිය(2012-10-14) අවසන් ශ්වේත රාත්‍රියේදී ඇගේ “පවන“ සහ “සත්‍ය‍යේ ගීතය“ යන ඇල්බම්වල ගී කිහිපයක් ගායනා කිරීමේන් මේ බව නැවතපසක් කළා නෝවේද.

සුනිල් ආරියරත්න මහතා ද ඉතා විශිෂ්ට නිර්මාණ කරුවෙකුවන අතර, ඔහු එදා දුටු සමාජ යථාර්ථය අද නොදැකීම හෝ දේශපාලනපක්ෂග්‍රාහී වීම හේතුවෙන් හෝ ඔහු වෙත ද වීරත්වයක් ආරූඪ කිරීමට තබා විශේෂයෙන් ඔහුගැන යමක් කීමට මා හට නොසිතේ. නමුත්ඇත්තෙන්ම ඔහුගෙන් එවකට බිහිවූ නිර්මාණ, එදා මෙන්ම අද සමාජයේ ද යථාර්ථය සෞද්ධර්යාත්මකව අප මනසේ ප්‍රකෘත්තිමත් කිරීමටසමත් වූ බව කිව යුතුය. එනම් කලා කෘතියක තිබිය යුතු උසස්ම ලක්ෂණ නොඅඩුව එකී කෘතිවල අන්තර්ගතව තිබුණි. සංගීතඅධ්‍යක්ෂකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයකු, වූ සරත් දසනායක මහතා උක්ත ගීතයට මෙන්ම තවත් ගීත විශාල සංඛ්‍යාවකට ස්වර මුසු කරමින්අප සවන් පිනවීමට මහත් දක්ෂතාවයක් දැරුවෙකු විය. ඔහුගේ ස්වර නාද මනා සේ අප මනසට රිංගවීමටත් ගීතයේ අරුත් අවබෝධකරලීමටත් සමත් විය. එය අද බොහෝ සෙයින් ඇසෙනාවූ දෙපා නළවන හෙවත් හැගීම්වලට වහල් වූ සංගීතයට වඩා කෙතරම් විශිෂ්ටදයන්න ඔබට පසක් කර ගත හැකිය.

නමුත් අද සමාජ තලය තුළ එවන් අග්‍රගණයේ කලාකරුවන් බිහි වීම උගහටය. රටේ ආර්ථිකයේ හැසීරීම මත පීඩනයට සහ ව්‍යාකූලත්වයටපත් මනස් ඇති මිනිසුන් සැනසිය හැකි ආකාරයේ ගි තොරක් නැතිව බිහිවෙන මෙවන් යුගයක, උසස් රස වින්දනයක් ලැබිය හැකිආකාරයේ ස්වභාවික ගීත මෙන්ම වෙනත් කලා කෘතී ද බිහි නොවෙනවා ම නොවේ. නමුත් එකී ගීතද සමාජ සංශෝධයකට හෝ අවමවශයෙන් සමාජ යථාර්ථය පසක් කිරීමට සමත් නොවීම ඉතා ඛේදනීයයි. උසස් යථාර්ථවාදී නිර්මාණ බිහි නොවීමට තවත් ප්‍රබල සාධකයක්වනුයේ ධනේශ්වර පාලනයක ක්‍රමයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිනම් හෝ පාලන ක්‍රමය විවේචනය වේනම් එකී නිර්මාණයසමාජගතවීමට ඉඩ නොදීමයි. ඉහත ගීතය මෙන්ම තවත් ගීත ගණනාවක් ද, තහනමට ලක්වනුයේ එබැවිනි. එපමණක්ද නොව යහපත් සමාජසංශෝධනයකට මං පෙත් සැකසීමේ පාපය හේතුවෙන් ඔහුන්ට එම කාල වකවානුවේ දී රට හැරදා පලා යාමටද සිදුවනුයේ එබැවිනි.

