රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවාණෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
දෝතට එක් කළ වැහි දිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම
සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට
නියුමුවාණෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට
සෝමා නම් හෙළ කාන්තාව වීරත්වයේලා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිතව, රොහණ වීරසිංහ මහතාගේ සංගීතය හා මුසුවවිශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කරන මෙම ගීතයේ සැබෑ නිධාන කතාව අප රටේ ඉතිහාසය හා බද්ධව පවතී. එබැවින් ගීතය අරුත් දැක්වීමට මත්තෙන් අපේ ඉතිහාසය පිළිබඳව දල මතක් කර දීමක්කරනු ලැබුවෝත් වඩාත් හොඳය කියා මට සිතේ. එය ක්‍රිස්තු පූර්ව 103 තරම් අතීතයක ට දිවේ.
දුටුගැමුණු රජතුමාගේ ඇමෑමෙන් රජකම ඔහුගේ සොයුරු සද්ධාතිස්ස වෙත හිමි විය. ඔහුට දරුවන් 04 ක් විය. ඔහුන් නමින් තුළත්තන,ලංජතිස්ස, බල්ලාටනාග සහ වට්ටගාමිනී නමින් විය. නමුත් මෙහිදී අපගේ කාතාවට වැදගත් වනුයේ වට්ටගාමිනී හෙවත් වළගම්බා කුමරු ය.නොමැතිනම් මහා කළු සිංහලයා ය.
සද්ධාතිස්ස රජුගෙන් ඇවෑමෙන් මෙම කුමාරවරු සතර දෙනා ගෙන් වැඩිමහලු කුමරුවරුන් තිදෙනෙක් රජකම අනුපිළිවෙලින් ලබා ගනී.එය රාජත්වයට ඇති ආශාව මත සිදුවන අරගලයක ප්‍රතිඵල මත තීරණය වේ. තෙවැන්නා හෙවත් බල්ලාටනාග රජු වසර සයක් රජකමේ සිටිය අතර මහාරත්තක නම් සෙනවියා විසින් ඔහුව මරා රජකම පැහැර ගනී. මේ සිදුවූ දේ මත උරන වූ වළගම්බා කුමරු මාහාරත්තක මරාරජකමට පත්විය. බල්ලාටනාග රජුට අනුලා නම් බිසවක් වූ අතර ඇයත්, සද්ධාතිස්ස රජුට ඥාතීත්වයක් උසුලන සෝමා නැමැති කුමරියත්වළගම්බා රජු විසින් අග මෙහෙසියන් බවට පත් කර ගන්නා ලදී. එමෙන්ම වළගම්බා රජු, තම සොයුරු බල්ලාටනාග ට දාව අනුලා දේවියට උපන් මහාචූලක කුමරු තම පුතකු වශයෙන් තබා ගන්නා ලදී.
රජු ට පෙර රාජ පරම්පරාවේ පැවති දුර්වලතා සහ අස්ථිරතාවය හේතුවෙන් හිස ඔසවනලද ආක්‍රමණ කිහිපයක් වළගම්බා රජු රජ වී වසරක්වත් යාමට පෙර එල්ල විය. මේ යටතේ තිස්ස නම් බමුණෙක් රජකම තමාට හිමි බව දන්වනලද අතර, ඒ සමඟම සොළී ආක්‍රමණ ද එල්ලවනලකුණු පහළ විය. රජු අවස්ථාව හැටියට කල්පනා කර බමුණාට රජකම භාර බව පවසන ලදී. කරුණු කාරණා තේරුම් ගැනීමට නොහැකි වූබමුණා සොළීන් සමඟ යුදයට ගොස් පරාජයට පත්විය. අනතුරුව සොළීන් වළගම්බා රජු වටලන්නට පැමිණියේ ය.
ගීතය ඇරඹෙන්නේ මෙතනින් ය.
රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවාණෙනි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
එකල වළගම්බා රජු යුද ශක්තියෙන් හීන විය. මේ හේතුවෙන් රජුට යුද්ධ කර ජය ගත නොහැකි ය. රජු ක්ෂණික තීරණයකට එළබී පලායාමට තීරණය කරයි. පලායාම සඳහා අශ්ව රථයක් සූදානම් කර ගන්නා ඔහු අනුලා සහ සෝමා බිසවත්, සෝමා දේවියගේ පුත් නාග කුමරුත්, අනුලාගේ පුත් මහාචූලක ද සමඟ පලා යයි. අනුලා මේ මොහොත වන විට ගැබ්ගෙන ද සිටන ලදී. රජුගේ ප්‍රමාදය හේතුවෙන් සොළීන් රථය ලුහු බඳින්නට විය. රථයේ කිසියම් ප්‍රමාණයක හෝ බර සැහැල්ලු කරනු ලැබුවහොත් වේගයෙන් පලා යා හැකි බව සෝමා දේවියට වැටහිණි.
රජුට කරුණු සැල කළ සෝමා දේවිය රජු අකමැත්තෙන් හෝ කැමති කරවාගෙන යන රථයෙන් පාරට පනින අතර, අනතුරුව ඇය සොළීන්විසින් අල්ලා ගනී.
දෝතට එක් කළ වැහි දිය පොවමින්
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම
මෙතෙක් කල් අප රැක ගත් ඔබ අද දින අප රැකිය යුතුම ය. එම කාර්ය කිරීමේ අවස්ථාව මා හට හිමි විය. මෙම අදහසින් ඇය කළ මෙකී වීරක්‍රියාව හේතුවෙන් ඉතිහාසය අපට තවත් එක වීර කාන්තාවක් බිහි කිරීය.
සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට
රජු පලා යයි. සොළී සේනාව ට බිලි වූ සෝමා දේවිය සහ රජ වාසල තුළ තිබූ බුදුරජාණන් වහන්සේගේ දන් වැළදුවායි සැලකෙන පත්‍රධාතූක් වහන්සේ ද රැගෙන පැමිණි සොළී යුද නායකයින් දෙදෙනකු සොළී දේශය බලා යයි. මෙම ආක්‍රමණයට සොළී යුද නායකයින් 7දෙනෙකු පැමිණි අතර, ඉතිරි පස් දෙනා එකි නෙකා ඇණ කොටා ගනිමින් වසර 14 ක් රජකම් කරනු ලබයි. රජු පලා යන විට ඉතිහාසයේ කියාපාන තවත් එක වැදගත් සිදුවීමක් සිදු විය. පණ්ඩුකාභය රජු විසින් කරවනලද ආරාමයක හිටි නිගන්ටයෙකු “මහා කළු සිංහලයා පලායනවා“ කියා ප්‍රීතියෙන් කෑ ගසා ඇත. නමුත් රජුට පලා යාම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය නැත. ඉතිහාසය තොරතුරු දක්වන අන්දමට සෝමා දේවිය සොළී දේශයේ දේශයේ සිරකාරියක් ලෙස හෝ සොලි රජුගේ දුවකු ලෙස හෝ සිටි බව කියවේ.
වසර 14 ක පමණ කාල වකවානුවක් රජු සැඟව සිටී අතර, මේ හේතුවෙන් අදටත් අපට වලගම්බා රජු එක් එක් ස්තානයන් හී සැඟව සිටි බවට අසන්නට ලැබේ. රහසිගතව යුද සේනාව සංවිධානය කර ගන්නා ඔහු අනතුරුව සොලි රජු මරා රජ වේ. වළගම්බා රජු සොළී රජුට තුටු පඬුරු යවා නැවත සොමා දේවිය ලංකාවට ගෙන්වා ගන්නා අතර ඇය නැවත අග බිසව් තනතුරේ තබා ගනී.
