මෙම දිනවල ආන්දෝලනාත්මකව පැතිරෙන තවත් එක සමාජ පරිහානියක් දැකිය හැකිය. එය කෙසේ පටන් ගන්නේදැයි, කෙසේ විග්‍රහකළ යුතුදැයිමාහට සිතා ගත නොහැකි නමුත් කාලීනව කතා කළ යුතුම මාතෘකාවකි. ඒ අතීතයේ සිට පැවති, වරින්වර හිස එසවූ සහ වත්මනයේ හිසඋසවා ඇති ආගමික සහ ජාතික අන්තවාදී ආකල්පයි.
අප රට ප්‍රධාන වශයෙන් පහතරට සිංහල, උඩරට සිංහල, ඉන්දීය දෙමළ, ශ්‍රී ලංකා දෙමළ සහ ශ්‍රී ලංකා මුස්ලිම් වශයෙන් ජන කොට්ඨාසපහක් සහ මැලේ, යුරෝපීයයන්, ලංසි ආදී තවත් සුළු ජාතින් ද ජීවත්වන රටක්වන අතර, ආගමික වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම්,කතෝලික සහ අනෙකුත් වශයෙන් බෙදී යයි. වර්තමානයේදී පැන නැගී ඇති ගැටලුව වනුයේ මෙකී ආගම් සහ ජාතීන් අතර ඇතිකරන්නාවූ ඝට්ටනයයි. මා එය ඇතිකරන්නාවූ යනුවෙන් සඳහන් කරනු ලැබුවේ හුදෙක්ම එය පරිබාහිර සාධකයකින් තොරව ස්වායක්තව පැනනොනැඟීම හේතුවෙනි. එබැවින් මෙම ජාතීන් සහ ආගම් අතර මෑත කාලීනව ගැටලු පැන නැඟිනු ලැබුවේ කුමන හේතු කාරණා මත ද, එයටවස්තු බීජ සපයනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න විමසා බැලීම වටී.
ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව අද දක්වාම ශ්‍රී ලංකාව වැඩිම ගහණයක් පෙන්වනුයේ සිංහල ජාතීන් සහ බෞද්ධ භක්තිකයන්ය. මෙම ලිපිය ලියන මාද සිංහල මෙන්ම බෞද ආගමට අයත් වේ. නමුත් මා කිසිවිටක දේශපාලනික, ආගමික හෝ වෙනත් කුමන කෝණයකින් හෝ අන්තවාදී වීමට උත්සාහ නොකරමි. එය බුද්ධි ගෝචර නොවේ යැයි මාගේ හැඟීම වේ. නමුත් මෙම ලිපියට අනුව සමහරවිට මා එක් අන්තයකට ඇද දැමීමට ඔබ පෙලෙබෙනවානම් ඒ සම්බන්ධයෙන්ද මා පුදුම නොවෙමි. මන්ද යත් මනෝ විද්‍යවේ කියැවෙනපරිදි ළමා අවධියේදී මිනිස් මනසේ ආශ්‍රිත වටා ගොණුවෙන බොහෝ ආකල්ප ඉවත් කිරීම ඉතා අසීරු බැවිනි. කුඩා කළ අඳුරට බය ළමුන්වැඩිමල් වූ විට ද අඳුරට බය වනුයේ ද මේ හේතුවෙනි. එමෙන් ම මනසේ නිර්මාණය වන සහ තැන්පත්වන ආගමික / ජාතික සංකල්ප මෙන්ම හැඟීම් ද ඉවත් කිරීම තරමක් අසීරුය. සමහර විට දේශපාලන දැක්ම ද මීට අදාළ වෙනවා. කුඩා කල සිට දෙමාපියන්ගෙන් ලත් ආභාසය සහ හිතවතුන්ගේ ආශ්‍රය මත “කැපුවත් **** පක්ෂේ“ යැයි කියන කාරණයට මා ඉහත පැවසූ සම්බන්ධතාවයේ ද දායකත්වයක් ඇති බවසිතිය හැකිය. බුද්ධියෙන් තොරව පවුල් උරුමයක් ලෙස මේ මාගේ පක්ෂය ම යැයි කියා ගනිමින් ක්‍රියා කිරීමද අප රට අගාධයකට ඇද දැමීමට හේතු වූවායැයි පැවසුවහොත් මා සමඟ විරුද්ධ විය හැකි ය. නමුත් එම කාරණය සත්‍යයට ආසන්න ය.
