Sunday, January 27, 2013

ගල්, වැලි, බොරළු - බස්සෝ


ලංකාවේ බොහෝ ප්‍රදේශවල භූ විෂමතාව සැලකුවහොත් ඉහත මාතෘකාමය කරැගෙන සඳහන්කර ඇති ඉදිකිරීමේ අමුද්‍රවය්‍ය වලින් එකදු හෝ ද්‍රවය්‍යක් පහසුවෙන් සපයා ගනීමේ හැකියාව ඇත. නමුත්, විවිධ පාරිසරික සහ සමාජීය හේතුමත බොහෝ පළාත්වල පිහිටි  ඉහත අමුද්‍රවය්‍ය (තවත් අයුරකින් කියතොත් ඛනිජ නිධි) කැණිම රජය විසින් අවහිර කර ඇත. බොහෝ විට නාය යාම්, සෝදා පාලුවීම, වනාන්තර විනාශය ආදී කරුණු මීට මුල්බැස ඇත. එය කාලෝචිත කාරණයකි. නමුත්, එහි හොඳ ද තම ගොඩට බා ගැනීමට පාලන පංතියට කිසිදු හැකියාවක් නැත. මන්ද යත්, අමුද්‍රවය්‍ය ලබා ගැනීම සඳහා අනුමත කර ඇති නිධි සඳහාද තමාන් විසින්ම උත්තරීතර යැයි කියා ගන්නා ගැබ තුළ සිටිනා උත්තමයන් අරක්ගෙන ඇති බැවිනි. නමුත්, අප පෙර අසා ඇති එක් එක් ස්ථානවලට අරක්ගනු ලබුවේයි හෝ අරක්ගනු ලබන්නේ යැයි හෝ කියන දෙවිවරු, උක්ත කී උත්තමයන් මඟින් විස්ථාපනය වේ. මෙකී භූමි සැලකුවහොත් උත්තමයන් විසින් අර්ධ වශයෙනුත්, පූර්ණ වශයෙනුත් මෙන්ම උත්තමයන්ට ළඟා විය නොහැකි හෝ එතරම් ලාභදායි නොවූ හෝ ස්ථාන ඔහුන්ගේ ම කුළුපඟ විධායක සහ අනෙකුත් නිලධාරි මහතුන් හෝ අඳබාලයන් විසින් හෝ අරක්ගෙන සිටී. මේ අනුව බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ එක් චරිතයක් හාස්‍යයට ලක්කරනු වස් දැක්වූ “ගල් වැලි බොරළු බස්සා“ යන්න අපට සෑබෑ ළොවේදී ද හමුනොවෙනවා නොවේ.

මා ඉහත සරල සංෂිප්තව දැක්වූ අදහස ඔබට වැටහී ගියේ යැයි සිතමි. එබැවින් මේ වර්තමාන ඛෙදවාචිකය ගැන අප අවධානය යොමු කළ යුතු ය. එයට දැනුදු පමා වුව ද පමා නොවූවායැයි සිතා කටයුතු කිරීමට සිදුවේ. නමුත්, අපට කඩු පොලු ගෙන නීතිය අතට ගෙන මෙකී සාධක වැළැක්විය නොහැකි ය. ඒ සඳහා අවශ්‍ය වනුයේ සුදුසු පාලකයින් තෝරා පත්ර උත්තරීතර යැයි කියන ගැබ හෙවත් පාර්ලිමේන්තුවට තුළට රිංගවීමය. බොහෝ දෙනෙකුට මීට වඩා විකල්ප කීමට තිබිය හැකිය. නමුත්, එය අනවශ්‍ය දිශාවකට තල්ලුවීමක් යැයි මට හැගේ.

පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේ අපූරු හෙළිදරවුකිරීමක් සිදුවිය. මහවැලි ගගෙන් ගොඩ ගනු ලබන වැලි රටේ බෝහෝමයක් ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු ලබනුයේ ලොරි රථ මඟිනි. නමුත්,  ගිරාදුරුකොට්ටේ, විල්ගමුව මාර්ගය ඔස්සේ රැගෙන යනු ලබන ක්‍යුබ් 3 සහ 5 ආදී විවිධ ප්‍රමාණවල ධාරිතාවයන් සහිත වැලි ප්‍රවාහන ලොරි රථ සඳහා පැරැණි ජන කවියක කියැවෙන ආකාරයේ ම මාතර කිබුළිගෙ පැටියෙකු බිහි වී ඇත. තල්ල සුදු නොවූනත් මේ කිඹුල් පැටියා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා ය. මහවැලි වැලි කැණිමේ ව්‍යාපාරය හා සබඳකම් ඇති අයට ප්‍රසිද්ධ රහසක්ව තිබූ මේ කාරණය රටට දැනෙන පරිදි හෙළිදරවුව කරනු ලැබුවේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී තේණුක විදානගමගේ මන්ත්‍රීවරයා විසිනි. වර්තමාන රටේ දේශපාලන වාතාවරණය අනුව මෙවැනි ප්‍රසිද්ධියේ කරන හෙළිදරවු කිරීම් සඳහා බලපාන පොදු ධර්මතාව යැයි සැක කළ හැකි පරිදි අද (27) වන විට විදානගමගේ මන්ත්‍රීවරයාගේ අතක්ද බිඳ දමා රෝහල්ගත කර ඇත. මන්ත්‍රීවරයා විසින් පොලිස් කට-උත්තර වෙනස් කර ඇති අතර, පාලන පංතියේ උවමනාව මත සංශෝධිත කටඋත්තරය ලෙස දැන ගනීමට ලැබෙනුයේ රිය දොරට අත අසුවී මෙම හානිය කමාට සිදුවූ බවය. එය අපට, තමා විසින් ම ගස් බැඳ ගැනීම, තමා විසින්ම බිම පෙරළි පෙරළී ගසා ගැනීම වැනි විහිළුසහගත අවස්ථා අපගේ මතකය නැවත නැවත ආවර්චනය කරයි.

පාර්ලිමේන්තුවේ කළ හෙළිදරවුව අනුව වසන්ත මන්ත්‍රීවරයා එක් ලොරියකින් රු 1000/- ක් බැඟින් දිනකට වැලි ප්‍රවාහනය කරන ලොරි රථ 400 කින් පමණ මුදල් සොයා ගනී. කෙටියෙන් පවසනවානම් වර්තමානයේදී, ජනතාවගේ මුදලින් ඉදිවන, ජනතාවගේ මුදලින් ම නඩත්තු කරන සහ ටෙන්ඩර් මඟින් එක් එක් ව්‍යාපාරිකයාට පවරා දෙන නාගරික පොදු වැසිකිළියේ සිට ඉහළ මට්ටම දක්වාම පගාව නැතිනම් කප්පම උඩු දුවා ඇත. වැසි දිනවලදී වැසිකිළි කප්පම සරු වනවා සේම, ඉදිකිරීම් කෙෂ්ත්‍රයේ වර්ධනයත් සමඟ ඉහත කී ගල්, වැලි, බොරළු කප්පම ද වැඩි වේ.