සුනිල් ආරියරත්න මහතාගේ සෞන්දර්යාත්මක පද රචනයකට හසු වූ මෙම ගීතයේ අතීත නිධාන කතාව එය උවද සැබෑ වර්තමාන ගැලපීමක්ද තිබේ. ගීතය ලියවෙන කාල වකවානුවේ අපේ රටේ ද දේශපාලන විප්ලවයක් දියත් වෙමින් පැවතුණි. (නමුත් මා කියනා දේ ගීතයට ගැලපිය නොහැකි බව මා හොඳින් දනී.) නායකයින් සහ සාමාජිකයන් මරා දැමීය. නායකයින් සිය සඟයන් හෙළි නොකර මරණයට පත් විය. සගයන් නායකයන්ව හෙළි නොකර (නැතහොත් පාවා නොදී) මරණයටපත්විය. අවස්ථාවාදී වූ පිල් මාරු කළහ. මෙම කාල වකවාදනුවේ දී විප්ලවයට මුහුණදුන් සැමියන් පසු පස ඝාතකයන් හමා එද්දී බිරින් දෑවරුන් ද මෙසේ කියන්න ඇති. ඔහුට තමන් ජීවිත කතරේ තනිකර පලා යන්න කියන්න ඇති. දැන් කාලීනව සියල්ල යටපත් විය. මා සිතනුයේ සමාජවාදයේ පළමු නැඟටීම ද තාවකාලිකව යටපත් වූ බවයි.
නමුත් අද සොළී පාලනයක් නැත. මීට අමතරව මෑත කාලීනව පැවති කොටි ත්‍රස්තවාදය හෙවත් ඊලාමයක් ද නැත. එහෙත්, මිනිසුන් අතිශය විඩාවට පත්කරන, අතිශය සූරාකෑම්වලට නතු කරන ඒකාධිපතිත්වයක් ඇත. අතීතයේ සහ මෑත කාලයේ රටෙ ප්‍රගතිය උදෙසා වැඩකළ සියලු නායකයන්ට, නිලධාරීන්ට, සහ සහය දුන් අයට ඒ සඳහා විවාදයකින් තොරව ගෞරවය හිමි විය යුතු ය. එමෙන්ම ඔහුන් විසින කරන ජනතා පීඩාකාරී පාලන රටාවන් සහ අමන වැඩ සඳහා ද අපගේ විරෝධය ද හිමි විය යුතු ම ය.
දැන් අපට අපේම විප්ලවයක් ද ඇත. පීඩනයට පත්වන ජනතාව යම් තරමින් හෝ සහනයක් සොයා ඒ වෙනුවෙන් දැනුදු අතරින් පතර අවධදිවේ. සමහරු ඒ වෙනුවෙන් බිලි වේ. සමහරු බිලි ගනී. නමුත්, තවම අනාගතය අපැහැදිලි ය. මට පාලන පක්ෂයට නම්බු දී ජනතාව සොයනා සහනය හෝ නිදහසට හෝ තවත් එක පාරාවළල්ලක් වීමට ඇවැසි නෑ. මන්ද යත්, මාද මේ රටේ අති මහත් බහුතරයක් නියෝජනයවන නිර්ධනපංතියේ අයෙකුවන බැවිනි.
වීඩියෝව රුවල් ඉරී ගිය නෞකාවේ ෴
වීඩියෝව රුවල් ඉරී ගිය නෞකාවේ ෴
පසු සටහන
රජු පලා යාමේදී පෙර කී පරිදි ඔහුට නිග්‍රහ කළ නිගණ්ඨයා සිටි ආරාමය කඩා අභයගිරි නමින් චෛත්‍ය සහ විහාරයත් තැනවූ අතර, සෝමාවතිදේවිය බිලි වූ ස්ථානයේ සෝමාරාමය නම් විහාරයත්, කරවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේ 5000 ක්පමණ වැඩ සිටි බව පාහියන් භික්ෂූන් වහන්සේ වරක් සඳහන් කරයි. වලගම්බා රජු සැඟව සිටීමේදී උපකාර කළ කුපික්කලතිස්ස(මහාතිස්ස) නැමැති භික්ෂුවට අභයගිරි විහාරය පුජා කළ අතර උන් වහන්සේ මහා විහාරයෙන් භීක්ෂූන් ගෙන්වා ගැනීම හේතුවෙන්ලංකාවේ ප්‍රථම සංඝ භේදයත්, නිකාය භේදයත් නිර්මාණය විය. වළගම්බා රජ දවස මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරවීම තවත් එක විශේෂිත සිදුවීමකි
මොකද්ද මේ 'දැන් අපට අපේම විප්ලවයක් ඇත' කියන කතාවේ තේරුම? මම කල්පනා කලා. ඒත් හිතා ගන්න අමාරුයි. මම මේ බලන්නේ ඔබ කොහෙද යන්නේ කියල. ඉතිහාසය ලියපු එක ගැන නම් සතුටුයි. සමහර දේවල් මම දැනගෙන හිටියේ නැහැ. ඔබට ජය!