1954 දී ශ්‍රීලනිපයෙන් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධූරයටපත්විය. ඔහුගේ ඡන්ද පොරොන්දු අතර සිංහල ජනතාව කිති කැවීම සඳහා උපයෝගි කර ගත් පොරොන්දුවක් විය. එතෙක් සිංහල සහ දෙමළ යන රාජ්‍ය භාෂා වෙනුවට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසූ අතර, ජයග්‍රහණයෙන් පසු එය අකුරටම කිරීය. මෙය දෙමළ ජාතීන්ගේ මානසිකත්වය ශ්‍රී ලංකා රජය වෙතින් ඈත් වීමට හේතු වූ අතර සිංහල කතා කරන ජනතාව සහ දෙමළ කතා කරන ජනතාව අතර වැටක් බඳීමටත් හේතු විය. එමෙන්ම ඉන් පසුව බලයටපත් නායකයන්ගේ මෙන්ම පාලනයේ අදූරදර්ශීභාවය සහ තවත් හේතු සාධක ගණනාවක් මත, එල්ටීටී සංවිධානය බිහිවිය. එය එක්තරා ජාතිවාදී අරගලයක ස්වරූපයෙන් දියත් වූ අතර, මේ හේතුවෙන් නැගෙනහිර සහ උතුරේ දෙමළ තරුණයන් සමහරක් එල්ටීටීයේ සමාජිකයන් බවටපත් විය.
සිංහල මිනිසුන්ද කෙතරම් ජාතිවාදී වූ වද යන්න කියතොත් 1983 ඇති වූ කළු ජූලියේදී අප ගම්වල සිටි අහිංසක දෙමළ මිනිසුන් අතිශයදරුණු ලෙස පීඩාවට පත් කිරීය. ඔහුණේ දේපල සෝරා ගන්නා ලදී. මේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගත් තීන්දු තීරණ හේතුවෙන් රටතුළ උද්ගත වූ තවත් එක් ඛේදනීය සිද්ධියකි.
බලයේ පැවතුන ආණ්ඩු නොයෙක් ආකාරයෙන් ජාතිවාදය ජනතාව තුළ පැලපොදියම් වීමට ඉඩහැර බලා සිටීහ. පාසල් පොත්වල එළාර-දුටුගැමුණු කතාව මහවංශයේවත් නැති තරමින් විකෘත්කර දැකිවීය. කිසිම ලැච්ඡාවකින් තොරව “දෙමළු මරා“ යන වචන අතිශය දරුණු ලෙසභාවිත කරයි. එළාර රජු පිළිබඳව කිසිම වරදක් මහවංශයේද සඳහන් නැති මුත්, මොවුන් දරුවන්ට පවසා සිටිනුයේ එළාර පාලනය යනු අතිශය දරුණු පාලකයෙක් යන අදහස් මාලාවකි. මෙ මගින් ළමා මනසේ විකෘති අදහසක් සැකසෙනවා කියා සිතිමට බැරිතරමින් අපේ අධ්‍යාපන විශේෂඥයන් මෝඩද?දේශපාලකයන් මේ තරම් මෝඩද? දැනට එම පොත් සංශෝධනය වෙමින් පැවතුන ද, ඔහුන් විසින් ඇති කළ ආකල්ප ජනතාව තුළින් ඉවත්කිරීමට බොහෝ කලක් ගතවනු නිසැක ය. ජාතීන් අතර සමගිය සහ සංහිදියාව අප ගොඩනැඟිය යුතු නොවේද. මහාචාර්ය නලින්ද සිල්වාමහතා මෙන් සියලුම ගැටලුවලට බෞද්ධ සංස්කෘතිය මුල්කර ගනිමින් පාලන තන්ත්‍රයේ හෙළුව වැසීමට අපද කටයුතු කළ යුතු ද? මහචාර්ය නලින්ද සිල්වාට අනුව සිංහලයා යනු මෙම රටේම ජනිත වී, මේ රටේම පරිණාමය වී ඇති, වෙනත් කිසිදු සම්මිශ්‍රණයකින් තොරව අපේම දර්ශනයකින් සහ සංස්කෘතියකින් පෝෂණය වූ ජන කොට්ඨාසයකි. නමුත් ජාතික චින්තනයේ එරී එහිම ඇලී ගැලී සිටින ඔහුද සිල්වා පරපුරේ ඥාතියෙකි.
වතුකරයේ දෙමළ ජනතාවට (බොහෝ විට මොවුන් ඉන්දියානු දෙමළ ය) ඉතා පහත් අන්දමින් අපේ සමහර මිනිසුන් සලකයි. සමහරෙක් බසයක එක අසුනෙ හිඳ ගැනීමට පවා අකමැති ය. අකමැත්තෙන් හෝ කිවයුතු දෙයක් ඇත. ඔහුන් නාමමාත්‍රික බෞදධයෙකු, කිතුනුවකුහෝ ඉස්ලාමීයෙකු හෝ විය හැකි ය. මා ඔබේ අගමට අගෞරව කරනවා නොවේ. ඔබ ආගමානුකූල නැතිය කියා පවසනාවා පමණී.
