ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් රටේ පැවැත්ම උදෙසා වූ ප්‍රතිපත්ති සැලසුම ෴
ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජ්‍යයක වැසියන් ගේ බහුතරයකගේ කැමැත්තෙන් රටේ පැවැත්ම උදේසා ප්‍රතිපත්තීන් සැලසුම් කිරීමයි. වත්මන අනුව මෙහි විකෘත්තින් අන්තර්ගතව තිබුණද, එය සමාජ යහපත සදහා වූ ගොඩනංවාගත් දේශපාලන රාමුවක්, දර්ශනයක්, මතවාදයක්, න්‍යායක් හෝ සමාජ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා සැලසුම් කරනලද මූලාශ්‍රයක් ලෙස පෙන්වා දිය හැකිය. එකී සැලසුම් කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වේද, කුමන කොටසක් සදහා ක්‍රියාත්මක වේද, කුමන ආකාරයකින් කඩවේද යන්න සොයා බැලීම රට වැසියාගේ යුතුකමකි.
මෑත ඉතිහාසය දෙස විමසා බැලුවහොත් ඡන්ද බලයෙන් පාලන තන්ත්‍රයට ගොඩවෙන පාලකයන් ජනතාවගේ අභිමතයට සහ අවශ්‍යතාවයට අනුව එකී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට යටත්ව පොදු ජනතාවගේ සුබසිද්ධීය තකා නම ප්‍රතිපත්තීන් සම්පාදනය කරන අවස්ථාවන් ඉතාමත් විරල බවත්, නමුත් තමනගේ අවශ්‍යතාවයන් සහ ඔහුන් වටා රොක් වී සිටිනාවු සුළු පිරිසකගේ වාසි සහ අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා ප්‍රතිපත්තීන් සැලසුම් කරනවාද යන්න බුද්ධිමත්ව විචාරය කර බලනු ලැබුවහොත් ඔබට අවබෝධ වනු ඇත. ඉදිරියේදී එළි දැකීම නියමිත අය-වැය ලේඛනය මීට හොද උදාහරණයක් වනු ඇතැයි කියා සිතන අතර, එය මාගේ ප්‍රාර්ථනයක් නොවන බවද කියුණු කැමැත්තෙමි. මා එලෙස කියුවේ අතීත අත්දැකීම් මත පදනම්ව පමණක් වේ.
කුමන ආකාරයට පුතිපත්තී සැලසුම් කළද එය ජනතාවට ගෙන එනු ලබනුයේ මනා සේ හැඩ වැඩ කළ දවටනයක බහාළාය. එය ට්‍රෝජන් අශ්වයකු පරිදිය පෙන්වා දුන්නද වරදක් නැතැයි සිතේ. පාලකයන් අනුගමනය කරන ඔහුන්ගේ අධබාලයන් එය ඊටත් වඩා විසිතුරු ලෙස ඔපදමා වර්ණා කරයි. ඔහුන් ගොඩනගාගත් සමාජ ක්‍රමය අනුව එය ඔහුන්ට කිරීමට සිදුවන අතර නොකරම ද බැරිය. එකී සමාජ ක්‍රමය රැකීම තුළින් පමණයි ඔහුන්ගේ ද බඩ වියත රැකෙනුයේ කිය ඔහුන් දනී. මා ජන ව්‍යවහාරයට අනුව “බඩ වියත“ කියා කියුවද ඔහුන්ට ඇත්තේ වියතකට සීමා වූ බඩක් නොවේ. එය පාලකයන්ගේ බඩ වියත හා සමානව අසීමාන්තිකය කිවෝත් වඩා නිවැරැදි විය හැකියි. ඔහුන්ට බහුතරයකගේ (පොදු ජනයාගේ) බඩ වියත, අයිතිවාසිකම් සහ ජීවිත අවශ්‍යතාවයන් ගැන කල්පනා කිරීමේ උවමනාවක් නැත.
