Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Thursday, March 19, 2015

ජාතික ගීතය - වියකුණු අතීත සටහන්෴




ජාතික ගීතය දෙමළ බසින් ගායනයට අනුමැතිය දීම සමඟ එය සමාජයේ විවේචනයට සහ විචාරයට ලක් විය. විශේෂයෙන්ම එයට දේශපාලනික ප්‍රතිරූප ආදේශ කරගනිමින්ද විවේචනය විය. නමුත්, විවිධ වූ විපර්යාස සහ විවිධ කඩයිම් පසු කළ අපේ රටේ අපේ ජාතික ගීතය පිළිබඳ ප්‍රමාණාත්මක කරුණු කැටි කර පොස්ටුවක් ඉදිරිපත් කිරීමට මා අදහස් කිරීය. හුදෙක් අපේ ජාතික ගීතය භාෂාමය පදනම මත පමණක් නොව, අතීතයේ සිට දේශපාලනික වශයෙන් රටේ ඇති වූ සමාජීය සහජීවන ගැටලු, සංවිධානාත්මක කල්ලි පෝෂණය කළ ජාතිවාදී මත.......... යන කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් විචාරයට ලක් විය යුතුය. මාගේ මතය ජාතික ගීතය දෙමළ බසින් ගැයීම වරදක් නැහැ. නමුත්, එයින් රටේ ජනවාර්ගික ගැටලුව අවසන් කියා සිතිය නොහැක.

ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් විය යුතු සේම, සියලු ජන සහ ආගමික කොටස්වලට සහෝදරත්වයෙන් සිටිය හැකි පරිසරයක්ද නිර්මාණය විය යුතුය.


වාර්ගිග සහ බෙදුම්වාදී ව්‍යාපාර බිහිවීමට බලපෑ සාඳක.

  • 1936 දී සර්ව සිංහල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම.
  • බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ (Ceylon) ජාතික ගීතය බ්‍රිතාන්‍ය ජාතික ගීතයයි.
  • 1944 දී සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය පිහිටුවා ගැනීම.
  • 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම.
  • 1948 අංක 18 දරණ පුරවැසි පණත ගෙන ඒම සහ ඒ මඟින් බහුතරයක් ඉන්දීය ද්‍රවිඩ ජනතාවට පුරවැසිකම නොලැබීම.
  • පුරවැසි පනතට විරුද්ධ ද්‍රවිඩ ජන මූලිකත්වයෙන් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පිහිටුවා ගැනීම.
  • 1956 ට පෙර බ්‍රිතාන්‍ය පාලනයේදී රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය. එය 5% ක් පමණ වූ ඉංග්‍රීසි කතා කරන පිරිසක සතු විය.
  • 1956 දී මහජන එක්සත් පෙරමුණ විසින් "සිංහල" රජ්‍ය භාශාව කිරීමේ පියවර ගැනීම
  • 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ට එළබි නමුත් මාස 2 ක් ඉකුත් වන විට ආණ්ඩුව එම ගිවිසුමෙන් ඉවත්වීම.
  • 1960 දී ඩඩ්ලි ‍‍චෙල්වනායගම් ගිවිසුම ට එළඹීම සහ වසර 2 කට පමණ පසු ආණ්ඩුව එයින්ද ඉවත් විය.
  • 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වාදුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් දමිල සිසුන් සාධාරණයන්ට ලක්වීම. 
  • 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම
  • 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයකට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීම.
  • 1983 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හමුදා සෙබලුන් 13 ක් ඝාතනය. සහ කළු ජූලියෙන් දෙමල ජනතාව බොහෝ හිරිහැරයන්ට, ඝාතනයට ලක්විම. කළු ජූලියට දේශපාලනික ආරූඪයක් තිබීම.
  • 1987 දී එවකට රජය විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම
  • 1987 දී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට හැඳින්වීම.
  • 2000 දී නෝවේ සාම නියෝජිතයා ලෙස පැමිණීම. (වාර්ගික/බෙදුම්වාදී යුධ සමය)
  • 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීම.

සිංහල භාෂාව.

  • දැනට ශ්‍රී ලංකාවේ 70% ක් පමණ සිංහල භාෂාව හසුරුවන අතර, ඉතිරිය බහුතරයක් දෙමළ බස හසුරුවයි.
  • ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ භාවිත වූ, "හෙළ බස", ඉන්දීය ආක්‍රමණ හමුවේ ඉන්දියානු භාෂාවලටත්, යටත් විජිත සමය තුළ බටහිර භාෂා සමඟ ඳ සංකලනය තුළින් සිංහල භාෂාව ලෙසින් පෝෂණය විය. විවිධ අකුරුද එකතු විය.
  • සිංහල අකුරු පරිණාමය සැලකීමේදී භ්‍රාක්මීය අකුරු නෑකම් කීම. විශේෂයෙන්ම සෙල්ලිපි අකුරු පරිණාමය.
  • සිංහල භාෂාවේ අනු භාෂා ලෙස රෝඩී සහ වැදි ජනතාව අතර භාෂාමය වෙනස්කම් ඇත.

ජාතික ගීතය හා වැදගත් සංධිස්ථාන.

  • අපේ ජාතික ගීතයේ වචන කීයක් ශුද්ද සිංහල නොවන්නේ ද? (නමෝ, මාතා, භක්තී). එය වත්මනේ ගැටලුවක් නොවීය.
  • 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් "නමෝ නමෝ මාතා" ගීතය රචනා කිරීම.
  • 1946 දී "නමෝ නමෝ මාතා" ගීතය Win11 නමින් එච්. එම්. වී. තැටියකට තැටි ගත කිරීම.
  • 1948-01-31 ජාතික ගීතයක් තොරා ගැනීම සඳහා තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා "නමෝ නමෝ මාතා" ගීතයද ඉදිරිපත් වී තිබිණි. 
  • ජාතික ගීතය තේරීමේ කමිටුවේ විනුසුරුවරයෙක්ව කටයුතු කළ පී. බී. ඉලංගසිංහ මහතා විසින් රචිත, "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතය තෝරා ගැණීනි. 
  • 1948-02-04 නිදහස් දිනයේදී ජාතික ගීතය ලෙස ගායනා කලේ "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතයයි.
  • 1951 දී ජාතික ගීතය ලෙස, "නමෝ නමෝ මාතා" ගීතය ග්‍රාම සංවර්ධන අගමැති ඔල්වර් ගුණතිලක මහාතා විසින් තෝරාගත් අතර, 1952-03-12 නිල වශයෙන් නිවේදනය කිරීය. මෙම තෝරා ගැනීමට එවකට මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාද සංදේශයක් ඇමති මණ්ඩලයට නිකුත් කර ඇත.
  • 1952-03-11 දී කැබිනට් අනුමැතියකට අනුව ජාතික ගීතය දෙමළ බසටත් (ශ්‍රී ලංකා තායේ), ඉංග්‍රීසි බසටත් පරිවර්තනය කළ අතර, එය කේ කනගරත්නම් මහතා විසින් සිදුවිය. එය නිල පරිවර්තනය ලෙස පිළිගැණිනි.
  • තෝරා ගත් ජාතික ගීතයේ "නැවත අප අවදි කරන් මාතා" යන පද පෙලක් තිබුණ අතර, එය "නිතින අප පුබුදු කරන් මාතා" ලෙස සංශෝධනය කිරීය.
  • 1953 දී ගුවන් විදුලි සංස්තාව විසින් සීදූව අන්ධ විදුහලේ සිසුන් මඟින් ගීතය ගායනය කරවා තැටි ගත කරන ලද අතර, 1955-02-04 දෙමළ බසින්ද ජාතික ගීතය තැටිගත කරන ලදී. මෙම ගීතය 1970 දී සමගි පෙරමුණ ආණ්ඩු කාල සීමාවේදී ද ගුවන් විදුලියේ ප්‍රචාරය වූ නමුත්, ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී දෙමළ මාධ්‍ය ගුවන් විකාශනයන්හී, ජාතික ගීතය දෙමළ බසින් විකාශනය නවතා දමා ඇත. නමුත් එහිදී සංගීතමය විකාශනය කර ඇති අතර, 1994 දී චන්ද්‍රිකා සමයේදී එයද නවතා දැමීය.
  • මෙම ගීතය, ජාතික ගීතය ලෙස තොරා ගැනීමෙන් පසුව ආනන්ද මහතාට 2,500/- ක මුල්‍ය පරිත්‍යාගයක් ලැබූ අතර, එම ගීතය අයත්  (කුමුදුණී) කෘතිය ප්‍රකාශ කළ ප්‍රකාශකයා තමන්ටද තැගී මුදලේ අයිතියක් ඇති බව පවසා නඩු දැමීය.
  • ජාතික ගීතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, එම ගීතයේ වස් ඇති බවට විවේචනාත්මක මත පල විය. ඇතමෙක් එහි ඝණ අක්ෂර දෝෂ සෙවීය. "න" අක්ෂරය අපාය අක්රයක් වීමත්, අරම්භය අනිටු ඝණ පිහිටීමත්, භක්ති රස ජනනය කිරීමත් විවේචනයට බඳුන් විය.
  • එවකට ආණ්ඩුව පෙරලීයාමටත්, ඩී. එස්. සේනානායක මහතා මිය යාමටත් මෙම වස් හේතු වූ බවට ප්‍රචාරය විය.
  • රටට වස් වැදී යැයි කියන මනෝ භාවය මුල් කර ගනිමින්, "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මාතා" ලෙස සංශෝධනය කිරීය. මෙයට සමරකෝන් මහතා විරෝධය පලකිරීය.
  • ජාතික ගීතයේ පද පෙළ වෙනස්වීම හේතුවෙන් සහ ඊට පාදක කරගත් වස් කතාන්දරය හේතුවෙන් රචක ආනන්ද සමරකෝන් මහතා සිත් තැවුලට පත්විය. 
  • රෝගාතුරුව රෝහල් ගතව සිටි සමරකෝන් මහතා, නිදි පෙති පානය කිරීම හේතුවෙන් 1962-04-05 දින මිය යයි.