නැවත ඇත්තෙන්ම 60-90 අතර කාලය තුළ බිහි වූ විශිෂ්ට කළා කෘතී හා සමාන නිර්මාණය කෙතෙක් දුරට අද බිහි වෙනවාද? අතරින් පතරබිහිවන හෝද කෘතීවලට සමාජයේ තැනැක් නොලැබී යනුයේ මන්ද? අද රූපවාහිනිය සහ රේඩියෝව විවෘත්ත වී ඇත්තේ මොනවාද? මේසියල්ලම අද ඉලක්කකර ඇත්තේ බුද්ධිය නොව මිනිස් හැගීම් නොවේද? සියල්ල අලේවි වෙන සහ අලේවි කරමින් පවතින ලෝකයේඅධ්‍යාපනය මෙන්ම කලාවත් අලෙවි විය යුතුද? එහිදී සමාජ සත්තා යථාර්ථ මූලධර්මයට යටත් කෘතී බිහි වෙයිද?

හොද, යහපත් ජාතියක් බිහිකිරීමට කලාව වැදගත් නොවේද? නමුත් අද අපේ කලාවට සිදුවී ඇත්තේ කුමක්ද? යහපත් සාරධර්මයන්නේ පිරිසමාජයක් බිහිකිරීම උදේසා කලාව පෝෂණය කළ යුතු බව පාලන තන්ත්‍රවලට නොතේරෙන්නේ මන්ද? අවම තරමින් ඔහුන්ටද කලාවේඇති කාර්යභාරය සහ වැදගත්කම අවබෝධ කර ගැනීමට හෝ නොහැකි වීම ගැන අප කම්පා විය යුතුය.

මෙම කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද යථාර්ථවාදී ගීත කිහිපයක් හෙවත් “විමුක්ති ගී“ ලේබලයෙන් ගීත නිර්මාණය විය. නන්දා මාලනීයන්ගේ ඉහත ගීතය අඩංගු වූ “පවන“ ගී ඇල්බමයේ සහ “විමුක්ති ගීත“ ගීත අතර බැලූ බැල්මට සමාන කමක් දැකිය හැකිය. නමුත්, එහි එකිනෙකට පරස්පරතාවයක් ද ඇත. එනම්, විමුක්ති ගී වල අණ කිරීමක් හෙවත් විධානය දීමක් අන්තර්ගත විය. නමුත් “පවන“ ගීත තුළ මනසේ අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එකී ගීත සියල්ල එම කාල වකවානුවේ කැපී පෙනෙන සමාජ මෙහෙවරක් කිරීමට දායක වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. නමුදු අද “විමුක්ති ගී“ ද නිර්මාණය නොවේ. ඒ අනුව බලන විට ඔහුන්ද අද සමාජ ක්‍රමයේ ගොදුරක්ව බවට පත්වෙමින් තිබෙනවාදෝ කියා සාධාරණ සැකයක් මතුවේ.

එසේම දයාබර මිතුරනී, ගීතයෙන් කියවෙන සමාජ යථාර්ථය හෙවත් එදා සිට අද දක්වා සිදුවන මෙම සමාජ අසාධාරණය පිටු දැකීමටත් යහපත් සමාජයක් ක්‍රමයක් ගොඩනැගීම ට ත් දායක වීම සහ එයට සුදුසු මංපෙත් (දේශපාලනික හෝ සමාජීය හෝ වෙනත් ඕනම ආකාරයකින්) සකස්කර දීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද? එය ඔබට නොතේරේනම් ඔබ සමාජයට බරකි. ෴

පසු සටහන-
2012 - සැප්තැම්බර් 27 වන දින අලුයම කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී අභිරහස් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  ක්‍රියාකාරී ශිෂ්‍ය සහෝදරයන් දෙදෙනෙක් වන ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා)  මරණයට පත් විය. ඔහුන් ඒවන විට නිදහස් අධ්‍යපනයේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග එක්ව දියත් කළ පාගමනක සංවිධායකවරුන් නිතරව සිටීය. මරණයට පත් වූ මාතලන් සහෝදරයා ඊට මාස කිහිපයකට පෙර චැම්පර් බ්ලොග් එකෙහි “ යදමින් බැඳ විලංගුලා “ ගීතය සදහා පහත සටහන තබා තිබුණි.

දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
පාළකයෝ යාලුවො හින්දද...?
තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
 නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...

14 comments:

  1. කතාවන් සහතික ඇත්ත...

    ReplyDelete
  2. sahathika atha, ada mewa kiyen kidenatada therum ganna puluwan,,,,,,,,,,,,,,








    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම මා ඔහුන්ගේ නම සමඟ මහත්මා/මහත්මිය නමින් අමතනු ලැබුවේ උවමනාවෙන්ම ය. එය ඔහුන්ට ගරු කිරීමක් ලෙස මා සිතනු ලැබුවා. “නන්දා මාලනී විසින්“ ලෙස ඉදිරිපත් නොකර “විශාරද නන්දා මාලනී මහත්මිය විසින්“ කියා මා සටහන් කරනු ලැබුවා. සත්‍ය වශයෙන්ම මම ඇයට ගරු කරමි.
      මා බොහෝ අවස්ථාවල පුද්ගල නාම සමග මහත්මා ආමාන්ත්‍රනයක් කළා. එහි වැරැද්දක් ඇති ද?

      Delete
    2. කතන්දර මහත්තයාගේ අදහස වැරැදීමකින් මා අතින් මැකි ගියා. එහි සඳහන් වූයේ,

      /* මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්, අප අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් */

      මේ මහතා මහත්මිය කෑලි වලින් මේ කලාකරුවන්ට වන්නේ අවනම්බුවක් බව මගේ හැඟීමයි.
      යන අදහසයි.

      Delete
    3. අනේ කතන්දර දන්නවද මිනිස්සුන්ට ගරු කරන්න?
      බොරු ඕවා.

      Delete
  4. නන්දා මාලනි හා සුනිල් ආරියරත්න යනු ඒ භීෂණ සමයේ තිබූ මනෝ භාවයන් මැනවින් අවබෝධ කරගෙන ඒවා විකුණා ලාභ ගැරූ ශූර වෙලඳන් දෙපලක් බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා. මුදල් සෙවීම අංක 01 නම්, මෙවන් උසස් නිර්මාණ බිහි වෙනුයේ නැහැ. මා දන්නා තරමින් නන්දා මාලනීට පවන ප්‍රසංගය සීමිත වාර ගණනක් පමණයි පවත්වන්න පුළුවන් වූයේ. ඇයටත් රටින් පැන යන්න සිදුවූවා. එමෙන්ම අදත්, ඇය සමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන කෙනෙක්.

      Delete
  5. පුද්ගලිකව මා ඉතා අගය කරන ගීත කිපයෙන් එකකි මේ. අපි එවන් යුගයක සිටි බව අමතක වී ඇති නිසාවෙන්ම අද පවතින යථාර්තය ද 'ආශ්චර්යයෙන්' වැසි ඇත.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාද ඉතා කැමති ගීතයකි. එබැවිනි එම ගීය මා මුලින්ම තෝරා ගනු ලැබුවේ.

      Delete
  6. කුහකකම ඇත්තේ කා තුලද කියලා මේ ප්‍රතිචාර දෙස බැලු විට පෙනෙන්නට ඇත.ඔබේ උත්සහාය සාර්ථකය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  7. පට්ටම ගීතයක් නේ....නන්දා මාලිනිය ගැන නම් කතා කරන්න දෙයක් නෑ.

    "මිනිසා ස්වබාවිකවම කුහකයෙක් නොවේ. පවතින ක්‍රමය ඔවුන් කුහකයින් බවට පත් කරයි.එ බැවින් කුහක මිනිසුන් බිහිවීම...එකී කුහක මිනිසුන්ගේ වරදක් නොවේ.වඩ් වැදගත් කාරනාව මෙයයි...."යහපත් මිනිසුන් පෙරමුන ගතහොත් කුහක මිනිසුන් තව දුරටත් බිහිවීම සදහටම නවතා දැමිය හැක."

    ReplyDelete
  8. බොහොම ලස්සන අති අනර්ඝ ගීතයකි මගේ හදපිරි සුබපැතුම්

    ReplyDelete
  9. මේ ගැන ලියවුණු පොත් මොනවද ?

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...