අප කණ නිතර වැකෙන්නා වූ “ප්‍රජාතන්ත්‍රවාදය“ නම් මෙම දර්ශනයට කොතෙක් දුරට අද සමාජයේ යහපත උදෙසා අනුගත වේද, එහින් කොපමණ ප්‍රමාණයකට ජනතාවට සාධාරණයක් ඉටු කරාවිද කියා හේතු සාධක සහිතව ඉදිරිපත් කරනු ලැබුවහොත්, එය මා වෙහෙසට පත් කරනවා පමණක් විය හැකිය. එනම්, කිවීමට ඇති කරුණු කාරණා බොහෝය. එය විමසා ගැනීම ඔබේ බුද්ධියට භාර කරමි. නමුත් අවස්ථා කිහිපයක් පමණක් කතා කිරීමට මා කැමති වන අතර, එය මෙම බොග් එකෙහි බොහෝ තැන්වල ලියවෙනා ලිපි තුළ අන්තර්ගත කිරීමට කැමැත්තෙමි. ඔබට අද රටේ ක්‍රියාත්මක වෙනුයේ කාගේ න්‍යායායන්ද කියා පසක් කිරීමට අවන්ත ආටිගල මහතා “අද“ පුවත්පතට සිතුවම් කළ කාටූනයක් ඉහත ඉදිරිපත් කර ඇති. මා බොහෝ අවස්ථාවලදී කාටූනයක් ම තොරා ගනු ලබනුයේ, එමගින් පිටු ගණනාවකින් කිව හැකි දේ සංෂිප්තව දැක්විය හැකි බැවිනි.
සත්‍ය වශයෙන් ම ප්‍රජතන්ත්‍රවාදය අද අප රටේ නිසි පරිදි ක්‍රියාත්මක වනවානම්, අද තොරක් නොමැතිව බිහිවෙන අන්තර්ජාල පුවත්, ලේඛන වෙබ් අඩවි මෙන්ම මාගේ මෙම බොග් එකද විද්‍යුත් මාධ්‍යායට එකතු කිරිමේ අවශ්‍යතාවයක් පැන නොනගී. හුදෙක් අප රටේ පුරවැසියන් උවද, එකී යහපත් සමාජයක කොටස්කරුවෝ නොවූවෝ වන බැවින් තවදුරටත්, අපට හැකි ආකාරයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැංවීම සදහා, ජනතාව දැනුවත් කිරීම සදහා, ඔහුන්ගේ බුද්ධියට ඉඩ දීම සදහා යම් යම් අරගලයන්ගේ යෙදීමට සිදුවේ.
තවදුරටත්, අවන්ත ආටිගල මහතා විසින් “අද“ පුවත්පතට අදිනු ලැබූ කාටූනයක් මෙම පිටුවේ මාතෘකාව වඩාත් අරුත්ගන්වනු පිණිස එක් කිරීමට කැමැත්තෙමි. කාටූනය සදහා කාලීන සිදුවමක් ලෙස පාදක කර ගෙන ඇත්තේ මුන්නේශ්වරම් භද්‍රකාලී අම්මාන් කෝවිලේ වාර්ෂිකව සිදුකරනු ලැබූ බිලි පූජාවය. රටේ සිදුවන මනුෂ්‍ය ඝාතන, නොපෙනෙන පාලකයන් සත්වයන් දෙස ජනතාවගේ ඇස යොමු කර ඔහුන්ගේ සංවේදී භාවය පෙන්නුම් කිරීමට මහත් වෑයමකි ගනී. මා මෙය කිඹුල් කදුළු සැලීමක් කියා පවසනුයේ නැත. මෙහි ඇත්තේ එවැන්නක් නොව, සත්‍යය ද වසන් කරමින් ජනතාව ඇන්දවීමට කරනු ලබන උත්සාහයකි.
සැකකරුවන් යනු වරදකට අච්චු නොගැසුන කොටසකි. ඔහුන් අධිකරණය මගින් තව දුරටත් සැක කරුවන් ද නිසැක කරුවන් ද යන්න විනිශ්චය කොට සනාථ කළ යුතුය. වැරදි කරුවන් නම් නීතිය මගින් දඩුවන් දිය යුතුය. නමුත් සත්‍යවශයෙන් නිවැරැදි කරුවන් වැරැදි කරුවන් බවට අච්චු ගැසීමට යාමේදී එය ජනතා අප්‍රසාදයට තුඩු දිය හැකි බැවින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සහ බාධාවන් ඉවත් කර ගැනීමට සැකකරුවන් තව දුරටත් සැක කරුවන් ලෙස නොපවත්වාගෙන ඔහුන් සැක සහිත අන්දමින් ම ඝාතනයට ලක් වේ. නොඑසේනම් අතුරු දහන් වේ. සුදු වෑන් භීතිය ද අද ඇත්තේ මෙම මර්දනකාරී වැඩපිළිවෙළේ එක ජවනිකාවක් ලෙසය.