ඉනිදියාවේ ජාතික ගීතය

  • ඉන්දියාවේ 41% ක් පමණ හින්දි භාෂාව කතා කරන ජනතාවක් වෙසේ. නමුත්, එහි ජාතික ගීතය ලියා ඇත්තේ රඛින්ද්‍රනාත් තාගෝර් නම් කවියා විසිනි. ඔහු බෙන්ගාලි ජාතිකයෙකි.
  • ඉන්දියාවේ බෙන්ගාලි භාෂාව කතා කරන ජනතාව ප්‍රතිශතාත්මකව අනුපාතයක් ලෙස 8% ක් පමණ වේ. "ජන ගන මන" නම් ඉන්දීය ජාතික ගීතය රචනා කර ඇත්තේ ද බෙන්ගාලි භාෂාවෙනි. බෙන්ගලි භාෂාව සංකෘතික භාෂාවේ විකාශනයකි.
  • විවිධ භාෂා 200 කට අධිකව කතා කරන ඉන්දියාවේ ජාතික ගීතය, හින්දි, දේවනාගිරි, පංජාබ්, මලයාලම්, තෙළිඟු, ගුජරාඹ්, උර්දු, දෙමළ වැනි භාෂා වලට පරිවර්තනය කර ඇත.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *
පසු වදන


විවිධ භාෂා වලින් ජාතික ගීතය ගායන රටවල්.

  • බෙල්ර්යම - ෆ්ලෙමිෂ්, ප්‍රංශ, ජර්මන් 
  • බුරුන්දි  - ප්‍රංශ, කිරුන්දි
  • කැමරුන් - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කැනඩාව - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කොමොරෝස්‌ - ප්‍රංශ, ෂිකොමොරෝ
  • ෆීජී - ඉංග්‍රීසි, ෆීජී 
  • පින්ලන්තය - යුන්නිෂ්, ස්‌වේදිෂ්
  • කෙන්යාව - ඉංග්‍රීසි, කිෂ්වාහිලි
  • මලාවි - චිෙච්වා, ඉංග්‍රීසි 
  • මාෂල් දිවයින -  ඉංග්‍රීසි, මාෂල් 
  • නයිරු - ඉංග්‍රීසි, නයිරු 
  • නවසීලන්තය - ඉංග්‍රීසි, මයිරු 
  • පලවූ - ඉංග්‍රීසි, පලවූ 
  • සුරිනාම් - ඩච්, ස්‌රානන්, තෝංගො
  • ස්‌විස්‌ටර්ලන්තය - ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රෝමන් 
  • සිම්බාබ්වේ - ඉංග්‍රීසි, න්දෙබ්ලෙ, ෂෝනා 
  • දකුණු අප්‍රිකාව - Xhosa, Zulu,සෙසොතෝ, අප්‍රිකාන්ස්‌, ඉංග්‍රීසි 


අවසන් ප්‍රතිඵලය සංදේශය නිවුස් ඇලට් SMS මඟින් ලබා දෙනු ඇත.
සංදේශය නිවුස් ඇලට් එකතු වීම සඳහා f @sandeashaya
සංදේශය නිවුස් ඇලට් ඉවත්වීම සඳහා L @sandeashaya
ලෙස සටහන් කර, 40404 ට SMS කරන්න. ටිවිටර් උපයෝගිතාවයකි. සේවාව නොමිලයේ වන අතර, දෛනික හෝ මාසික මුදල් අය නොවේ.

ආශ්‍රිත 

Friday, January 2, 2015

දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති

මෙම සටහන/පරිවර්ථනය විශ්මී සහෝදරිය විසින් ලැබීමට සැලැස්වූ ලිපියකි.


**********************


එය තම තමන්ට මෙන්ම අනුන්ටද කල්පිතයන් පවසන වකවානුවක් විය. පුදුම සහගත ප්‍රමාණයකින් එවා ක්‍රියවෙහිද යෙදවුනි. ගොවියො ඉඩම් කැබලි කිහිපයක අස්වැන්න එක ඉඩම් කැබල්ලක් තුළට ගෙනවිත් ආශ්චර්යජනක අස්වැන්නක් ලබුන බවට පක්ෂ නිලධාරීන්ට පෙන්වූහ. මුළාවනසුලු නැතහොත් මෝඩ කෘෂිකර්ම නිලධාරීන්ට, වාර්තාකරුවන්ට, වෙනත් පළාත් වලින් පැමිණි අමුත්තන්න්ට සහ විදේශිකයන්ට නිසරු ඉඩම් සාරවත් ලෙස මවා පෙනවන ලදී. අකාලයෙ ගලවා සිටුවීම නිසත්, අධික උෂ්ණත්වය නිසාත් මෙම බෝග මැරී වටුණි. නමුත් අමුත්තෝ ඒ බව නොදැනගත්හ. නැතහොත් ඔවුන්ට දැනගැනීමේ අවශ්‍යයතාවයක් නොවීය. ජනතාවගෙන් බොහෝ පිරිසක් මෙම වියවුල් සහගත, උමතු ලෝකයට පිවිසුනහ. 'ශ්වයං-වංචාව සහ අනුන් රැවටීම' දැඩි ලෙස ජාතිය ග්‍රහණයට ගත්තේය. උසස් පක්ෂ නායකයෝ , කෘෂිකාර්මික නිලධාරීහු ඇතුළු බොහො දෙනා තමන් ආශ්චර්යය දුටු බව පැවසූහ. එය නොදුටු බව පැවසූවන් සැක කිරීමට භාජනයට ලක් වූ අතර දෝෂාරෝපණයටද ලක් විය.


බොහෝ ස්ථානවල නිෂ්පාදනයේ අධික වීම පිළිබඳව පම්පෝරි ගැසීම ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ට පහර දෙන ලදී.

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් හාරසියයි. (රාත්තල් 450ක් පමණ - සත්‍ය ලෙස පිළිගත හැකි අනාවැකියකි.)
එවිට ඔහුට පහර වැදුණි

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් අටසීයයි.

බොහෝ පහළ ශ්‍රේණි වල නිලධාරීන් සහ ගැමියන් මෙම සිදුවීම් වලට පැටලුනෙ හාස්‍යජනක පුරසාරම් විශ්වාස නොකළ නිසාය. නමුත් වැරදි කරුවන් වීමට ඇති බිය නිසාම ඇතැම්හු ඒවාට පැටලුණහ.

වාර්තා සහගත අත්භූත සාර්ථකත්වයන් පිළිබඳ දැනුම් දීමට පැමිණෙන ගැමියෝ විවිධ දේවල් ට්‍රක් රථවල පටවාගෙන අපෙ මිදුලට රැගෙන ආහ. දිනක් අතිවිශාල පිපිඤඤා ගෙඩියක් රැගෙන එනු ලැබිණි. එය ට්‍රක් රථයෙන් භාගයක් පමණ විශාල විය. තවත් අවස්ථාවක යෝධ ඌරෙක් ට්‍රක් රථයක පටවාගෙන ආවෝය. එම ඌර තමන් විසින් ඇතිදැඩි කල බව ගැමියෝ කීහ. ඌරා හදා තිබුණේ කඩදාසි තලප වලිනි.

මුලු ජාතියම මුසාවට යට වුණි. වචන සත්‍යයෙන් , වගකීමෙන් සහ මිනිසුන්ගේ සැබෑ හැඟීම් ඈත් විය. වචන වල තේරුම් නොමැතිව යාමෙන් ඉතා පහසුවෙන් බොරුව රජ විය.