සමාන්‍යෙයන් වැලි ප්‍රවාහනයේදී ද අපේ පොලිස් නිලදරයින් ගෙන් සැලකිය යුතු පිරිසක් ද මෙකී කප්පමට හවුල් වේ. උදාහරණයක් ලෙස කියතොත්, වැලි ප්‍රවාහනයේදී දිනකට එක් වරක් පමණක් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලැබෙනුයේනම්, එම අවස්ථාව භාවිත කළ බව සටහන් නොකර යැවීමට එක් ඉස්ථානකින් මෙකී නිලධාරයින් රු 100 ට නොඅඩු මුදලක් අයකරනු ලැබේ. සමහරෙකුට මෙය අළුත් වැට් බද්දක් වනු ඇත. මා මෙම කාරණය මෙහි සඳහන් කළද, සත්‍ය වශයෙන්ම මේය ප්‍රසිද්ධ රහසකි. මෙම නිලධාරීන් වැටලීමට පැමිණිලි අවශ්‍ය ද? අවශ්‍ය වූවත් දැලි පිහියෙන් පැණි කෑමට ඉදිරිපත් වෙනුයේ කවුරුන්ද. එත්, අවම වශයෙන් පැමිණිල්ල ක්‍රියාත්මක වෙනවානම් හෝ ඇතෙමෙක් දැලි පිහියෙන් පැණි කෑමට සූදානම් විය හැකි ය.

මාර්ග සංවර්ධනයේදී සහ ගොඩනැඟිලි ඉදිකිරීමේදී ද සඳහන් කළ අනෙකුත් අමුද්‍රව්‍ය වන, ගල් සහ බොරළු සපයා ගැනීමේදී ද කෙතරම් වංචා සහ දූෂණ සිදුවේද? මේ සියල්ල කප්පම මත තීරණය වේ. කොන්ත්‍රාත්තුව ගනු ලබන ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාව වනුයේ කෙසේ හෝ තම ඉදිකිරීම අවසන් කර ලාබ ගැනීමටය. ඒ සඳහා ඔහු නීතියේ සහ රජයේ අනෙකුත් ආයතනවලින් රිංගා යෑමට තැන් සොයයි. එකී තැන් නිර්මාණය කර දීමට සමහර නිලධාරී මහතුන් සැදී පැහැදී සිටී. ළඟම උදාහරණයක් මේ සඳහා ද ලක්වන්නම්. සමාන්‍යෙයන් මාර්ගයක් නැවත සංවර්ධනය කිරීමේදී හෝ පුළුල් කිරීමකදී ග්‍රැවල් හෙවත් බොරළු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය එක් එක් මාර්ගයේ ශක්‍යතාව මත වෙනස්වේ. නමුත් අවශ්‍ය මුළු ප්‍රමාණයට ම ඔහු රාජ්‍ය භාගය ගෙවිය යුතුවේ. එය විශාල මුදලකි. එහෙත්, කොන්ත්‍රාත්තුකරු බලපත්‍ර ලබා ගනුයේ අවශ්‍ය ප්‍රමාණයට 10 න් පංගුවකටත් අඩු ප්‍රමාණයක් සඳහාය. එහිදී කොන්ත්‍රාත්තුකරු ලබන ලාභයෙන් කොටසක්, ඊට සම්බන්ධ අදාළ නිලධාරී මහතුන් අතරේ බෙදී යන බව මෙම කේෂ්ත්‍රයේ නියලි පිරිස් දන්නා ප්‍රසිද්ධ රහසක් ය. මේම සියලු සිද්ධි වැටලීම සඳහා පැමිණිලි අවශ්‍ය ද?

ඉදිකිරීම් සඳහා ගල් කැණීමේදී ද තත්ත්වය මේ ආකාරයෙන්ම සිදු වේ. කිසියම් කටයුත්තකට ගල් බිඳීමක් හෝ බොරළු කැණීමක් කරන විට ඔහුන් විසින් කැණීම් කර ඇති ප්‍රමාණයට වඩා ඉතා සුළු මුදලක් පමණක් රාජ්‍ය භාගය ලෙස ගෙවා ඇති බව කෙටියෙන් පවසමි. මේ වංචාවල් සඳහා දායක වීමට ආයතන කිහිපයක නිලධාරී මහතුන් කිහිපදෙනෙකු සහ සහ පාලන බලවතුන් එකි නෙක අත්වැල් බැඳ එක්තරා සංගමයක් (Union) ලෙස සිටින අතර, එවැනි කාර්යන්ට සම්බන්ධ නොවන නිලධාරී මහතුන්හට මෙය අගෞරවයක් නොවේවා යි කියා මා කියමි. මන්ද යත්, අප මේ ගසනා ගලක් පොකුරකට ම වැදිය හැකි බැවිනි. තම ආත්ම ගෟරුත්වය රැකගෙන නීති ගරුකව වැඩකරන මිනිසුන් සැබවින්ම අප අගය කළ යුතු ය.