වර්තමානයේ අධිකරණය ගැනද ජනතාවගේ එතරම් පැහැදීමක් නැත. සමහරු නීතියයි පොලිසියයි ඔක්කොම උන්ගේ කියා කියනුයේ මේ හේතුවනි. දේශපාලන පළිගැනීමක් සදහා උසාවි ඉදිරිපත් කරන චූදිතයෙකු වැරැදිකරුවේ ද, ඔහුට කුමන දඩුවමක් ලැබේද කියා උසාවි නියෝග දීමට පෙර ජනතාව පවසයි. මට මෙම අවස්ථාවේදී අතීත යේ සිදුවූ සහ දැනටත් නඩුවක් හාස්‍යයට ලක්කරනු වස් ජනතාව පාදක කර ගන්නා නඩු දෙකක් මතකය නැගේ. එය ගොයම් කොලේ නඩුව සහ සතාසිවම් මහතාගේ නඩුව වේ. කෙසේ වෙතත් වර්තමානයේ ද නීතිය අවස්ථා කිහිපයක දී හාස්‍යයට ලක් විය. ජනතාවට පිහිටට ඇති එම ආයතනය ද එවැනි තත්වයකට වැටේ නම්, ජනතාව කබලෙන් ලිපට වැටුණා හා සමාන වේ. විනී හෙට්ටිගොඩ මහතා විසින් පසුගිය කාලේ අපට අසන්න ලැබූ නඩුවක් හාස්‍යයට ලක් කරමින්, අදින ලද කාටූනයක් මා ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
ඇති අද නීතිය ද කාගේ අස්තයට හසුවෙමින් පවතීද, යන්න 2012-10-07 දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ලවූ මැර ප්‍රහාරය සැලකිල්ලට ගත හැකිය. එය බොහෝ පුවත්පත් වාර්තාකළේ නාදුනන මැර පිරිසකගේ ප්‍රහාරයක් යනුවෙන් වුවද, ප්‍රශ්නය දෙස උඩින් පල්ලේන් අත නොගා සොයා බලන්නෙකුට මෙම “නාදුනන“ අය කවුරුන්ද යන්න අවබෝධ කර ගත හැකිය. නමුත්, රටේ තත්ත්වය අනුව පුවත්පත් වාර්තාකරුවකුට ඊට වඩා කිව හැකි දෙයක් නොවේ. මන්ද, ඔහුන්ද නිරන්තරයෙන් නාදුනන මැර ප්‍රහාරයන්ට ගොදුරුවන බැවිනි.
මාධ්‍යාවේදීන් සහ සිරකරුවන් ගැනද කිව හැක්කේ එවැනිම කතාවකි. අද සමහර මාධ්‍යෙව්දීන්, වෘත්තීය සමිති නායකයින්, .... බොහෝ සෙයින් දමනය වි ඇත්තේ ද මෙම පාලන තන්ත්‍රයන්ගේ යහ පාලන ලේබලයට ඇති බිය නිසා වෙනි. කෙටියෙන් කිවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බව අවන්තගේ කාටූනය තුළින් ඉතා ප්‍රබලව නිරූපණය වේ.
මෙම දිනවල පුවත්පත්වල පළවන කාටූන් බොහෝමයක් රටේ නීතියට සිදුවන සහ සිදුකරමින් පවතින තත්ත්වය මැනවින් පෙන්නුම් කරයි. මා නැවතත් අවන්ත ආටිගල මහතා විසින් අදින ලද එක කාටූනයක් මෙම පිටුවේ පළ කිරීමට තෝරා ගනු ලැබුවා.