ReplyDeleteඔබ එය මතුකළ බැවින් අදහස ලිවීමට සිතමි. එහි එම ජේධයෙන්ද මා කියා සිටිනු ලැබුවා. අපද ජීවත් වනුයේ ගොඩබිමක් නොදැක මුහුදේ සිටිනා පිරිසක් මෙනි. අනාගතය සුබවාදීව දකින්න උත්සාහ කළද එහි සුබවාදී බවක් කාලීනව සිදුවන විපරියාස හමුවේ දකිනුයේ කෙසේද. වර්තමානයේ අතිවෙන්නාවූ සමාජීය, දේශපාලන ගැටලු කෙතෙක් දුරට එම පරිසරය සකස් කර දේවිද. අප සැමට දැක්මක් අවශ්‍ය ය. එය යහපත් අරමුණක් නම් ගැටලුවක් නැත. නැතහොත් එය සමාජයටම පිළිලයක් විය හැකි ය. මා රටේ පවතින බොහෝමයක් අසාධාරණයන්, සහ ගැටලු හඳුනමි. මා සමාජවාදයට ඇලුම් කරමි. සත්‍යකින්ම එය දේශපාලන කෝණයකි. නමුත් කිසියම් පක්ෂයක් වෙනුවෙන් දර දිය ඇඳීමක් නොව. යන දිසාවටව මැස්ස ගැසීම මා අනුගමනය කරනුයේ නැහැ. මා අදහස්කල විප්ලවය නම් “දේශපාලනික සහ සමාජීය“ දෙආකාරයෙන් ම විය යුතු ය. එහෙත් අප රටේ මිනිසුන් බොහෝ දෙනෙකු දේශපාලනික වශයෙන් අන්ධය. මෙම ගීතයේ විප්ලවයක් ගැන පවසනුයේ නැත. මගේ එම අදහස ගීතයට සමාන්තර වනුයේ ද නැහැ. නමුත් අපිට පසුවදනක් ඇත.
Deleteසත්තකින්ම “ජය“ අප සැමට විය යුතු ය. ස්තූතියි.
ඒ රජවරු අද හිටියනම් ......
ReplyDeleteධාතුසේන - වලගම්බා - පරාක්‍රමබාහු - ගජබා වැනි රජවරු සිටි අපේ රටත් දැන් රුවල් ඉරීගිය නෞකාවක් වෙලා. අපේ නායකයෝ සහ උගත් යැයි සම්මත සම්භාවනීය පිරිස ඒ නෞකාව තවත් බංකොළොත් කරනවා. දුප්පත් මිනිස්සුන්ට කතන්දර ගොඩක් කියලා හාල් කිලෝවක් දෙනවා. ඒ මිනිස්සු පව්. ඇත්තටම සැබෑ දේශපාලකයෙක් ළඟ ආදරයක් තිබිය යුතුයි. හොඳම උදාහරණය චේගුවේරා. රටට අවශ්‍ය ඒ වගේ ආදරණීය නායකයෝ මිසක් සීනිබෝල නායකයෝ නෙමේ. ඒ නායකයින්ගෙ පක්ෂය නෙමේ වැදගත් වෙන්නෙ. ඔවුන් සතු ජනතාවාදී හැඟීම්. ඒ හැඟීම් සහිත නායකයින් පිරිසක් අපේ රටේ උපද්දවන්න පුලුවන් නම්..... ඇත්තටම අපට සුබ අනාගතයක් උදාවේවි ! ( නිර්මලා ඔබට ස්තුතියි.... )
ReplyDeleteඔබේ අදහසට මා ගරු කරනවා. චේගුවේරා වැනි සැබෑ නිර්ව්‍යාජ මිනිසෙකුට යම් තරමින් හෝ සමකළ හැකි මිනිසුන් අපේ රටේ නැතුවාම නොවේ. එමෙන් ම එවැනි මිනිසුන් නොසිටියා ම නොවේ....