Wild Swans - Jung Chang
පරිවර්තනය - ඩී. එම්. එස් . ආරියරත්න


**********************

ඔබ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්ධක්. වියරු ඒකාධිපති පාලනය, පලවාහැරීමේ සුබ නව වසරක් වේවා.
බොරුවෙන් සහ වංචාවෙන් මුලා නොවී නව වසර උදාවේවා..........!

යුද්ධය, සංවර්ධනය, වංචාව, දූශණය, අල්ලස්, මාෆියා, උද්ගෝෂණ, මර්ධනය, භීෂණය, අක්‍රමිකතා, ආශ්චර්ය්‍ය, චින්තනය, කුඩු, එතනෝල්, කැසිනෝ වැනි විවිධ මාතෘකා ගැන අප නොනවත්වා කතා කලෙමු. මේවා ගැන කතා කිරීමට දිනෙන් දින අලුත් පුවත් මැවිණි. පැරණි පුවත් යට ගැසිණි.
නමුත් ඒ පුවත් ගැන නොවිසිදුණ, යට ගැසුණ කරුණු අපමණය.
සැබෑ ජනතා අවශ්‍යතාවය............ රටේ සබෑ අවශ්‍යතාවය ................. යනු,
පුහු සංදර්ශන හෝ බොරු මවාපෑමේ රියලිටි කලාව නොව.
මර්ධනයෙන් පැවැත්ම රඳවා ගැනීමට සැමදා නොහැකිය.
බුද්ධිගෝචර නොවූ ඡන්ද දායකයින්ට මෙන්ම ව්‍යාපාර පංතියට රට සහ අපේ අනාගතය තීරණය කිරීමට ඉඩ දිය යුතු නැත.















ගිණි පොල්ලෙන් බැට කෑ මිනිසා කලාමැඳිරියාටද බයයි කියනවා මෙන්, මෛත්‍රී යුගක් පිළිබඳවද ඇත්තේ සැකයකි. බියකි. චන්ද්‍රිකා මැතිණිය ගේ සෙවනැල්ල තවත් බිය උපදවයි. 
2010 දී බොහෝ දෙනෙක් මහින්දට චන්දය දෙන විට කීවේ "දන්නා යකා නොදන්නා යකාට වැඩිය හොඳයි" කියා.
2015 වන විට "දන්නා යකාට වඩා නොදන්නා යකා හොඳ" වී ඇත.
අප ඒ තත්වයට පත් කළේද මේ රාජපක්ෂ පාලනයමයි. අපව ඒ තත්වයට අසරණ කළේ මේ රාජපක්ෂ වියරු පාලනයමයි.
අ‍නපේක්ෂිත අනාගතයකට තල්ලුකළ රාජපක්ෂ පාලනය පලවා හරිමු.

ප්‍රේමදාස යුගය පසුකළ අපට නැවත රාජපක්ෂ ඉතිහාසයක් හෝ වර්තමාණයක් හිමි නොවේවායි පතමු.
නමුත්, තත්ත්වය එසේමනම්, මෛත්‍රී යුගය අවසන් කරනට දායක වනුයේද අපමය. 

"දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති"

Sunday, February 9, 2014

මේ වැරැදි කිසිවක් සමාජ ආදර්ශ නොවේවා!.... Tribute to Wenusha....?


කුරුණෑගල සර් ජෝන් කොතලාවල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසලකි. මෙම පාසැල දක්ෂ ගුරුමණ්ඩලයකින් සහ පහසුකම්වලින් අනූනය. රාජ්‍ය මැදිහත්වීම උපරිමය. ලක්මවට දහස් ගණනක් වටිනා මිනිස් සම්පත් පෙළ ගැසූ මෙම විදුහලට ඇයි මේ අදෝනා. ඇයි මේ ගැරහිලි.... 
මේ කතා කරන්නේ මීට දින කීපයකට පෙර (2014 පෙබරවාරි 04 වන දින) එම පාසැලේ සිසුවියක් නිවසේදී ගෙල වැල ලාගෙන මියැදීම සම්බන්ධයෙනි. අපවාදය විදුහල්පතිට වූවත්, සමස්ත විදුහලම හෑල්ලුවට ලක් විය. ආසන්නතම හේතුව ලෙස අපට දැන ගැනීමට ලැබුණේ ඇයගේ මුහුණුපොතේ ජායාරූපයක් tag කර තිබීමයි.

ඊයේ දින මල්කඩුවාව පොදු සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය මෙම සිසුවිය සත්තකින්ම බලවත් වරදක් කර තිබේද. තාක්ෂණය ගැන කිසිදු හසළ දැනුමක් නැති විදුහල්පතිවරයා තවකෙකු විසින් ඇයගේ FB වෙත ටැග් කර තිබූ පින්තූරයක්, (එය දැන් ඉවත්කර ඇත) ඇය විසින් පළ කළ ලද්දක් බව පවසමින් බැණ වැදීම සාධාරණද? තවත්, කතාවක් ලෙස පැත්රෙන්නේ ඇය පවුලේ ප්‍රශ්න මත මානසික ගැටලුවලට මැදි වූ අයෙකු බවයි. නමුදු ඇයගේ ජීවිතහානියට හේතුව හෝ ආසන්නම හේතුව විදුහල්පතිවරයාගේ හැසිරීම වන බැවින් ඇයව නැවත ඝාතනය නොකර සිටිමු.

මට සිතෙන්නේ මෙසේයි.

මෙතනදී සිසුවියකුට අවශ්‍ය නිසි ඔවදන් ඇයගේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් ලැබී නැත. ඇය මෙන්ම අදාල විදුහල්පතිවරයාද ස්වයං පාලනයකින් කටයුතු කර නැත. මෙම නාටකයේ කියැවෙන විදුහල්පති හමුදා නීතිමය උපදේශනයක් පැවැත්වීම සහ පැවැත්වූවායි කියන ආකාරය කිසිම අනුමත කිරීමක් කළ නොහැකියි. එසේ මා පවසන්නේ ඇයගේ අවසන් ලිපිය සහ සමහරෙක් කියන කාරණා අනුවය. තවද මාගේ ස්වයං දැක්මද එසේමය. වෙ නූෂාට ප්‍රශ්නයක් දරා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් තිබිය හෝ නොතිබිය හැකිය. නමුත්, අදාළ විදුහල්පතිවරයාටද ළමයකුගේ මානසික තත්ත්වය වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. නමුත්, මෙම ලිපියෙන් මා කිසි විටක ඇය ගත් තීරණය හෝ ඇයගේ ක්‍රියාකලාපය නිවැරැදි කියා පවසන්නේ නැත. 11 වසර සිටින සිසුවියක් තවත් එක ළමයෙකු සහ ළමා මනසකින් යුතු අයෙකු බව පමණක් සලකමි. මාගේ විවේචනය, උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති එහි කෙළ පැමිණියාවූ අයෙකුගේ හැසිරීම බුද්ධිගෝචර ද යන්න පිළිබඳවත්, එවන් අය විසින් කරනු ලබන අනෙකුත් සමාජ දූෂණ පෝෂණ ක්‍රියාවලියන් පිළිබඳව ද විචාරයකට ලක්විය යුතුමය.
දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද?

මෙවැනි පාසැලට ළමයෙකු ඇතුළත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එහිදී සිදුවන වංචනික ක්‍රියා කාටත් ප්‍රසිද්ධ රහසකි. එවන් සමාජ පරිහානියක් පෝෂණය කරන විදුහල්පතිවරයෙක් හෝ දේශපාළුවෙක් හෝ වේ නම් සමාජයට දෙනු ලබන පූර්වාදර්ශය කුමක්ද? එසේනම්, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඇති මෙවන් සුදු කරපටි කාරයින් සමාජයට දෙන ආදර්ශය අගයමුද.


වෙනුෂිගේ අවසන් ලිපිය















































සිසු පිරිසක් විසින් අදාල සිද්ධිය පිළිබඳව සැකසූ ලිපියක් (අන්තර්ජාලයෙන් සොයාගැනුනි)
්තර්ජාලයෙන් සොයාගැනුනි)








මෙන්න විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුගේ අහුලාගත් තවත් සදාචාර සම්පන්න ක්‍රියා කීපයක්


මේ විදුහල්පතිවරයෙකුගේ ලිංගික අල්ලස් ගැනීමක් පිළිබඳව අසන්න ලැබුණු පුවතක්. (2014-02-07)
තරුණියකගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේයැයි සැකපිට පැල්වත්ත නවෝද්‍යා පාසලේ විදුහල්පති සුනිල් පුෂ්පකුමාර මහතා ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. 