වර්තමානයේ අධිකරණය ගැනද ජනතාවගේ එතරම් පැහැදීමක් නැත. සමහරු නීතියයි පොලිසියයි ඔක්කොම උන්ගේ කියා කියනුයේ මේ හේතුවනි. දේශපාලන පළිගැනීමක් සදහා උසාවි ඉදිරිපත් කරන චූදිතයෙකු වැරැදිකරුවේ ද, ඔහුට කුමන දඩුවමක් ලැබේද කියා උසාවි නියෝග දීමට පෙර ජනතාව පවසයි. මට මෙම අවස්ථාවේදී අතීත යේ සිදුවූ සහ දැනටත් නඩුවක් හාස්‍යයට ලක්කරනු වස් ජනතාව පාදක කර ගන්නා නඩු දෙකක් මතකය නැගේ. එය ගොයම් කොලේ නඩුව සහ සතාසිවම් මහතාගේ නඩුව වේ. කෙසේ වෙතත් වර්තමානයේ ද නීතිය අවස්ථා කිහිපයක දී හාස්‍යයට ලක් විය. ජනතාවට පිහිටට ඇති එම ආයතනය ද එවැනි තත්වයකට වැටේ නම්, ජනතාව කබලෙන් ලිපට වැටුණා හා සමාන වේ. විනී හෙට්ටිගොඩ මහතා විසින් පසුගිය කාලේ අපට අසන්න ලැබූ නඩුවක් හාස්‍යයට ලක් කරමින්, අදින ලද කාටූනයක් මා ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
ඇති අද නීතිය ද කාගේ අස්තයට හසුවෙමින් පවතීද, යන්න 2012-10-07 දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ලවූ මැර ප්‍රහාරය සැලකිල්ලට ගත හැකිය. එය බොහෝ පුවත්පත් වාර්තාකළේ නාදුනන මැර පිරිසකගේ ප්‍රහාරයක් යනුවෙන් වුවද, ප්‍රශ්නය දෙස උඩින් පල්ලේන් අත නොගා සොයා බලන්නෙකුට මෙම “නාදුනන“ අය කවුරුන්ද යන්න අවබෝධ කර ගත හැකිය. නමුත්, රටේ තත්ත්වය අනුව පුවත්පත් වාර්තාකරුවකුට ඊට වඩා කිව හැකි දෙයක් නොවේ. මන්ද, ඔහුන්ද නිරන්තරයෙන් නාදුනන මැර ප්‍රහාරයන්ට ගොදුරුවන බැවිනි.
මාධ්‍යාවේදීන් සහ සිරකරුවන් ගැනද කිව හැක්කේ එවැනිම කතාවකි. අද සමහර මාධ්‍යෙව්දීන්, වෘත්තීය සමිති නායකයින්, .... බොහෝ සෙයින් දමනය වි ඇත්තේ ද මෙම පාලන තන්ත්‍රයන්ගේ යහ පාලන ලේබලයට ඇති බිය නිසා වෙනි. කෙටියෙන් කිවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බව අවන්තගේ කාටූනය තුළින් ඉතා ප්‍රබලව නිරූපණය වේ.
මෙම දිනවල පුවත්පත්වල පළවන කාටූන් බොහෝමයක් රටේ නීතියට සිදුවන සහ සිදුකරමින් පවතින තත්ත්වය මැනවින් පෙන්නුම් කරයි. මා නැවතත් අවන්ත ආටිගල මහතා විසින් අදින ලද එක කාටූනයක් මෙම පිටුවේ පළ කිරීමට තෝරා ගනු ලැබුවා.
මේ සියල්ල දෙස අප නෙත් යොමා, සවන් යොමා නොදුටුවා සේ හෝ නොඇසුණා සේ හෝ හිද අප ජීවත් වනුයේ ජ්‍රජාතන්ත්‍රවාදී රාමුවකට කොටුවූ ආශ්චර්‍යවත් රටක කියා සැනසෙමුද ?
නොඑසේ නම්,
අපිම කරන්නාවූ සහ කරමින් සිටින්නාවූ වැරැදි, නිවරැදි කර, ප්‍රජාතන්ත්‍රවාදී කඩතොලු මකා නිවැරැදි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරිම සදහා සමාජ පරිවර්තනයක නියෙළෙමු ද ?
අපිම කරන්නාවූ සහ කරමින් සිටින්නාවූ වැරැදි, නිවරැදි කර, ප්‍රජාතන්ත්‍රවාදී කඩතොලු මකා නිවැරැදි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරිම සදහා සමාජ පරිවර්තනයක නියෙළෙමු ද ?
පසු සටහන :- නොවැම්බර් මස අය-වැය කියවීමට නියමිත අතර, එයින් කළ යුතු, නමුත් ලේඛනයේ අතුළත් නොවිය යුතු භාණ්ඩ සහ සේවා කිහිපයක මිල ඉහළ දැමීම මේ දිනවලසිදුවේ. එනම්, අය-වැය ලේඛනයෙන් මිල වැඩි කළේ නැහැ, එබැවින් එය ජනතාවාදී අය-වැයක් ලෙස හදුන්වාදීමට අවශ්‍ය අවකාශය සකසා ගැනීමකි. මෙම සිද්ධිය ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන කාරණයක් සාධාරණීකරණය කරයිද කියා මා නොදනී.