වර්තමානයේ සිදුවෙමින් පවතින තවත් ජාතිවාදී හෝ ආගම්වාදී තත්වයක් ඇත. එය මුස්ලිම් සහ බෞද්ධ ආගම් අතර පවතින සීතල යුද්ධයයි. දෙපාර්ශවය අතරේම මෙම අරගල පවතී. වගකිව යුත්තෝ නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි. එක් එක් සංවිධාන ඔහුන් විසින් සකසාගත් සිවිල් නීති ක්‍රියාවේ යොදවයි. විදේශීය රටක ඇති ආරවුලක් අපේ රටේ අවුලක් බවට නිරායාසයෙන් ම පත් කර ගනී. නමුත්, එකී රටවල එම සිද්ධිසිදුවනුයේ කුමන හේතුව මතද, යන්න කිසිවෙකු විමසා බලනුයේ නැත. අසු වූ ඕනම දෙයකින් ගසා දැමීමට දෙපාර්ශවයේම අන්තවාදී පිරිස්සමත් ය. මොවුන් කෙතරම් විචක්ෂණශීලී සහ නිර්මාණශීලී ද කිවහොත් ඕනම දෙයක් ජාතිවාදී හෝ ආගම්වාදී ස්වරූපයෙන්අර්ථ ගැන්වීමට අති දක්ෂ ය.
ආගමක් නිර්මාණය වීමට ප්‍රධාන සාධක තුනක් බලපානු ලබයි. ශ්‍රාතෘවරයෙක් සිටීම, ඇදහිලි හා විශ්වාස, යාගහෝම සහ ශාන්තිකර්ම යන යන මේවායි. අප දන්නා සියලු ආගම් නිර්මාණය වනුයේ මේ සාධක මත සිටමිනි. ඒ අනුව බිහිවන එක් ආගමක කරුණූ, අන්තර්ගතය, ඇදහිලි, විශ්වාස තවත් ආගමක භක්තිකයන්ට නුහුරුය. එය නොරුස්සන ස්වරූපයක් ගත හැකි ය.නමුත් එකී ආගම්වලින් අන්‍යා ආගමික බැතිමතුන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට උපදෙස් දී තිබුණද සිදු නොවෙන්න වූ කාරණය ද එයම ය. වර්තමාන තත්ත්වය සැලකුවහොත් එය හින්දු භක්තිකයන්ට, ඉස්ලාම් භක්තිකයන්ට, කතෝලික් භක්තිකයන්ට මෙන්ම බෞද්ධ භක්තිකයන්ටද එය පොදු ය. ඔහුන් අන්‍ය ආගම් තමාගේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය පරිදි අර්ථකථනයන් ලබා දෙන අතර, එකී ආගමික ගැටලු කුමන්ත්‍රණ කරුවන්ගේ මනදොළ සැපිරීමට සමත්වේ. අද දිනද සිදුවෙනුයේ සහ සිදුවෙමින් පවතිනුයේ එකී ජාත්‍යන්තර මෙහෙවරට අවශ්‍ය පසුබිම දෙරණ තුළ නිර්මාණය කිරීමේ භාරදූර කර්තව්‍ය වන අතර, ඒ හා බැඳුන අප රෙට් දේශපාලන උවමනාවන්ද වේ. අන්තර්ජාලය පරික්ෂා කර බලන්නේ නම්, එහිද ඍජුවම සහ ව්‍යංගයෙන් එක් එක් ජාතීන්වශයෙන්, ආගමික වශයෙන් සහ මධ්‍යස්ථ බව පෙන්වමින් ඒ වෙනුවෙන්ම Facebook, Blog, Web උපයෝගි කර ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිය.
අප රටේ ඉතිහාසය සැලකුවහොත් බුද්ධාගම, හින්දු, ඉස්ලාම් සහ කතෝලික යන ආගම් ස්ථාපිත වූයේ කෙසේදැයි විමසා බැලිය හැකි ය. එය දින, මාස, වසර වලින් ගතවී සියල්ල දැන් ඉතිහාස ගතවී අවසන් ය. එය අපට ආපසු හැරවිය නොහැක. නමුත් බුද්ධියෙන් උසස් සත්වයෙකු ලෙස සිතීමේ හැකියාව ඇත. එය ඔබටද මටද පොදුය. මුස්ලිම් සහ හින්දු ජාතිවාදය ඉන්දියාව සහ පකිස්ථානය දෙකට කිරීමට හේතු විය. රටේ මතුවූ භීෂණය වලක්වනුවස් මැදිහත්වූ මහත්මා ගාන්ධි තුමා ඇතුළු බොහෝ පිරිස් අපමණ වෙහෙසක් ගනු ලැබුවා. අවසන මහත්මා ගාන්ධිතුමාව ද ඝාතනයට ලක් වේ. නමුත් මා දන්නා පරිදි පකිස්ථානය සහ ඉන්දියාව වෙන් කිරීමේ අරමුණ සහිතව ආගමික කෙටවීම කරවනු ලැබුවේ බ්‍රතාන්‍ය පාලනය විසිනි. එද නොදත් ඉස්ලාම් සහ හින්දු භක්තිකයින් එකිනෙකා තුළ වෛරය වපුරාගනිමින් ආගමික ත්‍රස්තවාදයක නියැලිනි. එල්ටීටීය ඉත්තෙකු ලෙස යොදා, එල්ටීටීය මෙහෙයවමින් බලාපොරොත්තු වුවාමෙන් අපේ රටේත් දෙකඩ වීමක් නැවත අපි ද අපේක්ෂා කරන්නේ ද?
