Wednesday, December 10, 2014

සිදුහත් කුමරු උපන් තැන විභාග අංශය නොදනී



දැන් 2014 සමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. ආරම්භයේදීම බුද්ධ ධර්මය ප්‍රශ්ණ පත්‍රයේ අවුලක් ඇත. මේ ඒ පිළිබඳව අද ලංකාදීප සහ ලංකාටෲත් වාර්තාකර තිබූ පුවතයි.

සිදුහත් උපන් තැන විභාග අංශය් නොදනී?
මෙවරත් විභාගය අනයි.



------------------------------------------------------------------------------------------------
පෝස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (2014-12-09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නයක ගැටළු සහගත බවක් තිබූ බව සිසුහු සහ ගුරුවරු පවසන ලද අතර මාධ්‍ය වාර්තාද විය.
පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කියා ඇත්තේ ද එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.

සිදුහත් කුමාරයා උපත ලැබුවේ කොසොල් රටට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර වූ,
1) දෙව්දහ නුවරය
2) සැවැත් නුවරය
3) කපිලවස්තු පුරය
4) කිඹුල්වත් පුරය

එම පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුර තෝරන්නට තිබිණි.

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ සඳහන්ව ඇත්තේ ශාඛ්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තු පුර ලෙසිනි.

කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා පැවසුවේ කිඹුල්වත් නුවර කියනුයේ ද කපිලවස්තුපරයටම බවයි.

කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා කියනුයේ ද කපිලවස්තුපුර හා කිඹුල්වත් නුවර එකක් බවයි.

නමුත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියා ඇත්තේ.
"ප්‍රශ්න පත්‍රයක දෙනුයේ වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්නට බවත්, ළඟින් යන උත්තර කිහිපයක් තිබුණත් නිවැරදි පිළිතුරක් තිබෙන බවයි" 
(ලංකාදීප පුවත ආශ්‍රිතව)
------------------------------------------------------------------------------------------------

  • එතකොට මේ ලිපිතුරු දෙකම දැකලා ළමයි කලබල වීම ගැටලුවක් නැතිද?
  • ළඟින් යන පිලිතුර තෝරන්න.
1) පරාක්‍රම සමුද්‍රය පිහිටා ඇත්තේ පුලතිසිපුරද, පොලොන්නරුවේද. 
2) ඇතුගල තියෙන්නේ ඇතුගල්පුරද, කුරුණෑගලද.

  • එක ප්‍රශ්ණයකට විසඳුම් දෙකක් ඇති විට එය හේතුවෙන් දෙගිඩියාවකින් පසුවන ළමුන්ට පිළිතුරක් තේරීම සඳහා ගතවන අමතර කාලය පොලීසියෙන්ද දෙන්නේ.
  • පිළිතුරු දෙකක් දුටුවිට, එ දෙකම එක සමාන පිළිතුරු නිසා එය විය නොහැකි කියා සිතා වෙනත් තේරීම කරන ළමුන් නැතිද? මන්ද, අපි මේ උසස් අධ්‍යාපනවේදීන් මෝඩ වැඩ කරනවා කියා සිතුවාට, ළමයි සිතන්නේ ඔහුන් මහාප්‍රාඥයින් බවයි.
  • තමුන්ගේ දැණුම පිළිබඳව දෙගිඩියාවකට පත්වන ළමුන්, මානසිකව අසරණ නොවේද?


විභාග ගැටලු මතුවූයේ අවස්ථාවකදී හෝ දෙකකදී පමණක් නොවේ. එය නොනවත්වා පැවති දෙයකි. දිනෙන් දින මාතෘකාව අලුත් කරමින් පුවත් මැවීය. ඡන්ද සමයේ මෙම ගැටලුව යම් තරමක් දුරට යටපත් වී ඇති නමුත් මේ වත්මන් අධ්‍යාපන සහ පාලන ක්‍රමවේදය මෙම ගැටලුව වැළලෙන්නට ඉඩ නොදී නව තේමා සපයමින් අවදිවේ.


පසු සටහන.