ඔබ නිවැරැදියි කියා සිතිනවා. ඊයේ (08) 2013 අය-වැය කියවුවා. අපි ඇසුවා. එහි උන්ගේ අයත්, අපේ වැයත් තිබුණා. අනේ අපිත් සුපුරුදු පරිදි ඇති පමණින් රෑට කා බී දත-කට මැදි නිදියාගත්තා.
ReplyDeleteඔබගේ ලිපිය මුල සිට අගටම හොඳින් කියවා බැලුවා. වෙහෙසක් ගෙන හොඳින් කරුණු ගලපා ලියා තිබීම ගැන ඔබට බොහොම ස්තිතුයි. ඒ වගේම පැහැදිලි නැති තැන් කීපයක් ගැන අසා දැනගැනීමට හිතුනා.
ReplyDeleteලිපියේ මුල සිට අගටම රටේ පවතින අරාජික තත්වය ගැන කරුණු දක්වමින් පැහැදිලි කොට තිබෙනවා. මාධ්‍ය සහ අදහස් දැක්වීමේ නිදහස, අධිකරණයේ ස්වෛරී භාවය යනාදිය රටේ සෑම අස්සක් මුල්ලක් නෑර කතාබහට ලක් වන කරුණු. එම කරුණු කීපය පුවත්පත් කාටුන් කීපයක්ද භාවිතා කර ඔබ නැවත ගෙනහැර දක්වා තිබෙනවා.
නමුත් මට ඇති ගැටලුව වන්නේ ඔබ මෙයට විසන්දුමක් වශයෙන් ඉදිරිපත් කරන්නේ කුමක්ද යන්නයි. අවසන් වචන කීපයෙන් සමාජ පරිවර්තනයකට කියවන්නාට ආරාධනා කර තිබුනත් එය කල යුත්තේ කෙසේදැයි පැහැදිලි කර නැහැ. ඔබගේ ලිපිය තුලින් රටේ ප්‍රශ්න දැක හීල්ලීම හැර සුළු වශයෙන් හෝ කියවනනාට කල හැකි දෙයක් මට නම් හිතාගන්නට බැහැ.
(මා හට දේශපාලනය හෝ සමාජ විද්‍යාව පිලිබඳ ගැඹුරු අවබෝධයක් නැති නිසා මෙය සරලව පැහැදිලි කර දෙන්නේ නම් ස්තුතිවන්ත වන අතරම ඔබගේ වටිනා ලිපියට නැවත වරක් ස්තුතියි.)
ඒ වගේම තවත් දෙයක් සඳහන් කිරීමට කැමතියි. ඔබගේ comment moderation ඉවත් කරනවානම් එය ඉතාමත් වටිනවා. එය තුලින් කියවන්නාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යම් තරමකින් හෝ නැති වන බව මගේ අදහසයි.
ReplyDeleteප්‍රථමයෙන් ම, ඔබේ අදහස් පුකාශයට තුති. එමෙන්ම සාදරයෙන් පිළිගන්නවා.
ReplyDeleteඔබේ ඔබ සඳහා ආදේශකරගෙන ඇති නම තමයි අවුල්, මම මොන නමින් කතා කරන්නද කියා සිතාගන්න බැහැ.
මා සමාජවාදය ප්‍රිය කරන්නෙක් මෙන්ම එහි දැක්මක් ඇති අයෙකි. එබැවින් මා මාගේ ලිපි කියවන අයට පවතින ධනේශ්වර ක්‍රමයේ අර්බුද පෙන්වාදීමට උත්සාහ කරනවා. එය සමාජවාදය කුමක්ද කියා කෙළින්ම කියනවාට වඩා සුදුසුයි කියා සිතනවා. නමුත්, අද පවතින දේශපාලන පරිසරය විසින් සමාජවාදය යන දැක්ම පිළිබඳ හුඹස් බියක් ඇති කර තිබෙනවා. මේ නිසා ද අපට කෙළින්ම ඒ ගැන කථා කරන්න බැහැ.
