![]() |
රට වෙනුවෙන් දිවි පිදූ මොහුද ජාතික වීරයෙකි |
2012-02-10 දිනවලදී ඛනිජ තේල් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඒ වන විටද ආණ්ඩුව විසින් සැලසුම් කරමින් සිටි තෙල් මිල ඉහළ දැමීම පිළිබඳවවිශේෂ ප්‍රවෘති නිවේදනය කරන්නට විය. එහිදී ඔහු පවසා සිටියේ යොරෝපීය රටවල ශීත කාල වකවානුව පවතින බැවින්, ඔහුන් වැඩිපුරතෙල් පරිභෝජනය කිරීම හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් සඳහා ඉල්ලුමත් තෙල් මිලත් ඉහළ යාම මීට ආසන්නම හේතුව බවය.එමෙන් ම කප්පන් ගැනීමෙන් නමක් දරා සිටින ඛනිජ තෙල් නියෝජ්‍ය සරණ ගුණවර්ධන මහතා පවසා සිටියේ තෙල් මිල ඉහළ දැමීමටඉරාකයට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරි මාස 06 ක කාලයක් සැලකිල්ලට ගනිමින් තෙල් මිල ඉහළ දමන්න වන බවය.අපි දන්නා පරිදි සෑම වසරකම ඍතු වෙනස්වීම් ලොකයේ සිදුවේ. එය මේ වසරේ පමණක් අහම්බයෙන් සිදුවූවක් නොව. එබැවින් යුරෝපාප්‍රදේශවලට මේ දිනවල දැඩි ශීත කාලගුණයක් පවතී. තවද, මෙම වකවානුව අවසන් වූ පසු නැවත ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළබසී. ලෝක වෙළද පොළට අනුව අප රටේත් තෙල් මිල උච්චාවචනය වනුයේනම් අපිට ආණ්ඩුවක් කුමට ද?
.jpg)
මේ අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106 සිට 118 දක්වා ඉහළ නැග තිබුණු. එනම් 11% ක පමණ තෙල් ඉහළ යාමකි. (පසුගියනොවැම්බර් මාසය සැලකුවහොත් 22% ඉහළ යාමකි) එසේ නම් මේ 11% ක ඉහළ යාමටද දේශීය තෙල් මිල ඉහළ ගියේ. (නමුත්පෙබරවාරි 10 වන දින වන විටද අප රටට තෙල් ආනයනය කර තිබෙනුයේ බැරලය ඩෝලර් 106.62 ක ප්‍රමාණයක මුදලකට ය) රජයේආර්ථික පිළිවෙත්වල දෝෂ, වංචා දූෂණ ඉහළ යාම ආදී කරුණු මෙයට බලපෑවා නොවේද? රුපියල පාවීමට හැරීම හේතුවෙන් ඩොලරය පෙබරවාරි මස වන විට රු 119 ක් දක්වා ඉහළ ගොස් ඇත. තෙල් මිල ඉහළ යාමේ පණිවිඩය ජනතාව වෙත කාන්දු වීම වැළැක්වීම සඳහා දෝ “දැයට කිරුළ“ නැතිනම් “ණයට කිරුළ“ ප්‍රදර්ශනය තවත් දින කිහිපයකින් දික් කර තිබිණි.
.jpg)
මේ වන විට (ආ)තෙල් අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා නැගෙනහිර යුරෝපයේ සංචාරයක ගියේ (13 වන දින) ඇත්තටම තමා කියූ පරිදිඑකී ප්‍රදේශවල ශීත කාලගුණයක් ඇතිද කියා බැලීමට දෝ යනුවෙන් හාස්‍ය උත්පාදනයක් ද එම දිනවල විය. ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා ද පෙබරවාරී 15 දින සිංගපූර් නිල සංචාරයක් බලා පිටත්ව යයි.
