Friday, January 2, 2015

දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති

මෙම සටහන/පරිවර්ථනය විශ්මී සහෝදරිය විසින් ලැබීමට සැලැස්වූ ලිපියකි.


**********************


එය තම තමන්ට මෙන්ම අනුන්ටද කල්පිතයන් පවසන වකවානුවක් විය. පුදුම සහගත ප්‍රමාණයකින් එවා ක්‍රියවෙහිද යෙදවුනි. ගොවියො ඉඩම් කැබලි කිහිපයක අස්වැන්න එක ඉඩම් කැබල්ලක් තුළට ගෙනවිත් ආශ්චර්යජනක අස්වැන්නක් ලබුන බවට පක්ෂ නිලධාරීන්ට පෙන්වූහ. මුළාවනසුලු නැතහොත් මෝඩ කෘෂිකර්ම නිලධාරීන්ට, වාර්තාකරුවන්ට, වෙනත් පළාත් වලින් පැමිණි අමුත්තන්න්ට සහ විදේශිකයන්ට නිසරු ඉඩම් සාරවත් ලෙස මවා පෙනවන ලදී. අකාලයෙ ගලවා සිටුවීම නිසත්, අධික උෂ්ණත්වය නිසාත් මෙම බෝග මැරී වටුණි. නමුත් අමුත්තෝ ඒ බව නොදැනගත්හ. නැතහොත් ඔවුන්ට දැනගැනීමේ අවශ්‍යයතාවයක් නොවීය. ජනතාවගෙන් බොහෝ පිරිසක් මෙම වියවුල් සහගත, උමතු ලෝකයට පිවිසුනහ. 'ශ්වයං-වංචාව සහ අනුන් රැවටීම' දැඩි ලෙස ජාතිය ග්‍රහණයට ගත්තේය. උසස් පක්ෂ නායකයෝ , කෘෂිකාර්මික නිලධාරීහු ඇතුළු බොහො දෙනා තමන් ආශ්චර්යය දුටු බව පැවසූහ. එය නොදුටු බව පැවසූවන් සැක කිරීමට භාජනයට ලක් වූ අතර දෝෂාරෝපණයටද ලක් විය.


බොහෝ ස්ථානවල නිෂ්පාදනයේ අධික වීම පිළිබඳව පම්පෝරි ගැසීම ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ට පහර දෙන ලදී.

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් හාරසියයි. (රාත්තල් 450ක් පමණ - සත්‍ය ලෙස පිළිගත හැකි අනාවැකියකි.)
එවිට ඔහුට පහර වැදුණි

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් අටසීයයි.

බොහෝ පහළ ශ්‍රේණි වල නිලධාරීන් සහ ගැමියන් මෙම සිදුවීම් වලට පැටලුනෙ හාස්‍යජනක පුරසාරම් විශ්වාස නොකළ නිසාය. නමුත් වැරදි කරුවන් වීමට ඇති බිය නිසාම ඇතැම්හු ඒවාට පැටලුණහ.

වාර්තා සහගත අත්භූත සාර්ථකත්වයන් පිළිබඳ දැනුම් දීමට පැමිණෙන ගැමියෝ විවිධ දේවල් ට්‍රක් රථවල පටවාගෙන අපෙ මිදුලට රැගෙන ආහ. දිනක් අතිවිශාල පිපිඤඤා ගෙඩියක් රැගෙන එනු ලැබිණි. එය ට්‍රක් රථයෙන් භාගයක් පමණ විශාල විය. තවත් අවස්ථාවක යෝධ ඌරෙක් ට්‍රක් රථයක පටවාගෙන ආවෝය. එම ඌර තමන් විසින් ඇතිදැඩි කල බව ගැමියෝ කීහ. ඌරා හදා තිබුණේ කඩදාසි තලප වලිනි.

මුලු ජාතියම මුසාවට යට වුණි. වචන සත්‍යයෙන් , වගකීමෙන් සහ මිනිසුන්ගේ සැබෑ හැඟීම් ඈත් විය. වචන වල තේරුම් නොමැතිව යාමෙන් ඉතා පහසුවෙන් බොරුව රජ විය.

Wild Swans - Jung Chang
පරිවර්තනය - ඩී. එම්. එස් . ආරියරත්න


**********************

ඔබ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්ධක්. වියරු ඒකාධිපති පාලනය, පලවාහැරීමේ සුබ නව වසරක් වේවා.
බොරුවෙන් සහ වංචාවෙන් මුලා නොවී නව වසර උදාවේවා..........!

යුද්ධය, සංවර්ධනය, වංචාව, දූශණය, අල්ලස්, මාෆියා, උද්ගෝෂණ, මර්ධනය, භීෂණය, අක්‍රමිකතා, ආශ්චර්ය්‍ය, චින්තනය, කුඩු, එතනෝල්, කැසිනෝ වැනි විවිධ මාතෘකා ගැන අප නොනවත්වා කතා කලෙමු. මේවා ගැන කතා කිරීමට දිනෙන් දින අලුත් පුවත් මැවිණි. පැරණි පුවත් යට ගැසිණි.
නමුත් ඒ පුවත් ගැන නොවිසිදුණ, යට ගැසුණ කරුණු අපමණය.
සැබෑ ජනතා අවශ්‍යතාවය............ රටේ සබෑ අවශ්‍යතාවය ................. යනු,
පුහු සංදර්ශන හෝ බොරු මවාපෑමේ රියලිටි කලාව නොව.
මර්ධනයෙන් පැවැත්ම රඳවා ගැනීමට සැමදා නොහැකිය.
බුද්ධිගෝචර නොවූ ඡන්ද දායකයින්ට මෙන්ම ව්‍යාපාර පංතියට රට සහ අපේ අනාගතය තීරණය කිරීමට ඉඩ දිය යුතු නැත.















ගිණි පොල්ලෙන් බැට කෑ මිනිසා කලාමැඳිරියාටද බයයි කියනවා මෙන්, මෛත්‍රී යුගක් පිළිබඳවද ඇත්තේ සැකයකි. බියකි. චන්ද්‍රිකා මැතිණිය ගේ සෙවනැල්ල තවත් බිය උපදවයි. 
2010 දී බොහෝ දෙනෙක් මහින්දට චන්දය දෙන විට කීවේ "දන්නා යකා නොදන්නා යකාට වැඩිය හොඳයි" කියා.
2015 වන විට "දන්නා යකාට වඩා නොදන්නා යකා හොඳ" වී ඇත.
අප ඒ තත්වයට පත් කළේද මේ රාජපක්ෂ පාලනයමයි. අපව ඒ තත්වයට අසරණ කළේ මේ රාජපක්ෂ වියරු පාලනයමයි.
අ‍නපේක්ෂිත අනාගතයකට තල්ලුකළ රාජපක්ෂ පාලනය පලවා හරිමු.

ප්‍රේමදාස යුගය පසුකළ අපට නැවත රාජපක්ෂ ඉතිහාසයක් හෝ වර්තමාණයක් හිමි නොවේවායි පතමු.
නමුත්, තත්ත්වය එසේමනම්, මෛත්‍රී යුගය අවසන් කරනට දායක වනුයේද අපමය. 

"දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති"

Related Posts Plugin for WordPress, Blogger...