මීළඟ කාරණය මා පවතින පාලන තන්ත්‍රෙය් අධම ක්‍රියාකලාපය එකහෙළා විවේචනය කරනවා. ඔහුන්ගේ ‘හොඳ‘ චටිකකුත් ඉදහිට තිබෙනවා. නමුත්, ඒ ගැන අතිශෝක්තියෙන් කථා කරන්න ඔහුන්ගේ මාධ්‍ය ඕන තරම් තිබෙනවා.
පවතිනා සමාජ ක්‍රමයට වඩා සමාජවාදය තුළින් ජනතාවට ගැටලු අවමයි කියා විශ්වාස කරමි. සමාජවාදය සහ ධනේශ්වර ක්‍රමය අතර වෙනස පිළිබඳව ඉදිරියේදී ලිපියක් ඉදිරිප් කිරීමට අදහස් කර තිබෙනවා.
comment moderation ගැනනම් දෙවරක් සිතන්න වෙනවා. ඕනම දෙයක් ලියලා යන්න පුළුවන් ගොසිප් වර්ගයේ එකක් වෙන්න අපහසුයි. නමුත්, මම මේ වන තුරු ලැබුණ comment වලින් වාරණයට ලක්කරනු ලැබුවේ එකම එක comment එකක් විතරයි. ඒ නුසුදුසු අසභාව්‍ය වාඛ්‍යය මාලවක් බැවිනි. ඔබේ අදහස හොඳයි.
අදහසට ස්තුත්යි, ඒ වගේම ඔබගේ අරමුණට ගරු කරනවා.
Deleteසමාජවාදය පිලිබඳ ලොකු කුතුහලයක් ඇති, ඒ පිලිබඳ බොහෝ කරුණු හොයා බැලූ කෙනෙක් විදියට සමාජවාදී පාලනය පිලිබඳ මම සොයාගත් කරුණු කීපයක් බෙදාගන්න කැමතියි.
මගේ අදහස නම් සමාජවාදය දෙස න්‍යායික ලෙස බලමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රයෝගික ගැටළු සමග එය සංසන්දනය කිරීම තුලින් ඔබට නිවැරදි නිගමනයකට එන්න බැහැ. ඔබ වගේම චීනයේ, උතුරු වියට්නාමයේ හෝ කියුබාවේ සිටින සමාජ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන්නන් සමාජවාදය සුබවදී ලෙස දකිනවා කියා හිතනවාද?
මගේ අදහස නම් සමාජවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවනම් ඒ තුල සමාජ ගැටළු ඇති වීමට හැකියාවක් නැහැ. නමුත් ප්‍රශ්නය වන්නේ මේ පාලන ක්‍රම දෙක තුලම ප්‍රයෝගික ගැටළු තිබීමයි.
උදාහරණ කීපයක් කියන්නම්.
1) චීනය තුල you tube, face book අදී social networks බොහොමයක් තහනම්. සම්පුර්ණ ලැයිස්තුව මෙතනින් ගන්න http://en.wikipedia.org/wiki/List_of_websites_blocked_in_the_People's_Republic_of_China
2)අපි වගේ නොවෙයි, චීනයේ සියලු බ්ලොග් කරුවන් තමන්ගේ සැබෑ නම් වලින් රජයේ ලියාපදිංචි විය යුතුයි.තැබූ ලාට, beyond the frame ලාට මෙන් තිරය පසු පස සිට පාලකයන් හෙලා දැකීමේ හැකියාවක් එහි නැහැ. ඒ ගැන විස්තර මෙතනින් http://www.scmp.com/news/china/article/1113153/chinas-bloggers-must-use-real-names-under-proposed-law
3) සති කීපයකට පෙර වියට්නාමයේ සමාජවාදී පාලනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කල 14 දෙනෙකු අවුරුදු 13 කට සිර ගත කෙරුණා. ඒ ගැන BBC පුවත මෙතනින් http://www.bbc.co.uk/news/world-asia-20955432
3)චීනයේ ඉතා අඩු වේතන ලබමින් දරුණු work conditions දරාගත නොහැකිව සියදිවි නසාගන්නා සේවකයන් ගැන තොරතුරු මෙතනින් http://www.dailymail.co.uk/news/article-2092277/Apple-Poor-working-conditions-inside-Chinese-factories-making-iPads.html#axzz2KNGgPu1J
4)ඒ මිනිසුන්ගෙන් පොහොසතුන් බවට පත්වූ චීන ධනේශ්වරයන්ගේ වත්කම් ගැන තොරතුරු මෙතනින් http://www.cnbc.com/id/44530244/Chinarsquos_10_Wealthiest_Billionaires
මේ ආකාරයට උදාහරණ සිය ගණනක් මට ඉදිරිපත් කරන්න පුළුවන්, නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ චීනයේ ජිවත් වන ඇත්තටම දුප්පත් මිනිසුන් මේ ගැන හිතන්නේ කුමක්දැයි දැන ගැනීම. මම විදේශයක සිටින නිසා මේ වෙසෙන චීන, වියට්නාම ජාතිකයයන හමුවී ඔවුන්ගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා. ඔවුන් සියලු දෙනා සමාජවදී පාලනය ධරුනු ලෙස විවේචනය කරනවා.