![]() |
වෙඩි ප්‍රහාරයට ලක් වූ ඇන්ටනි ප්‍රනාන්දු මහතා |
මේ තෙල් මිල ඉහළ යාමට අමතරව ධීවරයන් ලැබූ ත්‍යාගයයි. දින දෙකක් පුරා පැවති උද්ඝෝෂණය 8 දෙනෙකු රෝහල් ගත කර,තිදෙනෙකු අසාධ්‍යය තත්වයට පත් කර, එක් අයෙකු ඝාතනය කර නිමා විය. ඇන්ටනි ප්‍රනාන්දු මහතා වෙඩි වැදී ගැහි ගැහී සිටියදී ඔහුව පයින් පාගා“තව ගණං කාරයෝ ඉන්නවානම් වරෙව්....“ කියා කෑමොර දී මට තරම් මර්දනයේ මිලේච්ඡත්වය දියත් විය. සත්‍ය වශයෙන්ම එහි මිලේච්ඡත්වය කොපමණද යත්, පෞද්ගලික විශ්‍රාම වැටුපට (සේවක අර්ථසාධක මුදල් වංචාවට) විරෝධය පළ කළ කටුනායක වැඩපලක සේවයකළ රෝෂේන් චානක මහතාවෙඩි වැදී රෝහලට ගෙන යෑමේදී ඔහුව නැවත කාරයෙන් ඇද දැමීම අපට සිහිගන්වයි. පාලකයන් තමාට එදිරි වන්නන්හට සිදුවනුයේ මෙය මැයි යන්න අපට පසක් කරනු වස් ඔහුන් උපරිම කටුතු කිරීය.

හලාවත ධීවරයන් දින කිහිපයක් ම මුහුදු යාමෙන් වැළකී සිටින ලද අතර, ධීවරයන්ට සහනයක් ලැබෙන තෙක් තමා ඔහුන් සමඟ සිටින බව හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මැන්දිස් හිමිපාණෝ පවසන ලදී. මේ අතර තෙල් මිල වැඩි වීමට එරෙහිව ජවිපෙ විසින් පෙබරවාරී 15 දින ද, එජාපය විසින් 17 වන දින ද විරෝධතා පා ගමනක් දියත් කිරීය. ජවිපෙ විසින් 15 දින කොළඹ දියත් කෙරුණු උද්ඝෝශනයටත්, එජාපය විසින් 17 දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පල කළ විරෝධතා ව්‍යාපාරයටත් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් සුපුරුදු පරිදි එකී විරෝධතා කරුවන් විසුරුවා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරන ලද අතර, මහින්ද අබේසුන්දරගේ අයිටීඑන් විමසුම ගැන කිවයුතු වචන මිහිපිට සොයා ගත නොහැක.

දැන් 2012 වසර ද ගෙවා අවසන් ය කීවොත් සත්‍යාසන්න ය. මාස ගණනක් ගතවූ එකී සිද්ධි දාමය ජනතාව කෙරෙන්ද තුරන් වෙමින් පවතී. අප අමතක කරන, අපට අමතක වන තරමට ඔවුහු අපව තවත් පීඩාවට පත් කරවි. මේ කියනුයේ තෙල් මිල ගැන ම නොව. අත දිගු කළ හැකි - අතැඟිලිවලට ගුලි කළ හැකි සෑම දෙයකින්මය ඔහුන් අපව සූරා දමාවි. අපද අත දිගහැර අතඟිලි ගුලිකර පහරක් එල්ල නොකරන්නේ නම්, අපිත් අපෙන් පසුව අපේ දූ පුතුන්ද නොවිදිනා දුකි විදීවි. අපිට තැනිය නොහැකි වූ හෝ අපි උත්සාහ නොකළ සමාජ වටපිටාවක් සැකසීමට ඔහුන්ගෙන් සමහරෙක් ද උත්සාහ කරාවි....