පසුසටහන

දිවයින ගැන ලැජ්ඡයි. අදාල පුවත විකෘත්තිකොට පලකර විදුහල්පති රැකගත් අතර, මියගිය වෙනූෂා දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සාහදරා ඇත. අවම අවශයෙන් එම කරුණෑගල වාරුතාකාරු කුරුණෑගල පිහිටි පාසලේ නමවත් නොදනී.

අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද? මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.

වසරකට පාසැල් කීයක් වැසී යයිද? ඒ ගැන පාලන පක්ෂය නිහඩ ඇයි.

මෙම වසරේ ද සැම්තැම්බර් සිට නැවතත් විදුහල්පතිවරුන් මුදල් සහ ලිංගික අල්ලස් ගැනීම් වාර්තා වේවි.

මීට ටික දිනකට පෙර වලපනේ වයස 12 පමණ සිසුවියක් ආර්ථික අඟහිගකම මත ගෙල වැලලාගත් පුවතක් අප ඇසීය. නමුත් ඒ පිළිබඳව විස්තරයක් නොදනී

ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි
-ලෝකෝපකාරය

Tuesday, December 31, 2013

ලබන්නාවූ 2014 වසර ඔබ ට සහ රටට....


බඩු මිල වැඩි නොවූ
බදු බර වැඩි නොවූ (අය වැය කියා අවසන්)
වංචාව සහ දූෂණය අඩුවූ,
අධ්‍යාපන අයිතින් හිමි වූ,
නීතිය සහ සාධාරණත්වය හිමි වූ,
පොලීසිය, පොලීසිම ලෙස ක්‍රියාත්මක වූ,
අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය හිමුවූ,
මත්ද්‍රව්‍ය ගෙනෙන නායකයින්/පාතාලයන් අඩු වූ,
නීති ගරුක අවංක පාලනයක පුරවැසියෙක් වූ,
බුද්ධිමත් පාලකයින් රටට දායාද වූ,
රටට ආදරය කරන පාලකයෙක් සහ පාලනයක් හිමිවූ,
සත්‍යයට ඉඩක් හිමි වූ,
අනුන්ගේ චින්තනයකට යට නොවූ,
චින්තනයට යට නොවූ සහෝදර ජනතාවක් ආශ්‍රය කරන්නාවූ,
මානව අයිතිවාසිකං කඩ නොවූ,
ආගමික නිදහස සහ සංවරය රජකරන,
සූරා කෑමට හසු නොවූ,
සමාජ පිරිහීමෙන් අඩුවූ,
දරුවට පාසලක් හිමි වූ,
සුදුස්සාට සුදුසු තැන හිමි වූ,
ත්‍රස්තවාදියාට, මැරයාට, පාතාලයාට තිත තැබූ,
සමාජ පංති භේදය අවම වූ,
රැකියාවට සාධාරණ වැටුපක් හිමි වූ,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රයාවට නැංවූ,
මනුසත්කම හදුනන, මනුසත්කමට නිගා නොදෙන,
මිනිසෙක් ලෙස ජීවත් වීමට නිදහස හිමිවූ,
සුබ නව වසරක් වේවා!

මේ හැර තවත් කීයක් දේ කියන්න ඇති ද? අඩුම ගානේ මින් කීපයක්වත් හිමි වේනම්....සුබ නව වසරක් වේවා!!




ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.
ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් පැතුමක් පතන්න සිදුවේ. 

2014 සුබ නව වසරක් වේවා!!!

Tuesday, November 19, 2013

චෝගම්වලට ජීවය දෙන්න....

 
පෝස්ට් එකක් සඳහා මාතෘකා නැතුවා නොව. කර්ය්‍ය බහුලබව පොස්ටුවක් පල කිරීමට විශාලතම භාදකය වී ඇත. 
මෙම රජය, සමාජය, මිනිසුන්, නූතනය විවිධ මාතෘකා දවසින් දවස එක් කරයි. සමහර මාතෘකා කාලයක් තිස්සේ පැසවා පැසවා තිබේ. එක් මාතෘකාවක් ආ විගස

“ඕක සති දෙකයි තුනයි“
“දැන් අහවලුන්ට කෑ ගහන්න මාතෘකාවත් තිබෙනවා“
“සිංහලයාට මතක හිටින්නේ සතියයි“

වැනි විවිධ මත, ප්‍රලාප අසන්න ලැබෙනු ඇත. නමුත්, ඔවුන්ට එම සිද්ධි අමතක වනවා නොව. නව මාතෘකා දිනෙන් දින එක් වීම මඟින් පැරණි මාතෘකාව යටපත් කිරීමය. දේශපාලන කුහකත්වය ද, ඉහත ප්‍රලාප කීමට සමහරවිට ඉවහල් වේ.

මේ ආකාරයෙන් ගෙවී ගිය සති කිහිපයතුළ මාතෘකා කීපයක් ඉතිරි කළේය.

1) කටුනායක අධිවේගය විවෘතය.
2) චෝගම් (CHOGM) සමුළුව.
3) චැනල් 4 මාධ්‍යවේදින්ගේ පැමිණීම.

ඒ අතරින් මෙම වකවානුතුල පුවත්පත්වල පළවූ පහත කාටූන් මා සිත් ගති. සැබවින්ම ඒ ආණ්ඩු විරෝධී භාවයක් මත නොව. ඉතාම සංවේදී දේශපාලනික කාටූන් වූ බැවිනි. මෙම කාටූන් චිත්‍ර හසන්ත විජේනායකගේ සිතුවම් වන අතර, යථාර්ථය විවේචනය කරන්න, නිරූපණය කරන්න ඔහු සමත්වී ඇති බව මාගේ අදහසයි. එබැවින් එකී කාටූන් මඟින් අදහස් කරනා කරුණ/කරුණු පිළිබඳ වැඩි යමක් නොලියමි.

මේ කටුනායක විවෘත්තයට පෙර, තෙදිනක් සමාන්‍ය ජනතාවට පාරේ කා-බී  නටා විනෝද වීමට දුන් අවස්ථාක නිරූපණයකි.


 2013 චෝගම් වඩම්මාගෙන එන්නේ මහත් වූ හරසරිනි. ජනතා සෝ සුසුම් රැල් වේගයෙන් මුදාහරිමින් ඒ පිඹින්නේ චෝගම්වලට ජීවය දෙන්නයි.

 


අම්මේ, තාත්තේ, පංච මහා බලවේගයේ ආදීතමයාගේ සිට, නූතනයා දක්වා වූ පුරවැසියනි, දැන් සැරසෙමු! පියවන්න ඔවුන්ගේ අය-වැය හිඟය!!

පසුගිය දිනවල වෙනත් රටවල හමා ගිය සුළි සුළන් නැතත්, නියගෙට වේලී, සුළඟට හසුවූ පරිදි පීඩනයක් මිනිසුන්ට දැනෙන්නේ කාගේ ආශ්චර්යෙන්ද?


පසු සටහන

චීනය සමඟ ගනු දෙනු, 50% ක් ඉක්මවූ ලාභ දීමනා සහ ප්‍රසාද දීමනා.... තොරතුරු ටිකක් ලැබිණි. නැවත පෝස්ටුවකින් පෙන්වන්නම්.

ආශ්චර්යේ සිහින මාවගේ ගිලි සිටින කිසිවෙකුට වැරැද්දක් නොපෙනෙනු ඇත. එය මාගේ වරදක් නොව.

Thursday, July 18, 2013

අංකුර දේශපාළුවෝ

අප පසුගිය කාලය පුරාවට ඡන්ද ගණනාවක්ම පසු කළෙමු. ජනාධීපතිතුමා විසින් 2013 වසරට එකදු ඡන්දයක්වත් නැතැයි කීවද, නැවත ඡන්දයක් මතු වී ඇත. එතුමා කියු බොහෝ දේවල්වල තත්ත්වයද එයමයි කියා මට සිතේ. ඡන්දය පැවැත්වීමද නොනවතින ක්‍රියාදාමයකි. සෑම ඡන්දයකදීම අපේක්ෂකයන් ඡන්ද දායකයා බුද්ධිමත් ඡන්ද දායකයෙක් බව පසක්කරවමින්, සහ පවසමින් තම අනාගතය වෙනුවෙන් සහ තවත් කෙනෙකුගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අපමණ උත්සාහයක නිරත වේ. නමුත්, ඡන්ද දායකයා හෝ දෙවරක් සිතිය යුතුය. අසීමිත බලයෙන් පෝෂණය වන සහ බල ලෝභීත්වයෙන් වියරු වැටුණ, ඔබේත් රටේත් අනාගතය අඳුරුකරවන අධම පාලකයෙක්, පාලන පක්ෂයක් හෝ දර්ශනයකට නැවත නැවත ජීවය පිඹිනවා යනු කෙතරම් අනුවණ ක්‍රියාවක්ද?