පසු සටහන
කැණීම් සඳහා බලපත් ලබා දීමට බෝහෝ විට භූ විද්‍යා හා පතල් හා කැණීමේ කාර්යාංශය මැදිහත් වේ. වනාන්තර ආශ්‍රිතව කරනු ලබන කැණීම් හෝ වනසංරක්ෂණ දේපාර්තමේන්තුව සතු නිධී කැණිම් කරන විට හෝ ඊට වනසංරක්ෂණ දේපාර්තමේන්තුව මැදිහත් වේ. සමහර ඛනිජ නිධි වලින් ඛනිජ ද්‍රව්‍ය එක් රැස් කිරීම ට අවසර දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැදිහත් වේ. 
විශාල සංවර්ධන කාර්යන් සඳහා අමු ද්‍රවය්‍ය සැපයීමේ දී ප්‍රදේශයේ පාලන බලවතා හෝ ඔහුගේ නියෝජිතයෙකු මාර්ගයෙන් හෝ බොහෝවිට සිදුවේ. 
තේණුක සහ විදානගම මන්ත්‍රීවරුන් අතර කලක් සිට මත ගැටුම් පැවැති අතර, ආරවුලට ආසන්නම සිද්ධිය ඉහත පරිදි විය යුතුය. දැනට විදානගමගේ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි. 
පහර දීම මෙහෙයවන ලද ලක්ෂ්මන් පෙරේරා මන්ත්‍රීවරයා පාලන පංතියේ ප්‍රබල භූමිකාවන් සමඟ ඉතා කිට්ටු සඹඳකම් පවත්වන අතර, ප්‍රබල දේශපාලන භූමිකාවක ලේලියක් වන ලෙක්සිකා යන අය සමඟ නීති විරෝධී ලෙස ස්ප්‍රීතු ජවාරමක් සිදු කරන බවද, මෙම සිද්ධිය සමඟ හෙළිවූ අනෙකුත් පුවත් අතර වේ. ඒ අනුව ‘හිඟුරාන අරක්කු’ නිෂ්පාදනය හරහා කෝටි ගණනින් රාජ්‍ය බදු වංචා කිරීමට ලක්ෂ්මන් මහතා දායක වී ඇත.

13 comments:

  1. මෙවැනි අක්‍රමිතා ගැන අහද්දී ඇතිවෙන්නේ අසීමිත දුකකි,කණගාටුවකි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලියන්නත් දුකයි. එත් කරන්න දෙයක් නෑ.

      Delete
  2. allasa ha dushanaya ..! den ahalama epa welaa ..kohe beluwth kathaa karanne oya dewal genamai ..e wunata wisandumakuth ne ..hmm

    ReplyDelete
    Replies
    1. ඔව්. රටේ දියුණුවට, ජනතාවගේ ගැටලුවලට, ළමුන්ගේ අනාගතයට.... මේ සියලු දෙයට විසදුම්, අල්ලස, දූෂණය සහ අක්‍රමිකතා සමඟත් බැඳී පවතිනවා.