පසුවදන
එකම රටේ තෙල් වෙළදාමෙන් IOC සමාගම මිලියන 957 ක පමණ මුදලක් 2011 දී ලාභ ලබන විට තෙල් සංස්ථාව පාඩු ලබනබව මන්තරයක් සේ ජප කරයි. ඔහුන් රුපියල් බිලියන ගණනක පාඩුවන බව කියයි.
තෙල් සංස්ථාවෙන් ගෑස් නිකුත් කරන්න යැයි කියා, ෆවුසි මහතාගේ (ආ)තෙල් ඇමති කාලයේ ගෙන ආ යන්ත්‍ර-සූත්‍ර සපුගස්කන්දේ දිරාපත්වෙමින් පවතී.
2012 ඔයාමඩුවේ පවත්වන ලද දැයට කිරුළ ප්‍රදර්ශනයට ඛනිජ තෙල් සංස්ථාවේ කුටිය සඳහා රු ලක්ෂ 50 පමණ වැය වී ඇති අතර,ප්‍රදර්ශනය අවසානයේදී කුටියේ තිබූ උපකරණ අතුරුදහන් වී ඇත. බොහෝවිට (පිට)සක්වල ජීවීන් විසින් ගෙන ගොස් ඇත.
2012 අය-වැයේදී රුපියල 3% කින් පහත දැමූ අතර, මහ බැංකුව විසින් ඩොලර් සංචිත භාවිත කරමින් රුපියලේ අගය ස්ථාවරයක පවත්වාගැනීම 2012 පෙබරවාරී 08 දිනෙන් පසුව අතහැර, වෙළඳපොළ අනුව ඩොලරයේ මිල තීරණය වීමට ඉඩ හරින ලදී. මෙයද දේශීය තෙල් මිල සඳහා ඍජුවම බලපෑවේ ය.
මේ දිනවල අභ්‍යවකාශ යානා ගැන පුළුල් ප්‍රචාරයක් මාධ්‍යායද භාවිත කරමින් සමාජගත කිරීමට පාලකයින් විසින් වෙර දරනු ඇත. එය රටේ දැනට පවතින ප්‍රශ්න කෙරෙහි ඇති ජනතා අවධානය වෙනත් දිශාවකට තල්ලු කිරීම උදෙසා සද්භාවයෙන් ගත්තාවූ තීරණයකි.
මායාවරුන්ගේ ලෝක විනාශය සංකල්පයද ඔහුන්ට මහඟු අස්වැසිල්ලකි. දෝෂාභියෝගය, තෙල් වැඩිවීම්.... ගැන නොව දැන් ජනතාවට කතා කිරීමට මාතෘතා දී ඇත. මේ මහඟු කටයුත්තේ මාධ්‍ය සටනට පණ පෙවූ ඩයස් අලහප්පෙරුම මහතාට අවසානයේ සිදුවූයේ රජයේ මනංකල්පිත පිටසක්වල යානය තම වසමේ ම ගොඩබා පිරවුම්හලකින් තෙල් ගැසීමට ය.
(කතාවක් පැතිරවීමට ය) ඒ අනුව පෙට්‍රල් මිල වැඩි කරනු ලැබුවේ (පිට)සක්වල යානා අපගේ පිරවුම්හලකින් තෙල් ගැනීම අඩපණ කරන්න යැයි හාස්‍යයට ලක් කළ හැකි ය. අවසානයේ බලන විට (පිට)සක්වල ජීවියාද, මායාවරුද, උල්කාද.... උන්ගේ ගැලවුම්කාරයෝ වී ඇත.
ඔබටද බොහෝ දේ සිතීමට ඇත.... මගේ අතපසුවීම්ද තිබිය හැක....
මා විසින් මීට පෙර පල කළ මගේ post එක අත් වැරැදීමකින් මැකී ගියා. එය නැවත පල කිරීමකි මේ. ඔබ විසින් එවන ලද කොමන්ට් වලින් කොටසක් පමණක් google වලින් සොයා ගනු ලැබූ අතර එය මේ ආකාරයෙන් පල කරමි.