සිදුහත් කුමාරයා උපත ලැබුවේ, ඉන්දියා නේපාල දේශ සිමාවේ සිට කි. මී. 10 පමණ දුරින් පිහිටි වස්ති නම් දිස්ත්‍රික්කයේය. බුද්ධ කාල වකවානුවට අනුව කිඹුල්වත්පුර ‍හෝ කපිලවස්තුපුරවරය යන නමුන් එදා එම නගරය හැදින්වූ අතර, එම නගරයේ ලුම්බිණි නම් සල් උයනේ උපත ලද බවට සාක්ෂි හමුවේ. ඒ අතර අශෝක ස්ථම්භය, ශිලා ලිපිය ප්‍රමුඛ වේ. කපිලවස්තුපුර ගොඩනඟන ලද්දේ කපිල නම් මුණිවරයෙකු විසින් යැයි කියැවෙන අතර, කපිල වස්තු යන වචනය පාලී වදනකි. එහි සිංහල තේරුම ලෙස "කිඹුල්වත්" යනුවෙන් ව්‍යවහාරයට එක්ව ඇත. පසුකාලීනව සිදුහත් කුමරු උපන් ස්ථානය වනගතවී සැඟවුණු අතර, 1895 දී ජර්මන් ජාතික විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද අර, එසමයේ ශිලා ලේඛනද පරිවර්ථනය කිරීය.







Sunday, February 9, 2014

මේ වැරැදි කිසිවක් සමාජ ආදර්ශ නොවේවා!.... Tribute to Wenusha....?


කුරුණෑගල සර් ජෝන් කොතලාවල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසලකි. මෙම පාසැල දක්ෂ ගුරුමණ්ඩලයකින් සහ පහසුකම්වලින් අනූනය. රාජ්‍ය මැදිහත්වීම උපරිමය. ලක්මවට දහස් ගණනක් වටිනා මිනිස් සම්පත් පෙළ ගැසූ මෙම විදුහලට ඇයි මේ අදෝනා. ඇයි මේ ගැරහිලි.... 
මේ කතා කරන්නේ මීට දින කීපයකට පෙර (2014 පෙබරවාරි 04 වන දින) එම පාසැලේ සිසුවියක් නිවසේදී ගෙල වැල ලාගෙන මියැදීම සම්බන්ධයෙනි. අපවාදය විදුහල්පතිට වූවත්, සමස්ත විදුහලම හෑල්ලුවට ලක් විය. ආසන්නතම හේතුව ලෙස අපට දැන ගැනීමට ලැබුණේ ඇයගේ මුහුණුපොතේ ජායාරූපයක් tag කර තිබීමයි.

ඊයේ දින මල්කඩුවාව පොදු සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය මෙම සිසුවිය සත්තකින්ම බලවත් වරදක් කර තිබේද. තාක්ෂණය ගැන කිසිදු හසළ දැනුමක් නැති විදුහල්පතිවරයා තවකෙකු විසින් ඇයගේ FB වෙත ටැග් කර තිබූ පින්තූරයක්, (එය දැන් ඉවත්කර ඇත) ඇය විසින් පළ කළ ලද්දක් බව පවසමින් බැණ වැදීම සාධාරණද? තවත්, කතාවක් ලෙස පැත්රෙන්නේ ඇය පවුලේ ප්‍රශ්න මත මානසික ගැටලුවලට මැදි වූ අයෙකු බවයි. නමුදු ඇයගේ ජීවිතහානියට හේතුව හෝ ආසන්නම හේතුව විදුහල්පතිවරයාගේ හැසිරීම වන බැවින් ඇයව නැවත ඝාතනය නොකර සිටිමු.

මට සිතෙන්නේ මෙසේයි.