විදේශ වල ජිවත් වන්නන්ගේ අදහස් ද පිලිගනිමට නොහැකි වූ තැන chat room ඔස්සේ චීනයේ ජිවත් වන මිතුරන් ඇති කරගෙන ඔවුන්ගෙන් මේ ගැන විමසුවා. ඔවුන් අතරද සමාජවාදය විවේචනය නොකරන්නකු නැහැ.
>ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළු දකිනවා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අවුල් ගොඩක්. එක හෙලා එකඟයි.
>නමුත් ඔබ සමාජවාදයේ ප්‍රයෝගික ගැටළු ගැන දන්නෙ නැහැ නේද?
>සමාජවාදයේ ප්‍රයෝගිකත්වය ගැන හරිහැටි වැටහීමක් නැතිව එය ප්‍රජාතන්ත්‍රවාදය සමග සංසන්දනය කිරීමේ ප්‍රතිපලයක් නැහැ නේද?
>මම ඔබ වගේම සමාජවාදයට ගරු කරන ඒ ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්න කෙනෙක්. නමුත් ඇත්තටම ප්‍රයෝගිකව නම් සමාජවාදී පාලනයක හා ප්‍රජාතාන්ත්‍රික පාලනයක වැඩි වෙනසක් නැහැ (විශේෂයෙන්ම ආසියානු කලාපයේ )
ඔබ කියනා දේ මට වැටහේ.
Deleteඑමෙන්ම, මා 100% ක හෝ ආසන්න සමාජවාදයක් ඉහත කී රටවල පවතින්නේ යැයි කියා විශ්වාස නොකරනවා මෙන් ම, එසේ පරිපූර්ණව පැවතුන රටක් ද නැති බව ප්‍රකාශ කරමි. එපමණක්ද නොව. ධනේශ්වර ක්‍රමය ගැන ද එයමයි කිව හැක්කේ.
අවම වශයෙන් ධනේශ්වර ක්‍රමයේ ඉහළ පෙත්තේ සිටින ඇමරිකාව වැනි රටවල ද සමාජ පරිහානි බොහෝ ඇත.
නමුත්, මේ ක්‍රම දෙක මඟින් වඩාත් හොඳ සමාජ ක්‍රමය ලෙස සමාජවාදය මා දකිනවා.
මුල්ම යුගයේ තිබූ වහල් ක්‍රමයට වඩා අප වැඩවසම් ක්‍රමය හොඳය සිතමු. ඊටත් වඩා ධනේශ්වර ක්‍රමය අවිවාදයෙන් ම පිළිගත හැකි ය. නමුත්, සමාජවාදය තව පියවරක් ඉදිරියට තබා ඇත. නමුත්, ගැටලුව ඇත්තේ සමාජවාදී පසුබිමකට නැඹුරුවූ සමහර රටවල් පවා ඊට සාධාරණ අනුගතවීමක් නැති කම. මෙයට තවත් ප්‍රධාන බාධකයක් ද ඇත. ධනේශ්වර රටවලින්, රටක සමාජවාදය ඇතිවීම වැළැක්වීමට විවිධ කූට උපක්‍රම යෙදීම.
ඔබ ලබා දුන් ලින්ක් වලට ස්තූතියි. පසුව වේලා ඇති අවස්ථාවක බලන්නම්. නමුත්, බොහෝමයක් ඇමරිකන් සයිට්වලනම් වෙනත් රටක ආර්ථික සහ සමාජීය පැතිකඩ පෙන්වනුයේ සත්‍ය තරමකින් හෝ වසන් කරමින්.