අංකුර දේශපාලනඥයින් බිහිකරන එක් නැවාතැනකි ප්‍රාදේශීය සභාව. නමුත්, හැදෙන ගස දෙපෙත්තෙන් දනී මෙන්, ඔහුන්ගේ ගමන්මග ඔවුන් විසින්ම හෙළිදරවු කරයි. බොහෝවිට මොවුන්, අද ඇමති බලතල දරණ අයෙකුගේ ඍජු ඥාතීත්වයක් දරයි. මේ හේතුවෙන්ම පිය ආදර්ශය නොඅඩුව ලැබූ මොවුන් පිය අඩි පාරේම ගමන් කරයි. පහත මා උපුටා දක්වනුයේ පුංචි ඡන්දයෙන් බිහිවූ පුංචි පහේ හපන්නුන් විසින් දෑත් ශක්තිමත් කිරීමේ සහ දෑත් ශක්තිමත් කරගැනීමේ මෑත කාලීන අවස්ථා කිහිපයකි. මඟ හැරුණ සිදුවීම් අනන්ත ඇති. වාර්තා නොවූ සහ වාර්තා නොවන සිදුවීම් ඊට බෙහෙවින් වැඩියි. කරුණු වඩාත් සත්‍යාසන්න කරනුවස් දිගුවන්ද ලබා දෙමි.

2013-07-16 ලග්ගල සභාපතිගේ ආදරණීය පුතණුවන් ගිනි අවි අත දරයි.
ලග්ගල ප්‍රාදේශීය සභාපතිගෙ ධර්මසිරි කන්නන්ගර යන අයගේ පුත් විසින් කළ වෙඩි තැබීමකින් කිවුලවාඩිය ප්‍රදේශයේ පාසැල් සිසුවෙකු තුවාල ලබා ඇත. එය මෙම ලිපියේ සටහන් තබන මොහොතේ වර්තාවූ සිද්ධියකි.

2013-07-12 යටියන්තොට ප්‍රාදේශීය සභාපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
යටියන්තොට ගලපාත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ස්වයං රැකියාවක් ලෙස කුකුළු ගොවිපළක් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට යැයි පවසා රුපියල් 30,000/- ක මුදලක් ලබාගෙන ඉන් රු 15,000/- ක මුදලක් සභාපති වසන්ත කුමාර මහතා ළඟ තබා ගැනීම හේතුවෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

2013-07-10 - මීගමුව නගරාධිපති පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීම
http://www.newsfirst.lk/sinhala/node/23907

2013-04-17 - යතුරු පැදියක් පරික්ෂාකළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තර්ජනය කිරීම හේතුවෙන් ගම්පහ නගරසභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

2013-06-12 - අවන්හල් හිමිකරුවකුට පහරදීම සම්බන්ධයෙන් අම්පාර නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත් විය.

2013-07-08 දැරණියගල හිටපු සභාපති අධිකරණයට
වතු අධිකාරවරයෙකු මරණයට පත්කිරීම (2012-07-05) සම්බන්ධයෙන් චෝදනා ලබා දැරණියගල හිටපු සභාපති (අනිල් චම්පික නොහොත් අතකොටා) සහ තවත් සැක කරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ජුලි 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර පමුණුවා ඇත. මීට පෙරද ඔහු එම ප්‍රදේශයතුළ තම අන සක පතුරුවමින් විවිධ ධාමරික ක්‍රියාවන් කර ඇති අතර, ස්ත්‍රී දූෂණ ද ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රමුඛස්ථව ඇත.

2013-07-06 වල්ලාවිට ප්‍රා. සභාපති අල්ලස් ගැනීම චෝදනා ලැබ අත්අඩංගුවට
පස් ප්‍රවාහනය සඳහා බලපත් ලබා ගැනීමට යාමේදී බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් වල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල යන අය විසින් ලබගත්තේයැයි චෝදනා ලැබ අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගනු ලැබීය. නමුත්, මීට පෙරද රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසයි. ඒ අනුව ඔහුද අල්ලස් ලබා දී රජයට අය විය යුතු රාජ්‍ය භාගය වසන්කර ඇත. එබැවින් ඔහුද වරදකරුවෙකු විය යුතුය.

2013-07-04 කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට
තබ්බෝව ජලාශය භාර වාරි ඉංජිනේරුවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් පුත්තලම, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ යන අය අත්අඩංගුවට පත් විය.
2013-02-17 දින සාලියවැව මංසන්ධියේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතද, 2012-07-16 දින ද තම ප්‍රා. සභාවේ ප්‍රධාන කළමනාකාර එම් සී තිලකරත්න යන අයගේ හිසට බෝතලයකින් පහරදී තුවාල කීරීමේ චෝදනාව මතද, මෙම සභාපතිවරයා නීතිය හමුවට පමුණුවන ලද අයකි.
http://lakhanda.lk/news/?p=846
http://expresspuwath.com/?p=29264
2013-06-05 මාවනැල්ල ප්‍රා. සභාපතිට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම.
මාවනැල්ල බෙලිමුල්ල ප්‍රදේශයේදී කේ. ජී. ප්‍රියන්ත පත්මකුමාර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මාවනැල්ල සභාපති කේ. පී. පියතිස්ස යන අයට මරණ දඩුවම අධිකරණය විසින් නියම කිරීය.
රියබලපත්‍රය සහ හිස්වැසුම් රහිතව යතුරුපැදියක් ධාවනය කළ තිදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට, ඇඹිලිපිටිය ප්‍රා. සභාපති එම්. කේ අමිල යන අය විසින් පහර දීමේ චෝදනා යොමු වීය. මොහු පොලීසිය මඟහරිමින් සිට අධීකරනයට ඉදිරිපත්වී ඇප ලබා ගන්නා ලදී.
http://www.newsfirst.lk/sinhala/node/23125

2013-02-04 මොරටුව උප නගරාධිපති භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීම
එගොඩඋයන සුනන්දෝපන්දරාමයේ හිමිනමක් සමඟ කලක සිට පැවත එන ඇති ඉඩම් ආරවුලක් දුරදිග ගොස් උන්වහන්සේව අපවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර යන අය අත්අඩංගුවට පත්විය.

2012-07-28 අල්ලස් චෝදනා මත කළුතර ප්‍රා. සභාපති අත්අඩංගුවට
ඉඩම් වෙන්දේසිකරුවකුගෙන් රු ලක්ෂ 38 ක අල්ලසක් ලබා ගත්බවට චෝදනා ලැබූ කළුතර ප්‍රාදේශීය සභාපති, අදාළ අල්ලස් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රැහැනට නතුකරගෙන තිබේ.

2012-07-04  බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට අකුරැස්ස ප්‍රා. සභාපති අත්අඩංගුවට
අකුරැස්ස ප්‍රාදේශීය සභාපති එස්. එල්. සුනිල් යන අය විසින් බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම හේතුවෙන් 2012 -07-04 මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට ද ප්‍රදේශයේ මිනිසුන් සිටීම ගුජුප්සා ජනකයි.

2012-01-31  කොටකෙතන ද්විත්ව ඝාතනය සහ කාන්තා ඝාතන රැල්ලක් නිර්මාණය.
පසුගිය වසරේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණීයක් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සහ තවත් කාන්තා ඝාතන රැසකි. මෙම ඝාතන සිද්ධි ගලා යනුයේ කුඩු ජාවාරමක් හෙළිදරව් වීමත් සමඟය. ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම ‍ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලොකුගම් හේවගේ ධර්මසිරි නමැති සැකකරු අධිකරණය විසින් 2013-04-02 දින නිදහස්‌ කරන ලදී.
පාලන තන්ත්‍රෙය් නිල පවත්පතක් වන දිනමිණ මෙම පුවත වාර්තා කරනු ලැබුවේ, "සාක්ෂි නැති නිසා ධර්මසිරි නිදහස්" යනුවෙනි 
රතුකරුස සංවිධානයේ නියෝජිතයෙක් වූ කුරාම් ෂෙයික් මහතා ඝාතනය කිරීම සහ එම මහතාගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා කචේවා දූෂණය කිරීම සම්බන්‍ධයෙන් චෝදනා ලැබ තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඔහුගේ සහායකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම.
http://www.pathula.com/index.php/archives/2647

(රැකියාව හේතුවෙන් බ්ලොග් අවකාශයෙන් දුරස්භාවයක් ගත්තද, එය අමතක කර හෝ අමතක වී හෝ නැත. එබැවින් හැකි පමණ, බ්ලොග් අවකාශයේ සැරිසැරීමට උපරිම උත්සාහ කරමි.)