මොහිදීන් බෙග් යනු සිංහල බෞද්ධ ගීතාලවලීයේ අදටත් නොමැකෙන නමක් තැබූ ඉස්ලාම් බැතිමතෙකි. බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් කිසියම් උත්සවයක් ඇති අවස්ථාවක ඔහුගේ හඩ අපට අදත් ඇසේ. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ රචනයෙන් දායක වූවා සේම, බෙග් මාස්ටර් ඔහුගේ ලයාන්විත හඩින් සිංහල ගීතය පෝෂණය කළා. නිලාර් එන්. කාසිම් යනු තවත් එක් මුස්ලිම් ජාතිකයෙකි. නමුත් ඔහු සිංහල ගීත රචනයේ දක්ෂයෙකි. අප අද ද ඔහුගේ ගීත අසනු ලැබේ. ඔහු සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත එකම මුස්ලිම් ජාතිකයා විය යුතු ය. එමෙන්ම පංසලේ පියතුමා ලෙස විරුද්ධාවලිය ලත් ගරු මර්සිලින් ජයකොඩි පියතුමන් අපට නොමැකෙන චරිත වී අවසන් ය. ඔහුන් අපට, සහ රටට ලෙංගතු වූවේ ය. නමුත් පාකිස්තානය සමග ශ්‍රී ලංකාව තරග වදින ක්‍රිකට් ක්‍රීඩාවකදී, සමහර මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් පාකිස්ථාන ධජය මුහුණේ ගසා සිටින අයුරු දැක ඇත. ක්‍රීඩා ලෝලියෙක් නූවූවද ශ්‍රී ලංකාවේ පය තබා ගෙන සිටින පුරවැසියෙක් ලෙස මා එය පිළිකුල් සහගතව දකිමි.
තවද, ඉස්ලාම් සහ කතෝලික ආගම් ප්‍රචාරය කිරීම සඳහා රටේ ගම් නියම් ගම් සැරිසැරීමේ අවශ්‍යතාවයක් කුමකටද? මුදලට ආගමේ ශ්‍රාවකයෙක් හෝ බැතිමතෙකු කර ගනු තරමට නුඹලාගේ ආගම් පහත් ද? තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙන අපෙ රටේ බහුතරයක් ජනතාව මුදලට ආගමීකරනය කිරීමේ සැදී පැහැදී සිටින “නව ජීවන සභාව“ “ද්වසරණ“ යේ සැබෑ හෙළුව කුමක්ද? රෝහල්වල හෝ වෙනත් ප්‍රසිද්ධස්ථානවල හැරී පෝටර් වැනි ආගමික නායකයින් පවත්වන්නාවූ දැවැන්ත මහා රෝග නිවාරණ වේදිකාවේ සත්‍ය කුමක්ද? ඔහුන්ට ඇති ඇති දේව බලයෙන් මේ ලෝකයේ සිටින දුගී දුප්පත් අසරණයින්ගේ ගැටලු විසදන්න බැරි ඇයි? ලොව සාමකාමී කරන්න බැරි ඇයි. සර්වබලධාරී නම් එය කළ හැකි විය යුතුම ය. (මට මෙතනදී ආගම් විවේචනය කිරීමේ අවශ්‍යතාවයක් නැත. නමුත්, ඔබේ සිතුම් පැතුම් සහ ක්‍රියාකලාපයන් විවේචනය කළ යුතු යැයි හැඟේ) අපේ රටේ නීතිය අනුව මෙයද අන්‍යාගමික කරණයක් විය යුතුය. මානසික අල්ලස් දීමක් වන අතරම එය ආගම් හෝ ජාතීන් අතර අසමගිය ඇති කරන තවත් එක දැවැන්ත වැඩ පිළිවෙළකි.
රටේ පැන නඟින ප්‍රශ්න නොපෙනෙන ඇස්පොට්ට වූ පාලකයන් සිටිනා අප රට ආසියාවේ ආශ්චර්යවත් රටක් බවට පත් කරනුයේ කුමන ස්වරූපයෙන් ද? ආගම් සහ ජාතීන් අතර සමගිය ඔහුන්ගේ මනසේ නැත. අවශ්‍යව ඇත්තේ ලැම්භෝගිනි, රෝකට්, චීන ව්‍යාපෘතී පමණකි. ඔහුන් රටට පූර්වාදර්ශ සපයමින් සිටිනුයේ නැතිනම් සමාජගත කරමින් සිටිනුයේ දූෂණ, භීෂණ, වංචාව.... දූෂණ, භීෂණ, වංචාවේ හීනි පෙත්තටම නැඟ සිටින, තම සැබෑ වත්කම් හෙළිකළ නොහැකි මොවුහු අගවිනිසුරුතුමියගේ වංචා ගැන කතා කරනුයේ කිසිදු ලැච්ඡාවකින් තොරවය. ආගමික නායකයන්ද එසේමය. තම ආගමේ හැසිරෙන්නන් තුළ ඇති අනන්ත වැරැදි වසා තවත් ආගමකට ඇඟිල්ල දිගු කරනුයේ තම ආගමේ භක්තිකයන් සුවච කීකරු ආගමානූකූල පිරිසක් බව ඉතා අපහසුවෙන් අන්‍යයන්ට පවසමිනි. එසේ නම් රට පාලනයට දේශපාලනයක් අවැසි නොවේ. ආගමික නායකයින් සිටීම හොඳටම ප්‍රමාණවත්. තවද මේ එකඳු ආගමික නායකයෙකුට රටේ උද්ගතවන්නාවූ ගැටලුව පිළිබඳව එක ඇඟිල්ලක් පාලකයන් වෙත දිගු කිරීමට නොහැකිය. මන්ද ඔහුන්ද පාලකයන්නේ ගොඳුරුය. මේ රූකඩ කරනා රඟපෑම් පසුපස සිට නූල් අදින්නන් බොහෝ සිටී.
