රට බෙදන ව්‍යවස්ථාවක් ගැන කථා කරන්න, විමල් වීරවංශ ප්‍රස්ද්ධ විවාධයක් සඳහා පසුගියදා අනුර දිසානායකට අභියෝග කර තිබිණ. මට මේ සම්බන්ධයෙන් අනුර ගැන පැහැදිලි විවේචනයක් මට නැත. මේ මාතෘකාව සම්බණ්ධයෙන් ඔවුන්ගේ සාමාජිකයන් සමගද විවේචනයක් නැත. නමුත්, හුදු ඊනියා මත පතුරමින් දේශපාලනය ඉතා පිළිකුල්සහගතව ජනතාවට කාන්දු කරමින් සිටින ජා. නි. පේ. නම් පක්ෂ සමාජිකයින් කිහිප දෙනා සහ, ඔහුන්ගේ න්‍යායාචාර්ය්‍ය ජනහිතකාමී දේශ හිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර වීරවංශ ගැන විවේචනයක් ඇත.
එය මම වෙනම කතා නොකරමි. නමුත් මට පැරණි බෞද්ධ කතා වස්තුවක් මතක් වුනා.
එයම උපුටා ගැනීමක් අනුව මෙසේ එකතු කරනවා. කේසේද යත්,
එක්තරා වනාන්තරයක සිංහයෙක් වාසය කළේ ය. එහිම විලක් සමීපයෙහි ඌරු රැළක් ද සිටියා හ. ඒ ආසන්නයේ තාපසවරුන් වෙසෙන අසපුවක් ද විය. එක් දිනක ගොදුරක් කා පැන් බීම පිණිස මෙකී විලට පැමිණි සිංහයා, නුදුරෙහි සිටි තරබාරු ඌරකු දැක පසු දිනක මූ දඩයම් කර ගන්නෙමැයි සිතා මගහැර යන්නට ගියේ ය.
සිංහයා තමන් දැක බියපත් ව සැඟවී යතැයි සිතා අහංකාර වූ ඌරා හැකි නම් තමා හා සටනට එන ලෙස සිංහයාට අභියෝග කළේ ය. ඒ අසා ඉවසා සිටි සිංහයා අද නො ව සත් දිනකට පසු ව සටනට එන්නෙමැයි කියා ආපසු යන්නට ගියේ ය.
ඌරා වෙතින් මේ පුවත දැන ගත් රැළේ අනෙකුත් ඌරෝ බියෙන් තැතිගෙන තරබාරු ඌරාට උගේ අනුවණකම පහදා දුන්හ; මේ විපතින් බේරීගත හැකි උපායක් බියෙන් අසරණ වූ තරබාරු ඌරාට කියා දුන්හ.
ඒ අනුව ඒ දිනහත මුළුල්ලේ ම ඌරා විසින් කරන ලද්දේ අසල තිබූ තාපසවරුන්ගේ වැසිකිළි වළට බැස ශරීරය පුරා අසූචි තවරා ගැනීම ය.
නියමිත දිනයේ ඌ සිංහයා හමුවට ළං ව දුර්ගන්ධය දැනෙන සේ සුළං හමන පැත්තෙහි සිටියේ ය. මහත් පිළිකුලට පත් සිංහයා ජය ඌරාට ම දී පසුබැස ආපසු ගියේ ය. තමන් දිනන ලදැයි ඌරාසතුටට පත් වුව ද ඌරු රැළ ඒ ස්ථානයේ නොරැඳී වෙනත් වාසයකට පලා ගියහ.
News