තෙල් මිල වැඩීවීම අමතක කරව්න්ට , කොළඹ පාරවල් වල රෑට තියන රේස්ද, පාර්වල් වල දකින රේස් කාරද ( වැරදීමකි, ගෝ කාර්ට් විය යුතුය ) වලින් ආතල් සපයනවා ඇත.
අපේ හාමුදුරුවනේ මට මීට වඩා පඩි වැඩි කරන්නට බෑ කිව්වහම මිනිස්සුන්ට හිත උනුවී කදුලු ගලනවාය. තෙල් මිලට නම් අවුලක්ම නැතිය. ගමේ ගොඩේ ලාම්පුව පත්තු කරන්නට භූමි තෙල් ගෙනියන කෙනාගෙ සිට බහුතරයක් ලෝක වෙළදපොලේ තෙල් මිල යනු මැජික් එකක් කියා සිතනවාය. උන් කියනා ඔනෑ කෙප්පයක් හිස් මුදුනින්ම පිලිගන්නවාය.
දැන් මාස තුනක පමන සිට එක්වරම ආර්ථික තත්වය පලටම බැස ඇත. නමුත් ටීවී චැනල් වලින් සියල්ල යතා තත්වයට පත් කරනවාය. දැන් මිනිසුන් සිතන්නේ මහින්ද අබේසුන්දරගේ සිතින්ය, දකින්නේ සුදර්මන්ලාගේ ඇසින්ය.
කාර් රේස් බලනවා හැර කුමක් කරන්නද.
මනසින් දිවියට
සුසිල් ගොයියා අධ්‍යාපනයට කොරපු හරිය දැන් පේනවනේ. මුන් හොදයි කොටුවේ පඹයන්ට හිටවන්න. තෙල් ටිකටත් ඒ කෙලියම තමයි.
මට මෙතනදි කියන්න ඕනෙ ඒක නෙමෙයි. ඇයි තෙල් මිල වැඩි වෙන්නෙ. ලෝකයේම සීත කාලයට තෙල් මිල වැඩිවීම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නැවත සෘතුව ඉවර වුනහම වෙනස් වෙනවා. ඔබ දන්නවනේ බොහෝ රටවල තෙල් වලට තියන්නේ දිනෙන් දින වෙනස් වන මිල ගණන්. සමහර තැන්වල දිනපතාම ටුඩේස් ප්‍රයිස් බෝඩ් එක දානවා. මා එය දැක තිබෙනවා.
ලංකාවේ තෙල් මිල වැඩි වන්නේ බදු නිසයි. මුන් අපෙන් ගන්න කප්පන් වලින් තමයි කාර් රේස් යන්නේ. ය්ටි මඬි ගහන්නේ. හිතන්න තෙල් වල බදු ඉවත් කලොත් තෙල් මිල කීයක් වෙයිද? මම හිතනවා රුපියල් 70 - 80 විතර මිල අඩු වෙයි කියලා. දෙයියනේ ජනතාවගේ මුදල් නේද මේ කප්පන් ගහන්නේ?
ඔය මිල උච්චාවචනය වන්න ආංඩුවක් ඕනෙ ද කතාව කිව්වේ අපේ දේශප්‍රේමී විමලෙ මලයා නොවැ. අනේ මගේ කට?
වටිනා සටහනක්. ජය.
ලංකාවේ හැම දෙයක්ම අපි රජය ට භාර දෙන්නේ වැඩි හොඳක් වේයැයි සිතා වුව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන සතුරා රජයමය. රජය ව්‍යාපාර නොකළ යුතුය යන්න මගේ අදහසයි.
තෙල් ලීටරයක් මත ඇති රජයේ බදු ප්‍රමාණය ද ඉතා අධික බව මෙහිදී සැලකිය යුතුය.
මේ බදු මුදල්ද නැවතත් රජයේ වියදම් ලෙස මැති ඇමතිවරු කාබාසිනියා කර දමයි.