තවත් බෝහෝ වැරැදි මුස්ලිම් ජනයා තුළද ඇත. කිතුනුවන් තුළද ඇත. බෞද්ධයන් තුළද ඇත. සියල්ලන්ටම අවශ්‍ය වනුයේ ජාතිවාදය හෝආගම්වාදයක් නම් එල්ටීටීය පරාජය කළ අපට තවත් එක යුද්ධ පිටියක් නිර්මාණය කරනු නොඅනුමාන ය. එයට අප සැරසෙමු. ඒකාධිපති දේශපාලනයෙන් හෙම්බත් වී ඇති අපි තවත් ගැටලුවක් නිර්මාණය කර ගනිමු. ජනගහණය වර්ධනය වනවා වෙනුවට තරුණ ජීවිත බිලි දීමට සැරසෙමු. මැද පෙරදිග සේවයේ නියුතු තරුණ තරුණියන් එහිම සිර කරවමු. මරණින් පසු විමුක්තියක් වෙනුවෙන් ජීවත්වන සිටින අප සටන් වැදීමට සූදානම් වෙමු. “ජීවත්වන තොපට නොව විමුක්තිය අවශ්‍ය මරණින් පසු යැයි“ අපට දේශපාළුවෝද අපට අටුවා-ටීකා සහිතව පෙන්වා දෙයි. එයට මඟ කියා දෙයි. අවැසිනම් ප්‍රතිපාදන ද වෙන් කර දෙයි. පසුගිය යුද්ධයේදී මෙන් ආණ්ඩුව කියන ආකාරයට හයිකොප් ගනුදෙනු තවත් අයෙකුට කළ හැකිය. පිල්ලියාන්,කරුණාඅම්මාන්, දයාමාස්ටර්, කේපී වැනි ජාතිවාදී සුරතල් හාවුන් රටට හඳුන්වා දිය හැකි ය.කෙටියෙන්ම කියතොත් දේශපාලකයන්ට හිඟන්නාගේ තුවාලය මෙන් තවත් කාලාන්තරයක් පාර පාරවා බෙහෙත් කිරීමට හොඳ මාතෘකාවක් බිහිවේ. නමුත්, මේ අන්තවාදය දේශපාලන උපායමාර්ගයක තවත් එක් පරිච්ඡේදයක් පුරවන අතර, රටේ දේශපාලන දෙවිවරු අපිව සූරා කයි. එදා-අද සහ හෙටත් මෙය සිදුවේ. ඔහුන්ට කිසිදු ආගමක පල විපාකයක් හෝ හෙණයක් නැත. එයට එදිරි වීමට කිසිදු සර්වබලධාරී දෙවියකු හෝ දහමක් ද නැත. මන්ද දෙවියන් පවා වශීවන වශී බෝතලයක් අතැතිව සිටී. ආගම්වල බලය මෙවැනි සමාජීය ගැටලු සහ දේශපාලනික බලය හමුවේ නිෂේධනය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කාගේ හෝ එන් ජී ඕ ව්‍යාපාරයකට හසුවී දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඔබත් මෙයට දායක වනවානම් ඔබ කරනුයේද ඔහුන්ගේ කොන්ත්‍රත්තුවක් මිසක දේශප්‍රෙමි කර්තව්‍යක් නොවේ. මෙම අදහස් සිංහල, දමිළ, මුස්ලිම් ඕනම ජාතියකට අදාළව සඳහන් කරනු ලැබු අතර කිසිවෙකු මුරුංගා අත්තේ තැබීමේ අවශ්‍යතාවයක් මට නැත. එය අන්වර් මනතුංග ටත් බොදු බල සේනාවටත්, යහමග ප්‍රකාශකටත් එය අදාළය. කෙතරම් දරුණු නීති අනුගමනය කළ ද මැදපෙරදිග රටවලද, අඩු ලිහිල් දඩුවම් සහිත අප රටේ ද වැරැදි කරන මිනිසුන්ගේ අඩුවක් නැත. ජාතියක් හෝ ජාතිකත්වයක් පෙළගැස්විය යුත්තේ මොළ කුරුවල් කර නොව හොඳ සාර ධර්ම මනසේ තැන්පත් කරලීමෙනි. ඔබ තුළ ඔබගේ ජාතිය ආගම පිළිබඳව ආඩම්බරයක් ගොඩනගා ගන්න. නමුත් එය තවත් ජාතියක හෝ ආගමක ඇඟිලි ගැසීමට නොව. නමුත් සියලුම ජාතීන් තම අනාගත පරම්පරාවට දෙනු ලබනුයේ මිනිස්කම පිරීහීයන ආදර්ශයන් නම්!