      Delete
  3. මුලින් ම කියන්න ඕන කාරණය නම් කිසිදු අකටයුත්තක් කිරීමට නොහැකිය බලධාරින්ගේ හෝ නිළධාරින්ගේ උදව්වක් නැතිව.උත්තරීතර ස්ථාන පිරිසිදු නම් නිර්මලාට අද මෙවැනි මාතෘකා වෙනුවට වෙනත් මෙහෙවරක් කිරීමට තිබිණි.එහෙත් අවාසනාවක මහත.රටක සම්පත් විනාශ කිරීම පාපය කි.ඔබත් රටට සම්පතකි.එහෙත් රටේ සිටින හොර තක්කඩින් නිසා ඔබ වැනි අයගෙන් රටට ගන්න තිබෙන කාර්යන් හරි හැටි සිදු කර ගැනිමට නොහැකි පසුබිම් සකස් විම කණගාටුවට කරුණකි.අශ්චාර්යට අපි ගොස් ඇත.එහෙත් එය අයපත් අශ්චාර්යකි .

    ReplyDelete
    Replies
    1. ඔබ හොඳ සටහනක් කළේ. මා පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ කාලය, ශ්‍රමය, මුදල්, ජීවිත ඉතිරිවේවි. සමහරවිට අප උඩුගම්බලා දුවනවා විය හැකියි. නමුත්, දැත් බැඳ අපට කළ හැකි දෙයක් නැතැ යි කියා ගොළුවන් බිහිරන් සේ හිඳිනවාට වඩා කළ හැකි යම් කර්ථවය්‍යක් තිබේනම් එය කිරීමට උත්සාහ කරනවා. එබැවින් හිතට දැනෙනා හැඟීම මත ලියමි. ජනතාවද එය වටහා ගත යුතුය. හුදෙක් ම රචකයෙකුට පමණක් කළ හැකි දෙයක් නොවේ මෙය.
      අනිත් කාරණය යමක් නොදැන ජීවත් වනවාට වඩා, ඒ පිළිබඳව දැනගෙන අවබෝධයෙන් ජීවත් වීම හොඳයි කියා සිතනවා.

      Delete
  4. නීතිය රකින්න ඉන්න අය නීතිය කඩනවා නම් වැරදි කරනවා නම් මොන කතාද ඉතින්..

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයම් කානම්....

      Delete
  5. මේ දේවල් පාර්ලිමේන්තුවට ගෙනහැර දැක්වූ පුද්ගලයට පහරදී රෝහල ගත කර ඇත. ඕකයි ලංකාවේ තත්ත්වය. අසාධාරණයට එරෙහි වන්නන්ට හිමිවන්නේ පැහැදීම් අන්ත්තම් මරණය. :(

    ReplyDelete
    Replies
    1. මේ හේතුව නිසායි මිනිසුන් දන්නා දේ එළි කරන්න මැලි....

      Delete
  6. කොහොම හරි ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කපලා ඉවරයක් වෙනවනම් හොඳයි. ඔබ සඳහන් කරුණු සියල්ල නිවැරදියි. මට ලැබුන ආරංචි වලට අනුව අම්පාරේ බූමීකම්පාත් මේකෙම තව කොටසක්. මුන්ට මිනිස්සුන්ට, ගොඩනැගිලි වලට හෙන ගැහුවත් අවුලක් නෑ. තවත් මා දරන ප්‍රභල මතයක් නම් වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන, ජලය, හෝ ආසනික් නොව ඒ ප්‍රදේශවල ඇති තත්වයෙන් බාල අරක්කු බවයි. ඒ වෙළඳාම කරන්නේත් මෙහි එන පාත්‍ර වර්ගයායි. මේවා මෙතන ලියන්නේ ඔබ ඒ ගැන උනන්දු නිසයි.

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඔබ කියන දේ ද විය හැකියි. ඌරාගේ මාළු උගෙ ඇගේ තබා කැපීමට සමහර මිනිසුන් තාම බයයි. ඒ නිසා ඔහුන් කර ගත් විපත ගැන මෙනෙහි කර කර මිදි ඇඹුල් කියනවා.

      Delete
  7. කියන්නට බොහෝ දේ ඇතත්, කිසිවක් නොකියා යමි!
    (කියන්න හිතෙන්නේ නැත)

    ජය වේවා!!

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...