Deleteදැන් ඉන්න රජවරු ගොඩ යවන්න මුහුදට බිලි වෙන්න වෙලා තියෙන්නෙ අපට. අපි 2500න් ලෙව කාලා ජීවිතේ ගැටගහගන්නම් රජෝ. උඹලා ගෝල්ඩන් සිරප් එක්ක ඌරුමසුයි හැම්බේකනුයි කාලා ගොඩ පලයල්ලා!
ReplyDeleteතරු පහේ හෝටලයක් මෙන් වූ පාර්ලිමේන්තු බොජුන්හලෙන් ගෝල්ඩන් සිරප්, ඌරුමසුයි හැම්බේකනුයි කන්නේ ඇමතිලා-මන්ත්‍රීලා විතරක් නොවේ. ඔහුන්ගේ පවුලේ උදවියත් එකතු කරගෙන යනවා. මේ සියල්ලටම වලංගු වනුයේ මන්ත්‍රී කෑම වේලකම මිලමය.
Deleteසත්ගුණවත් මාතලන් මහතාගේ මග පෙන්වීම ඔස්සේ පැමිණියෙමි.
ReplyDeleteසාමාන්‍යයෙන් ඇදකුද සෙවීමේ ජන්ම ගතියක් ඇති නිසා සහ මේ ගීතයට ඉමහත් ලෙස ප්‍රියකරන්නෙක් වශයෙන් මම මුලින්ම දුටුවේ... පද රචනයේ වචනයක පොඩි අඩුවක් ඇති බවයි.
'දෝතට එක් කළ වැහි දිය පොවමින්' යන පේළිය අවසන 'පවසට' යන වචනය එක් විය යුතුය.
මේ ගීතය නම් මා තේරුම් ගත්තේ විරහ ගීතයක් ලෙස පමණකි. මේ අතීත කථාව සමග ගීතයේ ගැලපීම මදි බව තමයි මගේ හැඟීම. අනෙක කිසිම විදිහකින් ගීතයේ නිර්මාණකරු පෙන්වා දුන්නේ නැතිනම්, එය මේ ආකාරයෙන් තේරුම් ගැනීමටද නොහැකියි. මේ පහදාදීම සුනිල් ආරියරත්න හෝ නන්දා මාලිනිය විසින් සිදුකරන ලද්දක් ද?
මෙතැනට කෙලින්ම සම්බන්ධයක් නැති උනත් 'ගුරු ගීතය' සිංහලෙන් අන්තර්ජාලයට එක් කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.
පෙන්වා දීම ට ස්තූතියි. මා ගීතයේ පද පෙළ නිවැරැදි කළා.
Deleteමේ ගීතයේ අරුත පිළිබඳව අදහසක් ගනු ලැබුවේ සුනිල් එදිරිසිංහ මහතා ගැන තිබුණු ලිපියකින්. රෝහණ බැද්දේගේ මහතාගේ,
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
දෙයියන්ගේ පිහිටයි
යන ගීතයෙන් ගෞතම බුදුරජානන්වහන්සේ ගැන කියවෙනවා. නමුත්, බැලූ බැල්මට එය අපිට තේරුම් ගන්න බැහැ.
මේ ආකාරයේ ගී බොහෝ තිබෙනවා.... දන්නා පරිදි කරුණු ගොනු කළා.