අන්තවාදයට අකමැති අයහට දේශද්‍රෝහීන් යැයි කියනවානම්, රජය තමාට විරුද්ධ මත දරන අය බටහිර කුමන්ත්‍රණ කරුවන් යැයි කියා හම්වඩු ගැසීමත් අතර වෙනසක් නැත.
ඔබට ආගමෙන් ජාතියෙන් උරුම වූ සංස්කෘතිය, ඉතිහාසය.... ඇලුම් කරන්න. ජාතියට මෙන්ම ශ්‍රී ලාංකික ජාතිකත්වයට තැන දෙන්න. එවිට ඔබේ ජාතිය නිතැතින්ම රැකේ. කෙටියෙන් ම කිවහොත් ජාතිමාමකයෙක් වෙන්න. නමුත් ජාතිවාදියෙක් නොවෙන්න.
සොයුරු සොයුරියනී මේ ගැනත් හිතන්න
- අප රටේ පූජනීය ස්ථාන කඩා දමා නිදන් මංකොල්ල කනුයේ කවරහු ද?
- රජය විසින් නිදන් ගොඩ ගත යුතු ය කියා පැවසූ පුරාවිද්‍යා චක්‍රවර්තී මතකද?
- පංසල්වල පැරණි ලියකියවිලි සොයා මෙහෙයුම් දියත් කරනුයේ කවුද?
- කැළණීයේ මස් වෙළදාම 2013 තහනම් කියා බොදු බල සේනා පවසන්නේ මොකුත් නොදැන ද? කැළණීයේ තම හිතවතාට 2013 ටෙන්ඩර් නොලැබීම හේතුවෙන් මස් අලෙවිය තහනම් කරන විට එයට බෞද්ධ ලේබලයක් ඇලැවිය හැකිද?
- සර්වඤ්ඤ ධාතූ වහන්සේ පෙන්වමින් මොහොතකට මිනිස් විරෝධතා යටපත්කර ඡන්දය දිනන එක ඔබ අනුමත කරන්නේ ද? එනම් සර්වඤ්ඤ ධාතූ වහන්සේ දේශපාලනයට යොදා ගැනීම ඔබ අනුමත කරන්නේ ද?
- දියවඩන නිලමේලා වරප්‍රසාද භුක්ති විදිමින් ව්‍යාපාරවල නිරත වෙනුයේ කුමන දේශපාලකයාගේ උපකාර සහිතවද?
- සෑම ආගමකම නිකායවල් ඇත්තේ ඇයි. ඔහුන්ගේ ඇදහිලිවල වෙනසක් ඇත්තේ ඇයි?
- රටේ විවිධ ජාතීන්ගේ සංස්කෘතිය විනාශ වීයාමට නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා රුපවාහිනිය සහ රේඩියෝවෙන් කොපමන බලපෑම් සිදු කරනවාද?
- දිනෙන් දින ව්‍යාප්තවන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ගැබ්සා කිරීම්, වංචා, භීෂණ දේශපාලකයන්ට මෙන් ආගමික නායකයින්ට ද නොපෙනේද?
- කටුගේ වැනි අපේ ජාතික වස්තූන් මකෝල්ල කනුයේ කවුරුන් ද?
- ජාතියක්, ආගමක් නොසලකා එකසේ පොදුවේ ක්‍රියාවේ නැංවෙන සුදු වෑන් සංස්කෘතිය කිසිවෙකුට නොපෙනේ ද?
- පාලන පංතියේ සුදු කරපටිකාරයින් මත්පැන් හල් පවත්වාගෙන යමින් මතට තිත තබන ආකාරයත්, මත්කුඩු ව්‍යපාරය කරගෙන යාමත් හේතුවෙන් අපේ රට සංස්කෘතිය කෙතරම් කෙළසී ඇති ද?
- දූෂිතව හැසිරෙන එක් එක් ආගම්වල පූජ්‍ය පක්ෂය ගැන තීරණ ගැනීමට එම ආගම්වලට නොහැකි ඇයි? එයට වෙනත් ආගමක සහය අවැසි ද?
- ආගමක, ජාතියක, රටක ජනගහන වේගය රඳා පවතින ප්‍රධාන නිර්ණායකය දිළිඳුකම බව නොදන්නේ ද?