පසු සටහන

රාජ්‍ය භාගය සහ අනෙකුත් ගාස්තු නොගෙවා පස් - වැලි වැනි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය අද සමාන්‍ය දෙයකි. එය අල්ලස් ලබා දීම මත නිරන්තරයෙන් සිදුවේ. මෙහිදී රජයට විශාල මුදලක් අහිමි වී යයි. සිවිල් නීතිය කරවන පොලිස් නිලධාරීන් පිරිසක් පවා මෙතන සිටී. ඒ අහිමිවී යන මුදලේ හිඩස සමාන්‍ය ජනතාවටම පසු කාලීනව බදු ලෙස හෝ වෙනත් අනියම් ආකාරයකින් දැරීමට සිදුවේ. ජීවන වියදම වැඩි වීමට රටේ පවතින අල්ලස සහ දූෂණය ද ඉවහල් නොවන බව පැවසිය හැකිද?

අංකුර දේශපාලකයන් රටට ලබා දෙන පූර්වාදර්ශය, ඔවුන්ගේ යටි වියන්, උඩුවියන් මඟින් පෙන්වාදුන් පූර්වාදර්ශයම නොවන්නේ ද?. මේ සියලු දෙනා අතු රිකිලි මුල් දුවවමින් උරා බොන්නේ රටේත්, ජනතාවගේත් සාරයයි. අවම වශයෙන් අපි දූෂණයෙන් සහ වංචාවෙන් තොර උගත් ජනතා නියෝජිතයින්ව තෝරා ගැනීමට වෙර දරමු. පුංචි සභාවෙන් හදුනාගත් පහේ වියතුන් වරණයකට ලක්කර පළාත් සභා වෙත කැඳවමු. "අපි හෙවුවොත් අපි කයි කියා" සිතේනම්, අපිට සොයන්න රටක්, සහ ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවද සිතමු.

Tuesday, February 12, 2013

එකෝමත් එක රටෙක එකෝමත් එක රෝහලක


පළමුව මා සඳහන් කරනුයේ මෙම ලිපිය ලිවීමට  මාහට වඩාත් සිත් වූයේ අමාවක බ්ලොග් අඩවියේත්, මාතලන් බ්ලොග් අඩවියේත් පළවූ ලිපි හා සමගාමීවය. මා යොදා ඇති අදාළ ලින්ක් එක උපකාරයෙන් පිවිස ඔබට ඔහුන්ගේ විමසුමට එක්විය හැකි ය. සියලූම රෝහල් සහ වෛද්‍යවරුන් ද, මාධ්‍යවේදීහූ හෝ මාධ්‍ය ආයතන ද මීට ආදාළ නොවූවත්, අප ඇසින් දුටු, කියැවූ පරිදි මනසේ කැකැරෙන විතිකිච්ඡාව පාදක කරගනිමින්, කරනු ලබන විවේචනයකි වේ.

බාල ඖෂධ වර්ග මෙරටට ගෙන්වීම නිසා පසුගිය කාල වකවානුව පුරාවටම සිදුවූ ජීවිත හානී පිළිබඳව අප මාධ්‍යතුළින් හොඳන් ඇසුවෙමු/කියැවුවෙමු. ඔබට හොඳින් මතක ඇති මෙම “බාල“ රිද්මය අතු රිකිලි දමා, බාලාවතාර, බාල බෙහෙත්, බාල තෙල්, බාල සිමෙන්ති .... ආදී වශයෙන් විවිධ වූ සීමාවන් ස්පර්ශය කරමින් ව්‍යාප්ත වූ ආකාරය.  2012 වර්ෂය සඳහා මෙරටට ගෙන්වන ඖෂධ සීමා කරමින් කෘතීම ඖෂධ හිඟයක් ඇති කිරීමට තැත් කළ ආකාරය අපි එම වකවානුවේදී හොඳින් ඇසුවෙමු. ඔහුන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එයදෝ කියා විටෙක සිතේන අතර, රජයේ එකී කූට ක්‍රියා පිළිවෙත් හේතුවෙන් බැට කෑ සහ තවමත් බැට කන ජනතාව බොහෝ ය. ඖෂධ සමාගම්වලින් ගනු ලැබූ සන්තෝසම් හෙවත් ඖෂධ මාෆියාව ඇරැඹීම නිසා දෝ තවම මෙම ප්‍රතිපත්තිය බලගැන්වී නැත.

වෛද්‍යවරුන්ට අත්වැරදි විය හැකි බව මා පිළිගනිමි. නමුත්, එය ජීවිතයත් මරණයත් අතර, දෝලනයකි. එබැවින් එවැනි අත්වැරැදීමක් කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හෝ වන්දි ගෙවීමකට යටත් කිරීම හෝ තළ නොහැකියි. වැරැදි ප්‍රතිකාර තුළින් හෝ ඖෂධ හේතුවෙන් හෝ නැතිවනුයේ ඔබේ ම ළඟම හිතවතකුගේ අතක්, පයක් හෝ ජීවිතයක් නොවෙන්න පුළුවන්. නමුත්, තත්ත්වයට පිළියම් නැතිව තවදුරටත් එය උඩුදුවනවානම් ඔබේත් මගේත් හිතවතකුට ද එවන් ඉරණමක් අත්විඳීමට අවස්ථාව උදාකරවීමකි. ඔහුන් අත්වැරැද්ද ලෙස අර්ථකථනය කළ ද මට හැගෙනා පරිදි බොහෝ විට සිදුවනුයේ නොසැලකිලිමත්බවය. වෛද්‍යවරයෙකු යනු මනා හික්මීමක් ඇති, ඉතා සැලකිලිමත්, විචක්ෂණශීලී පුද්ගලයෙකු බව අපට සනාථ කළ නොහැකි ය. නමුත් වෛද්‍යවරයාගේ වැරැද්දට වඩා සමාජ වෛරසයක් ලෙස පවතින මිනීමරු දේශපාළුවාගේ වැරැද්ද සහ ඔහුන්ව මා ඉතා පිළිකුල් සහගත අයුරින් දකිමි.

පහත අවස්ථා ගැන මොහොක් ඔබේ මතකය ආවර්ජනය කර බලන්න. මේ සිදුවීම් පසුපස කොපමණ වංචා දූෂණ හෝ අක්‍රමිකතා හෝ බද්ධ වී තිබෙන්නට ඇති ද...? සියල්ල සක්සුදක් සේ අනාවරණය කිරීමට හෝ පැහැදිලිකිරීමට හෝ අපසු අවස්ථාවලදී “කොයි ඔප්පු කරන්න සාධාක“ කියා එය බැහැර කරන සහ කරවන පිරිස් ද අද කොතෙකුත් ඇත. ඔබ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට වරක් හෝ පිවිස ඇත්නම් (සමහරවිට) ඔබටද යමක් කීමට නැතුවා විය නොහැකියි. නමුත්, රටේ වත්මන් අනෙකුත් අයතන හා සැසැඳීමේදී රෝහල යන ආයතනය ට සැලකිය යුතු නම්බුකාරකමකින් තවමත් සිටිය හැකිය. මන්ද, අන්තයට ම පිරිහුන රජයේ ආයතන බොහෝ වීමයි. පහත අවස්ථාවලින් කිහිපයක් පමණක් වෛද්‍යවරුන්ගේ හෝ වෙනත් සේවකයෙකුගේ හෝ අත්වැරැදීමක් හේතුපාදක විය හැකි ය. නමුත් බහුතරයක් සිදුවීම් රජයේ පාර්ශවය හා අපූරු සැබැඳියාවක් පවතී. මෙවැනි සිද්ධීන්ගේ වර්ධනය මෑත කාලයේ ඉතා දරුණුව සිදුවනුයේ මහත් වූ ආශ්චර්යේ මහානුබල සම්පන්න භාවය හෙවත් “සිව්මහ ඹබුන් පෑ පෙළහර“ නිසා දෝ කියා විටෙක මට සිතේ. 

වැඩිදුර කියැවීම සඳහා අවැසිනම්, අදාළ අඩවි දිගු ද මේ සමඟ ඉදිරිපත් කරමි.