මෙතනදී සිසුවියකුට අවශ්‍ය නිසි ඔවදන් ඇයගේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් ලැබී නැත. ඇය මෙන්ම අදාල විදුහල්පතිවරයාද ස්වයං පාලනයකින් කටයුතු කර නැත. මෙම නාටකයේ කියැවෙන විදුහල්පති හමුදා නීතිමය උපදේශනයක් පැවැත්වීම සහ පැවැත්වූවායි කියන ආකාරය කිසිම අනුමත කිරීමක් කළ නොහැකියි. එසේ මා පවසන්නේ ඇයගේ අවසන් ලිපිය සහ සමහරෙක් කියන කාරණා අනුවය. තවද මාගේ ස්වයං දැක්මද එසේමය. වෙ නූෂාට ප්‍රශ්නයක් දරා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් තිබිය හෝ නොතිබිය හැකිය. නමුත්, අදාළ විදුහල්පතිවරයාටද ළමයකුගේ මානසික තත්ත්වය වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. නමුත්, මෙම ලිපියෙන් මා කිසි විටක ඇය ගත් තීරණය හෝ ඇයගේ ක්‍රියාකලාපය නිවැරැදි කියා පවසන්නේ නැත. 11 වසර සිටින සිසුවියක් තවත් එක ළමයෙකු සහ ළමා මනසකින් යුතු අයෙකු බව පමණක් සලකමි. මාගේ විවේචනය, උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති එහි කෙළ පැමිණියාවූ අයෙකුගේ හැසිරීම බුද්ධිගෝචර ද යන්න පිළිබඳවත්, එවන් අය විසින් කරනු ලබන අනෙකුත් සමාජ දූෂණ පෝෂණ ක්‍රියාවලියන් පිළිබඳව ද විචාරයකට ලක්විය යුතුමය.
දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද?

මෙවැනි පාසැලට ළමයෙකු ඇතුළත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එහිදී සිදුවන වංචනික ක්‍රියා කාටත් ප්‍රසිද්ධ රහසකි. එවන් සමාජ පරිහානියක් පෝෂණය කරන විදුහල්පතිවරයෙක් හෝ දේශපාළුවෙක් හෝ වේ නම් සමාජයට දෙනු ලබන පූර්වාදර්ශය කුමක්ද? එසේනම්, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඇති මෙවන් සුදු කරපටි කාරයින් සමාජයට දෙන ආදර්ශය අගයමුද.


වෙනුෂිගේ අවසන් ලිපිය















































සිසු පිරිසක් විසින් අදාල සිද්ධිය පිළිබඳව සැකසූ ලිපියක් (අන්තර්ජාලයෙන් සොයාගැනුනි)
්තර්ජාලයෙන් සොයාගැනුනි)








මෙන්න විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුගේ අහුලාගත් තවත් සදාචාර සම්පන්න ක්‍රියා කීපයක්


මේ විදුහල්පතිවරයෙකුගේ ලිංගික අල්ලස් ගැනීමක් පිළිබඳව අසන්න ලැබුණු පුවතක්. (2014-02-07)
තරුණියකගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේයැයි සැකපිට පැල්වත්ත නවෝද්‍යා පාසලේ විදුහල්පති සුනිල් පුෂ්පකුමාර මහතා ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. 

පසුසටහන

දිවයින ගැන ලැජ්ඡයි. අදාල පුවත විකෘත්තිකොට පලකර විදුහල්පති රැකගත් අතර, මියගිය වෙනූෂා දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සාහදරා ඇත. අවම අවශයෙන් එම කරුණෑගල වාරුතාකාරු කුරුණෑගල පිහිටි පාසලේ නමවත් නොදනී.

අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද? මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.

වසරකට පාසැල් කීයක් වැසී යයිද? ඒ ගැන පාලන පක්ෂය නිහඩ ඇයි.

මෙම වසරේ ද සැම්තැම්බර් සිට නැවතත් විදුහල්පතිවරුන් මුදල් සහ ලිංගික අල්ලස් ගැනීම් වාර්තා වේවි.

මීට ටික දිනකට පෙර වලපනේ වයස 12 පමණ සිසුවියක් ආර්ථික අඟහිගකම මත ගෙල වැලලාගත් පුවතක් අප ඇසීය. නමුත් ඒ පිළිබඳව විස්තරයක් නොදනී

ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි
-ලෝකෝපකාරය

Related Posts Plugin for WordPress, Blogger...