- ගණිකා වෘත්තිය නීතිගත කරන් සමහර ජනතා නියෝජිතයින් අදහස් පල කරන විට එය අන්වර් මණතුංගට මෙන්ම බොදුබල සේනාවට හෝ sorry.com ට හෝ නොපෙනේ ද?
- සවීඩන් අධාර යටතේ “පුංචි පවුල රත්තරන්“ යනුවෙන් සංකල්පයයක් 1965 දී සඛ්‍ය අමාත්‍යාංශය හා බද්දව ව්‍යාප්ත වීමට ඉඩ හරිනු ලබනුයේ අප රටේ දේශපාලකයන් කිසිවක් නොදැන ද? ඒ තරමට මැටි මොළද? (ඔහුන්ව පත්කර ඇත්තේ ද අපි මය) ඔහුන් ක්‍රමිකව ජනතාව ගොඳුරු කරවූ උගුල්වල වැටී අප ජාතීන් අතර සටන් වදිමුද?
- නෝ ලිමිට් මෙන්ම හිරු එෆ් එම් ද මා දන්නා තරමින් කුඩු ව්‍යාපාර මඟින් උපයාගත් කළු සල්ලි සුදු කිරීමට යොදා ගත් ආයතනය. කළු සල්ලි සුදු කරනා තවත් ව්‍යාපාර අනන්ත ඇත. අප එවන් ව්‍යාපාර වර්ජනයකළ යුත්තේ ආගමික පසුබිමකින් නොවන බව ඔබ නොපිළිගනුයේද?
- ශාන්ත වැලන්ටයින් තුමාගේ වැලැන්ටයින් දිනය ලංකාවට හඳුන්වාදෙන විට (1990) හෙවත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික විපරියාසයක් සිදුවන විට ආගමික ස්‍රාතෘවරුන් සිටියේ කොහෙද?
- රජ්‍ය නායකයා මුතුකුඩය යට යනවිට කරඩුව ස්වාමීන් වහන්සේ නමක් තම හිස මතින් අවුවේ වැඩමවූ බව ඔබ නොදන්නේ ද? එය එකාධිපති වියරුව නොවේ ද?
- රටේ වංචා, දූෂණ, භීෂණ දිනෙන් දින හිස ඔසවන බව ඔබ නොදන්නේ ද? එය අන්වර් මණතුංගට මෙන්ම බොදුබල සේනාවට හෝ sorry.com ට හෝ නොපෙනේ ද?
- දේශපාලන මැදිහත්වීමෙන් මත්ද්‍රව්‍ය වෙළදාම සාර්ථකව රාජ්‍ය අනුග්‍රහ සහිතව කෙරීගෙන යන මුත් මෙවන් සමාජ පරිහාණී අන්වර් මණතුංගට මෙන්ම බොදුබල සේනාවට නොපෙනේ ද?
- අන්වර් මනතුංගට මෙන්ම බොදුබල සේනාවට මුදල් එන්නේ කොහෙන්ද?
- සීතල යුද්ධයක් හිස ඔසවද්දී පාලන පංතිය මුනිවත රකිනුයේ ඇයි?
විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කරන ගීතයක් මාගේ මතකයට නැගේ
බුදුනේ.. ජේසුනේ… නාභි නායක තුමණි…
නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවි .. මිනිසුන් හට ප‍්‍රඥාව දුන මැනවි ..
ප‍්‍රඥාවන්තයින් සින්හසනාරූඩ කල මැනවි ..
අයුක්තියේ ඝන ශිලා තලා බිඳ.. විමුක්තියේ ජාල ධාරා ..
මුදා හරිනු මැනවි ..
සිංහ වෙසින් එන සිගාලයින් වනසාලනු මැනවි…
මිත්‍යාවේ කළු වලා කඩා හැර . විද්‍යාවේ නව රේකා ..
උදා කරනු මැනවි…
බැටළු වෙසින් එන ව්‍යග්‍රයින් හඳුනා දුන මැනවි ..
සමාවෙන්න මා දන්නේ සිංහල ගී පමණී. නමුත් සියලු ජාතීන් සහ ආගම්වලට මෙකී අර්ථයෙන් මිදිය නොහැකි ය. එමෙන් ම ජාතිවාදය/අන්තවාදය බිහිවීමට පසුබිම් සැකසීමෙන් සහ පෝෂණය කිරීමෙන් දායක වූ පාලන පැලැන්තියට ද එකසේ අදාලය.
පසු සටහන
මහාවංශයද සෑම විටම සත්‍යම පවසා නැත. එය ලියැවෙන සමහර ස්වාමීන් වහන්සේ විසින් රජු පිළිබඳව උපරිම වර්ණනාව ලබා දෙන ලදී. අද ද මේ තත්ත්වය පවතී. රජු හෝ අනෙකුත් පාලකයන් හෝ වෙනුවෙන් ඉහළම වර්ණාව, ගරුණාම ලබා දී ඒ වෙනුවට වරප්‍රසාද භුක්ති වීදින ආගමික නායකයින් ද සිටී.