කොළඹ ජාතික රෝහලේ දී වෛද්‍ය ශිෂ්‍යවකගේ අතක් කැපීම. (වෛද්‍යවරුන් මෙය අත්වැරැදීමක් බව ප්‍රකාශ කරයි) මෙම සිදුවීමේ ආගිය සියලු තොරතුරු ඇතුළත්ව පුවත් ආවරණයකට බොහෝ මාධ්‍ය ආයතන සමත් වූවා. එය නම් වශයෙන් කිමේ අව්‍යතාවයක් නැත. එමෙන් ම එහිදී දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු පවා මෙම සිද්ධිය තම ගිණුමට ලකුණක් එකතු කර ගැනීමට කිසියම් උත්සාහක් කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ඔහුන් රෝහලට පැමිණෙන්නේ ද මාධ්‍ය පිරිවර සමඟිනි. (මේ දේශපාලකයන්ගේ නම් මා නොලීවාට, මා ද මෙවැනිම ආකාරයේ නම්-ගම් වසන්කරන්නෙකු ලෙස හඳුන්වන්න එපා. මන්ද, මාගේ අවශ්‍යතාවය මාතෘකාවට අදාළ යථාර්ථය හැකි පමණ නිරූපණය කිරීම විනා පුද්ගල විවේචනයන් නොව. නමුත් අවශ්‍ය අවස්ථාවල දී විවේචනයන් ද කිරීමටත්, දන්නා කරුණු හෙළිකිරීමටත් සිදු වේ. නමුත්, මා “දෙවියන්“ සහ “රෝගියා“ අතර මැදිවූ (නැතිනම් අතරමං වූ) “කට්ටඩියෙකු“ ලෙස කටයුතු නොකරමි.)
http://www.dinamina.lk/2013/01/28/_art.asp?fn=n1301287 (දිණමින කියන අයුරු)
  • මේ අයුරින්ම මීට පෙර (2012 අගෝසතු 26) සිද්ධියක් ලෙස දින පහක පමණ වයසැති ළදරුවකුගේ ඇඟිල්ලක සවිකර තිබූ එන්නත් කටුවක ප්ලාස්ටරයක් කපා ඉවත් කිරීමේදී හෙදියකගේ අත්වැරැදීමකින් ඇඟිල්ලක් කැපී යාම දැක්විය හැකි ය. මාධ්‍ය ආවරණයත් සමඟ එය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.
http://hirunews.lk/sinhala/42004
  • සමහර තරුණයින් මත් වීම ට යැයි කියා භාවිත කරන කැහිපැණි හෙවත් "කොරෙක්‌ස්‌ - ඩී" විෂ වීමෙන් පසුගිය වර්ෂයේ (2012) ඔක්තෝබර් මාසයේ තරුණයින් කිහිපදෙනෙකු මිය යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තවත් එක සිද්ධියක් වේ. මාධ්‍යා ද අදාළ කරුණු නිරාවරණය කිරීය‍.....
http://www.divaina.com/2012/10/21/feature13.html 
  • කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ දේහය නිසි ක්‍රමවේදයෙන් තොරව එනම්, මිනී පෙට්ටියක් වාට්ටුවටම ගෙනවිත් සිරුර රැගෙන ගිය බව (2012 පෙබරවාරී 14) ලංකාදීප ඔන්-ලයින් කීවේ ය. මා දන්නා පරිදි සමාන්‍යයෙන් රොහල්වල මෝචරියෙන් සිරුරක් රැගෙනයනවිට එහි සමහර සේවකයන්ට කිසියම් ගතමනාවක් ගැනීමට ද හුරූ වී තිබේ.
http://www.lankadeepa.lk/index.php/articles/26806
  • පසුගිය කාලයේ (2012-12-28) කළුබෝවිල රෝහලේදී එන්නත් කුප්පියක තිබී හමුවූ විදුරු කැබැල්ලද මහත් ආන්දෝලනයකට තුඩු දිය. නික්ෂේපක (ක්ලොක්සිශිලීන් [CLOXACILLIN] ඖෂධය අඩංගු) සියල්ල රෝහල් බලධාරීන් විසින් ඉවත්කරන ලද අතර, එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමේ සිට සියලු අටුවාටීකා මාධ්‍ය මඟින් ජනතාවට දැන ගැනීමට හැකිවි ය. එම රෝහලේම මීට පෙර අවස්ථාවකදී ද (2011-11-12) අදාළ ඖෂධයේ ම මැස්සෙකු සිටි බවට පුවත් නිකුත් විය.
http://www.dinamina.lk/2012/12/31/_art.asp?fn=n1212316
http://www.divaina.com/2011/11/12/news05.html
  • පසුගිය 24 දින මාරවිල රෝහලේ දී ද “මෙරෝපෙනම්“ නම් නික්ෂේපණ අඩංගු එන්නත් කුප්පියක විදුරු කැබැල්ලකට සමාන යැයි සිතිය හැකි කිසියම් ආගන්තුක ද්‍රවය්‍යක් හමුවි තිබේ. මෙම සිද්ධිය ද මාධ්‍යයට ද හොඳින් නිරාවරණය විය. 
http://www.dinamina.lk/2013/01/25/_art.asp?fn=n1301255
http://www.hirunews.lk/sinhala/52023
  • එන්නත් කුපිප්යක පණුවෙකු හා සමාන ආගාන්තුක ද්‍රව්‍යක් 2011 මාර්තු අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් හමුවී ඇති, මෙම ඖෂධයද ඉන්දිය නිෂ්පාදනයකි. මාධ්‍ය වාර්තාවන් සහිතයි. http://www.dinamina.lk/2011/03/23/_art.asp?fn=n1103234

පසුගිය දිනක කොළඹ නවලෝක රෝහලේ දී එම්. ආර්. අයි. පරීක්ෂණයක් සිදුකරන අතරතුර, එහි ඔක්සිජන් සැපයුම අඩාල වීම (බැලුනයක් පුපුරා) හේතුවෙන්  මොළය අකර්මණ්‍ය වීම බුද්ධිනී රත්නායක නම් පස් හැවිරිදි දියණිය මිය යාමට (මා දන්නා පරිදි) හේතු විය. ඇයගේ සිරුර දියණියගේ දෙමාපියන්ට භාර දී ඇත්තේ රු 900,000/- ක පමණ බිල් පතක් ද සමඟිනි. නමුත්, මෙම සිදුවීම බොහෝ මාධ්‍ය ආයතන මඟින් (මා බැලුවේ අන්තර්ජාල සංස්කරණය) අනාවරණය කර තිබූ නමුත්, ඔහුන් අදාළ රෝහල දන්නේ නැත. මිය ගිය දැරියගේ සියලු විස්තර ඔහුන් දනී. අදාළ සිදුවීම ද සියලු අදියර සහිතව දනී. ඡායාරූපද ගෙන ඇත. නමුත්, රෝහල කුමක්දැයි නොපවසන බැවින් ඔහුන් එය දන්නේ නැති බව පෙනී යයි. එබැවින් බොහෝ දෙනෙකුට එය පෞද්ගලික රෝහලක් පමණක් විය.

මෙම සිදුවීම රජයේ රෝහලක වූ වේනම් නම් සියලු පැටිකිරිය සමඟින් සහ දවසේ ප්‍රධාන ශීර්ෂ පාඨය එය බවට පත්කර ගනිමින් කඩිනම් පුවත් ආවරණයක් කිරීමට ඔහුන් සමත්වේ යැයි කිවහොත් ඔබ විරුද්ධ නොවේවි. මා අදාළ උදාහරණ සඳහා දිගුවක් ලබා දෙනු ලැබුවේ මේ හෙයිනි. බොහෝ පුවත් රජයෝ රෝහල් හා බැඳී ඇති බැවින් ඒවා ආරම්භක ඡේදයෙන් ම රෝහල කුමක්ද කියා කියයි. නමුත්, මෙම පෞදිගලික රෝහලේ සිද්ධියේ දී බොහෝ මාධ්‍ය ආයතනවල හැසිරීම හාත්පසින්ම වෙනස් විය. තම මාධ්‍ය මෙහෙවර ගැන මහා ඉහළින් කතාකරමින්, මාධ්‍ය නිදහස ගැන අතිශෝක්තියෙන් කථා කරමින්, සිටින මොහුන්ට අදාළ පෞද්ගලික රෝහල මෙය කුමක් දැයි කීමට බැරි වූ හේතුව කුමක් ද? අප නොදන්නා ඔහුන් දන්නා සත්‍ය වසන් කිරීමේ හස්තය කුමක්ද ? මේ අපිට දැනෙනා ආකාරයි. 

මෙවන් මාධ්‍යවේදීන්ට පුළුවන් රජයේ ආයතන විවේචනය කිරීම පමණක් ද? රජයේ හෝ පෞද්ගලික හෝ කුමන අංශයක් වුව ද, ඒවා ස්ථාපිතව ඇත්තේ මේ රට තුළය. ක්‍රියාත්මක වනුයේ රටේ ජනතාව වෙනුවෙනි. සේවාව ලබනුයේ මේ රටේ ජනතාව ය. පෑන එක් එක් දිශාවට නැමෙනුයේ මන් ද....  කියා ඔබම තීරණය කරන්න. නවලෝකය, උත්තරීතර පාර්ලිමේන්තුවටත් වඩා ප්‍රබල වූවාද? මා කියනුයේ රාජ්‍ය අංශයන් හොඳය, ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය, කියන අපභ්‍රශ්නයක් නොව, නිවැරැදිව කරුණු වසන් කිරීමකින් තොරව මාධ්‍ය ආවරණය නොකිරීම හෙවත් එකී මාධ්‍යයන්ගේ දෙපිට කාට්ටු හැසිරීම ගැනයි. විටෙක පුවත් මවන්නන් ද මාධ්‍ය ආයතන ද රට තුළ ඇත. ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරමු. ඇගයිය යුතු/පැසසිය යුතු මාධ්‍ය භාවිතයන් ඇත. නමුත් එය කතා මෙම ලිපියට අදාළ  නොවේ.