අප රටට, “මුස්ලිම් කොන්ග්‍රස්“, “දෙමළ සන්ධානය“ මෙන්ම මෑතකදී බිහිකරගත් “හෙල උරුමය“,යනුවෙන් පක්ෂ කුමටද, මේ අන්තවාදයේ ලක්ෂන නොවේද?
අවිහින්සා වාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමා (මොහන්දාස් කරම්චක්ද් ගාන්ධි)1948 දී පකිස්තානු ජාතික නතුරාම් ගෝඩ්සේ විසින් වෙඩි තබා ඝාතනය කරන අතර, උසාවියෙන් ඔහුව වැරැදිකරුකර එල්ලා මැරීමට තීන්දු කරයි. එල්ලා මැරීමට පෙර ඔහු විසින් ලිපියක් ලියන අතර එහි තමා විසින් එම ඝාතනය කරනු ලැබුවේ පකිස්ථානයසහ ඉන්දියාව දෙකඩ වීමට පසුබිම මහත්මා ගාන්ධි විසින් ඇති කළ බව පවසමිනි.
10 comments:
තෙල් මිල වැඩීවීම අමතක කරව්න්ට , කොළඹ පාරවල් වල රෑට තියන රේස්ද, පාර්වල් වල දකින රේස් කාරද ( වැරදීමකි, ගෝ කාර්ට් විය යුතුය ) වලින් ආතල් සපයනවා ඇත.
අපේ හාමුදුරුවනේ මට මීට වඩා පඩි වැඩි කරන්නට බෑ කිව්වහම මිනිස්සුන්ට හිත උනුවී කදුලු ගලනවාය. තෙල් මිලට නම් අවුලක්ම නැතිය. ගමේ ගොඩේ ලාම්පුව පත්තු කරන්නට භූමි තෙල් ගෙනියන කෙනාගෙ සිට බහුතරයක් ලෝක වෙළදපොලේ තෙල් මිල යනු මැජික් එකක් කියා සිතනවාය. උන් කියනා ඔනෑ කෙප්පයක් හිස් මුදුනින්ම පිලිගන්නවාය.
දැන් මාස තුනක පමන සිට එක්වරම ආර්ථික තත්වය පලටම බැස ඇත. නමුත් ටීවී චැනල් වලින් සියල්ල යතා තත්වයට පත් කරනවාය. දැන් මිනිසුන් සිතන්නේ මහින්ද අබේසුන්දරගේ සිතින්ය, දකින්නේ සුදර්මන්ලාගේ ඇසින්ය.
කාර් රේස් බලනවා හැර කුමක් කරන්නද.
මනසින් දිවියට
සුසිල් ගොයියා අධ්‍යාපනයට කොරපු හරිය දැන් පේනවනේ. මුන් හොදයි කොටුවේ පඹයන්ට හිටවන්න. තෙල් ටිකටත් ඒ කෙලියම තමයි.
මට මෙතනදි කියන්න ඕනෙ ඒක නෙමෙයි. ඇයි තෙල් මිල වැඩි වෙන්නෙ. ලෝකයේම සීත කාලයට තෙල් මිල වැඩිවීම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නැවත සෘතුව ඉවර වුනහම වෙනස් වෙනවා. ඔබ දන්නවනේ බොහෝ රටවල තෙල් වලට තියන්නේ දිනෙන් දින වෙනස් වන මිල ගණන්. සමහර තැන්වල දිනපතාම ටුඩේස් ප්‍රයිස් බෝඩ් එක දානවා. මා එය දැක තිබෙනවා.
ලංකාවේ තෙල් මිල වැඩි වන්නේ බදු නිසයි. මුන් අපෙන් ගන්න කප්පන් වලින් තමයි කාර් රේස් යන්නේ. ය්ටි මඬි ගහන්නේ. හිතන්න තෙල් වල බදු ඉවත් කලොත් තෙල් මිල කීයක් වෙයිද? මම හිතනවා රුපියල් 70 - 80 විතර මිල අඩු වෙයි කියලා. දෙයියනේ ජනතාවගේ මුදල් නේද මේ කප්පන් ගහන්නේ?
ඔය මිල උච්චාවචනය වන්න ආංඩුවක් ඕනෙ ද කතාව කිව්වේ අපේ දේශප්‍රේමී විමලෙ මලයා නොවැ. අනේ මගේ කට?
වටිනා සටහනක්. ජය.
ලංකාවේ හැම දෙයක්ම අපි රජය ට භාර දෙන්නේ වැඩි හොඳක් වේයැයි සිතා වුව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන සතුරා රජයමය. රජය ව්‍යාපාර නොකළ යුතුය යන්න මගේ අදහසයි.
තෙල් ලීටරයක් මත ඇති රජයේ බදු ප්‍රමාණය ද ඉතා අධික බව මෙහිදී සැලකිය යුතුය.
මේ බදු මුදල්ද නැවතත් රජයේ වියදම් ලෙස මැති ඇමතිවරු කාබාසිනියා කර දමයි.