පසුගිය යුද සමයේ කිසියම් ප්‍රදේශයකට එල්. ටී.ටී. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විණි නම්, සමහර මාධ්‍ය ආයතනවලට එය නාදුනන ආයුධ අතටගත් කල්ලියකි. ආසන්නතම උදාහරණයක් නම් ළඟම සිටින නෑයා  “සිරස“ යි. එම කාලයේ බොහෝ ප්‍රහාරයන් එල්. ටී.ටී. හා බද්ධ වී තිබිණි නමුත්, එය එසේ ය කියා කට ඇර නොකියන මාධ්‍යවේදීහූ සහ ආයතන ද විය. මෙන්ම තමාට උවමනා පරිදි රූකඩ ලෙස දේශපාලන පක්ෂ මෙහෙයවා හෝ එවාට බලපෑම් කර තම අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියාකරන මාධ්‍ය ආයතන ද ඇත. සත්‍ය කරුණු වසන් කිරීමෙන් සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම ලබාදෙන පූර්වාදර්ශය කිම....? ලැප්ටොප් එකට යට වූ සමහර මාධ්‍යවේදීහූ ආණ්ඩුවේ දෝෂ රකිනවා සේම, මෙවැනි පෞද්ගලික ආයතනවල ද වැරැදි වසමින් රකිනුයේ කුමන හේතුවකට ද....?

ඉහත දැරියගේ මරණය සිදුවූයේ අපි (නො)දන්නා නවලෝක නම් පෞද්ගලික රොහලේ නම නොකියා, මනාව විග්‍රහ කරන පහත පුවත් බලන්න (උපුටා ගැනීම් අන්තර්ගතයි).
  • ලක්බිම (lakbima.lk) (2013 පෙබරවාරි 08 11:02 p.m) මෙහෙම කියනවා  - කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දී එම්.ආර්.අයි. ස්කෑන් පරික්ෂණනයක් සිදු කරද්දී ඔක්සිජන් බටයක් පුපුරා බුද්ධිනි කෞශල්‍යා රත්නායක නැමැති පස් හැවිරිදි දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා තමාට වාර්තාව භාර දෙන්නැයි සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට උ‍පදෙස් දී ඇත. එම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්නැයි එම දැරියගේ දෙමව්පියන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත....
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=7031:2013-02-08-17-40-59&catid=34:news&Itemid=62
  • දිවයින online 2013-02-08 - පෞද්ගලික රෝහලකදී සිදුකළ එම්. ආර්. අයි. පරීක්‍ෂණයකදී මියගිය බුද්ධිනී රත්නායක දැරියගේ නිවසට ඊයේ (08 වැනිදා) අප ගිය මොහොතේදී දැරියගේ මව වන චමිලා කුමාරි මහත්මිය අපට පැවසුවාය....
http://www.divaina.com/2013/02/09/news21.html
බය නැතිව රෝහලේ නම කියන පුවත පුවත් බලන්න.
  • දිවයින online 2013-02-09 - කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත.... 
(මා මේ සම්බන්ධව කියැවීම සඳහා ලංකාදීප නොබැලූ අතර, පහත ලිපිය අනුව අදාල පුවත ලංකාදීපයේ ද පළවී ඇති බව සිතිය හැකිය.)
නමුත්, මෙවැනි ආකාරයේ සිද්ධියකට කිසිම ශිෂ්‍යාවක් මුහුණ දී නැති බවත්, කිසිම වෛද්‍යවරයෙකු අතින් එවැන්නක් සිදුවු බවට වාර්තා වී නැති බවත්, පුවතේ සඳහන්ව ඇති ආකාරයේ අයෙකු හලාවත රෝහලේ ප්‍රතිකාර නොලබන බවත්, පොලිසියේ පැමිණිලි කිරීමක් පිළිබඳව වාර්තා වී නැති බවත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත යාපා මහතා ලිඛිතව ලංකාදීප වෙත දන්වා ඇත. අදාල ලිපියේ ස්කෑන් පිටපතක් මේ සමඟ ඇත. 
(මෙම ඡේදය 2012-02-14 දින ලිපියට එකතු කරන ලදී)
http://www.divaina.com/2013/02/09/news03.html
  • ලංකාදීප (online) 2013-02-08 - කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ....
http://www.lankadeepa.lk/index.php/articles/97119
  • ලංකාදීප (online) 2013-02-08 - ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැගිලි දෙකක් අතර සිරවුණි.... (අපට පුවතක් නොවන පුවත්. වෙනත් රටවල රෝහල් වළින් හෝ ගෙනත් දෙනවා.)
http://www.lankadeepa.lk/index.php/articles/9713
  • නමුත්, ඔක්සිජන් බටය හා සම්බන්ධ ඉහත සිදුවීම පිළිබඳව කිසිදු පුවතක් ලංකාදීපයේ online සංස්කරණයේ දුටුවේ නැත. නොවීය. ඔහුන්ට මෙය පුවතක් නොවී ද....? නැතිනම් තවමත් දන්නේ නැති ද....? 
  • රජයේ (නිල) පුවත්පත දිනමිණ online සංස්කරණය ද මේ පිළිබඳව කිසිදු සටහනක් තබා නැත.
  • ගොසිප්ලංකා අඩවියේ පළවූ පළමු පුවතේ අදාළ රෝහල ඔහුන්ට ද පෞද්ගලික එකක් පමණක් වූ නමුත්, දෙවන පුවතේදී අදාළ රොහල අනාවරණය කිරීමට ඔහුන් සමත් වී ඇති අතර, පැපරාසිනිවුස්ලංකා අඩවිය ද, ශ්‍රී ලංකාමිර්ර අඩවියද.... (මට හමුවූ ඒවා පමණී) මෙම පෞද්ගලික රෝහල හඳුනාගෙන තිබුණා.                      
http://www.gossiplankanews.com/2013/02/girl-dies-inside-mri-scanner-updates.html#more            http://www.paparasinewslanka.com/2013/02/blog-post_4864.html              http://srilankamirror.com/sinhala/news/5815-scan-machine-chil‍ෙ
මේ නවලෝක හා සම්බන්ධ පැරණී පුවතක්ෙ
  • කොළඹ නවලෝක රෝහලට ඊයේ (10 වැනිදා) සවස පැමිණ ඇති බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ට අයත් රථ ගාලේ සිය රථය නතර කිරීමට ඉඩ නොදීම පිළිබඳ උරණ වී රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් පහර දී තිබේ.... (මෙවැනි අවස්ථාවල දී පෞද්ගලික රෝහල අදාළ නමින් ම හඳුන්වයි)
 http://www.divaina.com/2012/05/11/news16.html

පසු සටහන
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය - මිල පාලනයකින් තොරව එකම ඖෂධය විවිධ වෙළඳ නාම යටතේ අලෙවි කිරීම හේතුවෙන් රෝගීන් පත්වන ඩැඩි අපහසුතාවය දුරලීම මූලික කර ගනිමින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් යෝජනා විය. එකම ඖෂධය විවිධ නාම යටතේ විවිධ වෙළද වටිනාකමකින් පැමිණීම, 1977 පැමිණි විවෘත ආර්ථිකයේ තවත් එක අඳුරු සෙවණැල්ලකි.  ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා මුල්ම අඩිතාලම දැමුවේ මහාචාර්ය්‍ය සේනක බිබිලේ මහතා ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් 2009  වර්ෂයේ දී රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන ලදී. කෙසේ උවත් බාලගිරි දෝෂය හෙවත් අද නොවේ හෙට න්‍යායට අනුව ක්‍රියාත්මක වන මෙම ප්‍රතිපත්තියෙන් ජනතාවට සහන ද අද නොවේ හෙට සැලසෙනු ඇතැයි කිව හැකි ය. එය බලාත්මක කිරීමෙන් වළකින නියාමක බලධරයින් සහ පාලන තන්ත්‍රයේ බලධරයින් තවමත් ඖෂධ මාෆියාව බලගැන්වීමට ඉඩ හැර ඇත.   
වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ දෑ කියැවීමට අවැසිනම් NURSEKARAPITIYA බ්ලොග් අඩවිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.
Related Posts Plugin for WordPress, Blogger...